පව් කරන හැමෝ ම දුක් විඳිනව ද??
‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි.
ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා..
“ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්.
බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්.
මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි.
“පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු..