පර්ස් එක නැති උනාද ?

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    mageth nethi una..den sathiyakatath wedi bn..thama nam awe ne...
    mchn, mama id 1 hadanna beluwe ne denma..eka hadissiyak nethi nisa..license 1 ikmanata ganna beluwe ada hetama.. ID 1 onemada bn...Passport 1 hariyanne nedda..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0


    ජාතික හැඳුනුම්පත .


    ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි.

    මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල ගැන. මේ පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ .කොළඹ කොටුවේ දී නැති උනේ කියල කොටුවේ පොලිසියට පැමිණිලි කරලා වැඩක් නෑ.තාවකාලිකව (බෝඩිමක් වගේ) ඉන්නවනම් ඒ අදාළ පොලිසියට පැමිණිලි කරලත් වැඩක් නෑ .

    අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා)

    Me kathawa dan wenas. Dan kiyanne nathi una kiyala dana gaththa gaman, nathi una thanata adala policiye complain eka danna kiyala. Hethuwa, hadissiyewath thamunge ID eken marisi wadak kauru hari dunnoth, anthimata athulata yanna wenne ahinsaka oba thumata. (Meka Maharagama policiyen ahala hariyatama verify karagaththa kathawak. Mamath mage purse eka nathi wela complain ekak damma)

    Complain eka dala, thamanta hadaganna one doc walata adalawa (e kiyanne NIC, Driving license etc... bank card walata one na) complain eke copy ekak ganna. Complain copy ekak gannakota original ekath denawa. Ethakota copies one (n -1) ganak.

    Copy ekakta dan ganne Rs 25 k wage. Eka policiytama gewanna puluwan. Complain eke original eka kadala thamuntama denawa gihin photocopy gahan waren kiyala :sorry::sorry::sorry:

    Last Friday th yaluwek ge purse eka nathi wela uth ekka giya Kohuwala police station eke complain ekak danna. Enisa 100% sure me procedure eka gana :cool::cool::cool:
     
    • Like
    Reactions: Raskolnikov

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මගෙත් පර්ස් එක නැතිඋනා.ඊයේ තමයි වේරහැර ගිහින් හදාගත්තේ ලයිෂන් එක.එපා උනා නබන්.වැඩක් නෑ කියල.එපාම උනා.
    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ විස්තර ගොඩක් වැදගත් උනා.
    තව පොඩි දේවල් ටිකක් මේකට එකතු වෙන්න ඕන.
    මගේ අයිඩින්ටි එකත් නැති උනා, එකත් හැදුවේ නෑ.පාස්පෝර්ට් එකෙන් තමයි වැඩේ කරගත්තේ.ඒ නිසා කියන්න තියෙන්නේ,ID එක නැතත් වැලිඩ් පාස්පෝර්ට් එකත් ඇති.අනික,මමත් ඔරිජිනල් උප්පැන්න සහතිකේ අරන් ගියා.එත් එක නම් බැලුවේ නෑ.
    නැති උනේ පරණ (කළු සුදු ) ලයිෂන් එක නම්, අනිවා මෙඩිකල් එක කරන්න වෙනවා(සිම් එක තියෙන අලුත් එකක් නම් ඕන නෑ කිව්වා ).ලයිෂන් එක ගන්න ඩොකියුමන්ට්ස් බාරදෙන්න ඕන H හෝල් එකේ තියෙන ඔෆිස් එකට.මම කිව්වා වගේ නැති උනේ පරණ (කළු සුදු ) ලයිෂන් එකක් නම් එතනට යන්න කලින් පාරෙන් අතුලුවෙද්දීම(මුලින්ම තියෙන හෝල් එක ) තියෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් මෙඩිකල් එක අරන් එන්න වෙනවා.එක ගන්න ගියාම අමුම අමු කට්ටක් කන්න වෙන්නේ.මම 9.40 ට එතනට ගියපු එක 1.30 උන එක අරන් එලියට එද්දී. :( .සෙනග ඉන්නවා කෙලවෙන්නේ.ඒ නිසා උදෙන්ම 8 ට වගේ යන එක තමයි හොද.
    අනිත් එක තමයි වන් ඩේ සර්විස් එකෙන් ලයිෂන් එක ගන්න නම් 12.30 ට කලින් මෙඩිකල්+ඩොකියුමන්ට්ස් (පාස්පෝර්ට්/අයිඩින්ටි,ඇන්ට්‍රි කොපි ) බාරදෙන්න ඕන.2200 යි වන් ඩේ සර්විස් ෆී එක.12.30 න පස්සේ දෙනවා නම් සහ උබට එදාම කාර්ඩ් එක ගන්න හදිස්සි නම් තව 1000ක් වගේ වැඩියෙන් දීල ඇතුලේ එකෙක්ගෙන් කරගන්න පුළුවන්.(H හෝල් එකේ සික්කට ගිහින් ශේප් එකේ සීන් එක කියපන්.)
    ඊට පස්සේ දුන්නොත් නොර්මල් සර්විස් තමයි.1700 ක් යනවා.ලයිෂන් එක පොස්ට් එකේ සති දෙකකින් ගෙදරට එවනවා.ඒ කල සීමාවේදී පදින්න මාස 3ක් වැලිඩ් ටෙම්පරරි ලයිෂන් කොලයක් දෙනවා.තව එකක්, උබට ඕනෑම නම් පස්සෙන්ද උදේට ගිහින් ඕන නම් කාර්ඩ් එක කලෙක්ට් කරගන්න උනත් පුළුවන්.ටෙම්පරරි ලයිෂන් එකක් එවෙලේම දෙන හින්දත්,නිකන් රු 2000 ක් ලබා හින්දත් මම නම් නොර්මල් සර්විස් දැම්ම.
    මතක ඇතිව පාස්පෝර්ට්/අයිඩින්ටි,පොලිස් ඇන්ට්‍රි වල ෆොටෝ කොපි අරන් යන්න එලියෙන්ම.ඇතුලට ගියාම ආයේ ගන්න තැනක් නෑ.ඒ ගොල්ලෝ කිසිම ඩොකියුමන්ට් එකක ඔරිජිනල් තියාගන්නේ නෑ.ඒ නිසා මතක ඇතිව අරන්ගියපු ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ඔක්කොම හරිද කියල බලල ආයේ අරන් එන්න.එකේ වැඩකරන පියන්ල,එලිය ඉන්න කාක්කෝ වගේ සෙට් යද්දීම, උබට බලෙන්ම එක එක ඒවා අහල උදව්කරන්න හදයි.එකෙක්ටවත් සල්ලි දෙන්න යන්න එපා.අහගන්න දෙයක් තියේ නම් උන්ගෙන් අහගනින්.එත් සල්ලි නම් දෙන්න යන්න එපා.
    උබ ඩොකියුමන්ට්ස් දෙද්දී 12.30 පහුනොත්, සහ උබට ලයිෂන් කාර්ඩ් එක එක දවසින් ගන්න ලොකුම ලොකු හදිස්සියක් තියෙනවා නම් විතරක් අර මම කිව්වා විදියට H හෝල් එකේ ඇතුලේ සික්කෙක්ටකියල 1000ක් වැඩියෙන් දීල ගනින්.මම නම් කියන්නේ එත් එපා කියල.
    උබලට මොනවා හරි වැදගත් දෙයක් ගන්න තියෙනවා නම් ගනිල්ලා.
    අහ්හ්..මතක ඇතිව මෙඩිකල් මගුලට යද්දී කාල පලයල්ලා.දෙතුන්දෙනෙක්ම කලන්ත වෙනවා මම බලාගෙනයි.:(
    ජයවේවා
     
    • Like
    Reactions: shw7