පොර ගැන මම ටිකක් youtube එකේ හොයලා බැලුවා.මට නම් පොරව හේතූ කිහිපයක් නිසා විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ .
1.පල්ලෙවත්ත මෛත්‍රීගේ ලඟම නෑදෑකෙනෙක්..මිනිහා කරළියට එන්නේ 2015 අවුරුද්දෙන් පස්සේ දේශපාලනයට එන මනුස්සයෙක් අඩුමතරමේ ජනාධිපතිවරණයට එන්න කලින් තමන්ගේ මතවාදය ව්‍යාප්ත කරන්න මොකක් හෝ මාධ්‍යකින් මිනිස්සු අතරට එනවා. (මුද්‍රිත මාධ්‍ය,විද්‍යුත් හෝ සමාජ මාධ්‍ය ) . මොකද ලංකාවේ පිරිහීම පටන්ගත්තේ මෛත්‍රී ආවම නෙමේනේ..කාලයක් තිස්සේ අපි යන්නේ පස්සට.ඒත් මෛත්‍රී ජනාධිපති වෙනකල් රොහාන් පල්ලෙවත්ත ඉන්නවද මළාද කියලා හොයන්න නෑ.
2.මෛත්‍රී දෙවෙනි වතාවේ ජනාධිපතිවරණයට ඉල්ලුම් කරන්නේ නෑ කිව්වා . එහෙම කියන්න ඇත්තේ ඒ කාලේ මිනිස්සුන්ගේ විස්වාසය දිනා ගන්න.සමහරවිට මෛත්‍රී ඉල්ලුවේ ඊළග මැතිවරණයට ඉල්ලුවේ නැත්නම් ඔහු අනිවාර්යයෙන් පල්ලෙවත්ත දිනවන්න වැඩ කරන එක ස්ථිරයි . .
3.බැසිල් රාජපක්ෂට තමන්ගේ නිවාස ඉස්සරහා ඉඩම ගන්න උදව් උපකාර කරලා තියෙන්නේ රොහාන් පල්ලෙවත්ත.ඒකට හේතුව විදිහට ඔහු කියන්නේ බැසිල් ඒ දවස්වල ගම්පහ දිස්ත්‍රික්කයට කරපු අතිවිශාල සේවය.( බැසිල්ගේ දේශපාලන කියවීම ගැන පල්ලෙවත්තට තියෙන අවබෝධය එකයි).
4.මෛත්‍රීට රනිල් එළවලා ,මහින්ද ගේන්න උදව්කරපු දෙතුන් දෙනාගෙන් බැසිල් ප්‍රධානයි .