පරිගණකයෙන් ANDROID APPS UPDATE කරමු (1000th POST)

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
පරිගණකයෙන් ANDROID APPS UPDATE කරමු (1000th POST)

මුලින්ම කියන්න ඕනේ මේ මම එළකිරියේ ලියන 1000වැනි පොස්ටුව. කාටහරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න හිතුව :yes:

මේක ලියන්න හේතු උනේ පහුගිය දවසක අපේ මිත්‍රයෙක් අහල තිබ්බ ඩොන්ගල් එකකින් අන්තර්ජාලෙට සම්බන්ද වෙලා තියන පරිගණකයක් හරහා තමන්ගේ android ස්මාර්ට් ෆෝන් එකේ තියනවා ඇප්ස් අප්ඩේට් කරන්න පුලුවන්ද කියල. එහෙම කරන්න පුළුවන් :yes: ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්න වෙලේ මට දැනුන හැටියට ගොඩක් කට්ටිය එක දැනන් හිටියේ නැ. ඒ නිසා මම තීරණය කලා එක නොදන්නා හැමෝටම තේරෙන්න පැහැදිලි කරලා දෙන්න.

මේක ගොඩක්ම වටින්නේ ගෙදර වයිෆයි නැත්තන් (වයිෆ් නෙවේ :P ), ෆෝන් එකේ ඩේටා නැත්තන්, ඒත් ඩොන්ගල් එකක් හරි වයර්ඩ් රවුටර් එකක් හරි තියන කෙනෙක්ට.

මුලින්ම මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් Moborobo කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරගන්න.

http://download.moborobo.com/download/Client/Promoters/Moborobo(Official_PC_Manager).exe?7a5fd2

ඊට පස්සේ ඔයාලගේ android දුරකතනේ settings වලට ගිහින් developer options වලට ගිහින් USB debugging කියන ඔප්ෂන් එක ක්‍රියාත්මක කරගන්න. මේ මම දීල තියන පාත් එක දුරකථන මාදිලියත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට බාවිතා වෙන ගොඩක් ඒවාට මේක හරි :yes:

දැන් Moborobo ඕපන් කරගෙන ඔයාලගේ දුරකථනය USB කේබල් එක හරහා පරිගණකයට සම්බන්ද කර ගන්න. දුරකථනය හදුනාගත්ත කියල පෙන්නාවි. දුරකථනය හදුනාගත්තේ නැ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ දුරකතනෙට අවශ්‍ය drivers පරිගණකයේ නැ කියන එක. මේ වෙලාවට දුරකථනය ගලවල මොඩල් එකට ගැලපෙන drivers ගූගල් දෙයියෝ මාර්ගයෙන් හොයාගෙන ඉන්ස්ටෝල් කරගෙන ඉහත පියවර අයේ අනුගමනය කරලා පරිගණකයට සම්බන්ද කරගන්න. ඒත් නැත්තන් කේබල් එකේ හරි පොර්ට් එකේ හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් :(

LaHeGRX.png


මීලගට Moborobo උඩ තියන මෙනු වලින් Apps කියන එක ක්ලික් කරන්න.

xDgFJmS.png


දැන් ඔබේ වම්පස ඇති App Updater කියල ටූල් එකක්. එක ක්ලික් කරන්න.

yzoheXK.png


ඇප්ස් සියල්ල අප්ඩේට් කරන්න ඕනෙනං Update All කියන එක බාවිතා කරන්න පුළුවන්. නැත්තන් අවශ්‍ය ටික විතරක් ලකුණු කරලා Update ඔප්ෂන් එක දෙන්න.

oIFu8ul.png


swouUoJ.png


ඔන්න ඔච්චරයි. මේක දන්නා කට්ටිය ඇති දන් නැති කට්ටියත් ඇති. දන්න අය දන් නැති අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්නකෝ ඈ :lol:


Reference
http://www.idroidspace.com/how-to-update-android-apps-from-pc/
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
ubata sureda meken ape personal data adinne ne kiyala...

ඕකට අපේ personal data access කරන්න පුළුවන් මචන්. ඒක බලද්දිම පේනවනේ. ඒත් ඉතින් අපි ඔහොම තැන් කීයක අපේ personal data තියනවද? :)

උදාහරණ
Facebook, Twitter, Google +, Gmail, Yahoo, Dropbox, Onedrive