@S_M_S
ජාන වල සමානකම් තියනවා කියන එකෙ ඒ දෙන්නටම එකම ඇන්සෙස්ටර් කෙනෙක් හිටියා කියන එකට එක සාක්ශියක්. තව එක වගේම පරිසර තත්ව වලදි සමාන ලක්ශන ඇතිවෙනවා කියලා සීන් එකක් තියනවා(convergent evolution), මෙතනදි පිටින් පේන ලක්ශන සමාන වෙන්න පුලුවන් නමුත් ජාන සම්පූර්නයෙන්ම වෙනස්. උදාහරනයක් විදියට ගොඩක් පරිසර වල විලෝපිකයෙක් වියට බලල් පවුලෙ සතෙක් ඉන්නවා තව ඒ හා සමාන පරිසරයක බලල් පවුලෙ සතෙක් නැතිව වෙන (උදාහරන විදියට මුගටියා වගේ සතෙක් කියමු), එක වගේ පරිසර තත්ව වලදි සමාන evolution pressure එකක් තියනවා නං අර මුගටියා වගේ සතා බලල් පවුලේ සතෙක් වගේ ගොඩක් සමාන බාහිර ලක්ශන ඇතිවෙන්න පුලුවන් නමුත් එතකොට බාහිර ලක්ශන සමාන උනාට ඒ සතාගෙ ජාන සැකැස්ම බලල් පවුලෙ සතෙක්ට වඩා ගොඩක් වෙනස්. (උදාහරන Fossa කියලා සතෙක් ඉන්නවා බලල් පවුලෙ සතෙක් නෙමයි නමුත් සමාන පරිසර වල ජීවත් වෙන නිසා කෙලින්ම බලල් පවුලෙ ගොඩක් ලක්ශන හැදිලා තියනවා ඇවිදින විදිය පවා බලල් පවුලෙ සතෙක් වගේ, තව මැමල් කෙනක් උනු ඩොල්ෆින්ලා මාලුන්ගෙ පිටින් පේන සැකැස්මට සමාන වෙලා තියෙන්න එකම evolutionary pressure එක දෙන්නටම තියනවා එතකොට එකම පරිසරයට එක වගේ ෆීචර්ස් ඕන නිසා එක වගේ ෆීචර්ස් වෙන වෙනම හැදෙනවා නමුත් ඒකෙන් කියන්නෙ නැහැ ඒ දෙන්නගෙ සමාන ෆීචර්ස් වලට සමාන ජාන තියනවා කියලා )
තව දැන් අපි දන්නවා සමහර ලක්ශන වලට රෙස්පොන්සිබල් වන ජානය හරියටම මොකද්ද කියලා, එතකොට එකම ලක්ශනය එකම ජානයකින් ඇවිල්ලා නං තියෙන්නෙ ඒකත් ඒ දෙන්නට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් හිටියා කියන එකට සාක්ශියක්
තව ජාන වලින් කොමන් ඇන්සෙස්ටර කෙනෙක් හිටියා කියලා හොයන විදියක් තියනවා, කොමන් ඇන්සෙස්ටර්ට මොකක් හරි වයිරස් එකක් ආසාදනය උනාම චාන්ස් එකක් තියනවා ඒ වයිරස් එකේ කොටසක් අර සතාගෙ ජාන වලට එකතු වෙන්න. උදහරනයක් විදියට මැමල්ස්ලා හැම දෙනාටම තියන කොමන් ජානයක මැදට අර විදියට වයිරස් එකක ජාන කෑල්ලක් තියනවා නං අපිට හැම මැමල්ස්ලා ගොඩකගෙ DNA seqence කරලා හොයාගන්න පුලුවන් මොන සත්තුන්ගෙද අර වයිරස් එකෙන් ආපු ජාන කෑල්ල තියෙන්නෙ කියලා
උදාහරන විදියට ඒ වගේ වයිරස් එකකින් ආපු ජාන කෑල්ලක් බල්ලොන්ගෙ සහ පූසොන්ගෙ තියනවා නමුත් වඳුරොන්ගෙ නැහැ කියලා එතකොට අපිට හිතන්න පුලුවන් බල්ලාට සහ පූසට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් ඉඳලා තියනවා ඒ කොමන් ඇන්සෙස්ටර්ගෙන් තමයි අර වයිරස් කෑල්ල තියන ජාන ඇවිත් තියෙන්නෙ කියලා
වඳුරොන්ගෙ ඒ ජානය නැහැයි කියන එකෙන් කියන්නෙ නැහැ වදුරොන්ට සහ බල්ලො පූසන්ට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් නැහැයි කියලා, නමුත් කියන්නෙ බල්ලො පූසන්ට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් ඉදලා තියනවා ඒ ඇන්සෙස්ටර් වඳුරන්ගෙ බ්‍රාන්ච් එකෙන් වෙන් උනාට පස්සෙ තමයි අර වයිරස් එක ආසාදනය උනු කොමන් ඇන්සෙස්ටර් ඉදල තියෙන්නෙ කියලා
ඌරගෙ සහ ඔරංඔටංගේ සීන් එක
ජාන සමාන වෙන පලියට කියන්න බැහැ සමාන ජීවියෙක් කියලා
සාමාන්‍යෙන් ඕන ජීවියෙක්ගෙ තියනවා වැඩකට නැති ජාන, වර්ග දෙකක ඔය වැඩකට නැති ජාන සමාන උනා කියලා එක වගේ සත්තු හැදෙන්නෙ නැහැ
අනික් එක තමයි ජාන 99.9 ක් සමාන සත්තු දෙන්නෙක් උනත් පිටින් බැලුවම අහසට පොලව වගේ වෙන්න පුලුවන්, ජාන වල තියනවා control gene කියලා ජාතියක්. ඒවයින් තමයි තීරනය කරන්නෙ අනෙක් ජාන ඇක්ටිවේට් වෙනවද නැද්ද ඇක්ටිවේට් වෙනවා නං මොන වෙලාවෙදිද ඇක්ටිවවේට් වෙන්නෙ කියලා. එතකොට අර 0.1 වෙනසෙන් ඉතිරි 99.9 සමාන ජාන වෙන වෙනස් වෙලාවල් වලදි ඇක්ටිවේට් කරලා සම්පූරන වෙනස් සතෙක් හදන්න පුලුවන්.
උදාහරන විදියට මැමල්ස්ලා ගත්තම මැමල්ස්ලාට පොදු ලක්ශන වලට හේතු වෙන ජාන සේරම ගොඩක් දුරට සමානයි. අනෙක් ජාන වලින් තමයි මැමල්ස්ලා ගෙ වර්ග අතර තියන වෙනස ඇති කරලා තියෙන්නෙ
අපි ඌරගෙන් පැවත එන්නෙ නැහැ නමුත් අපි දෙගොල්ලොටම කාලෙකට කලින් පොදු ඇන්සෙස්ටර් කෙනෙක් ඉදලා තියනවා. ඒක නිසා මැමල්ස්ලාට පොදු ලක්ශන අපි දෙගොල්ලටම තියනවා සහ ලොකු ජාන වල සමාන කමක් තියනවා
අනික තව තැනක කියලා තිබුනා නියැන්ඩර්තාල් සහ අපි අතර ලොකු ගැප් එකක් තියනවා කියලා. එහෙම එකක් නැහැ මිසින් ලින්ක් එකක් කියලා සයන්ටිෆිකලි පිලිගන්න තියරියක් නැහැ. අපි සහ නියැන්ඩර්තාල් ලා (තව මේ වගේම ජාතියක් ඉදලා තියනවා ඩෙනීසවියන් කියලා) පොදු ඇන්සෙස්ටර් කෙනෙක් ගෙන් හැදිලා තියෙන්නෙ. ඒ වගේම අපි සහ නියැන්ඩර්තාල් ලා එකම කාලෙ ජීවත් වෙලා තියනවා හරියට අද අපි සහ චිම්පන්සි එක්ක ජීවත් වෙනවා වගේ
නියැන්ඩර්තාල් ලා වඳ වෙලා ගියපු එකට mistry එකක් නෙමයි ගොඩක් දුරට ඒව විසඳලා තියෙන්නෙ. ප්‍රධාන හේතුව තමයි නියැන්ඩර්තාල් ලා බොහොම පොඩි කමියුනිටි එකක් ඉඳලා තියෙන්නෙ 10000ක වගේ ඒක නිසා ජෙනටික් ඩයිවර්සිටි එක අඩුයි අලුත් පරිසර තතත්ව වලට හැඩ ගැහෙන්න
ඉතිහාසහ බැලුවම අපිත් එක අවස්තාවක 10000ක් වගේ ගානකට අඩු වෙලා තිබිලා තියනවා අපේ ලක් එකට අපි වඳ වෙලා ගියේ නැහැ
අනික තමයි එක සැරේම වඳුරෙක් ගෙන් වලිගෙ නැති වඳුරෙක් හැදිලා ඌට ඇවිදින්න පුලුවන් උනා කියන එක සම්පූර්න වැරදියි
ඒ කාලෙ සමහරවිට අනෙක් එවුන්ට වඩා වලිගෙ බොහොම පොඩ්ඩක් කොට එකෙන් අහම්බෙන් හැදෙන්න පුලුවන්, ඌට ජීවත් වෙද්දි අනෙක් එවුන්ට වඩා බොහොම පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්න ඇති. එතකොට අනෙක් එවුන්ට වඩා කල් ජීවත් වෙන්න හරි හොඳට කෑම හොයා ගන්න හරි චාන්ස් එක්ක ඇවිත් ඌට ලමයි ගොඩක් හදාගන්න චාන්ස් එකක් එන්න පුලුවන්. ඕක දිගින් දිගටම උනාම වලිගෙ නැති එකෙක් හැදෙන්න පුලුවන්
අවුරුදු 100ක් වගේ අතර ඔහොම වල්ගෙ අඩු වෙලා යන දෙන්නෙක් කම්පෙයා කරත් පේන වෙනසක් නැති වෙන්න පුලුවන්, අවුරුදු 20000-30000ක් වගේ අතර පරාසයක කම්පෙයා කරොත් ඇහැට පේන වෙනසක් තියෙන්න පුලුවන්
අනෙක් එක තමයි අර මම මුලින් කියපු control gene සීන් එක නිසා, එක සැරේ ලක්ශන දෙක තුනක් හැදෙන්න පුලුවන්. උදාහරන විදියට වලිගෙ නැතිවෙන එකයි කකුල් දෙකෙන් ඇවිදින එකයි වෙන වෙනම හැදුනු ලක්ශන දෙකක් නෙමයි එකට evolve උනා වෙන්න පුලුවන්. උදාහරනයක් විදියට වලිගෙ කොට එවුන්ට අනෙක් එවුන්ට වඩා සාපේකශව හොඳට ඇවිදින්නපුලුවන් වෙලා සහ හොඳට ඇවිදින්න පුලවන් එවුන්ට හොඳට කෑම හොයාගෙන අනෙක් එවුන්ට වඩා සක්සස් වෙන්න පුලුවන්. ඔය වගේ ලක්ශන කීපයක් එක සැරේ evolve වෙන්න පුලුවන්.
අනික් එක තමයි evolve වෙන්නෙ තනි සතෙක් නෙමයි, කමියුනිටි එකක් විදියට තමයි evolave වෙන්නෙ. මුලු කමියුනිටි එකටම එකම evolution presure එක තියන නිසා ගොඩක් පරිසරයට හැඩගැහෙන්න පුලුවන් ලක්ශන සේරම ටික ඒ කමියුනිටි එකේම evolve වෙනවා.
මම කියපු ගොඩක් දේවල් සයන්ටිෆිකලි පිලිගන්න දේවල්, ශුවර්ම නැත්තං පොයින්ට්ස් ටික කියන්න මම පේපර් ටික හොයලා දාන්නං
evolution එක හරියට මුලෙන් පටන් අරන් අතු බෙදිලා ගියපු ගහක් වගේ නෙමයි. ඒ ගහේ අතු අතරත් සම්බන්ධතා තියනවා. එතකොට අර එක දිගට පරිනාමය උනා නෙමයි. සරලවම කිවුවොතින් අපි සහ නියැන්ඩර්තාල්ලා එකම කාලෙ ජීවත් වෙලා තියනවා අපි දෙගොල්ලො අතර අන්තර් අභිජනන කටයුතුත් වෙලා තියනවා ඒව වෙලා තියනවා නමුත් අද අප්‍රිකාවෙ ඉන්න මිනිස්සුන් කිසිම වෙලාවක අර නියැන්ඩර්තාල්ල එක්ක අභිජනනය වෙලා නැහැ අනෙක් අයට සේරටම වගේ නියැන්ඩරතාල් ජාන සුලු ප්‍රමානයක් ඇවිත් තියනවා කියලා හොයාගෙන තියනවා.
අනික් එක ආගමක තියන එකක් සහ සයන්ටිෆික් දෙයක් කම්පෙයා කරන්න යන්න එපා, බුද්ධාගමත් ඇතුලුව. එතකොට අපි නිකන්ම එක පැත්තකට බයස් වෙනවා එක්කො ආගමේ කියන දේට නැත්තං සයින්ටිෆිකලි කියන දේට. එතකොට ඔය දෙක අතර හෙල්දි කම්පැරිසන් එකක් වෙන්නෙ නැහැ