පරිසර හිතකාමි කාර්ඩ්බෝඩ් පැන්සලක් !!!

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    පරිසර හිතකාමි කාර්ඩ්බෝඩ් පැන් හදපු ලංකාවේ අපේ දක්ෂයෙක්..!
    FB_IMG_16164967721886009.jpg

    සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙක් පෑන් පාවිච්චි කරල ඉවත දාන කොට පරිසරයට වසරකට ප්ලාස්ටික් කිලෝ 2 ක් විතර එකතු වෙනවා කියල පරීක්ෂණයකින් හොයා ගෙන තියෙනවා. ලංකාවේ දළ වශයෙන් ශිෂ්‍ය ජනගහනය 3,00,000 ක් කියල ගත්තොත් මේ ප්‍රමාණය වසරකට කිලෝ 6,00,000 ක්.

    FB_IMG_16164967793390558.jpg


    මේ පින්තූරෙ ඉන්නෙ සුගිල් කුමාර් මහත්තයා. ඉන්නෙ මහනුවර වටපුළුවෙ.
    ඔහු නිෂ්පාදනය කරල තියෙන මේ පෑන පරිසර හිතකාමී පෑනක්. කාඩ්බෝඩ් වගේ දිරායන දෙයකින් හදල තියෙන මේ පෑන්වලට එල්වළු බීජ එකතු කරල හදල තියෙන්නෙ. පාවිච්චි කලාට පස්සෙ පෝච්චියක හිටවලා වතුර එකතු කලාම තක්කාලි , මිරිස් වගේ පැල ලබා ගන්න පුළුවන්.

    මේ පෑනක් රුපියල් පනහයි.
    විව්ධ වර්ණවලින් වගේම විවිධ ආයතන නැත්නම් උත්සව සඳහාත් විශේෂ පෑන් මුද්‍රණය කර ගන්න පුළුවන්.
    FB_IMG_16164967863597282.jpg


    ඔහුගේ දුරකතන අංකය 0774549324.

    (අන්තතර්ජාලයෙන් උපුටා ගැනීමක්)