පලවෙනි ගුවන් ගමනේදී තමන්ට Airport දැනුනු හැගීම බෙදාගමුද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,224
    12,019
    113
    මම නම් ජීවිතේට ප්ලේන් ඒකක ගිහිල්ලා නෑ මචං. ඒ්ත් මට ලොකු චාන්ස් ඒකක් ආවා ව්‍යාපෘතියකට යන්න. වෙන රටකට ..ඉතින් මම ඒදා පලවෙනියටම ප්ලේන් ඒකේ ගිය ගමන.ඒයාපෝට් ඒකේදී දැනුන හැගීම අපමණයි මචං. පොඩි කාලයකට වුනත් ගෙදරින් යනවා කියන්නේ..හිතේ හිරවුනු මොකක්දා් මහා වේදනාවක් ආවා..ආරංචි විදියට තාත්තා සෑහෙන වෙලාවක් ගෙදර යන්නැතුව ඒයාපෝට් ඒකේ හිටියා කියලා අම්මා කිව්වා. ඒ් වේදනාව. පිට කරගන්න විදියක් නැතුව...

    ප්ලේන් ඒකේ ගිය පලවෙනි වතාව මගේ.. මට හම්බුනේ අයිනේ ඒකක්..ඉතින් ටිකක් රිලැක්ස් වෙලා හිටියා. ටී ද? කෝෆි ද කියලා ඇහුවම බිරන්තට්ටු වුනා. ටී කිව්වම අලි ජෝග්ගුවක් ඇදගත්තු ගෑනියෙක් කෝප්පෙකට වක් කලා .. ඔය ටීවී වල පෙන්නන හුරතලේ ඒතන නැහැ.. ලොල්. ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගේ හැගිමක් ආවේ..ටික ටික මේ මගුල උඩ නග්ගනකොට දත කට පූට්ටු වුනා. ඒ මදිවට ඒකෙක් ලග ඉදන් චාර්ජරෙත් ඉල්ලුවා...ෆෝන් චාජ් කරන්න

    දැන් තමයි හොදම හරිය..මගක් යනකොට හුජ්ජ බරයි. ඒ් මදිවට ප්ලේන් ඒකේ ලයිට් ඩිම් වෙලා..හිමින් හිමින් ලැට් ඒකට ගියපි. වැඩෙත් කරලා. බටන් ඒක ඒබුවම හුචැස් ගෑවා.. හම්මෝ...යකෝ ලැට් ඒකේ පවර් ඒක.

    ඒතන ඒයාහොස්ටර්ස් ලා අපිට තමුන්ගේ දරුවන්ට වගේ සලකන්නේ.. හොද ට්‍රෙිකක තියලා කෑම අල්ලලා..චූටි පනිට්ටුවක් දුන්නා වතුර බොන්න.මම කිව්වා . ටිකක් මදි ..තව බොමුත කියලා

    මතු සම්බන්ධයි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    උඩට නග්ගද්දි ඔන්චිල්ලාවේ වගේ පාවෙලා යන ෆීලින් එක මාරම ආතල්. පළවෙනි පාර තමා ඒකේ ආතල් එක උපරිම. දෙතුන් පාර යද්දි නම් හුරු වෙනවා
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    mage first eka kawruthma nethuwa thaniyama giyeee, Athul weddima wena ekekwa note karagena mans karana karana de karaaaa :D
    Gate open da blanne nethuwa athulatath giyaaa etin :D passe waadi wela hitiyaa Gate open wenakan :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මං එදා පුළුවන් හැම දේම වීඩියෝ කරගත්තා (පළවෙනි ගමන නේ). මං ගිය plane එකේ ගොඩක් සෙනග හිටියේ නෑ. එහා පැත්තේ සුද්දට මාව හෙන වදයක් උනා. ඌ ගිහින් එහා පැත්තේ කවුරුත් නැති සීට් 3 ඒකක වාඩි උනා. මං ගියේ window seat එකක.

    එන්ජිම බොර බොර ගාල ඇදලා කරලා එද්දී බය හිතුනා ඇයි ඉතින් film බලලා තියෙනවානේ take off කෙල වෙන ඒව

    යන්න කලින් BIA එකේදි කෝපි එකක් බිව්වා. බුදු අම්මෝ මේවායේ ගණන් කියලා හිතුනා $17ක් වගේ ගියා කෝපි එකටයි තව මොකද්ද බනිස් එකකටයි

    ලියන්න නම් දේවල් එමටයි. මේ phone එකේ ඉඳන් ලියන්න අමාරුයි
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    First time

    මම ගිහින් ඇහුවා බැගේජ් එක ගන්න පුලුවන් ද කියලා, flight එකට නගින්න කලින්.. උන් කිව්වා ඔයා යන රටේ දී අහන්න ඒක. 😂

    උඩින් යද්දී කණේ අමාරුවක් ආවා.... බුදු අම්මේ කියලා කියවුනා..... ලඟ හිටපු සුද්දා මොකද මල්ලියේ කියලා ඇහුවා 😂 (මෑන් Sri Lankan) Chewing gum දුන්නා හපන්න කියලා. එතකොට හරි ගියා.
    දැන් නම් කණේ පුළුන් ගහගෙන යන්නේ.

    Later
    එයාර් ලංකාවේ පට්ට කැල්ලකින් පුළුන් ඉල්ලුවා ම ඉණ අතගාලා, පණාව තියලා ඉටිපන්දමකින් පැකට් කරපු පුළුන් දුන්නා.. 😂
    දුක හිතුනා යකෝ.... අරකි ගෙදරින් ගෙනාපු එකක් වෙන්න ඇති.

    Later
    KLM එකේ යද්දී 3M USA made ear plugs දුන්නේ ... ඇඬෙනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    Flight එක පොලොවෙන් උස්සපු ගමන් මහ guilty feeling එකක් ආවා බන්.. ශික් අපරාදේ ආවේ අම්ම තාත්ත දාලා කියල..


    පස්සේ ශේප් උනා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113
    ඵහෙම මුකුත් දැනුනෙ නෑ..බයක් ඵන්නෙ take off කරනකොටයි land කරන කොටයි..මොකද වැඩියන්ම crash වෙන්නෙ ඔය දෙක කරනකොට නිසා..
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ පලවෙනි එක ගියේ මාලේ 2012 දී .ඔක්කොම immigration process එක ඉවරවෙලා.ගිහින් සෙට් උනා හෙන දිග පෝලිමකට (යකෝ මුකුත් දන්නේ නෑ මොකෝ අපි ඉපදුනු දවසේ ඉදන් පෝලිමේ ඉදන්නේ පුරුදු ) ටිකක් වෙලා යනකොත් තේරුනේ එක මැලේසිය යන එක කියල . එකක් හුටා ඊටපස්සේ තමයි තේරුම් ගත්තේ හැමපෝලිමකම ඉදල හරියන්නේ නෑ කියල.(ඉංග්‍රීසි ගැන බයවෙන්න එපා පොඩි පොඩි විස්තර තමයි අහන්නේ immigration එකෙන් .ප්‍රශ්න අඩුකරගන්න නම් ඔක්කොම documents ටික උන්ට දෙන්න වැඩිය කඩ්ඩ බැරිනම් ,ticket ,hotel booking වගේ දේවල් . උන් ඕනකරන වැඩටික කරලා දෙයි.උන් ඕව තමයි අහන්නේ කොහෙද ඉන්නේ, කවද්ද යන්නේ ,මොකටද ආවේ ,... ලංකාවේ immigration හැත්තට නම් සිංහලෙන් කතාකරපන් ) airport එක ඇතුලෙන් කන්න එපා කෙළවෙන ගණන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    ප්ලේන් එක කටුනායක එයාපෝට එකෙන් නග්ගන කොට බොක්ක කුල් වෙලා යනවා..
    පොඩි කාලේ ඔංචිල්ලා පදින කොට එන්නේ ආන්න ඒ සීන් එක.

    එළිය වැටිලා කවුළුවෙන් එහා බැලුවාම වළාකුළු කපාගෙන යනකොට අමුතුම ලල් එකක් එනවා..
    තව ටිකක් අහස පැහැදිලි වෙලා පොළෝ තලේ පෙන කොට දෙයියෝ බුදුන් සිහිවෙනවා කඩන් වැටුනොත් කියලා.