පරිණාමවාදය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    විඤ්ඤාණය සහ පරිණාමය


    නව ඩාවින්වාදයේ ප්‍රධානම උපකල්පනයක් නම් පරාණාමන ක්‍රියාවලිය අහඹු වූවක් බවය. ජාන සැකැස්ම අහඹු ලෙස විකෘති තාවයන්ට ලක් වන අතර එම අහඹු විකෘතිතාවලින් පරිසරයට වඩා උචිත විකෘතීන් ඉතිරි වී ඉතිරි ඒවා අභාවයට යාම ස්වභාවික වරණයෙන් කියවෙයි.

    ථෙරවාද ත්‍රිපිටකයේ අග්ගඤ්ඤ සුත්‍රයෙන් මනුස්සයන් නිර්මාණය වීම සහ මානව සමාජයේ විකාශනය ගැන කියවෙයි. මෙය රේඛීයව සිදුවන්නක් නොව යළි යළිත් සිදුවන ක්‍රියාවලියකි. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතවල සත්වයන් ක්‍රම ක්‍රමයෙන් මනුෂ්‍යයන් ලෙස විකාශනය වෙන අයුරු එහි දැක්වෙයි. එය සෘජුවම නව ඩාවින්වාදය සමග සංසන්දනය කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවන බව දැන් අපට සිතේ.

    එයට හේතුවක් ඇත. නව ඩාවින්වාදයේ අැති චින්තනය රේඛිය සහ ඌනිතවාදී චින්තනයකි. බයිබලයේ එන නිර්මාණවාදයේ මෙන්ම නූතන බුද්ධිමය නිර්මාණවාදය වැනි වාද වලද ඇත්තේ මේ චින්තනයමය. ඒ නිසා තමයි නව ඩාවින්වාදය සහ බුද්ධිමය නිර්මාණවාදය බොහොම පහසුවෙන් එකිනෙක හා ගැට ගැසිය හැක්කේ. උදා ලෙස සමහර නව ඩාවින්වාදීන් ඉදිරිපත් කරන මතයකි විශ්වයේ සිටින පිටසක්වල ජීවින් පෘතුවියේ ජීවය නිර්මාණය කරපු බව. ඉන් පසුව එය ක්‍රම ක්‍රමයෙන් අහඹු විකෘතිය සහ ස්වභාවික වරණය සමග වෙනස් වී වර්තමාන ජෛව ලෝකය නිර්මාණය වූ බව. මෙය බයිබලයේ එන නිර්මාණවාදයට මෙන්ම නූතන බුද්ධිමය නිර්මාණවාදයට වෙනස් වන්නේ සුළු වශයෙන්. දෙවියන් වහන්සේ හෝ විශ්ව ශක්තිය ‍වෙනුවට පිටසක්වල ජීවින් ආදේශ කිරීමද එක්වර වෙන විශාල නිර්මාණයක් වෙනුවට අහඹු ලෙස ක්‍රම ක්‍රමයෙන් වෙන නිර්මාණයක් ආදේශ කිරීමෙන් මේ ගැටගැසීම සිදු කරගත හැකිය.


    අපිට අග්ගඤ්ඤ සුත්‍රය ‘විශ්වාස‘ කිරීමට කියා යමෙකුට කියන්නේ නැතුව එයට පදනම් වන චින්තනය ඇසුරෙන් පරිණාමය පිළිබද ප්‍රවාදයක් නිර්මාණය කර ගත නොහැකිද? එනම් මැවුම්වාදයට පදනම් වන චින්තනය ඇසුරෙන් නව ඩාවින්වාදය නිර්මාණය කරගත්තා සේ අග්ගඤ්ඤ සූත්‍රයට පදනම් වන චින්තනය ඇසුරෙන් පරිණාමය පිළිබද ප්‍රවාදයක් නිර්මාණය කරගත නොහැකිද? අඩුම තරමින් පරිණාමය පිළිබද කල්පිතයක් නිර්මාණය කරගත නොහැකිද? එසේ කිරීමට ඉඩ තිබිය යුතු බව අපි සිතමු.


    උදා ලෙස ජීවය වෙනුවට විඤ්ඤාණයක් ඇති සත්වයන් ලෝකයේ පහළ වීම රේඛීය ක්‍රියාවලියක් වෙනුවට චක්‍රීය ක්‍රියාවලියක් වන බවට මූලික උපකල්පනයක් අපිට කළ හැකිය. සත්වයන් පහළ වීම සහ අභාවයට යාම චක්‍රීයව යළි යළිත් සිදු වෙයි. ඒ චක්‍රීය ක්‍රියාවලියට අවස්ථාව සැලසෙන්නේ විඤ්ඤාණය නිසාය. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව සත්වයන්ගේ භෞතික රූප වෙනස්විම විඤ්ඤාණයට අනුව සිදු විය හැකිය. එය නැවත විඤ්ඤාණයට චක්‍රීයව බලපායි. එසේම ඒ වෙනස්කම් පරම්පරාවෙන් පරම්පරාවට ගලා යයි. උදා ලෙස එහි පිරිමි ගැහුණු ලෙස සත්වයන් වෙන් වන්නේ ඔවුනොවුන් කෙරෙහි රාගික සිතිවිලි ඇතිවූ පසුය. ලිංගික අවයව වර්ධනය වූ විට අදාළ රාගික සිතිවිලි ඇතිවීම වඩාත් වැඩි විය හැකිය. මෙය චක්‍රියව ගලා යයි. ඒ අනුව පරිණායමට හේතුව අහඹු විකෘතිය නොව විඤ්ඤාණය සහ නාම රූප අතර ඇති චක්‍රීය සම්බන්ධය ලෙස අපට සාමාන්‍යකරණය කිරීමට හැකිය. අවශ්‍ය නම් ස්වභාවික වරණයද ඊට එක් කරගත හැකිය. එහෙත් ස්වභාවික වරණයට සියලුම පරිණාමික ක්‍රියාවලි ඌනනය කළ නොහැක්කේ සමහර සත්වයන් තුළ (විශේෂයෙන්ම මනුෂ්‍යයන්ගේ) පරිසරයට වඩාත්ම ඔරොත්තු නොදෙන සත්වයන් පවා ‘මානුෂීය හේතු මත‘ පැවතීමට ඉඩ හැර ඇති බැවිනි. යාචකයන් සහ විවිධ ආබාධවලට ලක්වූවන් සමාජය විසින් රැක බලා ගැනීම උදාහරණයකි. අත පය සියල්ලම නැති අය සමග සමහර කාන්තාවන් විවාහ වෙති. කෘතිමව හෝ දරුවන්ද හදති. එක අතකින් මෙතනදී සිදු වන්නේ විඤ්ඤාණය විසින්ම ස්වභාවික වරණයද අභියෝගයට ලක් කිරීමය. පසුගිය දිනවල අන්තර්ජාලයේ දැකපු වීඩියෝවක දැක්වෙන්නේ හංසයන් විසින් මාළුන්ට තමන්ගේ කෑම කවන අයුරුය. ස්වභාවික වරණය ඇසුරෙන් මේ හැසිරීම පැහැදිලි කළ හැකිද?



    ඒ අනුව නව ඩාවින්වාදයට විකල්ප විඤ්ඤාණය මත පදනම් වූ පරිණාමවාදයක පහත සදහන් මූලික ලක්ෂණ තිබිය හැකිය.

    1. රේඛීය පරිණාමය වෙනුවට චක්‍රීය පරිණාමය (මෙය එක යුගයක් සම්බන්ධව මෙන්ම පරිණාමය සම්බන්ධ කුඩා කොටස් සම්බන්ධවද විය හැකියි. එනම් එක් කල්පයක් හෝ එවැනි දීර්ඝ කාල අන්තර තුළ සත්වයන් යළි යළිත් පහළ වීම සහ චක්‍රීයව ලිංගික අවයව වර්ධනය වීම වැනි පියවරෙන් පියවර සිදු වන ක්‍රියාවලි)

    2. අහඹුව වෙනුවට විඤ්ඤාණය (ශරීර වෙනස්කම් අහඹු විකෘතිය නිසා නොව විඤ්ඤාණයේ හටගන්නා සිතිවිලි නිසා වෙන බව. අහඹු විකෘති සිදු නොවන බවක් මින් නොකියවෙයි. හුදෙක් එය පරිණාමය වන එකම හෝ මූලික ක්‍රියාවලිය වීම අනිවාර්ය නොවන බව කිව හැකිය. එසේම අහඹුව වෙනුවට විඤ්ඤාණය සම්බන්ධව පෙර භවයක ඇතිවූ සිතිවිලි ඒ වීකෘතීන්ටද හේතු විය හැකිය). අවශ්‍ය නම් මේ විඤ්ඤාණය සියලු පද්ධතිවලට පුළුල් කරගත හැකිය. එසේම විඤ්ඤාණ- නාම රූප චක්‍රය පැවතිය හැකි විවිධ තල සැලකීමෙන් පිටසක්වල ජීවීන්ගෙන් ජීවය හට ගැනීම පිළිබද අවුල විසදා ගත හැකිය.

    3. ස්වභාවික වරණය ඉක්මවා යාමට විඤ්ඤාණයට හැකි වීම (මනුෂ්‍යයන් මෙන්ම සමහර තිරිසන් සතුන්ද හුදු ස්වභාවික වරණය ඉක්මවා ක්‍රියා කරන අවස්ථා නිරීක්ෂණය කළ හැකිය)


    මේ අනුව පරිණාමය යනු තනි ක්‍රියාවලියක් නොව ක්‍රියාවලි ගණනාවක එකතුවක් මගින් සිදුවන්නක් යැයි කිව හැකිය. එනම් පරිණාමය යනු නා නා හේතුවාදයකි. එක අතකින් බැලූ විට බුදුදහමේ එන පුනර්භවයද පරිණාමනයකි. අපි භවයෙන් භවයට පරිණාමය වෙමින් ඉදිරියට යමු. එයට පදනම් වන්නේ විඤ්ඤාණය සහ නාම රූප අතර ඇති චක්‍රීය සම්බන්ධයයි. එයම වඩාත් සාධාරණ අර්ථයෙන් පරිණාමය පිළිබද කල්පිතයක් ඉදිරිපත් කරන්නට යොදා ගත හැකිය
     
    • Like
    Reactions: Sry.com

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    නව ඩාවින්වාදයේ ප්‍රධානම උපකල්පනයක් නම් පරාණාමන ක්‍රියාවලිය අහඹු වූවක් බවය. ජාන සැකැස්ම අහඹු ලෙස විකෘති තාවයන්ට ලක් වන අතර එම අහඹු විකෘතිතාවලින් පරිසරයට වඩා උචිත විකෘතීන් ඉතිරි වී ඉතිරි ඒවා අභාවයට යාම ස්වභාවික වරණයෙන් කියවෙයි.

    ජෛව විවිධත්වයට හේතුව මේකලු.. ඒ කියන්නෙ එක එක විදියෙ සත්තු ගස්වැල් තියෙන එක..
    අඹ ගහ කොස් ගහෙන් වෙනස්, සිංහය කොටියගෙන් වෙනස්, කූඹිය අලියගෙන් වෙනස්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Timeline_evolution_of_life.svg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    God created dinosaurs. God destroyed dinosaurs. God created Man. Man destroyed God. Man created dinosaurs.

    Dinosaurs eat man...Woman inherits the earth.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    නව ඩාවින්වාදයේ ප්‍රධානම උපකල්පනයක් නම් පරාණාමන ක්‍රියාවලිය අහඹු වූවක් බවය. ජාන සැකැස්ම අහඹු ලෙස විකෘති තාවයන්ට ලක් වන අතර එම අහඹු විකෘතිතාවලින් පරිසරයට වඩා උචිත විකෘතීන් ඉතිරි වී ඉතිරි ඒවා අභාවයට යාම ස්වභාවික වරණයෙන් කියවෙයි.

    මේ කියන විදියට පරම්පරාවකින් තව පරම්පරාවක් බෝ වෙනකොට කලිං පරම්පරාවෙ ජාන 100% ක්ම දෙවෙනි පරම්පරාවට යන්නෙ නෑ.. ජාන අලුත් පැටවුන්ට යද්දි පොඩි පොඩි වෙනස්කං තියෙන්ඩ පුලුවන්ලු.. ඕක ඉතිං සෑහෙන කාලයක් තිස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට යනකොට, ටික ටික එකතු වෙලා ලොකු වෙනසක් වෙනව

    දැං ඔය ඩාවින්ගෙ පරිණාමවාදයට අභියෝගත් තියෙනව නේ..?