#පරිසීලං_දිට්ඨි_භයං....
"අජිතා" ගමේ හිටි නොසන්ඩාලම එකා ය. වචන පහ හයකට වතාවක් ඌට ඉක්කාවක් එනවා ය. ඒ හන්දාම පොලීසියේ මහත්තුරු ඌට කීවේ "ඉක්කා අජිත්" කියලා ය. ඒකත් හරියට "පොට්ට නවුෆර්" වාගේම පාතාල නමක් ය. ගමේ උන් කීවේ "ඉක්කා" කියලා විතරක් ය.
ඉක්කා තරං දාමරිකයෙක් ඇමරිකාවෙත් නෑ ය. ඌ තරං පල් හොරෙක් හම්බන්තොටත් ය. ඌ තරං බොරුකාරයෙක් දියවන්නාවෙත් නෑ ය.
ඌ තරං පවුකාරයෙක් අපායෙත් නෑ ය..
උගේ ගමන ගං හතකට නෙලන්නට වාගේ ය. ඒත් දවසක් ගමට ආවේ ගම්පහෙනුත් ගුටි කාලා ය. තවත් දවසක් ගම්මැද්දේ එවුන් ඌ අල්ලලා ගස් බැදලා ය.
ඌ වැවට බැස්සාම වැව උගේ ය. වැවේ පදිංචි වෙච්ච දාර ගැට කිඹුලාත් ගොඩට එනවා ය.
වැහි කාලයට ඌ "ග්රීස් යකා" ය.
නියං කාලයට ඌ "හොංගි ජරා" ය.
අපේ අප්පච්චි නම් කීවේ ගෙට ගන්නට පුලුවන් කමක් තිබ්බා නම් පට්ටියේ නාඹර වැස්සියෝ දෙන්නාත් ගෙට ගන්නවා කියලා ය.
ජයේ මාමගෙ කුකුල් කොටුවෙන් බාගයකට වඩා කෑ නරියාත් "ඉක්කා" ය.
ටවුමෙ පොලීසියේ මහත්තුරු පොලීසියට වඩා හිටියේ "ඉක්කා" ගේ ගෙදර ය.
"ඉක්කා" ගෙදරට වඩා හිටියේ පොලිස් කූඩුවේ ය.
ගමේ ගෑණු එලි පහලියේ රෙද්දක් වනාගත්තේ "ඉක්කා" කුදලං ගිය දවස් වල ය. ඌ හිටියානම් වැල්වල එල්ලෙන ගෑණු රෙදි අතුරුදහං ය.
...................................
සිරිපාල මාමා ගමේ හිටි අවංක උපාසක ය. වෙජිටේරියන් හින්දා මසක් මාලුවක් වත් කෑවේ නෑ ය. බිත්තර නම් කෑවා ය. ඒත් ගං කිකිලි බිත්තර නෙමේ ය. ටවුං කිකිලි බිත්තර ය. උන්දා කීවේ ඒ බිත්තර වලින් පැටව් පූදින්නේ නෑ කියලා ය.
සිරිපාල මාමා ගෙදරට වඩා හිටියේ පංසලේ ය. හතර පෝයටත් වඩා වැඩියෙන් සිල් රැක්කා ය. දවල්ට හද දැක්කොත් එදා රෑ පංසලේ ය.
විහාර වර්ධන සමතියේ ලේඛම් මහත්තයාත් උන්දා ය. උන්දා ලේඛම් උන දවසේ ඉදන් විහාරයක් නම් වර්ධනය උනේ නෑ ය. ඒත් ගෙදර කක්කුස්සියත් ටයිල් කෙරුවා ය........
සිරිපාලගේ උපාසකම්මා "රමණී" නැන්දා ය. මිනිහා සිල් රැක්කාට ගෑනි සිල් බින්දේ පොල් මල පොලේ ගැහුවා වාගේ ය. ඒ තරං රමණයක් තවත් නෑ ය. උපාසක සිරිපාලගේ ගෑණි හින්දාම ගමේ උන් රමණි නැන්දාට කීවේ සිල් පදයක්ම ය. ඒ "වේරමණී" කියලා ය.
උන්දාට වේරමණී ගැලපෙන්නෑ ය. "හිරමණී" වාගේ එකක් ගැලපෙනවා ය. ඒ හිරමණයෙන් ගමේ කලටි කුරුම්බාත් ගා ගත්තා ය.
උපාසක ගෙදර මිණි පහණ "මිහිරි" නංගියා ය.ඒකි උඩින් මිහිරි උනාට යටින් අමිහිරි ය............
ඒකි ඉස්කෝලෙ රිටි පැන්නාලු ය. ඒ පැනපු රිටක් යටි බඩට අගල් තුන හතරක් යටින් ඇනිලාලු ය. ඒ කතාව මට කීවේ උන්ගෙ පන්තියේම හිටපු ආසිරියා ය.
මිහිරි දොඩං ගෙඩි දහ පහලොවකට වඩා උස නෑ ය. නැත්තේ උස විතර ය. දිගයි පළලයි ඕනෑවටත් වඩා තිබුනා ය.
උස අඩු හින්දාම ගමේ ගෑණු ඒකිට කීවේ "බට්ටි" කෙල්ල කියලා ය.
.................................
"ඉක්කා අජියා" පොලීසියෙන් කුදලං ගිහින් අවුරුදු දෙකක් විතර ගෙවුනා ය. ගමේ පන්සලට අලුත් හාන්දුරුවන්නාන්සේ කෙනෙක් වැඩියේ ඔය අස්සේ ය.
අම්මට හික්කඩු යන්ඩ වෙනවා ය. "ඉක්කා" සිවුරු පොරවලා ය.
දැන් ඉක්කා කියන්ඩත් බෑ ය. අපේ ආච්චි නම් කියන්නේ චීවරේට ගරු නොකරන එවුන් පොලොව පලාගෙන අපායට වැටෙනවා කියලා ය.
"අජියා" මහණ දම් පිරුවාට "ඉක්කා"ව සෝවාන් වෙලා නෑ ය. බණ පද දෙක තුනක් කටපාඩමින් දේසනා කෙරුවාට ඒ මැදිනුත් "හික්... හික්..." ගාලා ඉක්කාව එනවා ය.
ඉක්කා උන්නාන්සෙ දැන් සාන්ත ය. තෙල හිදෙන්නටම නිවිලා ය. ගිණි කාස්ටක මද්දහනෙත් රත්වෙච්ච ගලේ ඉදන් බවුන් වඩනවා ය. ඒක දකින අපේ ආච්චිත් ගෙදර ඉදන් ම සාදුකාර දෙනවා ය.
ඉක්කා උන්නාන්සෙගේ පෙනුමත් පින් පාට වැටිලා ය. ගමේ උනුත් ඉක්කා උන්නාන්සෙගේ ගති පැවතුම් වලට හිත් පහදවා සාදුකාර දුන්නා ය.
ඉක්කා උන්නාන්සේට ආවතේව කරන්නේ සිරිපාල උපාසක ය. ඒ පත්වීම ලැබුනේ ජාතික ලැයිස්තුවෙන් ය.
"මිණී මරල ඇගිලි කපාපු අංගුලිමාලත් රහත් උනානම්, ඉක්කා උන්නාන්සේ නිවන් යන්ඩත් බැරි නෑ ය"
එහෙම කියන්නේ සිරිපාල උපාසක මහත්තයා ය.
බලං ගියාම ඒකෙත් වැරැද්දක් නෑ ය....
..............................
සාන්ත දාන්ත ඉක්කා උන්නාන්සේ පංසලේ වැඩ කටයුතු බැලුවා ය. සිරිපාල උපාසක මහත්තයාත් අත් උදව් දුන්නා ය. ගමේ උන් දාන මාන දී පින් පිං පෙට්ටි පුරවා ගත්තේ මරණින් මතු යන තැනකට ගෙනියන්න්ට කියලා ය.
විහාරයත් ඇත්තටම වර්ධනය උනා ය. පංසල් ඉඩමේ බෝ පැල, කුඹුක් පැල ඉන්දුනා ය. පංසලට අලුත් එලියක් වැටුණා ය. පංසලේ වයසක ලොකු හාමුදුරුවෝත් ඉක්කා උන්නාන්සේට අනුසාසනා දුන්නා ය. ගමටම හද පෑයුවා වාගේ ය.
රමණි නැන්දාත්, බට්ටිත් හැමදාම ගිලංපස දැහැත් අරං යනවා ය. යන්නේ පිරුවට ඇදලා ය. එන්නේ අඩි තුන හතරක් උඩින් ය.
මාස හය හතක් ගින්නක් නැතුවම ගෙවුනා ය. ඒත් ගින්නක් නැති දුමක් තිබුනා ය. ඒ දුම පුදුම හිතෙන දුමක් ය. "බට්ටි" ඉක්කා උන්නාන්සේට වහ වැටිලා ය.
ඉක්කා උන්නාන්සේටත් "බට්ටි" ගේ ගිලංපසට වහ වැටිලා ය.
මටත් "සිරි යහන කැළඹේ" වගේ එකක් මැවිලා පෙනුනා ය.....
නිකිනි පෝය දවසේ ගමේ පෙරහැර පන්සලේ කොඩිගහ හිටවන අතරේ "ඉක්කා" උන්නාන්සේත් "බට්ටි" ත් සසරෙන් එතෙර වෙන්නට කියා පැනලා ගිහිල්ලා ය.
ඒ යන්නට කලියෙනුත් "ඉක්කා" උන්නාන්සේ සිරිපාල උපාසක මහත්තයාට "හික්...හික්..." ගගා බණ පදේකුත් දේසනා කරලා ය. සිරිපාල උපාසක මහත්තයාගෙන් බට්ටිව ඉල්ලලා තිබුනේ අමුතු බාසාවකින් ය. ඒ පාලි නම් නෙමේ ය. ටිකක් අම්බපාලිත් වගේ ය.......
"පරිසීලං දිට්ඨි භයං......හික්..."
සිරිපාල උපාසක මහත්තයාත් "එහෙයි අපේ හාන්දුරුවනේ" කියලා දෙපාරක් දොහොත් මුදුන් දී "සාධු...සාධු..." කියා වැදලා ය...........
.............ජනිදු.............
උපුටා ගැනීමක්
ස්තුතියි - Janidu D Wijewardana