පරිස්සම් නොවුනොත් පාඩුව තමන්ටමයි.. ගෑලවීමක් නෑ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://www.facebook.com/vishnu.vasu.lk

    අපේ පොඩි අක්කාගේ වැඩිමහල් පුතා මහේෂ් මියගියා. අද උදේ. මියයනකොට දරැවගේ වයස හතලිස් හතරයි. පොඩි දෝනිලාම දෙන්නෙක්. ලොකු කෙල්ලට දොලහයි. පොඩි එකීට නවයයි. මේ අපේ පවුලේ පළවෙනිම ඥාති පුත්‍රයා. ආදරේ වැඩිකමට කොල්ලා හැදුවේ අපි. උගේ අසූචි මූත්‍රාවල සුවඳ තාම මගේ අත්වල තැවරිලා. කොල්ලා රසකාමියා. හොඳ කවි පොතක්, නවකතාවක්, චිත්‍රපටියක්, ඉන්දියානු හෝ බටහිර සංගීත ප්‍රසංගයක් අතඇරියේ නැහැ. සාහිත්‍යට ඇළුම් කළා. කොල්ලගේ ආසම නවකථාව සේකරගේ තුංමංහන්දිය. නිතරම කිව්වේ මං එහි එන ලොකු මාමාගේ චරිතයට ආලවන්තයි කියලා.
    මහේෂ් කියන්නේ අහිංසක කමේ ප්‍රතිමූර්තියක්. කොල්ලව ආස්සරේ කරපු කවුරැත් මගේ කථාව අනුමත කරනවා විශ්වාසයි. මේ කොල්ලා මැරැණා කියලා හිතෙන කොට පපුව පලාගෙන යනවා. මගේ කොල්ලා මැරැණා නෙවෙයි මැරැවා. මේ සක්කිලි ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ.
    දරැවට කෝවිඩ් පොසිට්ව් වුනා. ඇඹුල්දෙනියේ ඉඳලා කළුබෝවිල ඉස්පිරිතාලෙට ගෙනිච්චා. කිසිම ප්‍රතිකාරයක් නොකර දවස් දෙකක් තියාගෙන ඉඳලා දරැවව තවත් රෝගීන් සමගින් බස් එකක දාගෙන පූනානි වලට ගෙනිච්චා. රාත්රී කාලයේ සිදුවූ ඒ වෙහෙසකර ගමනට පැය අටක් ගතවුනා.
    පූනානි කියන්නේ අමු අපායක්. ඒ ගැන මං අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. කිසිම ප්‍රතිකාරයක් නැහැ. බොන්න වතුර නැහැ. වතුර අදින්නේ බවුසරයකින්. සෝපානයක් නැති නිසා පස්වෙනි තට්ටුවේ ඉන්න ලෙඩ්ඩු වතුර ටික ගන්න තුන්වෙනි තට්ටුවට පඩි බහින්න ඕනේ. සමහර දවස්වලට දවල් කෑම එක හම්බ වෙන්නේ හවස හතරට. පුංචි පුංචි පැටවු අම්මලත් එක්ක ඇවිත් ඉන්නවා. පොඩි එවුන්ට කන්න දෙන්න බෙරි බත් ටිකක් ඉල්ලා ගන්න අම්මලා මරා ගන්නවා. නිදාගන්න කොට්ට නැහැ. වැසිකිලි උතුරනවා.
    මගේ කොල්ලට පැයෙන් පැය අමාරැ වුනා. ඒ වුනාට ප්‍රතිකාරයක් නැහැ. ඉන්හේලර් එකක් දීලා කිව්වා වරින් වර මේක උරන්න කියලා. පූනානි වලට කථා කරලා විස්තරයක් ගන්න දුරකථනයක් නැහැ. කොල්ලා කියපු දෙයක් විතරයි. පලතුරැ ටිකක්, සීනි තේ කොල ටිකක් ගෙනිහින් දුන්නේ කුරැණෑගල පදිංචි පුතාගේ නෑනා කෙනෙක්. ඒවා නොතිබෙන්න මැරෙන්නේ සාගතෙන්.
    පූනානි ඉන්න අතරේ දවසක් දුර ඇමතුමක් ආවා. "මාමා මේ ගොල්ලෝ මාව ඇම්බියුලන්ස් එකක දාලා කොහෙදෝ ගෙනියන්න යනවා" කියලා. කොල්ලට හුස්ම ගන්න අමාරැයි. ටිකකින් අපිව විසන්ධි වුනා. දරැව ගෙනිච්ච තැනක් හොයාගන්න රට වටේට කථා කළා. අන්තිමේ සර්වෝදය හදිසි උපකාර අංශය තමයි උදව් කළේ දරැවා ගෙනිච්ච රෝහල හොයාගන්න. මගේ දරැවා වැලිකන්ද ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටියා. දෙවනි දවසේ උදේ දරැවා කථා කරලා මට බැගෑපත්වෙනවා "මාමා මෙතන ඉන්න දොස්තරලාට කෝල් එක්ක දීලා කියන්නකෝ මට වැසිකිලි යන්න දෙන්න කියලා" මම ඇහුවා "ඇයි පුතේ නර්ස්ලා අටෙන්ඩෙන්ලා නැද්ද" කියලා. එතකොට කිව්වා "අනේ මාමා කීප වතාවක්ම කිව්වා ගනන් ගන්නේ නෑ" කියලා. මං කොළඹ ඉඳලා වැලිකන්දේ දොස්තරට බැගෑපත්වෙලා තමයි දරැවට වැසිකිලි යන්න සලස්සලා දුන්නේ. ඒ තමා අප අතර සිදුවූ අවසාන කථාබහ.
    එදා දවල් දරැවට අමාරැ වෙලා ඔක්සිජන් දෙන්න ගත්තා. පහසුකම් ඇති වෙනත් තැනකට මාරැ කරලා යවන්න ඇම්බියුලන්ස් එකක් හොයාගන්න කොට හැන්දෑවේ හතයි. පැය හතහමාරක වෙහෙසකර ගමනකින් පස්සේ දරැවව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ගේනකොට පාන්දර එකහමාරයි.
    එතැන් සිට අපි ඇගිලි ගැනමින් හිටියා දරැවා අද හොඳවෙයි හෙට හොඳවෙයි කියලා. ඒ වුනාට අද පාන්දර දරැවා සදහටම ඇස් පියාගත්තා. මේ මුළු සිද්ධිදාමය ඇතුලෙම තියෙන්නේ මේ කාලකන්නි ආණ්ඩුවේ අකර්මණ්‍යකම. ඒ ගැන අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැහැ. ඇති තරම් සාක්කි එලිපිටම තියෙනවා.
    දරැවගේ බිරිඳටවත්, දූලා දෙන්නටවත් අවසාන වතාවට කියලා තමන්ගේ ස්වාමි පුරැෂයාගේ, අප්පච්චිගේ, මිනියවත් බලන්න විදියක් නැහැ. හෙට උදේ පාන්දරට බොරලැස්ගමුව කනත්තෙදි දරැවගේ ආදාහන කටයුත්ත සිද්ධ වෙනවා. අද ඉදලා ජීවිතේ අළුතින්ම පටන් ගන්න වෙනවා.
    මටනං ජීවිතේ තියෙන තුරාවට උඹේ සුවඳින් මිදෙන්නට බැරිවෙයි පුතා.
    පරිස්සමින් ගිහිං එන්න රත්තරං.
    විෂ්ණු වාසු 2021 මැයි 16 ඉරිදා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ වෙලාවේ ආණ්ඩුවේ තියෙන නොසැලකිලිමත් කම,පණ්ඩිත කම,අසංවිධානාත්මක බව පක්ෂ විපක්ෂ භේදයක් නැතුව පිලිගන්න ඕනේ.මේවා හදපු කතා නෙවෙයිනේ.ආණ්ඩුවේ හරියට වැඩේ කරන්නේ සුදර්ශනී ඇමතිතුමිය විතරයි.වාසනාවකට එතෙන්ට විතරක් සුදුසු කෙනා දාල තියෙනවා.අනිත් ඔක්කොම වගේ වගකිවයුතු අංශ බාර දීල තියෙන්නෙ නුසුදුස්සන්ට.ඒකයි හේතුව
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    Correct.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මචන් මම එක දෙයක් තීරනය කරල ඉවරයි...මම කෝවිඩ් නිසා මැරුනොත් මගේ අවසාන කැමැත්ත විදියට ලියල තියන්න්නේ මේක.... මට ආදරය කල මගේ යාලුවන්ගෙන් මගේ නෑදෑයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ..මට දානයක් දෙනව හා සමානව හිතල මින් මතු කිසිම දවසක කිසිම චන්දයකදී මේ ලංකාවේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලන පක්ශයකට ,දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලකයෙකුට චන්දය දෙන්න එපා..හැමෝටම චන්ද පොලේදී මාව මතක් වේවා..මගේ ඉල්ලීමත් මතක් වේවා..
     
    උඹ මලා හෝ නොමලා (පතන්නේ නොමෑරි බේරේවා කියලා), ආයේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම එකෙක්ට සහා කලින් පාර්ලිමේන්තුවේ හිටපු කිසිම එකෙක්ට ආයේ චන්දේ දෙන්න එපා.. මුන් සේරම ලේ බොන කූඩෑල්ලෝ..
     
    අවසන් චන්ද ගනනාවක මම චන්දේ දුන්නේ මේ විදියට තමයි මචන්..ඉදිරියටත් එහෙමයි..(නොදන්නා කාලේ පවුලේ එඋන් දෙන පලියට දුන්නා..)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ වෙලාවේ ආණ්ඩුවේ තියෙන නොසැලකිලිමත් කම,පණ්ඩිත කම,අසංවිධානාත්මක බව පක්ෂ විපක්ෂ භේදයක් නැතුව පිලිගන්න ඕනේ.මේවා හදපු කතා නෙවෙයිනේ.ආණ්ඩුවේ හරියට වැඩේ කරන්නේ සුදර්ශනී ඇමතිතුමිය විතරයි.වාසනාවකට එතෙන්ට විතරක් සුදුසු කෙනා දාල තියෙනවා.අනිත් ඔක්කොම වගේ වගකිවයුතු අංශ බාර දීල තියෙන්නෙ නුසුදුස්සන්ට.ඒකයි හේතුව
    ආපු හැම ආණ්ඩුවක්ම ගසා කෑවා . බලයෙන් යුතු ප්‍රයෝජන ගත්තා. ඒවා කිසිම විදිහකින් හොද දේවල් නෙමේ ඒ උනාට කමක් නැ කියහන්කෝ. මේ ඉන්න ඇමති ඔක්කොම පරම්පරා ගානකට හම්බ කරලා තියෙන්නේ. එහෙව් එකේ මේ මැරෙන්නේ මිනිස්සු කියලා හිතලා මේකට හරි වැඩපිළිවෙලක් යොදන්න ඕනේ නේද? ඕකුන්ට ඕවා ලැබෙයි කවදා හරි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මචන් මම එක දෙයක් තීරනය කරල ඉවරයි...මම කෝවිඩ් නිසා මැරුනොත් මගේ අවසාන කැමැත්ත විදියට ලියල තියන්න්නේ මේක.... මට ආදරය කල මගේ යාලුවන්ගෙන් මගේ නෑදෑයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ..මට දානයක් දෙනව හා සමානව හිතල මින් මතු කිසිම දවසක කිසිම චන්දයකදී මේ ලංකාවේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලන පක්ශයකට ,දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලකයෙකුට චන්දය දෙන්න එපා..හැමෝටම චන්ද පොලේදී මාව මතක් වේවා..මගේ ඉල්ලීමත් මතක් වේවා..
    මම උබට පොඩි කතාවක් කියන්නම්. අපිට හිටපු වටිනාම හමුදාපති කෙනෙක් තමයි ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයා එතුමා වරක් කියලා තිබුණා එතුමා චන්දෙ දාන්න චන්ද පොලට යනකොට ඊට පැයකට කලින් එතුමගේ චන්දෙ වෙනකෙනෙක් දාලා කියලා. ඉතිං හිතාගනින්කෝ අපේ චන්ද වලට වෙනදේ. උබ නොදන්නවට චන්දෙ දවසට මැරිච්ච මිනිස්සුගේ චන්දත් රටෙන් පිට ජිවත්වෙන මිනිස්සුන්ගේ චන්දත් පාවිච්චි වෙනවා.
     
    මචන් ඉස්සර නම් එහෙම උනා..ඒ උනාට මේ ආන්ඩු මාරුවෙන විදියත් එක්ක දැන් එහෙම වෙනව කියල හිතන්න අමාරුඉ...හැබැයි යම් ප්‍රමානයකට වෙන්න පුලුවන්..ඉතාම සුලු ගානක්...
     
    • Like
    Reactions: malakadss

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචන් මම එක දෙයක් තීරනය කරල ඉවරයි...මම කෝවිඩ් නිසා මැරුනොත් මගේ අවසාන කැමැත්ත විදියට ලියල තියන්න්නේ මේක.... මට ආදරය කල මගේ යාලුවන්ගෙන් මගේ නෑදෑයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ..මට දානයක් දෙනව හා සමානව හිතල මින් මතු කිසිම දවසක කිසිම චන්දයකදී මේ ලංකාවේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලන පක්ශයකට ,දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලකයෙකුට චන්දය දෙන්න එපා..හැමෝටම චන්ද පොලේදී මාව මතක් වේවා..මගේ ඉල්ලීමත් මතක් වේවා..
    මම මේ රටේ ඉහළම අය ගැන දන්නවා. ආශ්‍රය කරලා තියෙනවා. නමුත් ඉතාම කණගාටුයි. ඕනෑම කෙනෙක් බලයට පත්වුණාම හොරු රැලක් වට වෙනවා. ඊට පස්සේ වැඩ වෙන්නේ ඒ අනුව.
    අපේ රටේ පක්ෂ දේශපාලනය මෙච්චර කල් තිබුනේ සහ තියෙන්නේ ප්‍රධාන පක්ෂ කීපෙක උන් පුටු මාරුකරකර ආතල් ගන්න විතරයි. හරි ක්‍රමවේදයක් හදනකන් මොන චරිත ආවත් වැඩක් නෑ. ඒ හරි ක්‍රමය තමයි අංක 1 නීතිය හදන එක.
    දැන් නාගා ආවා නං ගාන්න එපා, චරිත ගැන විශ්වාස කරන්න අමාරුයි. මිනිස්සු තම තමන් හැදෙන්න ඕන.
    අනික උඹ කියන දේ තව අවුරුදු කීපෙකින් කාටවත් මතක තියෙන්නේ නෑ. සෞඛ්යාරක්ෂිතව ඉන්න කියන එක අමතක වෙන උන්ට ඕව කොහොමත් මතක් වෙන්නේ නැහැ.

    යාලුවෙක් ඉන්නවා ඉන්දියන්. ඌ ඉන්දියන් රජය කරන දූෂිත දේවල් ගැන අහනකොට බඩ පපුව දනවා. ඒ වගේ පොදු දේශපාලනයක් තමා දකුණු ආසියානු රටවල තියෙන්නේ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    IMG_20210516_215603.jpg
     
    මචන් මට තව අවුරුදු ගානකින් චන්දෙදි මත්ක් වෙන එකට වඩා මෙතන දැන් මිනිස්සුන්ගේ මතය ඉන්න ආන්ඩුවට දැනෙන්න ඕනේ..අඩුම තරමේ මගේ ගෑනි ලමයිවත් මතක තියාගෙන ඉඳල කරයි නේ..මේ විදියට මැරෙන හැම පවුලකම එඋන් හිතුවත් ඇති වෙයි මේ යන විදියට,,,මොකද ඉස්සරහට දවසට මැරෙන ගාන ගොඩක් වැඩිවෙයි මෙහෙම ගියොත් ,,අඩුම තරමේ මෙහෙම දෙයක් සමාජ ගත උනොත් වත් දෙයක් කරයි... මැරෙන පවුල් පිටින් ආයේ මුන්ට චන්දේ දෙන්නේ නෑ කියන එක මුන්ගේ ඔලුවලට යන්න ඕනේ...මොකද හැම දේකටම වඩා මුන්ට වටින්නේ චන්දේ...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම මේ රටේ ඉහළම අය ගැන දන්නවා. ආශ්‍රය කරලා තියෙනවා. නමුත් ඉතාම කණගාටුයි. ඕනෑම කෙනෙක් බලයට පත්වුණාම හොරු රැලක් වට වෙනවා. ඊට පස්සේ වැඩ වෙන්නේ ඒ අනුව.
    අපේ රටේ පක්ෂ දේශපාලනය මෙච්චර කල් තිබුනේ සහ තියෙන්නේ ප්‍රධාන පක්ෂ කීපෙක උන් පුටු මාරුකරකර ආතල් ගන්න විතරයි. හරි ක්‍රමවේදයක් හදනකන් මොන චරිත ආවත් වැඩක් නෑ. ඒ හරි ක්‍රමය තමයි අංක 1 නීතිය හදන එක.
    දැන් නාගා ආවා නං ගාන්න එපා, චරිත ගැන විශ්වාස කරන්න අමාරුයි. මිනිස්සු තම තමන් හැදෙන්න ඕන.
    අනික උඹ කියන දේ තව අවුරුදු කීපෙකින් කාටවත් මතක තියෙන්නේ නෑ. සෞඛ්යාරක්ෂිතව ඉන්න කියන එක අමතක වෙන උන්ට ඕව කොහොමත් මතක් වෙන්නේ නැහැ.

    යාලුවෙක් ඉන්නවා ඉන්දියන්. ඌ ඉන්දියන් රජය කරන දූෂිත දේවල් ගැන අහනකොට බඩ පපුව දනවා. ඒ වගේ පොදු දේශපාලනයක් තමා දකුණු ආසියානු රටවල තියෙන්නේ.
    Mathaka na neme machan
    Amathaka karawanawa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    kata kedenakam bus wala , ATM polime , badu ganna polime randu kala , mask danna , meter distance eke inna
    kiyala , mata hina una samaharu , dan sapada thopilata , awrudu sapada :oo:

    දැන් තොපිලට රීලා පුක හෝදන එකත් ආණ්ඩුව කියනකම් / කොරනකම් ද ඉන්නේ
    ------ Post added on May 17, 2021 at 2:47 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මම එක දෙයක් තීරනය කරල ඉවරයි...මම කෝවිඩ් නිසා මැරුනොත් මගේ අවසාන කැමැත්ත විදියට ලියල තියන්න්නේ මේක.... මට ආදරය කල මගේ යාලුවන්ගෙන් මගේ නෑදෑයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ..මට දානයක් දෙනව හා සමානව හිතල මින් මතු කිසිම දවසක කිසිම චන්දයකදී මේ ලංකාවේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලන පක්ශයකට ,දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලකයෙකුට චන්දය දෙන්න එපා..හැමෝටම චන්ද පොලේදී මාව මතක් වේවා..මගේ ඉල්ලීමත් මතක් වේවා..

    Bump

    මම මේ රටේ ඉහළම අය ගැන දන්නවා. ආශ්‍රය කරලා තියෙනවා. නමුත් ඉතාම කණගාටුයි. ඕනෑම කෙනෙක් බලයට පත්වුණාම හොරු රැලක් වට වෙනවා. ඊට පස්සේ වැඩ වෙන්නේ ඒ අනුව.
    අපේ රටේ පක්ෂ දේශපාලනය මෙච්චර කල් තිබුනේ සහ තියෙන්නේ ප්‍රධාන පක්ෂ කීපෙක උන් පුටු මාරුකරකර ආතල් ගන්න විතරයි. හරි ක්‍රමවේදයක් හදනකන් මොන චරිත ආවත් වැඩක් නෑ. ඒ හරි ක්‍රමය තමයි අංක 1 නීතිය හදන එක.
    දැන් නාගා ආවා නං ගාන්න එපා, චරිත ගැන විශ්වාස කරන්න අමාරුයි. මිනිස්සු තම තමන් හැදෙන්න ඕන.
    අනික උඹ කියන දේ තව අවුරුදු කීපෙකින් කාටවත් මතක තියෙන්නේ නෑ. සෞඛ්යාරක්ෂිතව ඉන්න කියන එක අමතක වෙන උන්ට ඕව කොහොමත් මතක් වෙන්නේ නැහැ.

    යාලුවෙක් ඉන්නවා ඉන්දියන්. ඌ ඉන්දියන් රජය කරන දූෂිත දේවල් ගැන අහනකොට බඩ පපුව දනවා. ඒ වගේ පොදු දේශපාලනයක් තමා දකුණු ආසියානු රටවල තියෙන්නේ.

    නීතිය තමයි හදන්න ඕන බන්. ඒත් කවුද නීතිය හදන්නෙ?

    අන්න ඒකයි අලුත්ම පිරිසක් ඕන. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවෙ බහුතර බලය එන්න ඕන මෙතෙක් බලයේ නොසිටි පක්ෂයකට. ඒක JVP ත් නොවී වෙනස්ම එකක් වෙනවානං තමයි වඩාත්ම හොඳ.
    ------ Post added on May 17, 2021 at 3:02 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @erozan @N A K A M U R A mokada ban me ? gu n pee balliyek dapu post ekakda ?
    තමුසේ අපෙන්ද අහන්නෙ?තමුසෙත් බයියෙක් නේ..දැන් ඒ පාර ටොයි ජෙප්පෙක් උනාද?ඵහෙම වුනානම් ඒ විදිහට ඉන්නවා..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමුසේ අපෙන්ද අහන්නෙ?තමුසෙත් බයියෙක් නේ..දැන් ඒ පාර ටොයි ජෙප්පෙක් උනාද?ඵහෙම වුනානම් ඒ විදිහට ඉන්නවා..

    ponnnayo ubalage wali wenama thiya ganilla, kiyapanko dan me thread eke thiyana ekata uba monada kiyanne kiyala

    @erozan @nicjosh83 @2osama thread eka mis unanam menna ubalawa mentioned kara