යන දවස
ඔන් ලයින් චෙකින්
ගමන පිටත් වෙන්න පැය 24 තියෙද්දි එයා ලයින් එක එයාලගෙ ඔන් ලයින් චෙකින් සිස්ටම් එක ඕපන් කරනවා. තමන්ගෙ ටිකට් එකේ විස්තර එයා ලයින් එකේ සයිට් එකට දාල ඔන්ලයින් චෙකින් වෙන්න පුලුවන්නම් එයා පෝට් එකට ගොඩක් කලින් යන්න අවශ්‍ය නෑ. සාමන්යෙන් ෆ්ලයිට් එක පිටත් වෙන වෙලාවට පැය 3 කට කලින් තමයි එන්න කියන්නෙ. ඔන් ලයින් චෙකින් වෙච්ච කෙනෙකුට පැය එක හමාරකට කලින් එයා පෝට් එකට ආවම ඇති කියනවා. ඔන් ලයින් චෙකින් වෙන අයට ඒ වැඩේට ප්‍රින්ටර් එකක් හෝ එයා ලයින් එකේ ෆෝන් ඇප් එකක් ඕන වෙනවා චෙකින් උනාට පස්සෙ ජෙනරේට් වෙන බෝඩින් පාස් එක ගන්න. එකම තමයි එයා පෝට් එක ඇතුලෙදි කවුන්ටරෙන් නිකුත් කරන්නෙ. ඔන් ලයින් චෙකින් වෙච්ච අයට එයා පෝට් එක ඇතුලේ වෙනම කවුන්ටර් තියනවා. ඒ කවුන්ටර් වල සාමන්යෙන් පෝලිමක් ඇත්තෙම නෑ. ගොඩක් අය ඔන් ලයින් චෙකින් වෙන්නෙ නැතුව ඇවිල්ල සාමාන්‍ය පෝලිමේ යනවා.
බර
ටිකට් එකේ සඳහන් නියමිත බර ප්‍රමනෙට වඩා බර දාගෙන ගිහිල්ල කවුන්ටරේ බර බලන වෙලාවට නෝන්ඩි වෙන්න එපා. සාමාන්යෙන් චෙකින් කරන බග් එක කිලෝ 2 - 3 වැඩි උනාට කවුන්ටරේ හොඳ එකෙක් හිටියොත් ප්‍රශ්න කරන්නෙ නැතුව යන්න දෙනවා. දන්න විදිහට උන්ට කිලෝ 4 යනකන් පොඩි චාන්ස් එකක් දෙන්න පුළුවන්. ඒත් හොඳම දේ තමයි බර වැඩි කරගන්නේ නැතුව යන එක.
අනුන්ගෙ බඩු
එයා පෝට් එකේදී ලස්සන කෙල්ලෙක් හරි අත දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් හරි ඇවිල්ල අනේ කොල්ලො මගේ බැග් එක ටිකක් බර වැඩි උනා මමත් යන්නෙ ඔයා යන රටටමයි මගේ පාර්සලේ ගිහින් දෙන්න බැරිද කියල ඇහුවොත් කෙලින්ම බෑ කියපන් පුතේ. හිතන්න එපා දැන්නේ දෙයියෝ මගේ දිහා බලන්නෙ කියල. උඹ ඕක අරන් යන ගමන් ඔය දෙන පාර්සල් එකක් ඇතුලේ තිබිල මොනවා හරි නීති විරෝධී දෙයක් අහු උනොත් උඹට උඹ විතරයි.
බඩු චෙක් කිරීම
ඉස්සෙල්ලම ඇතුලට යනකොට බැග් ස්කෑනර් එකක් ඇතුලෙන් ඇරලා චෙක් කරනවා. මේක එච්චර තදට කරන චෙක් එකක් නෙමේ. මේ වෙලාවේදී තමන්ට ඕන වතුර බෝතල් වගේ ඒවා තිබුනට ප්‍රශ්නයක් නෑ. එතනින් ඇතුලට තමන් යනවා බලන්න ආපු නෑයන්වත් අරගෙන යන්න පුළුවන්. ඒකට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව ළඟ තියන එයා ලංකා ඔෆිස් එකෙන් ටිකට් ගන්න ඕන. මේ කොටසෙ තියනවා කීල්ස් සුපර් එකක්. ඒකෙන් ඕනනම් තමන්ට ඕන වතුර බෝතලක් බිස්කට් පැකට් එකක් වගේ දෙයක් ගන්න පුළුවන්. මමනම් මෙතනින් හැමදාම වතුර බෝතලයක් ගන්නවා, සමහර වෙලාවට කඩල පැකට් එකක් වගේ ෆ්ලයිට් එකේදී හපන්න පුළුවන් දෙයක් ගන්නවා.
ඊට පස්සෙ තියන කොටස ඇතුලට යන්න පුළුවන් තමන්ට විතරයි. එතෙන්ට යන්න කලින් නැන්දලා මාමලට නෝනට කෙල්ලට කිස් එකක් එහෙම දීල සමු ගන්න ඕන.
ඊට පස්සෙ ආපහු බැග්ස් චෙක් කරනවා. මෙතැනදී ටිකක් හොඳට බලනවා. මේ වෙලාවෙදිත් තමන්ගෙ වතුර බෝතල් වගේ ෆ්ලයිට් එක ඇතුලට ගෙනියන්න දෙන්නේ නැති දේවල් අරන් යන්න දෙනවා.