පරිවර්තන සහ අනුවර්තනය අතර වෙනස..

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    පරිවර්තන සහ අනුවර්තනය අතර වෙනස..

    අනුවර්ථන සහ පරිවර්ථන කියන ජාති දෙක ටිකක් එක ළඟින් යන දෙකක්.. දෙකම ඒ ඒ අදාල කතුවරුන්ගේ ස්වයං නිර්මාණ නෙවෙයි.. වෙනත් භාෂෘවකින් තමා මුල් පිටපත තියෙන්නේ.. ඒක නිසා බැලූ බැල්මට මේ දෙකම එක වගේ නේ.. ඒක නිසා ගොඩ දෙනෙකුට මේ දෙක වෙන් කරලා අඳුරගන්න බැරුව ඇති.. මටත් මුළින් එහෙම තමා..

    පරිවර්ථනයකදී
    1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගිය යුතුයි..

    2. මුල් කෘතියෙන් කිසිම කොටසක්, යටත් පිරිසෙයින් එකම අනුච්ඡේදයක්වත් සිංහ පරිවර්ථනයෙන් ඉවත් නොකල යුතුය..

    3. මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරිපත්කර තිබෙන ආකාරයෙන්ම, සිංහල පරිවර්ථනයේ දී ඉදිරිපත් කළ යුතුය..

    4. මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින්ම සිංහල පරිවර්ථනයේ ඉදිරිපත් කල යුතුය.. ඒවා වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් නොකල යුතුය..

    5. මුල්කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාශා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්නයේ තිබිය යුතුය.. මුල් කෘතියේ කතුරයා, දීර්ඝ වාක්‍ය වලින් යුත් රචනා ​​​ශෛලියක් අනුගමනය කර තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ​ශෛලියක් ද, මුල් කෘතියේ සුගම පිහිල් රචනා ​ශෛලියක් අනුගමනය කර තිබේනම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ​ශෛලියක් ද, මුල් කෘතියේ උපමා රූපක අනුප්‍රාසාදියෙන් බහුල අලංකාරී රචනා ​ශෛලියක් තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ​ශෛලියක් ද තිබිය යුතුය.. කෙටියෙන් කියතොත් මුල් කෘතියේ අදහස මෙන්ම රචනා ​ශෛලිය ද සිංහල පරිවර්ථනයෙන් පිළිබිඹු විය යුතුය..

    6. මුල් කෘතියේ අදහස සම්පූර්ණෙයෙන්ම සිංහලට නැගිය යුතුය..

    7. මුල් කෘතියෙන් සිංහල පරිවර්ථනය වෙනස් විය යුතතේ භාෂාවෙන් පමණි..

    8. පරිවර්ථකයාට, අනුවාකයාට තිබෙන නිදහස නැත..


    අනුවාදයකදී
    1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගීම අවශ්‍ය නැත..
    2. අනුවාදකයාට අභිමත පරිද, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදනයෙන් ඉව්කළ හැකිය.. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමටද පුළුවන..

    3. මුල් කෘතියේ එන අදහස් , එම කතුවරයා ඉදිරිපත් කර තිබෙන ආකාරයන් ම සිංහල අනුවානයේදී ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත..

    4. මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයාගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘති කළ හැක.. සිංහල ඌරුවට යැයි කියමින් සංහ නම් ද යෙදිය හැක..

    5. මු් කෘතියේ එන භාෂා විලාසය හා රචනා ​ශෛලිය ම අනුගමනය ිරීම අවශ්‍ය නැත.. අනුවාකයාට ​සිතෙන අන්දමේ නැතහොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා​ ශෛලියකින් ලිවිය හැක..

    6. මුල් කෘතියේ අදහස සම්පූරණයෙන්ම දීම අවශ්‍ය නැත.. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය..

    7. මුල් කෘතියේ බොහෝ අංග වලින්වෙනස් විය හැක..

    8. පරිවර්ථකයාට නොතිබෙන ​ලොකු නිදහසක් ඇත..


    ඉහත දැක්වූ කරුණු වලින් පරිවර්ථනය හා අනුවර්ථනය අතර ඇති ඉමහත් වෙනස මනාව පැහැදිලි වේ.. මේ අනුව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථයක්, එ ලේඛකයා එය ලියූ අයුරින් ම, භශාවේවෙනස්කම පමණක් ඇතිව, සමපූර්ණව හා අසංක්ෂිප්ත ව කියවා, පූරෟන සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථව පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුතතේ එම ග්‍රන්ථයේ පරිවර්ථනයක්ම විනා අනුවාදයක් නම් නොවේ..
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඉතාම නිවැරදියි. ඒත් 5 වන කරුණ ගැන යමක් කිවිය යුතුය. මේ මගේ අදහස පමනක් බව සලකන්න.

    >
    මුල් කෘතියේ කතුරයා, දීර්ඝ වාක්‍ය වලින් යුත් රචනා ​​​ශෛලියක් අනුගමනය කර තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ​ශෛලියක් ද, මුල් කෘතියේ සුගම පිහිල් රචනා ​ශෛලියක් අනුගමනය කර තිබේනම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ​ශෛලියක් ද...
    ----
    කතෘවරයා දීර්ඝ වාක්‍ය වලින් ලියා තිබේ නම්, ඒවා සිංහලට පරිවර්ථනය කිරීමේදී සිංහල පාටකයාට ඒවා මදක් අපත්‍ය වනවා. මන්දයක්, බොහෝ විට සිංහල භාශාවෙන් පොත් ලියන විට ලියවෙන්නේ කෙටි කෙටි වාක්‍ය වලින් නිසා. ඇතැම් විට මුල් කතෘ වරයා කොමාවන් යොදමින් එක වාක්‍යයක් පිටු කාලක් පමන ලියූ අවස්ථා මා දැක තිබෙනවා. ඒත් එය සිංහලට නැගීමේදී මෙම දිගු වාක්‍යය, කියවීමට පහසු වන ලෙස වාක්‍ය තුන හතරකට හෝ කඩා ලිවීමට සිදු වෙනවා. පරිවර්ථකගේ කුශලතාවය යනු එයයි: එනම් සිංහල පාටකයාගේ මොලය අවුල් නොවන ලෙස මුල් කෘතිය ඒ අයුරින්ම පරිවර්ථනය කිරීමයි. මෙහිදී මුල් කෘතියේ එන කිසිවක් නොවෙනස් කල යුතු බව ඉතාම සත්‍යකි. උදාහරණයකට, කේ.ජී කරැණාතිලක යනු ඔබ ඉහත සදහන් කල කරැණු සියල්ල ඒ අයුරින්ම අනුගමනය කල පරිවර්ථකයෙකි. එහෙත් ඔහු ඉංග්‍රීසියෙන් ලියූ ඉතා දීර්ඝ වාක්‍ය, සිංහල ඌරුවට අනුව ඡේදනය කර නොලියූ නිසා, ඔහුගේ පොත් වල ඇතැම් තැන් සිංහල මනසට එකවර වටහා ගැනීමට අපහසුයි. නමුත් එයම ඉංග්‍රීසියෙන් කියවීමේදී ඒ ප්‍රශ්ණය නැගෙන්නේ නැහැ. මන්ද, ඉංග්‍රීසි සහ වෙනත් භාශා නිර්මාණය කර තිබෙන්නේ, වාක්‍යයක් දිගු වූවද, එහි අර්ථය වැටහෙන සේ ලිවිය හැකි හෙයින්.

    උදාහරණයකට මේ වාක්‍යය ගන්න: "He sat with his gunna drawn across his lap and watched the southeast patiently, looking toward the mountains, not hoping to see the thin straight line of smoke from a new campfire, not expecting to see an orange spark of flame, but watching anyway because watching was a part of it, and had its own bitter satisfaction."

    මෙය තනි වාක්‍යයකි. එහෙත් මෙය තිතටම සිංහලයට දැමුවහොත්, එයින් සිංහල මනස වෙහෙසට පත් වේ. එය ඒ ආකාරයෙන්ම සිංහලට නැගුවහොත් මෙවැනි ස්වභාවයක් ගනු ඇත: "
    ඔහු තමා සතුව තිබූ සියළුම දෑ තම ඔඩොක්කුව මත දිගහැර බිම හිදගෙන, සන්සුන් ඉවසිලිමත් ස්වභාවයකින් යුතුව ඊශානදිග කදු ප්‍රාන්තයන් දෙස බලා සිටින්නට වූ අතර, ඔහු අළුතින් ගැසූ ගිනි මැලයකින් ආකාශය කරා නැගෙන සිහින් සහ ඍජු දූම් ධාරාවක් හෝ තැඹිලිවන් ගිනි සිළු වලින් නැගෙන ගිනි පුපුරු දැක ගැනීමට බලාපොරොත්තු නොවූවද, ඔහු හුදෙක් එසේ බලා සිටියේ, ඔහුද මෙම නාට්‍යයෙහි කොටසක් හෙයින් වූ නිසාත්, එමෙන්ම ඔහු එයින් කටුක වූ සන්තෘප්තියක් ලැබූ නිසාත්ය."

    ඉහත වාක්‍ය සිංහලයෙන් කියවීම මනසට වධයක් නොවේද? එමෙන්ම නොපැහැදිලි නොවේද? මෙවැනි අවස්ථා වලදී පරිවර්ථකයා තම බුද්ධිය පාවිච්චි කොට, දෘඩ පරිවර්ථන නීතීන්ගේ මානසිකත්වයෙන් මදක් මිදී, සිංහල පාටකයාට කරුණාව දක්වමින්, එම දිගු වාක්‍යය සිංහල හදවතට කිදා බසින ලෙස, කඩ කඩ කොට ලිවිය යුතුය. එසේ නැති වුවහොත්, ඉක්මනින්ම සිංහලයාට පරිවර්ථකගේ දෘඩ ලෙඛණ ශෛල්‍ය අප්‍රියජනක වනු ඇත.

    ඉහත කාරණය නිසා, ඉහත දැක්වූ වාක්‍යය මෙසේ ලිවිය හැකිය. සිදුකර ඇත්තේ ඉංග්‍රීසි අදහස මදකුදු වෙනස් නොකරමින්, එය සිංහල මනසට පහසුවෙන් වැටහෙන ආකාරයට ලිවීමය. මෙවැනි ආකාරයකට: "
    ඔහු තමා සතුව තිබූ සියළුම දේ තම ඔඩොක්කුව මත දිගහැර බිම හිදගෙන, සන්සුන් ඉවසිලිමත් ස්වභාවයකින් යුතුව ඊශානදිග කදු ප්‍රාන්තයන් දෙස බලා සිටින්නට විය. ඔහු අළුතින් ගැසූ ගිනි මැලයකින් ආකාශය කරා නැගෙන සිහින් සහ රිජු දූම් ධාරාවක් හෝ තැඹිලිවන් ගිනි සිළු වලින් නැගෙන ගිනි පුපුරු දැක ගැනීමට බලාපොරොතු නොවූයේය. ඔහු හුදෙක් එසේ බලා සිටියේ, ඔහුද මෙම නාට්‍යයෙහි කොටසක් වූ හෙයිනි. එමෙන්ම ඔහු එයින් කටුක වූ සන්තෘප්තියක් ලැබූ හෙයිනි."

    ස්තූතියි.
    ජය වේවා!
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එමෙන්ම, මුල් කෘතියෙහි අදහස, සිංහලයට ගැලපෙන සේ තවත් වඩාත් පැහැදිලි කොට ලිවීමේ හැකියාවක් තිබේ නම්, එසේ කිරීමේ වරදක්ද මා නොදකිමි.