පරිසරයට හානි කරනවා දැක්කොත් ඉක්මනින් දැනුම් දෙන්න

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,684
    3,062
    113
    පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී තිබේ.

    ඒ අනුව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

    මෙලෙස සිදුකරනු ලබන පාරිසරික හානි සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ 1997 දරණ හදිසි ඇමතුම් අංකය හා මධ්‍යම පරිසර අධිකාරියේ 1981 දරණ හදිසි ඇමතුම් අංකය මේ වනවිට හඳුන්වා දී තිබේ.

    ඔබේ ප්‍රදේශයේත් මෙවැනි පාරිසරික හානියක් සිදුවන්නේ නම් වහාම ඉහත දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය සඳහන් කරයි.

    https://sinhala.adaderana.lk/news/195751
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    @Al Baik හැමදාම හවසට කෑ ගහනවා බං
    ඒකත් ශබ්ද දූෂණයට අයිතියි නේ?
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මොන බොරුද ... පොලිතින් පුච්චනව මෙහෙ දවසෙම. මධ්‍යම පරිසර අධිකාරියේ 1981, දකුණු පළාත් කාර්යාලය. දිස්ත්‍රික් කාර්යාල මේ ඔක්කොටම කෝල් 10ක් විතර දුන්න. ඇවිල්ල ලිඛිතව දෙන්න වෙනවලු. අඩු ගානේ මේව කරන මිනිස්සු දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉල්ලුව. ඒව එයාලට අයිති වැඩසටහනක් නෙමෙයිලු. පොලිතින් පුච්චන අයට එක තැනකට එන්න කියන්න පුළුවන් නම් එයාලගෙ නිලදාරියෙක් එවන්නම්ලු.(පොලිතින් පුච්චන එවුන් අපි කියන දේ අහනවා නම් මෙයාලට කෝල් කරනවද :baffled:)

    ගැසට් වලින් සිර දඩුවම් පවා නියම කරල තියෙනව. ඒත් ඒ කවුරුවත් ඒව ක්‍රියාත්මක කරන්න කම්මැලියි. නිකන් ඔෆිස් වලට වෙලා ඉන්න බලන්නෙ:no: එයාල වැඩකරනව කියල පෙන්නන්න කාලෙන් කාලෙට මෙහෙම දේවල් ප්‍රචාරය කරනව.
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    එයාල වැඩකරනව කියල පෙන්නන්න කාලෙන් කාලෙට මෙහෙම දේවල් ප්‍රචාරය කරනව. 2