පවිත්‍රාගෙන් සහතිකයක්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පවිත්‍රාගෙන් සහතිකයක්

    ආණ්ඩුවේ මැති ඇමතිවරු ගැන පවිත්‍රාගෙන් සහතිකයක්

    මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු කුමන්ත්‍රණවලට හසුවී පක්ෂයෙන් නොයන බව විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන්කර සිටියාය.

    විදේශ බලවේගවල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා ඉත්තෙකු බවට පත්වීම තමන් කණගාටුදායක වන බවද ඇය එහිදී පෙන්වා දුන්නාය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා පාවාදීමක් සිදුකර ඇති බවත්, මේ වන විට තමන්ට හැගී යන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා යනු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමට වෙර දරණ එක ඉත්තෙකු පමණක් බවත් වන්නිආරච්චි මහත්මිය එහිදී පැවසුවාය.

    තවද එළඹෙන මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ 25කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් නැවතත් ජනාධිපතිධූරය සඳහා හිමිකම් කියන බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා පක්ෂය හැරදමා ගියද සිය පස්ෂය ඇද නොවැටෙන බව එම අවස්ථාවට සහභාගී වූ වරාය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.

    තවද පසුගිය දිනවල සිදු වු සිද්ධීන් දේශපාලන කුමන්ත්‍රණ බවත්, මහින්ද රාජපක්ෂ මහතා දිනවීමේ සටන ක්‍රීයාත්මක කිරීමට තමන් ඇතුළු පිරිස සුදානම් බවත්, අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා එල්.ටී.ටී.ඊ. ගිවිසුමේ ප්‍රතිඵලය ලෙස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එළිබැස ඇති බව එම මාධ්‍ය හමුව ඇමතූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය.


    From Adaderana

    Katu Kana Bitch :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    news%5C2008%5C3%5Cimages%5Cnewsmahinda_pavithra.jpg
     

    Similar threads