පරවියා_කූඩුවටම_යයි
මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු අරඹමින් කඳුරුවෙල නගරයේ දී ඊයේ (30) පැවැති මංගල රැලියේදී මුදා හැරිය සුදු පරවියා නැවත් කූඩුව වෙතම පියඹා යන අයුරු දැකගත හැකි විය. මෛත්‍රීපාල සිරිසේන මහතා පරවියා දෑතට ගෙන අහසට මුදාහැර අහස දෙස බලා සිටියත් පරවියා සියලු දෙනා මවිත කරමින් නැවත කූඩුව ඇතුළටම පියඹා ගියේ ය.
මෙම සිද්ධිය දුටු වේදිකාව මත සිටි විපක්ෂයේ නායකයන් මෙන්ම රැස්ව සිටි ජනතාවද මුහුණට මුහුණ බලාගත්හ.
කූඩුවක රඳවාගෙන සිටින කුරුල්ලකු නිදහස් කළ විට සාමාන්‍යයෙන් සිදුවන්නේ ඈතට පියඹා යෑම වුවද මෙම පරවියා නැවත කූඩුවට පියඹා යෑම සැමගේ විමතියට හේතු විය. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ කටයුතු ලත් තැනම ලොප්වීමක් ලෙස ඇතැමුන් මෙය හඳුන්වා දෙති.