පරසිදු ගල් කුළු

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පරසිදු ගල් කුළු

    ලෝකයේ තැනින් තැනට භූමියේ පිහිටීම වෙනස් වෙනවා. තැනක් සම්පූර්ණයෙන් සමතලා වන විට තවත් පෙදෙසක් කඳු බෑවුම්වලින් ගහන වෙනවා. ගල් පර, එසේත් නැතිනම් ගල් කුළුත් මෙලෙස ලොව සමහර ස්ථානවල පිහිටන භූ විෂමතාවක්. ලොව සහර ගල් පර ඉතා කුඩා වන අතර තවත් සමහරක් මීටර් සිය ගණනක් උස් වනවා. විවිධ හේතූන් නිසා මේ සුවිශාල ගල් කුළු සමහරක් ලොව පරසිදු යි. මේ එවැනි 5ක් ගැන තොරතුරු යි.
    රොක් ඔෆ් ජිබ්‍රෝල්ටා
    dSllW9h8fv4IIqrL_2.-Rock-of-gibraltar.jpg

    dezeen.comස්පාඤ්ඤයේ දකුණු කෙළවර අසන්නයේ පිහිටා තිබෙන කුඩා අර්ධද්වීපයක් වන ජිබ්‍රෝල්ටාව අයත් වන්නේ බ්‍රිතාන්‍යයට යි. මෙහි පිහිටා තිබෙන විශාල ගල් කුළක් වන 'රොක් ඔෆ් ජිබ්‍රෝල්ටා' ලෝක ප්‍රසිද්ධ ස්ථානයක් වෙනවා. මෙය මීටර 426ක උසකින් යුක්ත වනවා. ජිබ්‍රෝල්ටාවෙන් වැඩි කොටසක් මේ ගල් පව්ව හා එහි පාදමට අයත් වෙනවා.
    ජිබ්‍රෝල්ටාවේ 30,000ක් පමණ වූ ජනගහනයක් වෙසෙන අතර, හොඳ සංචාරක ස්ථානයක්ද වෙනවා.
    යකාගේ කුළුණ හෙවත් ඩෙවිල්ස් ටවර්

    EuKFrc5iVadiMN4H_3.-Devils-tower.jpg

    NPS / Stephanie Carterමීටර 386ක උසකින් යුක්ත ඩෙවිල්ස් ටවර් පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි වයෝමින්ග් ප්‍රාන්තය තුළ යි. එයට මෙම නම පටබැඳීමට හේතු වී ඇත්තේ එහි අසාමාන්‍ය පෙනුම හා එය පැරණි යමහලක් වීම නිසා යි. පසුකාලීනව මෙය අවට පෙදෙසේ පාංශු ඛාදනය වීම නිසා කුලුණක් හෝ කේතුවක හැඩ ගෙන තිබෙනවා.
    සීගිරිය

    J5AXGOooNL30CVPD_4.-Sigiriya.jpg

    ancientpages.comමීටර 370ක උසකින් යුත් සීගිරිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කය තුළ යි. මෙය තැනී ඇත්තේ නෂ්ට වූ යමහලකින් ඉහළට පැමිණි මැග්මා ඝණ වීම නිසාවෙන් බවට සැලකෙනවා.
    සීගිරියට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙහි ඉතිහාසය කිතු උපතට පෙර සමය දක්වා ඈතට දිවෙන්නක්. කෙසේ නමුත් මෙය ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ කාෂ්‍යප රජු විසින් සිය මාලිගය හා බලකොටුව මෙහි ඉදිකිරීමේ දී කරවන ලද චිත්‍ර හා තවත් මාහැඟි නිර්මාණ නිසා යි.


    සුමා කන්ද

    Il2R7giad7v5AuTn_5.-zuma-rock.jpg

    sunshineimpressions.netසුමා කන්ද පිහිටා ඇත්තේ නයිජීරියාවේ අබුජා නුවරට උතුරු දිගට වන්නට යි. මෙම ගල් පව්ව මීටර 725ක් තරම් උස් වෙනවා. මෙය ස්වභාවිකවම කළු හා සුදු වර්ණවලින් හැඩ ගැන්වී ඇති අතර සමහරු පවසන්නේ එහි එක් ස්ථානයක මිනිස් මුහුණක රුවක් විද්‍යාමාන වන බව යි.
    උලුරු/ අයර්ස් රොක්

    dFLH5uhiqdpnQ4Iy_6.-Uluru.jpg

    emurun.com.auඕස්ට්‍රේලියාවේ ඇති සුවිශාල ගල් පව්වක් වන උලුරු හෙවත් අයර්ස් රොක් ඉතා සුවිශේෂී හා අසාමාන්‍ය පිහිටීමක් සහිත එකක් වෙනවා. මෙය පිහිට ඇත්තේ ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයට කිලෝමීටර 335ක් පමණ නිරිත දිගට වන්නට යි. මෙය සැලකෙන්නේ ලොව විශාලතම තනි ගල් පව්ව ලෙස යි. මෙහි උපරිම උස මීටර 348ක් වන අතර කිලෝමීටර 9.4ක සාමාන්‍ය විෂ්කම්භයක් දරනවා.
    අයර්ස් රොක්හි තවත් විශේෂත්වයක් වන්නේ හිරු එළිය වැටෙන කෝණය අනුව එහි පැහැය වෙනස් වී දර්ශණය වීම යි. හිරු උදාව වන වන විට දීප්තිමත් රතු, තැඹිලි පැහැයෙන් දිස් වන මෙය හිරු අවරට යන විට නිල්, දම් පැහැ ප්‍රමුඛ කොට ගෙන දර්ශනය වෙනවා.


    Roar
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    කව්ද බං කියන්නේ සහෝදරයට බයේ හැංගුන කාශ්‍යප රජතුමා හැම තැනටම පේන්න තියන සීගිරි ගල උඩ මාලිගයක් හදල පදිංචි උනා කියල