පරිප්පු සැමන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    89875973_2928391337184327_9050291898572341248_n.jpg



    89700107_2928379243852203_8813661096306016256_n.jpg


    ජනපති කළ සම්පූර්ණ කතාව
    =================

    🔹අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.

    🔹මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුනත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වනදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කළා.

    🔹ජනවාරි මස 27 වනදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර කළා. ඇය පෙබරවාරි 19 වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

    🔹විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපලේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කල නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුල දින 14ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොලෙන් ලංකාවට පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුණා.

    🔹වෛරසය ආසාදිත චීන කාන්තාව හඳුනාගැනිමෙන් පසු මාසයක් පමණ කාලයක් තුල අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතිරුන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුනා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුනා.

    🔹මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුනා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

    🔹මාර්තු 13 දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුනා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව ,කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

    🔹අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

    🔹වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්ණය සම්පුර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.

    🔹රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

    🔹රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි

    🔹රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි. බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක් තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.

    🔹ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි වුනේ ඒ නිසායි.

    🔹නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි. ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා

    🔹මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකල යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුල අනිසි බියක් ඇති නොකල යුතුයි.

    🔹අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.

    🔹අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

    🔹මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා.

    🔺සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.

    🔹රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.

    ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න කතාව යනව කියල ඇහිලා පරක්කු වෙලා දාල බලද්දී අන්තිම හරියේ පරිප්පු සැමන් කෑල්ල විතරයි ඇහිලා තියෙන්නෙ :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කම්මැලියි කියවන්න, මෙක බැලුවම ඇති

    ජනාධිපති විශේෂ ප්‍රකාශය

    http://www.elakiri.com/forum/showthread.php?t=1931797

    හැම දේකම වැරදිම දකින ගොන් වහල් ජෙප්පො.තොපේ කයියයි පඩ ගඳයි විතරයි :lol:.

    MJae9nP.jpg
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහොම ලිව්වත් තියෙන්නේ


    අතීත තෝම්බුව. වූහාන් වලින් ආව යුරෝපයට ගියා. අරයා හරි නෝටි, කරන්න දුන්නේ නෑ, මේ ඔක්කොම අතීත තෝම්බුව. වැඩක් නෑ බන්.
    ජාතිය අමතන්නේ ඉදිරිය ගැන කියන්න .
    ඔය කතාවේ ඉදිරියට අනාගතයට ගන්න තියෙන්නේ මොනාද ?

    පරිප්පු අඩුයි.
    සැමන් අඩුයි
    නය ගන්නේ නෑ මාස හයකට
    අයීයට චන්දේ දෙන්න

     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    ලන්කාවේ ආසදිතයින් වෑඩිවීමට මිනිස්සු 20% වගේ හා සියලු දේශපාලුවො වගකියන්න් ඔනේ.

    මිනිස්සු,
    ලෙඩේ ගනන් ගත්තෙ ජනවාරි මස 27 සිට සතියයී, මාස්ක් 10 එක 100ට ගත්තා
    අයිත් මතක් උනේ මාර්තු මස 10 (ලකුනු 0/10 )
    නිවාඩු කියල ට්‍රිප් යනවා. (ලකුනු 0/10 ) ඒත් 16 වෙනිදා සිරිපාදේ ගිය ගන්න ලොකල්100යි සුද්දො 50යී නිවුස් වල කිවුවේ ගොසිප් නෙමේ

    දේශපාලුවො ,
    ජනවාරි මස 27 මාස්ක් ඔනේ තරම් ගේනවා රටතුල හදන දේවල් වෑඩිකලා කිවුවා
    අන්තිමට 10 එකට 50ක පාලන මිලක් දෑම්ම. ඔය කාලේ මම චෙක් කලා ඔන්ලිනෙ ස්යිට් වල $0.005 වෙන්නේ, චින එවා අත අරියත් ඉන්දියාවේ හොදටම තිබ්බා(ලකුනු 1/10 )
    පෙබරවාරි 19 චිනව යෑවුවා, හොදයී කාරය්ක්ශමයී (ලකුනු 10/10 )
    නිරෝදායනය පටන්ගත්තා මාර්තු මස 10 (ලකුනු 5/10 ) මොකද 1000+වඩා මාර්තු 1 ඉදන් 10 වෙනකන් ඔය කියන රටවලින් ඈවිත්.
    විපක්ශේ:- නාම යොජනා හදාගන්නත් බෑ පක්ශ ලකුනුත් නෑ එක නිසා මෑතිවරන කල් දාන්න කියනව මිසක් , මිනිස්සුන්ගේ පෑත්තෙන් නෙමේ
    ආණ්ඩුව :- මේ වෙලාවෙ 2/3 ගන්න් කියාපු වෙලාව. එක නිසා චන්දේ තමා එක

    මගෙ මතයනම් 10න් 6ක් වගේ තමා ආණ්ඩුවේ ක්‍රියාවලියට දෙන්න පුලුවන්.
    ජනාධිපතිගෙ කතාව 10න් 8යී. අපි කොහොමත් දන්නවා කතාවට දක්ශ නෑ කියල එකනිස ඔය ඈතී
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොකු අකුරෙන් දැම්ම කියලා වැඩක් නෑ බන්.
    කොහොම ලිව්වත් තියෙන්නේ


    අතීත තෝම්බුව. වූහාන් වලින් ආව යුරෝපයට ගියා. අරයා හරි නෝටි, කරන්න දුන්නේ නෑ, මේ ඔක්කොම අතීත තෝම්බුව. වැඩක් නෑ බන්.
    ජාතිය අමතන්නේ ඉදිරිය ගැන කියන්න . ඔය කතාවේ ඉදිරියට අනාගතයට ගන්න තියෙන්නේ මොනාද ?

    පරිප්පු අඩුයි.
    සැමන් අඩුයි
    නය ගන්නේ නෑ මාස හයකට
    අයීයට චන්දේ දෙන්න
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොකු අකුරෙන් දැම්ම කියලා වැඩක් නෑ බන්.
    කොහොම ලිව්වත් තියෙන්නේ


    අතීත තෝම්බුව. වූහාන් වලින් ආව යුරෝපයට ගියා. අරයා හරි නෝටි, කරන්න දුන්නේ නෑ, මේ ඔක්කොම අතීත තෝම්බුව. වැඩක් නෑ බන්.
    ජාතිය අමතන්නේ ඉදිරිය ගැන කියන්න . ඔය කතාවේ ඉදිරියට අනාගතයට ගන්න තියෙන්නේ මොනාද ?

    පරිප්පු අඩුයි.
    සැමන් අඩුයි
    නය ගන්නේ නෑ මාස හයකට
    අයීයට චන්දේ දෙන්න

    MJae9nP.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    යන්නේ කොහෙද මල්ලේ පොල්.
    කියපන්කෝ ඉදිරියට අනාගතයට ඔබින කාරනා කියක් ඔය කතාවේ තියෙනවද කියලා ?

    අරයා නොටි
    වූහන් වල ඉඳන් යුරෝප කතා
    ප්ලේන් යවපු කතා
    වගේ අතීත තෝම්බුව හැරෙන්න

    ඉදිරියට අනාගතයට ඔබින දෙවල් මොනාද බන් තියෙන්නේ ඔය කතාවේ ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න කතාව යනව කියල ඇහිලා පරක්කු වෙලා දාල බලද්දී අන්තිම හරියේ පරිප්පු සැමන් කෑල්ල විතරයි ඇහිලා තියෙන්නෙ :P
    :lol:
    90135924_788029415016653_5747206634833182720_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විනාඩි 13ක සාරාංශය පේලි දෙක තුනකින් කියන්න හපනා නම්:lol:

    කැරට් කැරට් කැරට් කැරට්කැරට් කැරට්කැරට් කැරට්කැරට් කැරට්කැරට් කැරට්කැරට් කැරට්කැරට් කැරට්කැරට් කැරට්කැරට් //