ප්‍රයිවට් බස් චණ්ඩි

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,173
    8,164
    113
    M-Town
    ප්‍රයිවට් බස් චණ්ඩි

    මේ කොට්ටාව - ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන ND3993 නැමැති බස් රථයයි. කොට්ටාවෙන් ප.ව 6.45 ත් 7.00 ත් අතර කාලසීමාවකදී ගමන් ඇරඹූ බස් රථය පිළියන්දලට ළඟා වනවිට 7.20 ත් 7.30 ත් අතර විය. ඉන්පසු පැය බාගයකට ආසන්න කාලයක් බස් රථය සෙනඟ රැස් කිරීම සඳහා පිළියන්දල නගරයේ නවතා තැබීම නිසා උරණ වූ මගීන් මේ සම්බන්ධයෙන් කොන්දොස්තර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු "යන්න හදිසි උන් බැහැලා පලයං" යැයි කීහ. ඊට එරෙහිව මා කොන්දොස්තර අසළට ගොස් දැනටමත් ඔහු සිදුකර ඇති සියළු වරදවල් එකින් එක පැහැදිලි කර දුන්නෙමි.

    1. බස් රථය ඉතා දිගු වේලාවක් නවතා ගෙන සිටීම
    2. කිසිඳු මගියෙකුට වලංගු ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකිරීම
    3. බස් රථයේ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු හදිසි ඇමතුම් අංකය සහ නීති රීති ඇතුළත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කර ඇති ස්ටිකරය බස් රථයේ අලවා නොතිබීම
    4. රියදුරුගේ නම, කොන්දොස්තරගේ නම සහ ලියාපදිංචි අංක ඇතුළත් දැන්වීම අළවා නොතිබීම
    5. බස් රථයේ අංකය රථය ඇතුළත සියල්ලන්ටම පෙනෙන සේ ප්‍රදර්ශනය නොකිරීම
    6. බස් රථයේ ගාස්තු චක්‍රය ප්‍රදර්ශනය නොකිරීම
    7. මගීන් අපහසුතාවයට පත්කිරීම හා තර්ජනය කිරීම
    මේ සියල්ල කොන්දොස්තරවරයාට පැහැදිලි කර දී මේ පිළිබඳව මගී ප්‍රවාහන අධිකාරියේ පැමිණිලි කරන බවට කියූ විට බස් රථයේ රියදුරු පැමිණ බසය පණගන්වා ධාවනය කළේය.

    එහෙත් ගල්කිස්ස දක්වා ධාවනය කළ යුතු බස් රථය කටුබැද්ද හංදියෙන් නවතා සියළු මගීන් බස්වා බස් රථයේ කොන්දොස්තරව ප්‍රශ්න කළ මඟීන් කවුරුන්දැයි සොයන්නට බස් රථයේ රියදුරු, තවත් සහායකයෙක් සහ ඔහුගේම තවත් බසයක (ND5997) රියදුරු සහ කොන්දොස්තර සමඟ සහායට තවත් පිරිසක් රැගෙන දෙනෝදාහක් බලා සිටියදී කටුබැද්ද හංදිය ඔවුන් දෙවනත් කළෝය. එහිදී මා වටකරගත් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මට නොනවත්වා පහර දෙන ලදි. පහරදීම් වලින් මගේ හිසට, ගෙල පෙදසට සහ අතට තුවාල සිදුවිය. කිසිවකුටවත් නැවැත්වීමටවත් නොහැකි වූයේ කිසිවකු ඉදිරිපත් වුවහොත් ඔවුන්ටද පහරදී තුවාල සිදුකිරීම අනිවාර්යයක්ව තිබූ හෙයිනි.

    "මේ බස් දෙකම මගේ. උඹට පුළුවන් ඕන තැනක ගිහින් පැමිණිලි දාලා පුලුවන් දෙයක් කරපං.." යැයි කියමින් බස් රථ දෙකේම අයිතිකරු ලෙස සඳහන් කළ අප පැමිණි බස් රථයේ රියදුරු මට පහර දෙනවිට තවත් අයෙක් පැමිණිලි කළහොත් මා මරණ බවට තර්ජනය කරමින් පහර දුන්නේය.

    පහරදීම් වලින් පසුවද ඔවුන් මා පසුපස බස් රථ දෙක රැගෙන පැමිණෙමින් තර්ජනය කළහ. වෙනත් බස් රථයකට අත දමා නවත්වන්නට උත්සාහ කළවිට එයද වැළැක්වූහ.

    අවසානයේ ඔවුන් ගියපසු බස් රථයේ සිටි තවත් සහෝදරයෙක් මා ළඟට පැමිණ කතාකොට සාක්ෂ්‍ය ලබාදීමට ඔහු ඉදිරිපත් වනබව පවසමින් මා සමඟ ගල්කිස්ස පොලීසිය වෙත යාමට ඉදිරිපත් විය. ගල්කිස්ස පොලීසියේ පැමිණිලි කිරීමෙන් පසු මේ වනවිට මගේ හිසට සිදුවූ ප්‍රහාර හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ නැවතී ප්‍රතිකාර ගනිමින් සිටිමි.

    අපේ රටේ සෑම සියළු ක්ෂේත්‍රයක්ම මාෆියාකරුවන් විසින් වටලා ඇත. මගී ප්‍රවාහන ක්ෂේත්‍රය D.S ගුණසේකර, ගැමුණු විජේරත්න ඇතුළු බස් රථ හිමියන් සහ ප්‍රාදේශීය මැරයින් හා දේශපාලන හෙංචයියන් අතට මගී ප්‍රවාහන බලපත්‍ර ලබාදෙමින් ඔවුන්ට ඇතිපදම් මගී ජනතාව සූරාකෑමට යහමින් ඉඩ විවර කර තිබේ. D.S වැනි අයෙකුට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ කොතරම් බලයක් හිමිවන්නේද යන්න දැනගැනීමට නම් ඔහුගේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තර මහතෙකුගෙන් බස් රථය සපයන සේවාවන් සම්බන්ධව ප්‍රශ්න කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

    එහෙත් මේ සියළු අසාධාරණයන් දැක දැක "අනේ අපොයි, කරුමෙ තමා" කීමේ දේශපාලනය දැන් අහවර වී ඇත. දැන් ඇත්තේ ඒවා මට්ටු කිරීමේ දේශපාලනයයි. පොදු ප්‍රවාහනයේ අර්බුදයට පිළියම් ලබාදීමේ වගකීම ආණ්ඩුව අත තිබියදීම මේ නිශ්චිත සිද්ධිය අරභයා මට ඇති එකම අභිප්‍රාය නම් මේ ප්‍රයිවට් බස් චණ්ඩින්ගේ මාර්ග බලපත්‍ර අහෝසි කර "පොදු ප්‍රවාහන සේවයේ වගකීම්සහගත බව" කියාදීමයි.

    හෙට දිනයේදී පොදු ප්‍රවාහන සේවයේ උන්නතිය වෙනුවෙන් මගී ජනතාව කොපමණ දුරට ක්‍රියාකාරීවනවාද යන්නට, ගල්කිස්ස පොලීසියේ ඔවුන්ට එරෙහිව ලියැවුණු පැමිණිල්ලට, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ , ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ වැටෙන්නට නියමිත පැමිණිලි වලට කොතරම් දුරට යුක්තිය ඉෂ්ට වන්නේද යන කරුණත් යම් පමණකින් හෝ දායක වනු ඇත.

    National Transport Commission
    Road Passenger Transport Authority-Wp
    Dileepa Witharana

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    පව් වැඩේ. දැන් ඉස්පිරිතාල, උසාවි ගානෙ යන්න ඕන. ජොබ් එක කරගන්නත් නෑ. බස් කාරයගෙන් මරන තර්ජන.

    මේ ප්‍රශ්න හැම එකකටම හේතුව රටේ දුප්පත්කම. ඔය බස් ඩ්‍රයිවර්ල කොන්දොස්තරල දවසෙ කුලියට වැඩ කරන්නෙ. උන්ට ටාගට් තියෙනව කවර් කරන්න.

    ඔය බස් ආණ්ඩුවට ගන්න ගියොත් බස් වල ලීසින් එකත් ආණ්ඩුවට ගෙවන්න වෙනව. ආණ්ඩුවට ඔය බස් කර්මාන්තය ලාභ දායක විදියට කරන්න බෑ ඩිපෝ වල හොර වැඩයි මිනිස්සුන්ට සහනදායි විදියට පවත්වාගෙන යන්නයි වෙන නිසා. අනික ස්ට්‍රයික්. දුම් රිය දෙපාර්තමේන්තුව හැමදාම පාඩු ඒකයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,998
    1
    15,781
    113
    බස් මැරසතු කරා නෙහ්...
    අඩු කුලෙ උන්ට පර්මිට් දීලා කෙලවිලා තියෙන්නෙ දැන් හොදම එකෙන්..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Yeah. This is the only thing government can do.
    Start the companies.
    Bus should have a schedule to run nothing will be gained by riding fast.
    Stop issuing ticket on the bus. Tickets should be bought over an app or from the shops.
    A touchable Key Card which can be topped up is more than enough
     
    • Like
    Reactions: NRTG

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Yeah. This is the only thing government can do.
    Start the companies.
    Bus should have a schedule to run nothing will be gained by riding fast.
    Stop issuing ticket on the bus. Tickets should be bought over an app or from the shops.
    The fact that none of this was implemented in the past was because of the political influence of bus mudalalis. Lets see if this govt can bring change
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එහෙත් මේ සියළු අසාධාරණයන් දැක දැක "අනේ අපොයි, කරුමෙ තමා" කීමේ දේශපාලනය දැන් අහවර වී ඇත. දැන් ඇත්තේ ඒවා මට්ටු කිරීමේ දේශපාලනයයි.
    ගුටි කාලයත් මුගේ වහල් කම අඩු වෙලා නැහැ🤮🤮
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ප්‍රයිවට් බස් චණ්ඩි

    මේ කොට්ටාව - ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන ND3993 නැමැති බස් රථයයි. කොට්ටාවෙන් ප.ව 6.45 ත් 7.00 ත් අතර කාලසීමාවකදී ගමන් ඇරඹූ බස් රථය පිළියන්දලට ළඟා වනවිට 7.20 ත් 7.30 ත් අතර විය. ඉන්පසු පැය බාගයකට ආසන්න කාලයක් බස් රථය සෙනඟ රැස් කිරීම සඳහා පිළියන්දල නගරයේ නවතා තැබීම නිසා උරණ වූ මගීන් මේ සම්බන්ධයෙන් කොන්දොස්තර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු "යන්න හදිසි උන් බැහැලා පලයං" යැයි කීහ. ඊට එරෙහිව මා කොන්දොස්තර අසළට ගොස් දැනටමත් ඔහු සිදුකර ඇති සියළු වරදවල් එකින් එක පැහැදිලි කර දුන්නෙමි.

    1. බස් රථය ඉතා දිගු වේලාවක් නවතා ගෙන සිටීම
    2. කිසිඳු මගියෙකුට වලංගු ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකිරීම
    3. බස් රථයේ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු හදිසි ඇමතුම් අංකය සහ නීති රීති ඇතුළත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කර ඇති ස්ටිකරය බස් රථයේ අලවා නොතිබීම
    4. රියදුරුගේ නම, කොන්දොස්තරගේ නම සහ ලියාපදිංචි අංක ඇතුළත් දැන්වීම අළවා නොතිබීම
    5. බස් රථයේ අංකය රථය ඇතුළත සියල්ලන්ටම පෙනෙන සේ ප්‍රදර්ශනය නොකිරීම
    6. බස් රථයේ ගාස්තු චක්‍රය ප්‍රදර්ශනය නොකිරීම
    7. මගීන් අපහසුතාවයට පත්කිරීම හා තර්ජනය කිරීම
    මේ සියල්ල කොන්දොස්තරවරයාට පැහැදිලි කර දී මේ පිළිබඳව මගී ප්‍රවාහන අධිකාරියේ පැමිණිලි කරන බවට කියූ විට බස් රථයේ රියදුරු පැමිණ බසය පණගන්වා ධාවනය කළේය.

    එහෙත් ගල්කිස්ස දක්වා ධාවනය කළ යුතු බස් රථය කටුබැද්ද හංදියෙන් නවතා සියළු මගීන් බස්වා බස් රථයේ කොන්දොස්තරව ප්‍රශ්න කළ මඟීන් කවුරුන්දැයි සොයන්නට බස් රථයේ රියදුරු, තවත් සහායකයෙක් සහ ඔහුගේම තවත් බසයක (ND5997) රියදුරු සහ කොන්දොස්තර සමඟ සහායට තවත් පිරිසක් රැගෙන දෙනෝදාහක් බලා සිටියදී කටුබැද්ද හංදිය ඔවුන් දෙවනත් කළෝය. එහිදී මා වටකරගත් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මට නොනවත්වා පහර දෙන ලදි. පහරදීම් වලින් මගේ හිසට, ගෙල පෙදසට සහ අතට තුවාල සිදුවිය. කිසිවකුටවත් නැවැත්වීමටවත් නොහැකි වූයේ කිසිවකු ඉදිරිපත් වුවහොත් ඔවුන්ටද පහරදී තුවාල සිදුකිරීම අනිවාර්යයක්ව තිබූ හෙයිනි.

    "මේ බස් දෙකම මගේ. උඹට පුළුවන් ඕන තැනක ගිහින් පැමිණිලි දාලා පුලුවන් දෙයක් කරපං.." යැයි කියමින් බස් රථ දෙකේම අයිතිකරු ලෙස සඳහන් කළ අප පැමිණි බස් රථයේ රියදුරු මට පහර දෙනවිට තවත් අයෙක් පැමිණිලි කළහොත් මා මරණ බවට තර්ජනය කරමින් පහර දුන්නේය.

    පහරදීම් වලින් පසුවද ඔවුන් මා පසුපස බස් රථ දෙක රැගෙන පැමිණෙමින් තර්ජනය කළහ. වෙනත් බස් රථයකට අත දමා නවත්වන්නට උත්සාහ කළවිට එයද වැළැක්වූහ.

    අවසානයේ ඔවුන් ගියපසු බස් රථයේ සිටි තවත් සහෝදරයෙක් මා ළඟට පැමිණ කතාකොට සාක්ෂ්‍ය ලබාදීමට ඔහු ඉදිරිපත් වනබව පවසමින් මා සමඟ ගල්කිස්ස පොලීසිය වෙත යාමට ඉදිරිපත් විය. ගල්කිස්ස පොලීසියේ පැමිණිලි කිරීමෙන් පසු මේ වනවිට මගේ හිසට සිදුවූ ප්‍රහාර හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ නැවතී ප්‍රතිකාර ගනිමින් සිටිමි.

    අපේ රටේ සෑම සියළු ක්ෂේත්‍රයක්ම මාෆියාකරුවන් විසින් වටලා ඇත. මගී ප්‍රවාහන ක්ෂේත්‍රය D.S ගුණසේකර, ගැමුණු විජේරත්න ඇතුළු බස් රථ හිමියන් සහ ප්‍රාදේශීය මැරයින් හා දේශපාලන හෙංචයියන් අතට මගී ප්‍රවාහන බලපත්‍ර ලබාදෙමින් ඔවුන්ට ඇතිපදම් මගී ජනතාව සූරාකෑමට යහමින් ඉඩ විවර කර තිබේ. D.S වැනි අයෙකුට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ කොතරම් බලයක් හිමිවන්නේද යන්න දැනගැනීමට නම් ඔහුගේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තර මහතෙකුගෙන් බස් රථය සපයන සේවාවන් සම්බන්ධව ප්‍රශ්න කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

    එහෙත් මේ සියළු අසාධාරණයන් දැක දැක "අනේ අපොයි, කරුමෙ තමා" කීමේ දේශපාලනය දැන් අහවර වී ඇත. දැන් ඇත්තේ ඒවා මට්ටු කිරීමේ දේශපාලනයයි. පොදු ප්‍රවාහනයේ අර්බුදයට පිළියම් ලබාදීමේ වගකීම ආණ්ඩුව අත තිබියදීම මේ නිශ්චිත සිද්ධිය අරභයා මට ඇති එකම අභිප්‍රාය නම් මේ ප්‍රයිවට් බස් චණ්ඩින්ගේ මාර්ග බලපත්‍ර අහෝසි කර "පොදු ප්‍රවාහන සේවයේ වගකීම්සහගත බව" කියාදීමයි.

    හෙට දිනයේදී පොදු ප්‍රවාහන සේවයේ උන්නතිය වෙනුවෙන් මගී ජනතාව කොපමණ දුරට ක්‍රියාකාරීවනවාද යන්නට, ගල්කිස්ස පොලීසියේ ඔවුන්ට එරෙහිව ලියැවුණු පැමිණිල්ලට, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ , ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ වැටෙන්නට නියමිත පැමිණිලි වලට කොතරම් දුරට යුක්තිය ඉෂ්ට වන්නේද යන කරුණත් යම් පමණකින් හෝ දායක වනු ඇත.

    National Transport Commission
    Road Passenger Transport Authority-Wp
    Dileepa Witharana

    උබල දන්නවද
    Semi luxury තවම අහෝසි නෑ
    නඩුවක් යනව semi කාරයො දැම්ම
    තීරණයක් තවම නෑ
    එතකල් මඟීන් ගසාකෑම් දිගටම
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    කොහොමත් ඔය බස් පාර නම් කියන්න හොඳක් නැහැ...

    පුදුම හදිස්සියක් තියෙන්නේ සෙනඟ නංගිනකන්.... බහින්න ගියොත් රවනවා 🥺
     
    • Like
    Reactions: NRTG