පරිපාලකයන් හඳුනා ගනිමු (2)

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    පරිපාලකයන් හඳුනා ගනිමු (2)

    හදිසියේ නමුත් මේ ඉක්මනින් ත්‍රෙඩ් එකක් දාන්නේ දේශපාලකයින්ට නොදෙවෙනි ලෙස ලංකාව වලපල්ලහට යවන පරිපාලකයන් ගැන තොරතුරු එකතු කරන අතරතුර ඇසුණු නිර්ලජ්ජිත නිලධාරිනියකගේ කතාවක් ඇසීමෙනි

    වසන්තා පෙරේරා මහත්මිය

    මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජිව විද්‍යා අංශයෙන් ප්‍රථම උපාධිය හිමිකරගත් ඇය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘති කළමණාකරනය පිළිබද පශ්චාත් උපාධිය ද හිමිකරගෙන ඇත.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබද පශ්චාත් උපාධිය ද ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ පශ්චාත් උපාධි කළකමණාකරන ආයතනයේ කළමණාකරන පශ්චාත් උපාධිය ද ඇය හිමිකරගෙන ඇත.

    FktXXtn.jpg




    • මැදගම හා බිබිල යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සහකාර ප්‍රාදේශිය ලේකම්
    • මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
    • ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්
    • ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය (19.12.2016 - 28.09.2018)
    • විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුනතා සංවර්ධන වෘත්තිය පුහුණු හා කන්ද උඩරට පිළිබද උරුමයන් අමාත්‍යාංශ ලේකම්වරිය
    Wasantha-Perera.jpg



    සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් - 07 Nov 2018


    z_p03-Ensure.jpg



    පහත ප්‍රවෘත්තිය අද දින බොහො වශයෙන් කතා විය.



    සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

    ජුනි මස 12 වනදා පස්වරු 01ට ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අයිති නොමැති අතර ඒ සඳහා රජයෙන් මුදල් ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊයේ (30) කොමිසම හමුවේදී පිළිගෙන තිබුණි.

    මීට අමතරව රජයෙන් මසකට රුපියල් මිලියන 50 කට අධික මුදලක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා ගෙවන බව ද රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ දී අනාවරණය වුණි.

    ඒ අනුව රජයට පවරා නොගත් ආයතනයක් සඳහා රජයේ මුදල් ගෙවීම තුළින් සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට කොමිසම හමුවේ පෙනී සිටින මෙලෙස සිතාසි නිකුත් කර ඇත.


    gtgfxtG.jpg


    DlTFSgk.jpg



    TgeSjrM.jpg




    aVG60Hj.jpg




    xVOq26d.jpg



    Uhypxzg.jpg




    ********************************************************
    .............................................................................................................
    ************************************************************​

    copy & paste

    ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න විසින් තමාගේ බිරිඳ වන ඇන්සි සේනාරත්න අධ්‍යක්ෂක ධූරයක් දරන ආයතනයකට රෝහලේ ලේඛන ඩිජිටල් ගතකිරීමේ මහා ටෙන්ඩරයක් ප්‍රදානය කර ඒ සඳහා වංචනික ලෙස රුපියල් 17 679 747 මුදලක් තමාටම ගෙවා ගැනීම පිලිබඳ තොරතුරු කලම්බු ටෙලිග්‍රාෆ් වෙත අනාවරණය වී ඇත. ඔහු විසින් මෙම ගෙවීම කර ඇත්තේ 2015 නොවැම්බර් මස සිට 2018 දෙසැම්බර් මස දක්වා කාලසීමාව වෙනුවෙන්ය. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම මුල්‍ය වංචාව සම්බන්ධව විගණන​ විමසුම මගිනි.

    වෛශ්යාකරණය වූ ශ්‍රී ලංකා පරිපාලනය සේවය

    2015 මාර්තුමස රාජිත සේනාරත්න විසින් නීති විරෝධී ලෙස ජපුර රෝහලට පත් වුනු සුසිත සේනාරත්න වැඩ භාර ගත් සැණින්ම සිදු කලේ මෙම මහා වංචාවට පසුබිම සකස් කිරීමය. රජිත සේනාරත්නගේ කුප්‍රකට හෙන්චයියෙකු වන සුසිත සේනාරත්න විසින් සිදු කළ මහා පරිමාන දූෂණ වංචා පිළිබඳව කලම්බු ටෙලිග්‍රාෆ් විසින් සහ ශ්‍රීලංකාවේ ප්‍රධාන පෙලේ මුද්‍රිත මාධ්‍ය මගින් දිගින් දිගටම හෙළි කලද ඒ පිළිබඳව හොඳින් දත් සෞඛ්‍ය අමාත්යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, විඝනකාධිපති ඒ පිළිබඳව කිසිදු පියවරක් ගත්තේ නැත. 2015 සිට කෝප් කමිටුව යලි යලිත් විධානය කලද අනුර ජයවික්‍රම, ජනක සුගතදාස, AMKK අත්තනායක, වසන්තා පෙරේරා යන සියලුම සෞඛ්‍ය ලේකම්වරුන් සහ වරියන් කිසිවෙකුට මෙම අවනීතික , නිර්ලජ්ජී පත්වීම අවලංගු කර සුදුසුකම සපිරූ රාජ්‍ය සේවයකුව පත් කර ගැනීමට අසමත් වූයේ, ශ්‍රී ලංකා පරිපාලන සේවය යනු වෘත්තීයව නිරුවත් වුනු පිරිමින්ගෙන් සහ ගැහැණුන් විසින් වෛශ්යාකරණයට ලක්වූ සේවයක් බව පමණක් පසක් කරමිනි

    අතුල කහඳලියනගේ: සුසිත සේනාරත්නගේ ඉටු දෙවියා

    ජපුර රෝහලේ සභාපති ව සිටි, සහ නැවතද එම තනතුරට පත්ව ඇති වෛද්‍ය අතුල කහඳලියනගේ යනු වසර හතරකට ආසන්න කාලයක් සුසිත සේනාරත්න ගේ නීතිවිරෝධී පත්වීම සුරක්ෂිත කල පුද්ගලයාය. ජපුර අධ්‍යක්ෂක මණ්ඩලයේ රාජිත සේනාරත්නගේ හෙන්චයියන් සමග එක්ව ඔහු විසින් සිදු කලේ අධිකරණය , සෞඛ්‍ය අමාත්‍යාංශය , කෝප් කමිටුව ආදී සියලු ආයතන වල ඇසට වැලි ගසමින් සුසිත සේනාරත්න ව රැකීමය. ජපුර අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිදු කළ මෙම පරිපාලනමය දූෂණ වලට එරෙහි වුයේ රෝහල නියෝජනය කල විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න, මාධව කරුණාරත්න සහ ප්‍රභාත් අඹවත්ත යන මහත්වරුන් පමණි. ඔවුන් සිය පෞද්ගලික නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ රෝහල් අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයේ දූෂිත මතයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවය. අන් සියළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම සියලු දූෂණ සහ අපරාධ වලට සහයෝගය දුන් අය වෙති.

    ජපුර රෝහලේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන්නේ අතුල කහන්දලියනගේය. නමුත් මෙම විඝනන විමසුම සභාපති වෙත යොමු කල අවස්ථාවේ ජපුර රෝහලේ වැඩ බලන සභාපති ලෙස කටයුතු කලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ය. ඉහත සඳහන් ප්‍රසම්පාදන කමිටුවේ සුසිත සේනාරත්නද සාමාජිකත්වය දරයි.

    ඇන්සි සේනාරත්න: මුල්‍ය වංචාවේ ප්‍රධාන චරිතය

    සුසිත සේනාරත්නගේ බිරිඳ ඇන්සි සේනාරත්න මරදානේ සෙන්ට්‍රල් රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය නිලධාරිනියකි. 2015 .12.26 දින වන විට ඇය ටෙලි චැනලින් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමේ අධ්‍යක්ෂක ධුරයක් දරයි.

    රටෙහි සාමාන්‍ය නීතිය සහ රජයේ ප්‍රසම්පාදන රෙගුලාසි වලට අනුව තමාගේ පවුලේ සාමාජිකයකුට මුල්‍ය ප්‍රතිලාභයක් ලැබිය හැකි පසුබිමකදී එවැනි ප්‍රම්පාදන කටයුතුවල හෝ , තාක්ෂණික ඇගයීම් වලට සහභාගී වීම සපුරා තහනම් වන අතර එසේ කිරීම මුල්‍ය අපරාධයකි. එවැනි අවස්තාවකදී ඒ පිලිබඳ සත්‍යය ප්‍රකාශ කර සියලු ප්‍රසම්පාදන කටයුතු වලින් ඉවත් වීම රාජ්‍ය සේවකයකුට අනිවාර්ය වෙයි. සුසිත සේනාරත්න සහ ඇන්සි සේනාරත්න දැනුවත්ව ම මෙම මුල්‍ය වංචාවට සහභාගී වූ ආකාරය පහත ඉදිරිපත් කරමු.

    ජපුර රෝහලේ ලේඛන ඩිජිටල්කරණය කිරීම් වංචාව පටන් ගත් ආකාරය

    සිය නීතිවිරෝධී පත් වීම ලබා ගැනීමෙන් තුන් මසක් ඉක්ම යන්නටත් පෙර අධ්‍යක්ෂක අංක 360.06.04 අංක දරන මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරමින් සුසිත සේනාරත රෝහලේ සියලු කඩදාසි ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියකට අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගත්තේය.අධ්‍යක්ෂක මණ්ඩලයද මේ පිලිබඳ කිසිදු ශක්‍යතා විමසීමක් නොකර අන්ධයන් සේ ඊට අනුමැතිය දුන්හ. මේ සඳහා වන ගොඩනැගිලි, වැටුප් හෝ අනෙක් පිරිවැය ගැන කිසිදු විමසීමක් ඔවුන් විසින් සිදු කර නැත. මෙය ආරම්භ කිරීමේ පිරිවැය හෝ පවත්වා ගෙන යාමේ පිරිවැය ගැනද කිසීම විමසීමක් ඔවුන් විසින් සිදු කර නැත.

    2018 දෙසැම්බර් මස වන විට ලේඛන ස්කෑන් කිරීමට සහ අප් ලෝඩ් කිරීම සඳහා රුපියල් පහළොස් මිලියන අට ලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය හතලිස් හතක් (රු 15 879 747 )ගෙවා දැමීමටත්, එහි මෘදුකාංගය සහ බලපත්‍රය සඳහා රුපියල් එක මිලියන අට ලක්ෂයක් (රු 1 800 000 ) ගෙවා ගැනීමට වග බලා ගත්තේය.

    දෛවෝපගත කරුණ නම් සිය බිරිඳ වෙත රුපියල් මිලියන් දහ හතක ගෙවා ගනිමින් ජපුර රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න කල මෙම මහා වංචාව විවෘත කරනු ලැබුවේ යහපාලනයේ මහත්මයා ලෙස පෙනී සිටීමට තැත් දරන එරාන් වික්‍රමරත්න විසිනි !

    මෙම අති විශාල මුදල මුදල සුසිත සේනාරත්න විසින් ගෙවා ගනු ලැබුයේ රෝහලේ සේවකයන්ට නොමිලේ දෙන ඖෂධ කප්පාදු කරමින් සහ වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සහ සියලු සේවකයන්ගේ අතිකාල දීමනා සහ වරප්‍රසාද කප්පාදු කරමිනි. අද වන විට ජපුර රෝහලේ දිනක පාඩුව රුපියල් මිලියන 4 කි.

    ජපුර රෝහලේ “පරිඝනක විශේෂඥයා”

    ජපුර ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න සහ ඔහුගේ බිරිඳ ඇන්සි සේනාරත්න විසින් මහජන මුදල් මහා දවල් කොල්ල කමින් සිදු කළ මෙම විශාල මුල්‍ය වංචාවේ වැදගත්ම චරිතයක් නිරුපනය කරන්නේ ජපුර රෝහලේ “පරිඝනක විශේෂඥයා “ ලෙස සුසිත සේනාරත්න ගෙන ආ නුවන් දෙහිගස්වත්ත ය. දෙහිගස්වත්ත යනු සුසිත සේනාරත්නගේ ඉතා සමීප මිතුරෙකි. අධ්‍යක්ශක ධූරයට පත්වූ සැනින් පරිඝනක විශේෂඥයකු සඳහා ඉල්ලුම් පත් කැඳවූ සුසිත සේනාරත්න සිය මිතුරා එම තනතුරට පත් කර ගත්තේය. මසකට මිනිත්තු කිහිපයකට පෙනී නොපෙනී යාම සඳහා දෙහිගස්වත්තට ගෙවු වැටුප රුපියල් ලක්ෂයකට අධික වූ අතර ඔහු සේවයට ගෙන්වා ගැනීම ඉතා දුෂ්කර විය. මොහු වීසින් සිදු කරන ලද්දේ සුසිත සේනාරත්න නිර්මාණය කල පරිඝනක වංචා වලට “තාක්ෂණික හේතු සපයමින් ඒවා සාධාරණීකරණය කිරීමය.

    ජපුර පිලිබඳ විඝනන විමසුමට අනුව ඉහත ලේඛන ඩිජිටල් කරණය සඳහා වන ව්‍යාපෘතිය සඳහා පිරිවතර (specifications) සෑදීමට තාක්ෂණික කමිටුවක් වෙත යොමු කර නැත. ඒවා සාදන ලද්දේ බිරිඳගේ කොම්පැනියට සරිලන ලෙස සුසිත සේනාරත්න සහ නුවන් දෙහිගස්පිටිය විසිනි.

    මොවුන් දෙදෙනා මෙසේ පිරිවතර සකස් කල පසු මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවන ලදී. එම ටෙන්ඩර් තාක්ෂණික කමිටුවකට යොමු කල අතර මෙම තාක්ෂණික කමිටුවට සහභාගී වීම නුවන් දෙහිගස්පිටිය දිගින් දීගටම මග හැරියේය. නමුත් අවසානයේ ඔහු රැස්වීම් සඳහා පැමිණි අතර ඇන්සි සේනාරත්නගේ ආයතනය තෝරා ගැනීම දැඩිව නිර්දේශ කරමින් තාන්ක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කළේය.

    තාක්ෂණික කමිටුව පත් කර ඇත්තේ ද සුසිත සේනාරත්න විසිනි!

    මෙම ටෙන්ඩර් ලිපි ගොනුවේ සටහන් කර ඇති සටහන් වලට අනුව මෙම තාක්ෂණික කමිටුව පත් කර ඇත්තේ සුසිත සේනාරත්න විසිනි. තාක්ෂණික කමිටු පත් කිරීම ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ගේ වගකීම වන අතර සුසිත සේනාරත්න මොවුන්ව පත් කිරීම බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමකි. මොහු විසින් සිදු කර ඇත්තේ ඇන්සි සේනාරත්නගේ ආයතනය වෙත මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීමය.

    රජයේ විගණකාධිපති වාර්තාව අනුව මෙම විශ්ලේෂණය සඳහා කාලසටහනක අනුගමනය කර නොමැත. ඇන්සි සේනාරත්නගේ ආයතනය තේරෙන පරිදි සැලසුම් සහගතව නිර්මාණ ය කර ප්‍රසම්පාදන කමිටුවෙන් අනුමත කරවාගත් පිරිවතර නිසා තාක්ෂණික කමිටුව අසරණ විය.

    වංචාකාරී ලෙස සිදු කල ටෙන්ඩර් විවෘත කිරීම

    රජයේ විඝනකාධිපති විමසුමට අනුව සිය වාර්තාවෙන් තව දුරටත් දන්වා සිටින්නේ මෙම ටෙන්ඩර විවෘත කිරිමද වංචනික ලෙස සිදු කර ඇති බවයි. මෙම ටෙන්ඩර විවෘත කිරීම ලේඛනගත කර නැත. සියලු ටෙන්ඩර් තාක්ෂණික කමිටුවට දිරිපත් කලේද නැතිද යන්න පිලිබඳ සටහනක් නොමැති අතර මෙම ටෙන්ඩර් ලේඛන වල වෙනස්කිරීම් සිදු වුයේදැයි නොදනී.

    සුසිත සේනාරත්න විසින් තාක්ෂණික කමිටු සාමාජිකයින් පත් කර තිබුනේ ඒ සදහා කිසිදු පරිචයක් ඇති අයෙකු පත් නොවන ලෙසිනි. තවද අසම්පුර්ණ ලෙස ලේඛන යොමුකරද තිබුණි. ඉන් පසුව ඔහු කලේ නුවන් දෙහිගස්පිටියව මෙම තාක්ෂණික කමිටුවට ඇමිණීමය. කලම්බු ටෙලිග්‍රාෆ් තහවුරු කල ගත පරිදි සුසිත සේනාරත්නගේ ලේකම්වරයා වන අංජන සෙන්දනායක මෙම ටෙන්ඩර් ලිපිගොනුව නුවන් දෙහිගස්පිටියගේ නිවසට රහසේ ගෙන ගියේය. මීට පෙරද කලම්බු ටෙලිග්‍ර මගින් වාර්තා කල පරිදි සෙන්දනායක යනු සුසිත සේනාරත්නගේ වංචා දුෂණ වල අතරමැදියෙකි.

    ඇන්සි සේනාරත්නගේ කොම්පැනිය අවතාරයක් පමණි !

    රජයේ විගණන​ විමසුමෙන් හෙළිවන වැදගත්ම කරුණක් නම් ඔවුන් විසින් කල විමසීමෙන් ඇන්සි සේනාරත්නගේ කොම්පැණිය තිබෙන බව සඳහන් වන ලිපිනයේ එවැනි ගොඩනැගිල්ලක් තබා එවැනි ස්ථානයක් වත් නැති බවය! තවද ලේඛන වල සඳහන් වන දුරකථන අංක ද ව්‍යාජ ඒවාය.



    රාජ්‍ය ආයතන වල රාජකාරි සිදු කොට ලැබූ පන්නරයෙන් ඇය අමාත්‍යාංශ ලේකම් තනතුරද බබළවන අයුරු දර්ශනය වේ.

    රටට බුදු සරණයි
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,159
    113
    Planet Earth
    කොහොමත් අපේ රටේ රාජ්‍යය පරිපාලන ක්ෂේත්‍රය කියන්නේ අතිශයින් දුෂිත තැනක්.

    ඒක දේශපාලනයෙන් සිද්ධ වෙන අගතියට වඩා කිහිප ගුණයකින් වැඩියි.

    අපේ රට මෙච්චර දුර්දාන්තයකට පත් වෙන්න මුලිකම හේතු 03 හැටියට මම දකින්නේ
    දුෂිත දේශපාලනය
    දුෂිත රාජ්‍යය පරිපාලන ක්ෂේත්‍රය
    කුල ක්‍රමය

    :dull::dull::dull::dull:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    535
    113
    දන්න හැම මගුලම එලියට දාන්න ඕනෙ..

    මේව එලිපිට කතා කරන්න ඕනෙ
     
    • Like
    Reactions: euler

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    කොහොමත් අපේ රටේ රාජ්‍යය පරිපාලන ක්ෂේත්‍රය කියන්නේ අතිශයින් දුෂිත තැනක්.

    ඒක දේශපාලනයෙන් සිද්ධ වෙන අගතියට වඩා කිහිප ගුණයකින් වැඩියි.

    අපේ රට මෙච්චර දුර්දාන්තයකට පත් වෙන්න මුලිකම හේතු 03 හැටියට මම දකින්නේ
    දුෂිත දේශපාලනය
    දුෂිත රාජ්‍යය පරිපාලන ක්ෂේත්‍රය
    කුල ක්‍රමය

    :dull::dull::dull::dull:


    කුල ක්‍රමයක් නම් මට මෙහෙදි බලපෑම් කරන බවක් දැකලා නෑ.

    මම කල්පනා කලේ දේශපාලකයින් මොන තරම් දක්ෂද කියලා. දූෂිත නිලධාරින්ගේ නිල බලය යොදාගෙන පොලිටිකල් සෙල්ලම් දාලා මුදල් හම්බකරලාහිත්වතුන්ටත් දීලා පාක්ෂිකයන්ට සෙවිලි තහඩු දීලා ආයෙත් ඡන්දෙත් දිනනවා. අර දූෂිත නිලධාරියාට නැවතත් සැලකිලි
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    7,143
    7,447
    113
    අපි හැමදේටම දේශපාලකයට බැන්නට රජයේ නිලදාරීන් කෙලින් ඉන්නවනම් මේ දූශන නැතිකරලම දාන්න පුලුවන්!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,159
    113
    Planet Earth
    කුල ක්‍රමය මේ වගේ තැනකට බලපෑමක් කළා කියල නෙමේ මම අදහස් කලේ, සමස්තයක් ලෙස යටත් විජිත කාලේ ඉඳල කුල ක්‍රමය නිසා දක්ෂයන්ට වඩා උඩට ආවේ රදලයෝ විතරනේ.

    නිලධාරිවාදය කියන එක පැහැදිලිවම දේශපාලකයාට වඩා විශාල හානියක් කළා. දේශපාලකයෙක් ගොඩක් වෙලාවට එක ක්ෂේත්‍රයක ඉන්නේ ආණ්ඩු පවතිනකම් විතරයි, ඒත් නිලධාරින් අවුරුදු 30 විතර ඉන්නවා. අනිත් එක තමා රටේ සාමාන්‍ය පුරවැසියෙකුට දුෂිත නිලධාරියෙකුට එරෙහි වෙන්න පුළුවන් අවස්ථා ඇත්තටම සීමිතයි.
    පොඩි තැන ඉඳලාම ඒක එහෙමයි.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    කුල ක්‍රමය මේ වගේ තැනකට බලපෑමක් කළා කියල නෙමේ මම අදහස් කලේ, සමස්තයක් ලෙස යටත් විජිත කාලේ ඉඳල කුල ක්‍රමය නිසා දක්ෂයන්ට වඩා උඩට ආවේ රදලයෝ විතරනේ.

    නිලධාරිවාදය කියන එක පැහැදිලිවම දේශපාලකයාට වඩා විශාල හානියක් කළා. දේශපාලකයෙක් ගොඩක් වෙලාවට එක ක්ෂේත්‍රයක ඉන්නේ ආණ්ඩු පවතිනකම් විතරයි, ඒත් නිලධාරින් අවුරුදු 30 විතර ඉන්නවා. අනිත් එක තමා රටේ සාමාන්‍ය පුරවැසියෙකුට දුෂිත නිලධාරියෙකුට එරෙහි වෙන්න පුළුවන් අවස්ථා ඇත්තටම සීමිතයි.
    පොඩි තැන ඉඳලාම ඒක එහෙමයි.


    මම ඇසූ දුටු විදියට ඔබ හඳුන්වන වසර 30 ක් වැඩ කරන රජයේ නිලධාරියා නෙවෙයි ත්‍රෙට් එක. වසර 30 ක් කියන්නේ ලොකු කාලයක්. ඉහල තලයේ ඉන්න දූෂිත නිලධාරීන් දේශපාලකයන් හා එක් වෙනව.ඉහළ තලයේ නිලධාරියා තම නිල බලයෙන් යටත් නිලධාරීන් ගයිඩ් කරගෙන දේශපාලක බල තල මත වැරදි වැඩ කරනවා
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    Youré writing style is very familiar to me.....

    It remind me a good reputed member......


    :rolleyes::rolleyes::rolleyes:


    ඔයා නෙවේ නේද මට නිතර විවිධ අයගේ නම් වලින් කුණුහරුප එවන්නේ?
    එයා නිතර මට ෆේක් ඇවිත් ****න එපා කියනවා.:eek::rolleyes:


    මම කවුද කොපි කරන්නේ? :(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,159
    113
    Planet Earth

    ඔයා නෙවේ නේද මට නිතර විවිධ අයගේ නම් වලින් කුණුහරුප එවන්නේ?
    එයා නිතර මට ෆේක් ඇවිත් ****න එපා කියනවා.:eek::rolleyes:


    මම කවුද කොපි කරන්නේ? :(

    ඒ මම නෙමේ කියන එක මම දන්නවා...:D

    හැබැයි ඉතිං එහෙම කරන කෙනෙක් ඉතින් ඕක කවදාවත් කියන්නේ නෑනේ.


    මම කිව්වේ ඔයාගේ රචනා ශයිලිය එළකිරියේ ඉඳිය හොඳම රෙපියුටඩ් මෙම්බර් කෙනෙකුට සමානයි.
    ඒ වගේම තමා ඔයා වැඩිපුර කතා කරන්නෙත් එයාගේ ෆේවර් එකේ මාතෘකාමයි,
    ඔයා දෙයකදී උත්තර දෙන විදිහත් ඊට ගොඩක් සමානයි....

    එයා එළකිරි එන එක නැවතුන කාලෙට සමගාමිව ඔයාගේ එකවුන්ට් එක හැදෙනවා...

    හ්ම්ම්.....

    :rolleyes::rolleyes::rolleyes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113

    ඒ මම නෙමේ කියන එක මම දන්නවා...:D

    හැබැයි ඉතිං එහෙම කරන කෙනෙක් ඉතින් ඕක කවදාවත් කියන්නේ නෑනේ.


    මම කිව්වේ ඔයාගේ රචනා ශයිලිය එළකිරියේ ඉඳිය හොඳම රෙපියුටඩ් මෙම්බර් කෙනෙකුට සමානයි.
    ඒ වගේම තමා ඔයා වැඩිපුර කතා කරන්නෙත් එයාගේ ෆේවර් එකේ මාතෘකාමයි,
    ඔයා දෙයකදී උත්තර දෙන විදිහත් ඊට ගොඩක් සමානයි....

    එයා එළකිරි එන එක නැවතුන කාලෙට සමගාමිව ඔයාගේ එකවුන්ට් එක හැදෙනවා...

    හ්ම්ම්.....

    :rolleyes::rolleyes::rolleyes:


    කවුද එයා? :shocked:
    මට බලන්න අවශ්‍යයි එයා