පලවෙනි දෙමල සොම්බි කතාව
මිත්‍රශීලි අනතුරු හැඟවීමක් පමණයි
(spoilers)
ලඟදි පලවෙනි දෙමල සොම්බි කතාව කියලා ජයම රවී රඟ පාන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා මිරුතන් කියලා.. සොම්බි කතාවක් නිසා මාත් මාස ගානකට පස්සෙ දෙමල දෙමල කියල බලන්නේ නැතුව බැලුවා ඉතින්.
ඒක බැලුවට පස්සෙ ඇති වෙච්ච ෂොක් එකට මට පෙනහළු පිළිකාවක් එක්ක ලෙඩ වර්ග 341 හැඳුනා.
ඉන්දියාවේ සොම්බිලාත් කොච්චර සාධාරණද කියලා කියනවනම් එහෙ ඉන්න මැරයෝ වගේම එක එක්කෙනා තමයි හපන්න එන්නේ. තමන්ගේ වාරේ එනකම් අත් හොල්ල හොල්ල රවුමක් හැදිලා බලන් ඉන්නවා. සොම්බිලා සියක් දෙසීයක් වට වෙලා ඉන්නැද්දි ප්‍රධාන නළුවා එක එක්කෙනාට නෙලද්දී තමයි මට කැස්සත් එක්ක ලේ එන්න පටන් ගත්තේ.
තව තැනක සොම්බි බවට හැරිච්ච ඩොක්ටර් කෙනෙක් ප්‍රධාන නළුවාගේ නංගිව එතනම හපන්න හදන්නේ නැතුව උස්සන් දුවනවා හංගගෙන කන්න වගේ. වීඩියෝ ගේම් වල ඉන්න සොම්බිලත් මේ චිත්‍රපටියේ ඉන්න අයට වඩා හොඳට ඇනිමේට් කරලා තියෙනවා. නංගිගේ ලේ වයිරස් එකට ප්රතිවිරුද්දයි. එහෙම වෙන්න හේතුවක්වත් දෙන්නේ නෑ. ඒ වුනත් එක ලේ අයියා සොම්බි වෙනවා. තව කට්ටිය විද්‍යාගාරයකට යනවා බෙහෙත් හදන්න.. ගිහින් විනාඩි ගානෙන් බෙහෙත රෙඩි..
මිත්‍රශීලි අනතුරු හැඟවීමක් පමණයි
(spoilers)ලඟදි පලවෙනි දෙමල සොම්බි කතාව කියලා ජයම රවී රඟ පාන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා මිරුතන් කියලා.. සොම්බි කතාවක් නිසා මාත් මාස ගානකට පස්සෙ දෙමල දෙමල කියල බලන්නේ නැතුව බැලුවා ඉතින්.
ඒක බැලුවට පස්සෙ ඇති වෙච්ච ෂොක් එකට මට පෙනහළු පිළිකාවක් එක්ක ලෙඩ වර්ග 341 හැඳුනා. ඉන්දියාවේ සොම්බිලාත් කොච්චර සාධාරණද කියලා කියනවනම් එහෙ ඉන්න මැරයෝ වගේම එක එක්කෙනා තමයි හපන්න එන්නේ. තමන්ගේ වාරේ එනකම් අත් හොල්ල හොල්ල රවුමක් හැදිලා බලන් ඉන්නවා. සොම්බිලා සියක් දෙසීයක් වට වෙලා ඉන්නැද්දි ප්‍රධාන නළුවා එක එක්කෙනාට නෙලද්දී තමයි මට කැස්සත් එක්ක ලේ එන්න පටන් ගත්තේ.

තව තැනක සොම්බි බවට හැරිච්ච ඩොක්ටර් කෙනෙක් ප්‍රධාන නළුවාගේ නංගිව එතනම හපන්න හදන්නේ නැතුව උස්සන් දුවනවා හංගගෙන කන්න වගේ. වීඩියෝ ගේම් වල ඉන්න සොම්බිලත් මේ චිත්‍රපටියේ ඉන්න අයට වඩා හොඳට ඇනිමේට් කරලා තියෙනවා. නංගිගේ ලේ වයිරස් එකට ප්රතිවිරුද්දයි. එහෙම වෙන්න හේතුවක්වත් දෙන්නේ නෑ. ඒ වුනත් එක ලේ අයියා සොම්බි වෙනවා. තව කට්ටිය විද්‍යාගාරයකට යනවා බෙහෙත් හදන්න.. ගිහින් විනාඩි ගානෙන් බෙහෙත රෙඩි..

patta yako joke film ekak wage