පරිසර හිතකාමී ගල් අඟුරු නොමැත

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පරිසර හිතකාමී ගල් අඟුරු නොමැත

    පරිසර හිතකාමී ගල් අඟුරු නොමැත

    * අද (05) ට යෙදෙන ජාත්‍යන්තර පරිසරය දිනය නිමිත්තෙනි

    හේමන්ත විතානගේ
    විධායක අධ්‍යක්‌ෂ, පරිසර යුක්‌ති කේන්ද්‍රය

    edifea.jpg
    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මගින් දිගින් දිගටම සිදුවන පරිසර දූෂණය හේතුවෙන් ගල් අඟුරු පිළිබඳ කතා බහ අලුත් වී තිබේ. ලංවිම ඉංජිනේරුවන්ගේ පෙළඹවීම මත ගල් අඟුරු බලාගාර ඉදිකිරීම නැවත ආරම්භ කිරීමට ජනපති ගත් ක්‍රියාමාර්ගයද මෙයට හේතුවකි.

    නොරොච්චෝලේ බලාගාරය ශ්‍රී ලංකාව තුළ අනිවාර්ය රෙගුලාසියක්‌ වන පරිසර ආරක්‌ෂණ බලපත්‍රයක්‌ නොමැතිව දැනට වසරකට වැඩි කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වන අතර ලංකා විදුලි බල මණ්‌ඩලයේ අත්තනෝමතික ක්‍රියාකලාපය එමගින් මනාව පිළිඹිබු වේ.

    පොදු මහජනතාවට අනෙකුත් සහෝදර ජනතාවන්ට හානියක්‌ සිදු නොවන පරිදි විදුලිය නිපදවීම ගැන තැකීමක්‌ නොමැතිව විය යුතුය. ඔවුන්ගේ අපේක්‌ෂාව කෙසේ හෝ තම නිවෙස්‌වලට විදුලි සැපයුම නොකඩවා පැවතීමයි. ප්‍රභවය පිළිබඳ තැකීමක්‌ ඔවුනට නැත. අවසානයේ පීඩාවට පත්වන්නේ කල්පිටිය අර්ධද්වීපයේ ජීවත්වන ගොවි හා ධීවර ජනතාවයි. එවන් අහිංසක කුඩා ජන පිරිසක්‌ පිළිබඳව කවුරු නම් සැළකිල්ලක්‌ දක්‌වයිද?

    රටේ පොදු ජනතාවට රජයට එල්ල කළ හැකි බලපෑම සීමිතය. ඔවුනට විදුලි ඉංජිනේරුවන් මෙන් වැඩ වර්ජන දියත්කිරීමේ හෝ අකුරට වැඩ කිරීමේ හැකියාවක්‌ නැත. නමුත් විදුලි ඉංජිනේරුවන් හට අමතක වි ඇති කරුණ නම් තමන් පොදු මහජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබූ බවයි. එබැවින් ඔවුන් පොදු මහජනතාවගේ හඬට කන් දිය යුතු යෑයි යමෙකුට තර්ක කළ හැක.

    දිගු කාලීන බලශක්‌ති නිෂ්පාදන සැලැස්‌මෙන් ගල් අඟුරු භාවිතය ඉවත් කිරීමට මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය හේතු සාධක කිහිපයක්‌ මත පදනම් වේ. මා විශ්වාස කරන පරිදි මෙහිදී එම කොමිසම, පසුගිය අවුරුදු ගණනාවක්‌ පුරා නොසලකා හැර තිබූ මහජන අදහස්‌ බලශක්‌ති පිළිබඳ මෙම විවාදයට ගෙනැවිත් ඇත. මහජන උපයෝගිතා කොමිසම හෑල්ලුවට ලක්‌ කරමින් විදුලි ඉංජිනේරුවන් ගෙන ගිය පෝස්‌ටර් ව්‍යාපාරය ලැ-ජා සහගතය.

    මුලින්ම කිව යුත්තේ විදුලි ඉංජිනේරුවන් පවසන පරිදි ගල් අඟුරු ලාභ නොවන බවයි. පාරිසරික අලාභය නොසලකා ගණන් බැලුවත් ඒකකයක්‌ සඳහා වැයවන මිල රු.14.00 ක්‌ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. නොරොච්චෝaලේ බලාගාරය මගින් සාගරයට, ඉහළ වාතයට, ජල මූලාශ්‍ර හා වගා බිම්වලට සිදු කරන හානිය සැළකුවහොත් ඒකකයක්‌ සඳහා අවම රු. 5.00 ක්‌ වත් අය විය යුතුව ඇත. ගල් අඟුරු ටොන් එකක සාමාන්‍ය මිල ආසන්නව ඇ.ඩො. 60 ක්‌ පමණ වන අතර "ක්‌ලීන් කෝල්" නම් වූ ප්‍රභේදය ඊටත් වඩා මිල අධික වේ. බලශක්‌ති පිළිබඳ පර්යේෂණ සිදුකරන ස්‌වාධීන ආයතනයක්‌ වන බ්ලුම්බර්ග් නිව් එනර්ජි ෆයිනෑන්ස්‌ ආයතනය පවසන පරිදි පරිසර හානිය සාපේක්‌ෂව අවම ලෙස පිළිගන්නා ඕස්‌ටේ්‍රලියාවේ පවතින "අල්ට්‍රා සුපර් ක්‍රිටිකල්" වර්ගයේ ගල් අඟුරු බලාගාරවල වියදම පිළිබඳ ලැබුණු නවතම වාර්තාව මගින් සනාථ වන්නේද ගල් අඟුරු "නව බලශක්‌ති ප්‍රභව අතර මිල අධිකම ප්‍රභවය" බවයි.

    දෙවැන්න නම් ස්‌වභාවික වායු (LNG ) හා සුළං, සූර්ය ආදී පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව වල වියදම අඩු වේ යෑයි විශ්වාස කිරීමට ප්‍රමාණවත් තරම් හේතු සාධක තිබීම නිසා 2032 දක්‌වා වූ දිගුකාලීන බලශක්‌ති සැලසුම්වලදී එයද සැලකිය යුතු වීමයි.

    තෙවනුව ගල් අඟුරු දේශගුණ විපර්යාස කෙරෙහි බලපාන ප්‍රධානතම හේතුවයි. ධනවත් ජාතීන්ට සාපේක්‌ෂව ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස සඳහා වගකිව යුතු යෑයි කිසිවෙක්‌ නොකියනු ඇත. අප විසින් පෙර සිදු කරන ලද විමෝචනයන් ඉතා අවම වේ. නමුත් එය රිසි පරිදි කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය කිරීමට අයිතියක්‌ නොවන්නේ වෙනත් පිරිසිදු ශක්‌ති ප්‍රභව අප සතුව පවත්නා බැවිනි.

    ඒ අතරම ශ්‍රී ලංකාව 2016 වසරේදී සිය කාබන් විමෝචන, බලශක්‌ති ක්‌ෂේත්‍රය තුළ 4% කින් කපා දැමීමට දේශීයව නිර්ණය කරන ලද අපේක්‌ෂිත දායකත්වයන් මගින් එක්‌සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතියේදී එකඟ වී ඇති බවද අමතක නොකළ යුතුය.

    අපේක්‌ෂිත දායකත්වය නිර්ණයේදී හඳුනාගත් පරිදි ශ්‍රී ලංකාවේ බලශක්‌ති ක්‌ෂේත්‍රය තුළ හරිතාගාර වායු විමෝචනය වැඩි වීමේ ප්‍රවණතාවක්‌ පෙන්නුම් කරන අතර ඊට හේතු ලෙස බලශක්‌ති නිෂ්පාදනය සඳහා පෙට්‍රොaලියම් ඉන්ධන භාවිතය දක්‌වා ඇත.

    එකඟ වූ ඉලක්‌ක ළඟා කර ගැනීමට බලශක්‌ති ක්‌ෂේත්‍රයෙන් ලබාදෙන දායකත්වය ඉතා තීරණාත්මක වේ. මුළු හරිතාගාර වායු විමෝචන කපා හැරීම්වලින් 39.383 ඨට එනම් 20% ක්‌ බලශක්‌ති ක්‌ෂේත්‍රයෙන් (2013 ඔක්‌තෝබර් පල කරන ලද 2013 - 2032 දක්‌වා වූ දිගු කාලීන නිපදවීම් පුළුල් කිරීමේ සැලැස්‌මට අනුව සාමාන්‍ය තත්ත්ව යටතේ මුළු හරිතාගාර වායු විමෝචනය 196.915 Gg වේ.) විමෝචන කපා හැරීම් වලින් 4% (9.173 Gg) කොන්දේසි විරහිත කපා හැරීම් වන අතර 16% (30.210Gg ) කොන්දේසිවලට යටත්ව සිදු කළ හැක.

    නව කැබිනට්‌ පත්‍රිකාවෙන් යෝජනා කර ඇති පරිදි ස්‌ථාපිත ධාරිතාවෙන් 1/3 ක ප්‍රමාණයකින් ගල් අඟුරු බලශක්‌තිය ඉහළ දැමීමට සිදු කළහොත් ඉහත විමෝචන කපා දැමීම් ළඟා කර ගත නොහැක. දැනට භාවිතා වන තාක්‌ෂණයට වඩා උසස්‌ තාක්‌ෂණයක්‌ භාවිතා කළද ප්‍රතිඵලයෙහි වෙනසක්‌ සිදු නොවනු ඇත. පරිසර හිතකාමී ගල් අඟුරු නොමැති බව ලෝකය අවබෝධ කරගෙන ඇති අතර එවැනි තාක්‌ෂණයක්‌ පැවතුනත් එහි වියදම අපට ඔරොත්තු නොදේ. ඒ කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව තිබියදී විනාශකාරී ගල් අඟුරු භාවිත කිරීමේ අවශ්‍යතාවයක්‌ ලංකාවට නැත.

    පසුගිය වසර කිහිපය තුළ නොරොච්චෝලේ බලාගාරය අප්‍රිකානු හා රුසියානු ගල් අඟුරු භාවිතා කළ අතර ඒවා පරිසර ඇගයිම් වාර්තාවේ දක්‌වා තිබූ ඉන්දුනීසියානු ගල් අඟුරුවලට වඩා දූෂ්‍ය වන අතර වැඩි සල්ෆර්, රසදිය හා අළු ප්‍රමාණයක්‌ අඩංගු වේ.

    බලාගාරයෙන් පිටවන අංශු අවට ජිවත්වන පුද්ගලයන්ට විෂ සහිත වන අතර බ්‍රොන්කයිටීස්‌, ඇදුම, හෘදයාබාධ හා නොමේරූ ළදරු මරණ ආදියට බලපා ඇත. බලාගාරයෙන් පිටකරන අංශු 2012 වර්ෂයේ සිට විශාල ගැටලුවක්‌ව පවතී. නොරොච්චෝලේ ප්‍රදේශයේ ජීවත් වන වැසියන් සෞඛ්‍ය අංශවල නිසි අවධානයට යොමුවේද යන්න සොයා බැලිය යුතුය.

    නොරොච්චෝලේ බලාගාරය මේ වන විට රසදිය 1900 නට ට ආසන්න ප්‍රමාණයක්‌ පිටකර ඇතැයි අනුමාන කෙරේ. ගල් අඟුරු බලාගාර වලින් පිටවන රසදිය කලල වර්ධනයට බලපෑම් ඇතිකරන අතර ස්‌නායු, ආහාර ජීර්ණ වන ප්‍රතිශක්‌ති පද්ධතිවලට හානි කරයි. තේ හැන්දකින් 1/70 ක ප්‍රමාණයක්‌ අක්‌කර 25ක ජලාශයක තැන්පත් වීම එම ජලාශයේ මසුන් පරිභෝජනයට නුසුදුසු තත්ත්aවයට පත්වීමට හේතු වේ. එවැනි පර්යේෂණයක්‌ මේ වන තෙක්‌ පුත්තලම් කලපුවේ සිදු කර නැත. මා විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවේ බලශක්‌ති පද්ධතියේ පරිවර්තනයන් තීරණාත්මක මොහොතකට පැමිණ ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ දේශගුණික විපර්යාසවලින් දරුණු ලෙස පීඩා විඳින ස්‌ථානවලින් එකකි. දේශගුණික විපර්යාස නිසා ඇතිවන බලපෑම් හොඳින් නිරීක්‌ෂණය කළ හැකි අතර රට පුරා මෑත කාලීනව පැවැති නියඟය ඊට හොඳ නිදසුනකි. ගංවතුර, නාය යැම් හා දිගු නියඟ දේශගුණ විපර්යාසවල සෘජු බලපෑමකි. නාගරික, ග්‍රාමීය, දුප්පත් පොහොසත් භේදයකින් තොරව මේවාට මුහුණ පෑමට සිදුවේ. මෙම බලපෑම් ඉදිරි දශක වලදී තව තවත් උග්‍ර වීමට ඉඩ ඇත. නිසැකවම ගල් අඟුරු බලාගාර හරහා සිදුකරන වායු දූෂණය ලොව පුරා මිනිසුන් දහස්‌ ගණනක්‌ ජීවිතක්‌ෂයට පත් කිරීමටද, ලක්‌ෂ ගණනක්‌ රෝගීන් බවට පත් කිරීමටද හේතුවක්‌ වේ. මිනිස්‌ වර්ගයාද ඇතුළුව මිහිතලය මත ජීවත් වන ජීවීන් ආරක්‌ෂා කිරීමට අප බැඳී සිටිමු.

    අප විසින් සිදු කරන විමෝචනයන් නිසාම දේශගුණ විපර්යාස ඇතිවේ යෑයි හෝ එම විමෝචනයන් හානිකර නොවේ යෑයි මම යෝජනා නොකරමි. නමුත් අප අවබෝධ කර ගත යුත්තේ අපේක්‌ෂා කර ඇති අංශක දෙකක උෂ්ණත්ව වැඩි වීම වලක්‌වා ගැනීමට නම් පවතින කාබන් අයවැයට අනුව ධනවත් රටවල් 2030 වන විටද, අනෙකුත් රටවල් 2050 වන විටද කාබන් විමෝචනයෙන් සම්පූර්ණයෙන් තොර විය යුතු බවය. අප මේ මොහොතේ ගල් අඟුරු බලාගාර ඉදි කළද ඒවායේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමටවත් කාලයක්‌ 2050 වන විට නොමැත. එබැවින් ගල් අඟුරු සඳහා මේ අදියරේදී සිදු කරන ආයෝජනය නාස්‌තියකි.

    දේශගුණ විපර්යාසයට කවුරු වගකිව යුතු දැයි තර්ක කර කර සිටීමට කාලයක්‌ නොමැත. දේශගුණ විපර්යාසයන් මිථ්‍යාවක්‌ යෑයි සලකන පිරිස්‌වල අනුගාමිකයන් ලෙස ලංවිම විදුලි ඉංජිනේරුවන් සලකනවා හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නොමැති අතර ගල් අඟුරු බලාගාර නැවත ඉදි නොකිරීමට තව තවත් හේතු අවශ්‍යද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද පොන්න රනිලගෙ නොහැකියාව වහ ගන්ඩ unp බැල්ලියක් ලියාපු එකක්..විදුලි බලාගාර නැතුව කලුවරේ ඉන්ඩ ගියාම තේරෙයි පොන්න බල්ලො රැලට..:yes:
     

    MIDee

    Junior member
  • Jun 17, 2016
    21
    2
    8
    Redda thamai..me liyana un plant 1 kittuwakatawath awilla thiyenawada danne ne..
    2000ta kalin tama norochchole plant 1 enna tibbe..eka a kalema awann lankawe electricity unit price 1 meetath wada adu wenawa & meeta wada factories ehemath develop wela..dn oya panditha katha kiyapu type 1k un tama a project 1 delay kale..ehema tyeddi tama danatath enna tyena projects delay kranna hadanne..

    Anika tama Electrical Engslage gewal walata supply tyenawa anik unta supply ne kyala..mewata ithn reply krala wadak ne. Mara develop network 1k tyenna one EElage gewal identify kragena ewa witharak energize kranna..

    A wagema EElata labena deyak ne LNG awa kyala or Coal awa kyala..oya koi 1 awath labena salary 1 wenasak wenne ne..

    Tawa deyak..LNG gannawann ehema ganna loke tyena contracts gana ehemath hoyala liwwann hodai..danwath hoyala balannako monada contracts wala tyena disadvantages kyala..
     

    AmathiThuma

    Junior member
  • May 10, 2007
    61
    8
    8
    PUCSL කඩේ යමින් ගල් අඟුරු හොඳ නෑ කියන කතාවක් නේද?
    NGO LNG ඩොලර් වලට ලිපි ලියවුනා මදී
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    වද පොන්න රනිලගෙ නොහැකියාව වහ ගන්ඩ unp බැල්ලියක් ලියාපු එකක්..විදුලි බලාගාර නැතුව කලුවරේ ඉන්ඩ ගියාම තේරෙයි පොන්න බල්ලො රැලට..:yes:
    agamata kale mahindagamanayada?