පරිනාමවාදය (theory of evolution) කියන්නෙ ජීවීන් ගේ සම්භවය විස්තර කරන්න නූතන බටහිර විද්‍යාව විසින් ගොඩ නංවපු ප්‍රවාදයක්. මේ ප්‍රවාදය ගොඩ නංවන්න වැඩි දායකත්වයක් දීලා තියෙන්නේ බ්‍රිතාන්‍යය ජාතික චාල්ස් ඩාවින් විසින්. ඒ ඔහුගේ ස්වාභාවික වරණය (natural selection) පිළිබඳ ප්‍රවාදයෙන්.
පරිනාමවාදයට අනුව ජීවී විශේෂයක් බිහි වෙන්නේ ඊට කලින් හිටපු ඊට ගොඩක් සමාන ජීවි විශේෂයක් දීර්ඝ කාලයක් තිස්සේ ස්වාභාවික වෙනස් කම් වලට භාජනය වීමෙන්.
ඒ වැඩේ වෙන්නෙ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට (තව ක්‍රම තියෙන්න පුළුවන්)
1. ස්වාභාවික වරණය (natural selection)
ස්වාභාවික ක්‍රියාවන් මගින් සිදුවන පරිනාමය
2. ලිංගික වරණය (sexual selection)
ලිංගික ආකර්ෂනය මගින් සිදුවන පරිනාමය
පරිනාමවාදයට අනුව ජීවියෙක් පරිනාමය වෙන්නෙ මෙහෙමයි.
සරළ උදාහරනයක් ගමු.
අපි හිතමු මුගටියො වගේ සත්තු විශේෂයක් ඉන්නවා. මුන් ජීවත් වෙන්නෙ බිම. අපි හඳුන්වමු මුන් "සිලිබිල්ලා" කියලා. දැන් මේ සිලිබිල්ලන් ගහණයේ ඉන්නවා පොඩ්ඩක් ඉස්සරහ අත් (කකුල්?) දෙක දිග එවුන්. එහෙම ඉන්නව නෙ. සත්තු ගහණයක් ගත්තම හැම සතාම 100% ක් සමාන නෑ නේ. උස මිටි කලු සුදු මිනිස්සු ඉන්නව වගේ තමයි.
දැන් කවුරුවත් මේ අත් දෙක දිග සිලිබිල්ලන්ට වෙනම නමක් කියන්නෙ නෑ. උනුත් සිලිබිල්ලො ම තමයි. අත් දෙක පොඩ්ඩක් දිගයි. එච්චරයි. අපි හිතමු සිලිබිල්ලන් ගහණයෙන් 10% ක් අත් දෙක දිග සිලිබිල්ලො කියලා.
දැන් එකපාරටම සිලිබිල්ලො ඉන්න ප්‍රදේශයට එනවා සිලිබිල්ලො කන කොටි ජාතියක්. සිලිබිල්ලො කොටින්ට ගොදුරු වෙලා මැරෙනවා. හැබැයි අත් දෙක දිග සිලිබිල්ලන්ට කොටියෙක් එනකොට ගහකට නැගල බේරෙන්න පුළුවන් (දැන් අහන්න එපා කොටියට ගස් නගින්න බැරිද කියලා).
ඒ නිසා කොටියන්ගෙන් බේරෙන්න අත් දෙක දිග සිලිබිල්ලන්ට චාන්ස් එක වැඩියි. ඒ නිසා අත් දෙක දිග සිලිබිල්ලන්ට අනිත් සිලිබිල්ලන්ට වඩා වැඩි කල් ජීවත් වෙන්න පුළුවන්. වැඩියෙන් වර්ගයා බෝ කරන්න පුළුවන්. දැන් මේ වැඩේ දිගටම සිද්ධ වෙද්දි සිලිබිල්ලන් ගහණයෙන් අත් දෙක දිග සිලිබිල්ලන් ගේ ප්‍රතිශතය ටික ටික වැඩි වෙනවා. සෑහෙන කාලයක් ගියාට පස්සෙ අත් දෙක දිග සිලිබිල්ලො තමයි වැඩි.
ගොඩක් කල් ගියාම සිලිබිල්ලන් ගහණයෙන් 90% විතර ඉන්නෙ අත් දෙක දිග එවුන්. එතකොට නෝමල් සිලිබිල්ලා වෙන්නේ අත් දෙක දිග සිලිබිල්ලා. අපි දැන් ඌට නිකම්ම සිලිබිල්ලා කියන්න පටන් ගන්නවා. ඉස්සර නෝමල් සිලිබිල්ලාට අත් දෙක කොට සිලිබිල්ලා කියන්න පටන් ගන්නවා.
ඔය අස්සේ මේ ප්‍රදේශයේ තියෙන ගහකොළ වල පාට වෙනස් වෙනවා. අපි හිතමු දේශගුණික විපර්යාසයක් නිසා කියලා. ගස් වල කොළ ලා පාට වෙනවා. ඉස්සර සිලිබිල්ලාගේ මයිල් වල පාට තද දුඹුරුයි. අතරින් පතර ලා දුඹුරු එවුනුත් හිටියා. ගස් වල කොළ ලා පාට වුනාම ලා දුඹුරු සිලිබිල්ලාට හැංගෙන්න ලේසියි. තද දුඹුරු එකාව පැහැදිලිව පේනවා. මේ නිසා අර කලින් වුන විදිහටම කාලයක් ගියාම ලා දුඹුරු සිලිබිල්ලා නෝමල් එකා බවට පත් වෙනවා.
දැන් මේ අතර මැද සිද්ධිය දකින්නෙ නැතුව අපි මුල අවස්ථාවයි අග අවස්ථාවයි විතරක් දැක්කොත්? අපිට පේන්නේ තද දුඹුරු අත් කොට සිලිබිල්ලා ලා දුඹුරු අත් දිග සිලිබිල්ලා බවට පත් වෙලා කියලා.
දැන් මේ වැඩේ අවුරුදු මිලියන ගානක් වුනාම සිලිබිල්ලා ගොඩාක් වෙනස් වෙනවා. ඌට තවදුරටත් සිලිබිල්ලා කියන්න බැරි තරම්. අපි අළුත් එකාට කියමු කුරුජුන්ඩා කියලා.
අපි අවුරුදු මිලියන ගානක් එක දිගට මේ වැඩේ නිරීක්ෂනය නොකරන නිසා අපිට පේන්නේ සිලිබිල්ලා පරිනාමය වෙලා කුරුජුන්ඩා හැදුනා කියලා. ඒත් හැම පරම්පරාවම එක ළඟ තියල බැලුවොත් "සිලිබිල්ලා කුරුජුන්ඩා වුන මොහොත" කියල එකක් පෙන්නන්න බෑ. ඉතාම කුඩා ක්රමික වෙනස් වීම් විතරයි පේන්නෙ.
මේ වැඩේ ඉහත විස්තර කරපු විදිහට ස්වාභාවික ක්‍රියාවන් (කොටි, දේශගුණික විපර්යාස) නිසා වෙන්නත් පුළුවන් (ස්වාභාවික වරණය). එහෙම නැත්තම් විරුද්ධ ලිංගික ආකර්ෂනය නිසාත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට ගෑණු සිලිබිල්ලො කැමති හොම්බ දිග පිරිමි සිලිබිල්ලන්ට නං ප්‍රජනනය කරලා ඉදිරි වර්ගයා බෝ කරන්නෙ හොම්බ දිග සිලිබිල්ලො විතරයි. එතකොට එන්න එන්නම "සිලිබිල්ල ගෙ හොම්බ දික් වෙනවා" (වගේ අපිට පේනවා).
නුවන් සුබසිංහ
පරිනාමවාදය තේරෙන සිංහලෙන් - 2
පරිනාමවාදයෙන් සතෙක් හැදෙන හැටි පළවෙනි කොටසෙන් කිව්වනෙ. මේකෙන් කියන්නෙ පරිනාමවාදය වටේට තියෙන අතුරු කතා කීපයක්.
වඳුරොන්ගෙන් මිනිස්සු පරිණාමය වුනා නං වඳුරො ඉන්නෙ කොහොමද?
වඳුරොන් ගෙන් මිනිස්සු පරිනාමය වුනා කියන්නෙ දැන් ඔය කැලෑ වල ඉන්න වඳුරොන්ගෙන් මිනිස්සු පරිනාමය වුනා කියන එක නෙවෙයි. අවුරුදු මිලියන ගානකට ඉස්සර හිටපු යම්කිසි වඳුරෙක් ගෙන් (වඳුරා කියන්නෙ එක සත්ව විශේෂයක් නෙවෙයි නෙ. සත්ව විශේෂ සිය ගානක් නෙ) මිනිස්සු සහ දැන් ඉන්න වඳුරො බිහි වුනා කියන එක.
සිලිබිල්ලා උදාහරණයටම ගියොත් කොටි ඉන්න පළාතක සිලිබිල්ලාගෙන් කුරුජුන්ඩා බිහිවුනා වගේ කොටි නැති පළාතක සිලිබිල්ලා පරිනාමය වෙන්නෙ වෙනත් විදිහකට. එතකොට හැදෙන්නෙ කුරුජුන්ඩා නෙවෙයි. කිරිබද්දා. දැන් අර ඉහත අහපු ප්රශ්නය අහන්න වෙන්නෙ "සිලිබිල්ලගෙන් කුරුජුන්ඩා පරිනාමය වුනා නං කිරිබද්දො ඉන්නෙ කොහොමද?" කියලා. කිසි තේරුමක් නැති හද්ද ගොං කතාවක් නෙ? හැබැයි අර වඳුරු ප්රශ්නය වැලිඩ් වගේ හිතෙන්නෙ අපි ඉස්සර හිටපු එකාටයි දැන් ඉන්න එකාටයි දෙකාටම වඳුරා කියන නිසා. එතන භාෂාවේ පොඩි අවුලක් තියෙන්නෙ.
පරිනාමය වෙන ප්‍රධාන රටාව තමයි එක සත්තු විශේෂයක් පරිනාමය වෙලා සත්තු විශේෂ එකක් හෝ කීපයක් බිහි වෙන එක. සිලිබිල්ලා ගෙන් කුරුජුන්ඩා සහ කිරිබද්දා හැදුනා වගේ. හැබැයි කලාතුරකින් ඔරිජිනල් සිලිබිල්ලා ඔරිජිනල් විදිහටම ඉතුරු වෙන්නත් පුළුවන්. එතකොට ඔරිජිනල් එකයි, පරිනාමය වෙලා අළුතින් හැදුනු එවුනුයි ඔක්කොම එකට ඉන්නවා.
පරිණාමය වීමෙන් හැදෙන්නෙ "වඩා හොඳ" ජීවියෙක් නෙවෙයි. ඒ කියන්නෙ අපි පරිනාමය වෙන්නෙ වඩා හොඳ විදිහට නෙවෙයි. ඒ වෙලාවෙ තියෙන පරිසර තත්වයන්ට වඩාත් හොඳට මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි ජීවීන් පරිනාමය වෙන්නේ. ඒකෙන් ජීවින් ගෙ සමහර ලක්ෂන "නරක විදිහට" පරිනාමය වෙන්නත් පුළුවන්. උදාහරණයකට මිනිස්සු කකුල් දෙකෙන් ඇවිදින්න පරිනාමය වෙලා තියෙන්නෙ (බොහෝ විට, මේවා අනුමාන විතරයි) ජීවත් වුන පරිසරය ගස් හිඟ සැවනා බිමක් බවට පරිවර්තනය වීම නිසා. ඒත් ඒ නිසා තමයි අද අපිට හතළිහ පැනපු ගමන් කොන්දෙ අමාරු හැදෙන්නෙ.
පරිනාමය වෙන්න බලපාන සාධක 100% ම වගේ සම්පූර්ණයෙන්ම අහඹුයි. ඒ නිසා ජීවියෙක් කොහොම පරිනාමය වෙයිද කියලා අපිට පුරෝකථනය කරන්න බෑ.
මේක එහෙම්පිටින්ම මනස්ගාතයක් ද? කවුරුත් මේක දැකල නෑ නේද?
නෑ. අපි ගෘහස්තකරණය කරපු සත්තු සහ පැළෑටි වල මේ සංසිද්ධිය පැහැදිලිවම දකින්න පුළුවන්. එතනදි අර ස්වාභාවිකව වෙන වරණය අපි කෘ තිමව දෙනවා (selective breeding) එතකොට පරිණාමය ඉතාමත් වේගවත් වෙලා පරම්පරා සුළු ගානක් ඇතුළත ඇහැට පේන වෙනස්කම් දකින්න පුළුවන් වෙනවා. බල්ලො, පූසෝ විතරක් නෙවෙයි බඩ ඉරිඟු, කොමඩු වගේ බෝග වලත් මේක දකින්න පුළුවන්. මීට අවුරුදු තුන් හාරදාහකට කලින් තිබුණු බඩ ඉරිඟු කරලක් දැක්කොත් අපි කවුරුත් විශ්වාස කරන එකක් නෑ මේ බඩ ඉරිඟු කියලා.
එතකොට පරිනාමවාදයට වාදය (theory) කියල කියන්නෙ ඒක හරියටම ඔප්පු කරල නැති නිසාද? නෑ. ඒක සම්පූර්නයෙන්ම වැරදි කතාවක්. ඒක "පිළිගත්ත" සහ "ඉතා හොඳින් තහවුරු වුන" විද්‍යාත්මක දැණුමක්.
ඒ කියන්නේ ඒක 100% නිවැරදි, බුලට් පෲෆ්, හිල් නැති දැණුමක් ද? නෑ ඒකෙත් හිල් එමට තියෙනවා. හැබැයි අපි හිල් නැති කියල හිතාගෙන ඉන්න ගොඩක් දැණුම් වලත් හිල් තියෙනවා. ඒවා එකක්වත් 100% "නිවැරදි" දැණුම් නෙවෙයි. හැබැයි අපිට වැඩක් කරගන්න ඒක ප්‍රමානවත් (සිංහලෙන් කිව්වොත් good enough). ඒ නිසා අපි ඒ දැණුම පාවිච්චි කරනවා.
සමහර වෙලාවට නූතන බටහිර විද්‍යාඥයන් වගේම ඒක "අදහන" අය (නීල් ඩි'ග්‍රාසි ටයිසන් සර් මේ වැඩේ බහුලව කරන කෙනෙක්), "මේක සයන්ටිෆික් ෆැක්ට් එකක්" කියල කියන්නෙ ඒක ආයෙ ගලේ කෙටූ අකුරක් සේ නොවෙනස් පරම සත්‍යයක් කියල ඇඟවෙන විදිහට (ඒ කරල ඒ කටින්ම ආයෙ අනික් පැත්තට කියනවා විද්‍යාවේ ඕන දෙයක් වෙනස් වෙන්න පුළුවන් කියලත්).
එහෙම නෑ. ඒක වැරදියි. විද්‍යාවේ තියෙන ප්‍රවාද ඔක්කොම යම් කිසි වැඩක් කරගැනීම සඳහා නිර්මානය කළ වැඩේ කරගන්න ප්‍රමානවත් (good enough) ප්‍රවාද පමණයි. ඒ කිසිවක්ට ඊට අඩු හෝ වැඩි ගෞරවයක් දෙන්න අවශ්‍ය නෑ.
------ Post added on Dec 19, 2022 at 12:05 PM