පරිනාමවාදය....

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සකස්කිරීම:ඉබ්නු මන්සූර්


    පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවයන් අනුව හැඩගැසීම් සිදුවී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී. මෙම කරුණු සියල්ල කැටි කොට 1859 දී The Origin Of Species යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. මෙම ග්‍රන්ථයේ ඔහු විසින්ම පිළිගත් ආකාරයට මෙම මතයන් ඉදිරිපත් කර ඇත්තේ තමා විසින් නිරීක්ෂණය කරන ලද කරුණ මත පදනම් කරගත් උපකල්පනයන් වශයෙනි. මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක සිරස්තලය වන්නේ මෙම වාදයේ දුෂ්කරතාවයන් (Difficulties of the Theory) යනුවෙනි. ඩාවින් අපේක්ෂා කළේ ඉදිරිකාලයේදි සිදුවිය හැකි විද්‍යාත්මක සොයා ගැනීම් මෙම දුෂ්කරතාවයන්ට විසදුම් සපයනු ඇතැයි යන්නයි. නමුත් සැබැවින්ම සිදුවුයේ නුතන විද්‍යාත්මක සොයාගැනීම් මගින් විසඳුම් ලබාදිය නොහැකි ආකාරයේ නව දුෂ්කරතාවයන් රාශියක් මතුකිරීම පමණි. මෙම හේතු පදනම් කරගෙන පරිනාමවාදය ඇමරිකානු පාසැල් පෙළපොත් වලින් ඉවත් කරන්නට එරට අධ්‍යාපන බලධාරින් විසින් වර්ෂ කිහිපයකට පෙර තීරණය කරන ලදී.





    ඩාවින්ගේ යුගයත් සමග ලොව ඉතා පුළුල්ව පැතිරි ගිය මාක්ස්වාදි චින්තනයට පරිනාමවාදය නැතිවම බැරි කරුණක් විය. දෙවිඳුන් පිළිබඳ විශ්වාසයෙන් බැහැර වු භෞතික වාදි (Materialist) සංකල්පයක් වු මාක්ස්වාදය මිනිසාගේ සම්භවය පිළිබඳව විග්‍රහයට උපයෝගි කරගත්තේ පරිනාමවාදයයි.


    මේ හේතුවෙන් විද්‍යාත්මක පදනමක් නොතිබුනු පරිනාමවාදයට මාක්ස්වාදී රටවල් හා එම චින්තනය වැළඳ ගත් මාක්ස්වාදී නොවු රටවල උදවියත් ඉතා ඉහළින් මෙය විද්‍යාත්මක සංකල්පයක් බව ලොවට ඉදිරිපත් කිරීමට වෙර දැරූහ. මෙම වාදයේ අඩුපාඩු හා දුෂ්කරතාවයන් සාකච්ඡා කිරීමට ඉතා විශාල පිටු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මෙම ලිපියේ සිමාවන් සැලකිල්ලට ගෙන කරුණු කිහිපයක් පමණක් ඔබට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.




    1. ඩාවින්ගේ පොතේ කොතැනකවත් ජීවයේ සම්භවය පිළිබඳව කිසිම සටහනක් නොමැත්තේය. ඔහුගේ යුගයේ උදවිය‍ගේ මතය වුයේ ජීවීන්ගේ ව්‍යුහය ඉතා සරළ එකක් බවයි. මෙයට එක් හේතුවක් වුයේ නුතන විද්‍යාත්මක උපකරණ එම යුගයේ සොයාගෙන නොතිබීම බව දැක්විය හැක. ජීවයේ නිර්මාතෘ දෙවිඳුන් බව පිලිනොගන්නා වූ පරිනාමවාදය ප්‍රකාශ කරන්නේ පළමු ජීව සෛලය ස්වභාවික තත්ත්වයක් තුළ කිසිම සැලැස්මක් හා සැකසුමකින් තොරව අහඹුවකින් ඇති වු බවයි. ඩී.එන්.ඒ.(DNA) සහ ආර්.එන්.ඒ. (RNA) පිළිබදව විද්‍යාත්මක සිද්ධාන්තයන් ඩාවින්ගේ යුගයේ සොයා ගෙන නොතිබුණු හෙයින් මේවායෙහි ඇති සංකීර්ණ ව්‍යුහාත්මක ස්වභාවය පිළිබඳව නියත වශයෙන්ම ඩාවින් දැන නොසිටි බව සත්‍යයකි. සෛලයක පුනර් නිර්මාණය සදහා ඩි.එන්.ඒ (සෛලයේ සැලසුම් ව්‍යුහය) හා ආර්.එන්.ඒ. (නව සෛලය නිර්මාණය කිරීමේ පිටපත් ක්‍රියාවලිය) අත්‍යවශ්‍ය වන්නේය. මිනිසාට සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ ඉතා සංකීර්ණ ව්‍යුහයක් ඇති මෙම සාධක දෙක අහම්බෙන් කෙසේ බිහිවුයේද නැතිනම් බිහිවිය හැක්කේද යන්න ඩාවින් හෝ නුතන විද්‍යාඥයෙකුට වුවද පැහැදිළි කිරීමක් ඉදිරිපත් කළ නොහැකි කරුණක් වී ඇත්තේය. ඩී.එන්.ඒ. එක් අණුවක් තුළ අඩංගු වී ඇති තොරතුරු සම්භාරය මුද්‍රණය කළ හොත් එය විශාල පුස්තකාලයක් පිරවිමට ප්‍රමාණවත්ය. එක් ජීව සෛලයක් පුනර් නිර්මාණය කිරීම සදහා අතවශ්‍ය ඩි.එන්.ඒ. සහ ආර්.එන්.ඒ.අණු කෙසේ නම් එක්වරම ඇති වුයේද යන්න ඩාවින්ට හෝ අන් අයෙකුට විග්‍රහ කළහැකි දෙයක් නොවේ. මෙම නිර්මාණ ක්‍රියාවලිය පිටුපස අතිශය බුද්ධිමත් සැලැස්මක් ඇති බව කාටත් පෙනෙන කරුණකි. මෙය නිසැකවම හා නිශ්චිත වශයෙන්ම සිදුවිය හැක්කේ සර්වඥානි නිර්මාතෘ කෙනෙකුගේ සැළසුම් සහගත නිර්මාණයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව බොහෝ විද්‍යාඥයින්ට නුතනයේදී පිලිගැනීමට සිදු වි ඇත.




    2.පරිනාමවාදය සත්‍යයක් නම් එය නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින්නාවු සංසිද්ධියක් විය යුතුය. මෙය සත්‍යය නම් අදත් අර්ධ වානර අර්ධ මිනිස් ජීවින් අප අතර සිටිය යුතුය. ඕනෑම අයෙකුට ඉතා සරළව තේරුම් ගත හැකි මෙම සාධකය පමණක් ඩාවින්ගේ පරිනාමවාදයේ අවිද්‍යාත්මක භාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.



    3. විද්‍යාඥයින් විසින් දැනට අවුරුදු මිලියන ගණනකට පෙර ජීවත් වු හා අදත් ජීවත් වන සතුන්ගේ පොසිල සොයා ගෙන ඇත. අවුරුදු මිලියන ගණනකට පෙර ජිවත් වු සතුන්ගේ මෙම පොසිල අතුරින් කිසියම් අතරමැදි අර්ධ පරිනාමයට ලක් වු සතෙකුගේ පොසිල හමු වි නොමැත. එදා ජීවත් වී වඳවී ගිය සතුන්ගේ පොසිල හමු වී ඇති අතර එය එසේ වීමට හේතුව කොහෙත්ම පරිනාමවාදයට විග්‍රහ කළ හැකි කරුණක් නොවේ. නුතන පරිනාමවාදීන් මේ පිළිබදව ඉදිරිපත් කරන කරුණු ද පරිනාමවාදයේ මුලික පදනමට පටහැණි එකකි. එම සතුන් ජීවත් වු පරිසරය ඔවුන්ට අහිතකර වුවා නම් වඳවී නොගොස් පරිනාමවාදය අනුව පරිසරයට හිතකර ආකාරයට තමන්ව හැඩ ගස්වා ගෙන අදත් පවතින්නට ඇති හැකියාවක් සාදාගන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුව තිබුණි. එසේ නොවුයේ මන්ද කියා විග්‍රහ කිරීමට පරිනාමවාදය අපොහොසත් වි ඇත. අනිත් අතින් අද ජීවත් වන සතුන්ගේ අවුරුදු මිලියන ගණනකට පෙර හමුවු පොසිල හා වත්මන් එම සත්තවයාගේ ඇට සැකිල්ල අතරේ වෙනසක් නොමැති බව විද්‍යාඥයින්ගේ සොයාගැනිමේ තවත් ප්‍රතිඵලයකි. මෙම තොරතුරු කොහෙත්ම පරිනාමවාදය හා සැස‍දෙන්නේ නැති අතර මෙම වාදයේ පදනම් විරහිත භාවය මෙයින් ඉතා පැහැදිළිව හෙළිදරව් වන්නේය.


    4. පරිනාමවාදයේ අවිද්‍යාත්මකභාවය පෙන්වීම සදහා ඩි.ඇන්.ඒ. අනුවේ ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කළෙමු. ඒ පිළිබඳව තවදුරටත් විස්තරාත්මක සාකච්ඡා කළහොත් ජීවයේ සම්භවය පිළිබඳව අර්ථවත් අවබෝධයක් ලබාගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. ඩි.එන්.ඒ. අනුව තුළ රසායනික ද්‍රව්‍ය හතරක් ඇත්තේය. ඒවා නම් ඇඩිනින්, තයිමින්, ගුඅනින් හා සයිටොසින් ‍නම්වූ රසායනික ද්‍රව්‍ය හතරකි. මෙම රසායනික ද්‍රව්‍ය හතර සංක්ෂිප්තව A,T,G,C, යනුවෙන් හැදින්විය හැක. මෙම රසායනික ද්‍රව්‍ය හතර DNA අනුව තුළ සකස් වී ඇති ආකාරය අනුව මිනිස් ශරීරයේ සියළු විස්තර එහි අන්තර් ගත කොට ඇත. මෙහි අන්තර්ගත විස්තර ව්‍යවහාර බසට හැරවුවහොත් පිටු 500 ක පොත් නවසීයක් පමණක අන්තර්ගත කළ හැකි තොරතුරු දැනගත හැකිබව විද්‍යාඥයෝ පවසති. DNA අනුව තුළ මෙම ATGC රසායනික ද්‍රව්‍යය කටයුතු කරන්නේ භාෂාවක අක්ෂර ලෙසටය. DNA පිලිබඳව අධ්‍යනය කරන විද්‍යාඥයින්ගේ මතය වන්නේ DNA අනුව තරම් තොරතුරු ගබඩා කළ හැකි එම ප්‍රමාණයේ අනුවක් නුතන විද්‍යාව පදනම් කරගත් තාක්ෂණය තුලින් නිපදවීමට නොහැකි වි ඇති අතර එය කොහෙත්ම සිදු විය හැකි දෙයක් නොවන බවද ඔවුන්ගේ මතයයි.




    ජාන විද්‍යාඥයින් DNA අනුවේ ඇති සංකේත භාෂා ව්‍යාවහර භාෂාවට පරිවර්තනය කොට එම සෛල හිමි ජිවියාගේ විශේෂයෙන්ම කායිකවේදී තොරතුරු ලබා ගනිති. මෙයින් පැහැදිළි වන්නේ DNA අනුව තුළ අති විශාල තොරතුරු ගබඩා කර තැබීමේ භාෂාවක් ඇති බවය. සංකේත භාෂා ඇතුළුව සියළු භාෂාවන්ට එහි අඩංගු විය යුතු කොටස් හතරක් ඇත්තේය. ඒවා නම් අක්ෂර‚ ව්‍යාකරණ‚ පද සංයෝජනය (syntax) හා අර්ථය යන කරුණය. මෙම කරුණු නොමැතිව භාෂාවක් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිවනු ඇත. එලෙස කරුණු දැක්වීම අවබෝධකර ගැනීමට ද නොහැකි වනු ඇත. සංකේත භාෂාවෙන් DNA අනුව තුළ ගබඩා කොට ඇති තොරතුරු කියවා තේරුම් ගැනීමට හැකිවී ඇත්තේ එය භාෂාවක් වන අතර එහි භාෂාවක අනිවාර්යෙන් අඩංගු විය යුතු ඉහත සඳහන් කරුණු හතරම ඇති නිසාත්ය. මෙතෙක් සාකච්ඡා කළ කරුණු වලින් මතුවන තර්කානුකුල හා යථාර්තවාදී නිගමනයන් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.



    * යමක් ක්‍රියාත්මක කිරිමට පෙර අදහසක් චින්තනය තුල තිබිය යුතුය. අදහසක් චින්තනය තුල නොමැතිව කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකිය.
    * සියළුම භාෂාවන් උත්පාදනය වන්නේ මනස හා චින්තනය පදනම් කරගෙනයි.
    * මනස හා චින්තනයකින් තොරව බිහි වු කිසිම භාෂාවක් නැත්තේය.


    * DNA අණුව තුළ ගබඩා කොට ඇති තොරතුරු අවබෝධ කරගත හැකි වී ඇත්තේ එය භාෂාවකින් සැකසී ඇති නිසාය.


    * එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ මනස හා චින්තනය පදනම් කරගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාවය ගැන සැළකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල්වූ මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතු බවය.


    * DNA පිටුපස ඇති මනස හා චින්තනය එම අනුවේ නිර්මාතෘට හිමි බව අපට පිළිගන්නට සිදු වේ.


    * එමනිසා DNA අණුව අහම්බෙන් බිහිවුවක් නොව සර්වඥානි මනසකින් හා චින්තනයෙන් නිර්මාණය වුවක් බවත් අපට පිලිගන්නට සිදු වේ.
    * එම සර්වඥානි මනස ජීවයේ නිර්මාතෘ බවත් අපට පිලිගන්නට සිදුවේ.
    අප මෙතෙක් කරුණු ඉදිරිපත් කළේ මිනිසාට පමණක් උරුම වු විචාර බුද්ධිය උපයෝගී කරගෙන විශ්වයේ හා මිනිසාගේ නිර්මාණය පිලිබඳව විචාරශීලීව සළකා බැලීමට ඇති තොරතුරු වලින් කොටසක් පිලිබඳවය. සතුන්ට විචාර බුද්ධිය නොමැති වුවත් ඔවුන්ගේ නිර්මාණයේ විචිත්‍ර භාවයේ හා ඔවුන්ට ජන්මයෙන් ලැබි ඇති ඥාණය ගැන කරුණු සොයා බැලීමේදි ඉතා මවිතකර කරුණු රාශියක් අපට දැනගන්නට ලැබෙන්නේය. මෙම තොරතුරු වලින් කොටසක් සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නෙමු. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ සතුන්ගේ නිර්මාණය පිටුපසින් සර්වඥානි නිර්මාතෘවරයෙකුගේ අදහාගත නොහැකි අලංකාර හා අර්ථවත් සැලසුමක් ඇති බව පෙන්වීමය. අප විවිධ නියාම ගැන කථා කළත් මෙම සියළු නියාම අභිබවා යන විශ්වයේ හා එහි අඩංගු සියල්ලෙහි නිර්මාතෘගේ විශ්ව නියාමයක් ඇති බවත් එය පමණක්ම සදා ක්‍රියාත්මකව පවතින බවත් මෙම සාකච්ඡාව තුළින් අපට අවබෝධ කර ගන්නට හැකිවේ යැයි සිතන්නෙමු.
     
    • Like
    Reactions: Randike Mendis

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සකස්කිරීම, ඉබ්නු මන්සූර්
    දිගම බෙල්ල සහිත ජිරාෆ්
    සතුන් අතරින් දිගම බෙල්ල තිබෙන්නේ ජිරාෆ්ට බව පිළිගත් සත්‍යයකි. ජිරාෆ්ගේ මොලයට ලේ පොම්ප කිරීම නිසි අයුරින් සිදු නොවුවහොත් එම සත්ත්වයාගේ ජීවත් වීමේ හැකියාව නැතිවී යන්නේය. තම හෘදය වස්තුවෙන් විශාල උසක පිහිටි හිසට රුධිරය නිසි ලෙස පොම්ප කිරීමට නම් අධි පීඩනයකින් එය සිදු විය යුතුවන්නේය. නමුත් දිය බීම වැනි කටයුතු වලට ජිරාෆ්ට තම හිස පහතට ගෙන ආයුතු වන්නේය. මෙසේ හිස පහතට ගෙන ඒමේදි හිස උසින් තිබු අවස්ථාවේ තිබු අධි පිඩනයෙන්ම මොලේට පොම්ප කිරිමක් සිදු වුවහොත් හිසේ නහර පුපුරා යෑමෙන් මෙම සතාට මිය යන්නට සිදු වන්නේය. එනමුත් ජිරාෆ්ට එවැන්නක් සිදු නොවන්නේ හිස පහතට ගෙන ඒමත් සමගම බෙල්ලේ පිහිටා ඇති කපාට (වෑල්ව) නිරායාසයෙන් වැසි ගොස් හිසට ගළා යන රුධිරයේ පිඩනය හා ප්‍රමාණය පාලනය වන හෙයිනි. හිස උසින් පිහිටි විට අධි පිඩනයෙන් ලේ පොම්ප කිරීම හා පහතට හිස ගෙන ඒමේදී එය පාලනය කරන ස්වයංක්‍රීය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමක් නොමැතිව ජිරාෆ්ට ජිවත් විය හැකි තත්ත්වයක් නොමැත්තේය. මෙම සැළසුම් ඉබේ හෝ ක්‍රමක්‍රමයෙන් ජිවත්වන පරිසරයට හැඩ ගැසීමක් තුළින් වර්ධනය විය හැකි දෙයක් නොවේ. ජිරාෆ් මිහිතලය මතට බිහිවු දා පටන් මෙම සැළසුම අනිවාර්යයෙන්ම තිබිය යුතු සාධකයක් වන්නේය. ඒසේ නොවුණා නම් ජිරාෆ් බිහි වු දිනම ඉහත හේතුන් නිසා මරණයට පත් වි තිබිය යුතුය. ජිරාෆ්ගේ නිර්මාතෘ නිසැකවම සර්වඥානි විය යුතු බවට මෙම සාධකයම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.





    මුහුදු කැස්බෑවා
    (Ref: Encyclopedia of Animals –Maurice Burton – C.B.P.C. Publishing House)
    මුහුදේ ජිවත් වන මුහුදු කැස්බෑවා බිත්තර දමන සමය ළංවු විගස සමූහයක් ලෙසින් වෙරළට පැමිණෙති. මෙය සාමාන්‍ය වෙරළක් නොවේ. මෙය මෙහි එක්වන සියළුම කැස්බෑවන් දැනට අවුරුදු 20-25 කාලයකට පෙර මෙළොව එළිය දුටු වෙරළයි. ඔවුන් මෙතරම් දිර්ඝ කාලයක් මුහුදේ ජිවත්වෙමින් කි.මි.1000 කට වැඩි දුර ප්‍රමාණයක් මුහුදේ සැරිසරා මාලිමාවක් හෝ අන් කිසිදු උපකරණයක මග පෙන්වීමකින් තොරව තමන් මෙළොව එළිය දුටු වෙරළම සොයා ඒම සැබැවින්ම ආශ්චර්ය ජනක සිද්ධියකි. එම වෙරලේ සාමුහිකව ගැඹුරු වලවල් හාරා බිත්තර දමා එම වලවල් වසා නැවතත් මුහුදේ තමන්ට හුරු ජිවිතය කරා ඔවුන් යයි. බිත්තර මෝරා කටුවෙන් එළියට එන කැස්බෑවා පැටවුන්ට තනියෙන් තමන්ට ඉහළින් ඇති වැලි ප්‍රමාණය ඉවත් කරගෙන එළියට ඒමට නොහැක. ඔවුන් එක් තැනක බිත්තර පුපුරා එළියට එන හෙයින් ඔවුන් තමන්ට ඉහළින් ඇති වැලි තල්ලු කරගෙන ඒමට සාමුහික ප්‍රයන්තයක යෙදෙයි. ඉහළට ආවේ දවල් කාලයේ හිරු රස්නය වැඩියෙන් ඇති අවස්ථාවේ නම් ඔවුන් අවසාන වැලි තට්ටුව තල්ලු නොකර අදුර වැටෙන තෙක් එතැනම රැදි සිටියි. අව්රස්නය වැඩි දවල් කාලයේ ඔවුන් වෙරළ මතුපිටට පැමිණියා නම් අනතුරු කිහිපයකට ඔවුන්ට මුහුණ පාන්නට සිදුවෙයි. රත් වී ඇති වැල්ලෙන් ඔවුන්ට හානි සිදුවිය හැක. අනිත් අතින් දවල් එළියත් සමග ඔවුන් ඉතාමත් පහසුවෙන් ගොදුරු සොයන සතුන්ගේ පහසු ගොදුරක් බවට පත්වන්නට ඉඩ ඇත. බිත්තරයෙන් මොහොතකට පෙර එළියට ආ කැස්බෑ පැටවුන් ට මෙම කරුණු කාරණා පිලිබඳව පුර්ව දැනුමක් තිබිය නොහැක. නමුත් ඔවුන් හැසිරෙන ආකාරය දෙස සිතා බලන විට නිශ්චිත වශයෙන්ම ඔවුන්ට මෙවැනි අනතුරු පිලිබදව පුර්ව දැනුමක් ඇති බව ඉතාම පහසුවෙන්ම නිගමනය කළ හැක. පෙර පුහුණුවකින් හෝ ආදර්ශයකින් හෝ තොරව ජන්මයෙන් තමන්ගේ මිහිපිට පැවැත්මේ බාධක මැඩ ගෙන ජිවත් වන්නට මෙම දැනුම ලබා දුන් සර්වඥානි අයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුය. එය එම සත්ත්වයාගේ නිර්මාතෘ හැර වෙන කවරෙක් නම් විය හැකිද? ස්වභාව ධර්මය යැයි අප හඳුන්වන ක්‍රියාවලිය දෙස විචාරාත්මකව අපගේ නිරික්ෂණය යොමු කරන විට පෙනීයන මහඟු සත්‍යයක් තිබේ. ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක්ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්‍රියාත්මක වන්නේද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක්ව පවතී.


    වේයා
    වේ තුඹස ඇතුළත සැලස්ම දෙස ඔබ අවධානය යොමු කළ හොත් නියත වශයෙන්ම මවිතයෙනුත් මවිතයට පත්වනු ඇත. එහි අභ්‍යන්තර සැලැස්ම නුතන ගෘහ නිර්මාණ ශිල්පීය තාක්ෂණයද පරදවන්නකි. මෙම වේ තුඹස ගොඩනගා ඇත්තේ ගබඩා කාමර, රෝගී සතුන්ගේ කාමරය‚ වාතාශ්‍රය හා හිරු එළිය ලබාදීම සඳහා විවරයන්, විවිධ කොටස් යා කරන සැළසුම් සහගත මාර්ගයන් සහ අනතුරකදී පිටවීම සඳහා හදිසි පිටවීමේ දොරටු ආදිය ඇතුළුව තවත් සුවිශේෂී අංග කිහිපයකින් යුක්ත‍වයි. මෙහි හැඩය ගොඩ නගා ඇත්තේ වාස්තු නිර්මාණ ශිල්පයේ නිපුණ බවේ පරිපුර්ණතාවය ඇතිවයි. මෙම වේ තුඹසේ නිර්මාණ කරුවන් වු වේයන් අන්ධයන් බව ඇසුවහොත් ඔබට එය අදහාගැනීමට අසීරු කරුණක් විය හැක. අන්ධ වේයන්ට මෙම නිපුණතාවය ලබා දුන්නේ කවුරුන්ද?
    මෙලෙස මිනිසා තමා ගැනත් තමා අවට පරිසරය ගැනත් මොහොතක් සිතා බැලුවහොත් මේ සියල්ල පිටුපස එක්තරා නිශ්චිත සැළසුම් සහගත නියාමයක් ක්‍රියාත්මක වන බව අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත. සර්වඥානි සැළසුම් කරුවෙක් නොමැතිව මෙම අලංකාර සැළසුම් හා නියාමයන් ක්‍රියාත්මක විය හැකිද? මෙය සැකයෙන් තොරව අවබෝධකර ගතහොත් විශ්වයේ හා එහි අඩංගු සියල්ල නිර්මාණය කොට පාලනය කරන පරම අධිපති බලයක් ඇති බව ඔබට නිශ්චිත වශයෙන්ම පිලිගැනීමට හැකිවනු ඇත.




    අපි තවත් ක්ෂේස්ත්‍රයක් දෙසට අපගේ අවධානය යොමු කරමු. අල්-කුර්ආනය මනුෂ්‍ය වර්ගයාගේ යහමග හෙළිදරව් කරමින් අවසාන නබිවරයාට විශ්වයේ පරමාධිපතිඳාණන් විසින් පහළ කරන ලද පණිවිඩය ලෙස සැළකේ. මෙම මතය සනාථ කරන තවත් සාක්ෂි අල්-කුර්ආනය තුළින්ම විමසා බලමු.


    “(නබිවරයාණෙනි,) මෙය (අල්කුර්ආනය) ට පෙර නුඹ කිසිම පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට ඉඩ තිබිණි”. (අල්-කුර්ආන් 29 වන පරිච්ඡේදය 48 වැනි වැකිය)




    මෙම අල්-කුර්ආන වාක්‍යයෙන් පැහැදිළි කරන වැදගත් සත්‍යක් ඇත. එනම් දෙවිඳුන් පහළ කරනු ලැබු අල්-කුර්ආනය කොහෙත්ම මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාගේ නිර්මාණයක් විමට සුළු වශයෙන් හෝ ඉඩ ප්‍රස්ථාවක් නොමැති බව අපට පැහැදිලිව ඒත්තුවන ගන්වන පණිවිඩයක් එහි ගැබ්වී තිබීමයි. මේ පිලිබඳව නුතන මුස්ලිම් නොවන විද්වතෙකුගේ මතයක් පළමුව විමසා බලමු.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සකස්කිරීම:ඉබ්නු මන්සූර්






    2.පරිනාමවාදය සත්‍යයක් නම් එය නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින්නාවු සංසිද්ධියක් විය යුතුය. මෙය සත්‍යය නම් අදත් අර්ධ වානර අර්ධ මිනිස් ජීවින් අප අතර සිටිය යුතුය. ඕනෑම අයෙකුට ඉතා සරළව තේරුම් ගත හැකි මෙම සාධකය පමණක් ඩාවින්ගේ පරිනාමවාදයේ අවිද්‍යාත්මක භාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.

    පරිණාමවාදය නිරතුරුව සිදුවන ක්‍රියාවලියකි...!

    ඔබතුමා පරිණාම වාදය පිළිගන්නේ නැත්නම් homo erectus , homo sepians , homo habilis වගේ මානව අට සකිල්ලි පස් යට සැගවී තිබීමේ තේරුම පැහැදිලි කරනවද...?

    hominids2.jpg

    ("A" අකුරෙන් පෙන්වන්නේ වනර හිස්කබලකි. "N" අකුර මිනිස් හිකබලකි. අතර මේදී හිස්කබල් පරිනාමයේ අතරමේදී අවස්ථාය..)


    නුතන මිනිසාට පෙර අර්ද මිනිසුන් බිහි උඋයේ දෙවියන්ගේ වරදක් නිසාද..?

    නැතිනම් දෙවියන් testing එකක් වත් කලද..?

    ඔබතුමා නොදන්නවා උනාට අර්ද වනර මිනිසුන් මීට 100 විතර පෙර අප අතරම ජීවත් ඌ බව ඔබ නොදන්නවා විය හැක..! ලංකාවේ පවා අර්ද වනර මිනිසුන් සිතේ තිබේ නිට්ටාව කියල කියන්නේ ඊ වගේ සත්තු ජාතියකටය...! මී නිට්ටුන් පරම පරව අවසන් ඌයේ නිල්ගල වැඩි පරම්පරාව අතින් බව වැද්දන් කියෛ.!

    http://www.island.lk/2005/08/26/news12.html






    [/SIZE]


    3. විද්‍යාඥයින් විසින් දැනට අවුරුදු මිලියන ගණනකට පෙර ජීවත් වු හා අදත් ජීවත් වන සතුන්ගේ පොසිල සොයා ගෙන ඇත. අවුරුදු මිලියන ගණනකට පෙර ජිවත් වු සතුන්ගේ මෙම පොසිල අතුරින් කිසියම් අතරමැදි අර්ධ පරිනාමයට ලක් වු සතෙකුගේ පොසිල හමු වි නොමැත.

    ඉහත ජායාරුඋපය බලන්න....

    [/SIZE]
    එදා ජීවත් වී වඳවී ගිය සතුන්ගේ පොසිල හමු වී ඇති අතර එය එසේ වීමට හේතුව කොහෙත්ම පරිනාමවාදයට විග්‍රහ කළ හැකි කරුණක් නොවේ.


    ඔබතුමා ඉස්ලාම් ආගමේ හැටියට එය විග්‍රහ කරන්න...!


    sirajstc;12734743[/SIZE said:
    ]නුතන පරිනාමවාදීන් මේ පිළිබදව ඉදිරිපත් කරන කරුණු ද පරිනාමවාදයේ මුලික පදනමට පටහැණි එකකි. එම සතුන් ජීවත් වු පරිසරය ඔවුන්ට අහිතකර වුවා නම් වඳවී නොගොස් පරිනාමවාදය අනුව පරිසරයට හිතකර ආකාරයට තමන්ව හැඩ ගස්වා ගෙන අදත් පවතින්නට ඇති හැකියාවක් සාදාගන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුව තිබුණි.

    දිනොසරයන්ගේ වත්මන් පුරුක කුරුල්ලන් බව උබතුම දන්නවද...? ඊ අතුරින් කිවි සහ පස්බර වැනි පියබිය නොහැකි පක්ෂීන් දිනොසරයන්ට වඩාත් ලගින්න්ම සම්බන්ද බව ඔබතුමා දන්නවද..?

    kiwi.gif

    Kiwi

    ostrich.gif

    Ostrich
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔය ඔක්කොම වැරදි අපිව හැදුවේ ALiens ලා පරිණාමයක් උනේ නෑ අපිව අල්ලාගෙන අපේ ජාන වෙනස් කරලා තමා හැදුවේ. :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ohomada emadama inna kalpanawa.??

    මට නම් දැන් ලංකාවට එන්නමයි හිත බං බලපන්කො මිනිස්සු කොච්චර සන්තොසෙන්ද ඉන්නේ කියල. හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙනවා උස් පහත බේදයක් නෑ එතකොට ජීවන වියදම හප්පා එක ගැන නම් කතා කරන්න එපා. :lol: දැන් නම් නියම ආසියාවේ ආශ්චර්ය තමා මචන් :rolleyes: