පලතුරු දුම් ගසා ඉදවීම

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    IMG_0034.jpeg


    පලතුරු දුම් ගසා ඉදවීම
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    දුම් ගහන එකනම් කමක් නැහැ. දැන් කරන්නේ කෙමිකල් එක කෙල්න්ම කෙසෙල් කැන් වලට spray කරන එක. කඩවල් වලට ගමේ ඒවා ආවාත්, පොහොර නොගහපු එක ආවත් කඩේ එකා ඕක කරනවා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මම මේ සැරේ අවුරුද්දට කෙසෙල් කැන් දෙකක් ඉදෙව්වා ඔහොම. ඉස්සරලාම වල කපලා පොල් කොල දාලා වල පුච්චන්න ඕනි. ඊට පස්සේ බිලිං කොල හරි, කැප්පෙටියා කොල හරි දානවා කෙසෙල් කැන වටේ වටේට ගෙඩි වල හොදට ගෑවෙන විදිහට. ඊට වලේ පතුලට කෙසෙල් කොල දාලා අර කෙසෙල් කැන තියලා ඊට උඩිනුත් කෙසෙල් කොල දානවා. පස්සේ ලෑලි ටිකක් උඩින් දාලා වල වහලා ඊට උඩින් දුම එලියට නොයෙන විදිහට කෙසෙල් කොල/ වියපු පොල් අතු හෝ පොලිතින් එකක් දාලා ඊට උඩින් හොදට පස් දානවා හිරවෙන්න. පස්සේ වලේ පැත්තකින් අගල් 4ක විතර බටයක විදිහට උමගක් හාරනවා වල ඇතුලට දුම ගහන්න පුලුවන් වෙන්න. ඒ වල ඇතුලට හොදට වේලුනු පොල් කොහු හරි කරුංකා ලෙලි හරි දාලා ඒකට කරල් මිරිස් කීපයක් දාලා ගිණි අගුරු ටිකක් දාලා ඒටික අර උමග ඇතුලට දාලා කොලපතකින් හරි කුල්ලකින් හරි කවුලුවට හොදට හුලං නදින විදිහට හුලං ගහනවා. එතකොට වල ඇතුලට දුම ගිහිල්ලා අර දාපු ලෑලි අස්සෙන් එලියට එනවා. ඒ දුම පිටට එන තැන් බලලා තද කරන්න ඕනි. පස්සේ අර කවුලුව පස් ඇතුලට නොයන්න පොල් කට්ටක් වගේ එකක් දාලා වහලා ඊට උඩින් පස් දාලා වහනවා. ඊට පස්සේ ඉතින් උදේ හවස දුම් ගහන්න ඕන. ඉක්මනට ඉදවන්න ඕනි නම් නූල කපපු රතින්නා කරලක් හරි වියලි මිරිස් කරල් කීපයක් හරි දාලා දුම ගහන්න ඕනි. දවස් කීපෙකින් අර කවුලුවෙන් ඇතුලට අත දාලා කෙසෙල් ගෙඩි මිරිකලා බලන්න ඕනි.

    ප.ලි - කෙසෙල් කැන් වලට දාන්න කලින් වතුර පාරක් ගහන්න. මතක ඇතුව කෙසෙල් වල් ඇතුලෙන් තියද්දි වහල්ල තියන පැත්ත දුම වදින කවුලුව පැත්තට තියන්න ඕනි. එතකොට තමයි ඒ පැත්තේ ඉදලා ඉදෙන්න පටන් ගන්නේ

    දුම් ගහපු කෙසෙල් වල වාසි - කැනම එකපාර ඉදෙන්නේ නෑ. උඩ ඉදන් පිලිවෙලකට ඉදෙන්නේ. කෙසෙල් වල ස්වභාවික රස වෙනස් වෙන්නේ නෑ. කෙමිකල් ගහලා ඉදවපුවා දිය රහයිනේ. ගොඩක් දවස් නරක් නොවී තියාගන්න පුලුවන්.