පර වැඩ (.)(.)

Be_Positive

Well-known member
  • May 27, 2022
    962
    1,150
    93
    ඔබ අවසන් වරට කරන ලද පර වැඩ ගැන මේ thread එකේ පල කරන්න.

    ලෝවැඩ සඟරාව
    *****************

    1. අත් වැඩ පර වැඩ සමව සිතන්නේ
    මෙත් සිත සව් සත කෙරෙහි කරන්නේ
    එත් බැරි නම් තොප සසර ගෙවන්නේ
    සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ

    අරුත:-

    තමන්ගේ වැඩත් අනුන්ගේ වැඩත් එක සමාන ලෙස අගය කොට සිතන්න. සියලු සතුන් කෙරෙහි මෛත්‍රී චින්තනය ඇති කරන්න. ඒ බැරි නම් තෙපි සංසාරයේ ම කාලය ගෙවන්නාහුය. ශාන්ති වූ නිවන් පුරයේ සැප තෙපි කෙසේ ලබන්නද?


    2. මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ
    කුස් පිරුමක් ඵලයක් නො ලබන්නේ
    ලෙස් ඒ සැපතෙහි ලොබ නො සිතන්නේ
    දොස් නොපෙනෙනු මිස දුක් මයි වන්නේ

    අරුත:-

    බල්ලා මස් ලේ නැති ඇට ලෙවකන්නේ ය. එහෙත් ඉන් බඩ පිරීමක්වත් වෙනත් ප්‍රතිඵලයක් වත් නොලබයි. ඒ විදියට සැපයට ලෝභය ඇති කර නොගන්න. එසේ ආශා කිරීමේ දෝෂයක් පෙනීමට නැතත් ඇති වන්නේ දුකක්ම ය.


    3. මස් කැටියක් ගත් උකුසෙක් අහසේ
    මස් නොදැමුව උකුසන්ගෙන් වැනසේ
    පස්කම් රස ලොබ කළහොත් එමසේ
    පස් විසි මහ බයකින් දුක් සැලසේ

    අරුත:-

    අහසේ පියාසර කරන උකුස්සෙක් තම මස් කැටිය බිම නො දැමුව හොත් වෙනත් උකුස්සන් ගෙන් විනාශයට පැමිණෙයි. එම අයුරින් පස්කම් සැප රසයට ලෝබ කළ හොත් මහා භය විසි පහකින් දුක් පැමිණේ.

    වීදාගම මහා මෛත්‍රිය තෙරණුවන් විසින් රචිත ලෝවැඩ සඟරාවෙන් උපුටා ගත්තකි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,841
    113
    පූසන්ට, කුරුල්ලන්ට කන්න දුන්න. ඊයේ සිඟමන් යදින මනුෂ්‍යයෙක්ට ආධාරයක් දුන්න.

    ඊලඟ ප්‍රාදේශිය සභාවට චන්දෙ ඉල්ලන්න නේද හදන්නේ?
     
    • Love
    Reactions: Inigo Montoya