පවුලක්_බේරාගත්_දෙහැවිරිදි_දැරියක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පවුලක්_බේරාගත්_දෙහැවිරිදි_දැරියක්

ඔස්ට්‍රේලියාව: පිටුවහල් කිරීමෙන් පවුලක් බේරාගත් දෙහැවිරිදි දැරියක්



_108557431_children.jpg



ගුවන් යානයක් ආපසු හැරවීමට මුල් වූ දෙහැවිරිදි 'ධරුනිගා' (Dharuniga)ළදැරිය(වමේ)






ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ගුවන් යානයකට පටවා මධ්‍යම රාත්‍රියේ එරටින් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දමිළ පවුලක් කිලෝමීටර් තුන්දහසක් (3000) තරම් දුරක් පියාසර කරමින් සිටියදී ආපසු කැඳවීමේ නියෝගයක් ලබා ගැනීමට එම පිටුවහල් කරනු ලැබීමට එරෙහි ක්‍රියාධාරයෝ සමත් වූහ. ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එරට දේශපාලන සරනාගතභාවය අයදුම් කරන ලද යුවළක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එම දුර්ලභ අත්දැකීමට මුහුණ දුන්හ. ඔස්ට්‍රේලියාවේ 'ක්වීන්ස්ලන්ඩ්' ප්‍රාන්තයේ පදිංචිව සිටි එම පවුල පසුගිය මාර්තු මාසයේ බලහත්කාරයෙන් රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙනයනු ලැබීමත් සමඟ එම පවුලේ ඉරණම ජාතික මට්ටමේ මහජන විරෝධයකට පවා හේතු වී තිබුණි.


එහෙත් එම දමිළ පවුල 'සරණාගතයන් නොවන' බව තීන්දු කළ ඔස්ට්‍රේලියානු බලධාරීහු ඔවුන් පිටුවහල් කරනු ලැබීම සිකුරාදාත් (අගෝස්තු 30) යුක්ති සහගත කළහ."අපේ රටේ රැකවරණ ලබන්නට එම පවුලට අයිතියක් නැහැ" ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු භාර ඇමති පීටර් ඩට්න් (Peter Dutton) එරට මාධ්‍යයට ප්‍රකාශ කළේය. අදාළ දමිළ පවුලේ සරණාගත අයදුම්පත් පුළුල් සහ සවිතරාත්මක මට්ටමින් සලකා බලන ලද බවත්, ආගමන -විගමන නිලධාරීන් විසින් එම අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් ඇමතිවරයා පවසයි.



සිය සරණාගත අයදුම්පත් බැහැර කරනු ලැබීමට එරෙහිව අදාළ පවුලේ මව්පිය දෙපල සහ වැඩිමහල් දරුවා විසින් වරින්වර ඉදිරිපත් කරන ලද නෛතික අභියාචනාවන් ද මෑත අවස්ථා කීපයකදීම ප්‍රතික්ෂේප කරනු ලැබීමට ලක්ව ඇත.


_108556044_family.jpg





නඩේසලිංගම් සහ ප්‍රියා

ඉහත කී පවුලේ පියා වන 'නඩේසලිංගම්' සහ මව 'ප්‍රියා' ශ්‍රී ලංකාවේ යුද සමයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර, එහි දී දැන හැඳිනගත් ඔව්හු විවාහ වූහ. ඔවුන්ගේ හතර හැවිරිදි වැඩිමහල් දියණිය 'ගෝපිකා' (Kopika)) සහ දෙහැවිරිදි 'ධරුනිගා' (Dharuniga) උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේදීය.


නඩේසලිංගම් සහ ප්‍රියා ආපසු ශ්‍රී ලංකාවට යවනු ලැබුනහොත්, පැරණි දේශපාලන සබඳතා අනුව එම දෙපලට එරෙහිව නඩු පවරනු ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙණී සිටින ආධාරකරුවෝ කියා සිටිති. පසුගිය මාර්තු මාසයේදී එම පවුල බලහත්කාරයෙන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව 'රැඳවුම් මධ්‍යස්ථානයකට' යවනු ලැබීමට පෙර ඔවුහු වසර තුනක කාලයක් බිලෝලා (Biloela) නම් කුඩා ඔස්ට්‍රේලියානු නගරයක ජීවත් වී ඇත.




එක්තරා උදෑසනක ඔස්ට්‍රේලියානු නිලධාරීන් විශාල පිරිසක් ඔවුන්ගේ නිවසට කඩා පැන ඇති අතර, එම ක්‍රියාව විශාල මහජන විරෝධයකට හේතු විය. ඔවුන් 'රැඳවුම් මධ්‍යස්ථානයෙන්' ආපසු ගෙනෙන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කෙරුණ මහජන පෙත්සමකට එක් ලක්ෂ විසි දහසකට (120,000) අධික අත්සන් ප්‍රමාණයක් එක්ව තිබුණි.
මේ අතර මාර්තු මාසයේ එම පවුලට රටින් පිටවීම සඳහා සූදානම් වීමට බලධාරීන් විසින් දී තිබුණේ විනාඩි දහයක කාලයක් පමණි.


_108556045_people.jpg





නඩේසලිංගම් පවුල වෙනුවෙන් නැගී සිටි ජනතාව





තහනම් නියෝගයක්

'නඩේසලිංගම්' පවුල මුහුණ දුන් පිටුවහල් අභියෝගය පිළිබඳ කතන්දරයේ නාට්‍යමය අවස්ථාව උද්ගත වන්නේ සිකුරාදා (අගෝස්තු 30) පාන්දරය. එම තත්ත්වය ඇතිවුණේ 'නඩේසලිංගම්' පවුලේ බාලම දරුවා වන 'ධරුනිගා' (Dharuniga) පිටුවහල් කරනු ලැබීම තහනම් කරමින් ආණ්ඩුවට පනවා තිබුණ තහනම් ආඥාවක් (injunction) ලබන බදාදා වන තෙක් දීර්ඝ කිරීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයක් බ්‍රහස්පතින්දා තීන්දු කිරීමත් සමඟය.





එහෙත් එම අධිකරණ නියෝගය 'ධරුනිගා'ගේ (Dharuniga) පවුලේ සෙසු සාමාජිකයන්ටත් අදාළ කරනු ලැබීමට ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ඉඩක් දෙනු ඇද්ද යන්න තවමත් පැහැදිලි නැත. "ධරුනිගා' (Dharuniga) දැරියගෙන් ඇයගේ පවුලේ සෙසු සාමාජිකයන් වෙන් කළොත් එය ඉතා අමානුෂික ක්‍රියාවක්" නීතිවේදිනී කරීනා ෆෝර්ඩ්(Carina Ford) මාධ්‍යය අමතමින් කියා සිටියාය.



පිටුවහල ගුවනේ දී ආපසු කැරකුන හැටි



බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) රාත්‍රියේ 'මෙල්බෝර්න්' ගුවන් තොටුපොළට විරෝධතාවාදීන් පිරිසක් ඒකරාශී වෙමින් සිටියහ. එවැනි තත්ත්වයක් ඇති වුණේ 'නඩේසලිංගම්' පවුල පැය කීපයක් ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන බවට තොරතුරු පැතිර යාමත් සමඟය. කෙසේවුවද, ඔස්ට්‍රේලියානු වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී එකොළහට (11.00) 'නඩේසලිංගම්' පවුල රැගත් යානය ගුවන්ගත කෙරුණි.


_108556046_daddu.png





නඩේසලිංගම් සහ දියණියක් ගුවන්යානය තුළ



එහෙත් අන්තිම මිනිත්තුවේ සියල්ල කණපිට හැරුණේ, 'නඩේසලිංගම්' පවුලේ සාමජිකයන් රැගත් ගුවන් යානය පියාසර කරමින් තිබියදී වහාම ක්‍රියාත්මක වූ නීතිවේදීන් කණ්ඩායමක් දෙහැවිරිදි 'ධරුනිගා' (Dharuniga) පිටුවහල් කරනු ලැබීම අත්හිටුවීමේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අන්තිම මිනිත්තුවේ සමත් වීමත් සමඟය.
විනිසුරු දුරකතනය මගින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ඒ වනවිට කිලෝමීටර් තුන් දහසක දුරක් පියාසර කර තිබුණ යානය වහාම ගොඩ බෑමට නියෝග කෙරුණ අතර, නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් (Darwin) නගරයට එය ගොඩබස්වනු ලැබුණි.
ඒ වනවිට ඔස්ට්‍රේලියානු වේලාව අද සිකුරාදා (අගෝස්තු 30) පාන්දර තුන (03:00) විය.


අනතුරුව ආරක්ෂක නිලධාරීන් විසින් 'නඩේසන්' පවුල ගුවන් යානයෙන් පිටතට කැඳවා ගෙන යන ආකාරය අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති පින්තූර මගින් ලෝකයට දැකගත හැකි විය. "ඔවුන් ඉතාම සංවේදී සහ ඉතා අසීරු මානසික මට්ටමක පසුවුණා " පවුලේ මිතුරියක වන ඇන්ජෙලා ෆ්රෙඩ්රික්ස් (Angela Fredericks) බීබීසියට ප්‍රකාශ කළාය. "ගුවන් යානය තුළ දී දැරියන් දෙදෙනා අඬමිනුයි - ගමන් ගනිමින් ඉඳල තියෙන්නේ. අම්මාට ඇයගේ දරුවන් එක්ක එකට වාඩිවෙලා යන්න අවසර දීලා නැහැ" ඇන්ජෙලා ෆ්රෙඩ්රික්ස් (Angela Fredericks) වැඩි දුරටත් සඳහන් කළාය.



සමාජ ඉල්ලීම

මහජන මන්ත්‍රීවරුන් ද ඇතුළුව අන්තර්ජාලයට අදහස් දක්වන බොහෝ ඔස්ට්‍රේලියානු ජාතිකයෝ, ආණ්ඩුව 'නඩේසලිංගම්' පවුලට සලකන ආකාරය සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කරන අතර, 'සානුකම්පාවෙන්' කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කරති. 'විචාරශීලීව කටයුතු කරන' ලෙස සංක්‍රමණ කටයුතු භාර ඇමති ඩේවිඩ් කෝල්මන්ගෙන් (David Coleman) ඉල්ලීමක් කරන ඔස්ට්‍රේලියානු විපක්ෂයේ මන්ත්‍රීවරු 'නඩේසලිංගම්' පවුලට එරට ජීවත්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ.


BBC NEWS


 

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ පවුල යුද සමයේ ඔස්ට්‍රේලියාවට ආවා කියන එක වැරදියි. මේ ජෝඩුව වෙන වෙනම 2012 දී හා 2013 දී නීතිවිරෝධීව මෙහි පැමිණ සරණාගත බව අයදුම් කල අයයි. නීති විරෝධීව බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට එන පුද්ගලයන්ට කොහොමවත් සරණාගත භාවය ලබා නොදීමේ නීතිය නිසා මොවුන් මේ ඉරණමට ගොදුරු උනා .

    ඕස්ට්‍රේලියාවේ තියන නොයෙකුත් මානව හිමිකම් සංවිධාන සහ ද්‍රවිඩ සංවිධාන මේ පවුල වෙනුවෙන් උදව් කරන්න ලොකු ප්‍රචාරයක් ගෙන ගියාට එහි මානුෂීය බව මිසක් නීතිමය පසුබිමක් නැහැ. මොවුනට දරුවන් ලැබීමට පෙරදීම හෝ දරුවන් ලැබුන පසුව (මීට වසර හතර පහකට පමණ සිට ) මොවුනට සරණාගත බව නොලැබෙන බව පැහැදිලිවම තීන්දු වී තිබුනත්, නැවත නැවතත් විවිධ ආකාරයෙන් ඇපීල් කර මොවුන්ට බලාපොරොත්තු ඇති කලෙත් ඔය සංවිධාන මගිනුයි.

    කුඩා ළමුන් කෙරේ බහුතර ඕස්ට්‍රේලියානුවන් දක්වන අනුකම්පාව නිසා මේ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුනා වාගේම ඒ ප්‍රසිද්ධිය රජය පැත්තෙනුත් ප්‍රයෝජනයට ගන්න උත්සාහ කරාවි. ඒ කියන්නේ මෙච්චර ප්‍රසිද්ධ වෙච්ච ඉතාම සංවේදී සිද්ධියක් උනත්, උසාවියෙන් තීන්දු නොවුනොත් (බොහෝ විට ලබන බදාදා) පීටර් ඩටන් තම ඇමති බලතල මගින් සහනයක් නොදෙන බවයි පේන්නේ. ඒකට හේතුව හැටියට කියන්න තියෙන්නේ, මොන තරම් සංවේදී සිද්ධියක් උනත්, මොන තරම් මිනිසුන් පෙත්සම් අත්සන් කලත් "ඔස්ට්‍රේලියාවට හොරෙන් ආවොත් සරණාගත බව ලැබෙන්නේ නැහැ" කියන පණිවිඩය ලොවට ලබා දීමට මේ සිද්ධිය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ තියනවා.(දැනටමත් එය සිදු වෙනවා.)

    නීතිය මොකක් උනත්, මොන ජාතිකයන් උනත්, අහිංසක දරු දෙන්නා ගැන නම් මටත් කනගාටුයි.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ පවුල යුද සමයේ ඔස්ට්‍රේලියාවට ආවා කියන එක වැරදියි. මේ ජෝඩුව වෙන වෙනම 2012 දී හා 2013 දී නීතිවිරෝධීව මෙහි පැමිණ සරණාගත බව අයදුම් කල අයයි. නීති විරෝධීව බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට එන පුද්ගලයන්ට කොහොමවත් සරණාගත භාවය ලබා නොදීමේ නීතිය නිසා මොවුන් මේ ඉරණමට ගොදුරු උනා .

    ඕස්ට්‍රේලියාවේ තියන නොයෙකුත් මානව හිමිකම් සංවිධාන සහ ද්‍රවිඩ සංවිධාන මේ පවුල වෙනුවෙන් උදව් කරන්න ලොකු ප්‍රචාරයක් ගෙන ගියාට එහි මානුෂීය බව මිසක් නීතිමය පසුබිමක් නැහැ. මොවුනට දරුවන් ලැබීමට පෙරදීම හෝ දරුවන් ලැබුන පසුව (මීට වසර හතර පහකට පමණ සිට ) මොවුනට සරණාගත බව නොලැබෙන බව පැහැදිලිවම තීන්දු වී තිබුනත්, නැවත නැවතත් විවිධ ආකාරයෙන් ඇපීල් කර මොවුන්ට බලාපොරොත්තු ඇති කලෙත් ඔය සංවිධාන මගිනුයි.

    කුඩා ළමුන් කෙරේ බහුතර ඕස්ට්‍රේලියානුවන් දක්වන අනුකම්පාව නිසා මේ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුනා වාගේම ඒ ප්‍රසිද්ධිය රජය පැත්තෙනුත් ප්‍රයෝජනයට ගන්න උත්සාහ කරාවි. ඒ කියන්නේ මෙච්චර ප්‍රසිද්ධ වෙච්ච ඉතාම සංවේදී සිද්ධියක් උනත්, උසාවියෙන් තීන්දු නොවුනොත් (බොහෝ විට ලබන බදාදා) පීටර් ඩටන් තම ඇමති බලතල මගින් සහනයක් නොදෙන බවයි පේන්නේ. ඒකට හේතුව හැටියට කියන්න තියෙන්නේ, මොන තරම් සංවේදී සිද්ධියක් උනත්, මොන තරම් මිනිසුන් පෙත්සම් අත්සන් කලත් "ඔස්ට්‍රේලියාවට හොරෙන් ආවොත් සරණාගත බව ලැබෙන්නේ නැහැ" කියන පණිවිඩය ලොවට ලබා දීමට මේ සිද්ධිය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ තියනවා.(දැනටමත් එය සිදු වෙනවා.)

    නීතිය මොකක් උනත්, මොන ජාතිකයන් උනත්, අහිංසක දරු දෙන්නා ගැන නම් මටත් කනගාටුයි.


    මේ අය බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට නිතිවිරෝධිව සංක්‍රමණය උන අය නොවෙයි. කොහොමත් ළමයි දෙන්න ඕස්ට්‍රේලියාවේ උපන්න නිසා සහ ළමයින්ගේ වයස සලකලා මේ පවුලට ස්ථිර පදිංචිය සඳහා අවසථාව හිමි වෙනවා.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    api katta IELTS score gannai.....mun nikan yannai, ita passe munta PR nikan denawa. Api hena kattak kaala enakota badu banis !!


    nepal untatah ehemai....
    mun ape rata gana boru pacha kiya kiya aussie unwa rawattanawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ අය බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට නිතිවිරෝධිව සංක්‍රමණය උන අය නොවෙයි. කොහොමත් ළමයි දෙන්න ඕස්ට්‍රේලියාවේ උපන්න නිසා සහ ළමයින්ගේ වයස සලකලා මේ පවුලට ස්ථිර පදිංචිය සඳහා අවසථාව හිමි වෙනවා.




    එහේ ළමයි හම්බුනාම PR දෙනවද?:rolleyes::rolleyes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ අය බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට නිතිවිරෝධිව සංක්‍රමණය උන අය නොවෙයි. කොහොමත් ළමයි දෙන්න ඕස්ට්‍රේලියාවේ උපන්න නිසා සහ ළමයින්ගේ වයස සලකලා මේ පවුලට ස්ථිර පදිංචිය සඳහා අවසථාව හිමි වෙනවා.


    මෙන්න මේ ලින්ක් එකෙන් ABC නිව්ස් වෙබ් එකට ගිහිං බලන්න.

    https://www.abc.net.au/news/2019-08...-biloela-why-are-they-being-deported/11463276

    ඒ පුවතේ තියෙන්නේ පහත ආකාරයටයි. ඒකේ පැහැදිලිවම මේ දෙන්නා බෝට්ටුවෙන් ආපු බව ලියලා තියනවා.

    Last-minute injunctions have stalled the deportation of a Tamil family who have spent years fighting to stay in Australia.

    The plane carrying the Sri Lankan couple and their Australian-born daughters had already left the tarmac at Melbourne Airport when a judge granted a reprieve over the phone.

    Here's what we know about the family's case.

    """Priya and Nadesalingam, also known as Nades, came to Australia separately by boat in 2012 and 2013."""


    මේ පවුලේ බාලම දරුවා හැර අනිකුත් තුන්දෙනාම තමන්ව පිටුවහල් කරන්න එපා කියලා උසාවි ගිහිල්ලා ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙලා, ඒවාට ඇපීල් කරපුවත් ප්‍රතික්ෂේප වෙලා තමයි ලංකාවට පිටුවහල් කරන්න නියම උනේ. නමුත් ඒ නඩු තීන්දුවට මේ බාලම දරුවාගේ නම ඇතුලත් වෙලා තිබිලා නැහැ. ඒ කියන්නේ පිටුවහල් කරන උසාවි නියෝගයේ බාලම ළමයාගේ නම නැහැ. ඒ අනුව පිටුවහල් නියෝගයක් නොමැති කෙනෙක්ව පිටුවහල් කරනවා කියන නීති තර්කය මත මේගොල්ලන්ව ඩාවින් වලට ගොඩබස්සලා මේ කියන කාරණය විභාග කරන්න තීරණය කරලා තියනවා .

    ඕස්ට්‍රේලියාවේ උපදින හැම ළමයෙකුටම විසා හෝ පුරවැසිකම ලැබෙන්නේ නැහැ. ඒකට අවශ්‍යතා ගොඩක් සපුරන්න ඕනෑ. දෙමව්පියන් නීත්‍යානුකුලව ඔස්ට්‍රේලියාවට පැමිණ හෝ එසේ නොමැති නම් පසුකාලීනව ඒ පැමිණීම පිළිගත් (ඒ කියන්නේ බෝට්ටුවෙන් ආවා උනත් පසුකාලීනව සරණාගත බව ලැබුණු) අයට පුරවැසි කම ලැබෙනවා. මේ ගොල්ලෝ ඒ ගණයට වැටෙන්නේ නැහැ.

    දෙමව්පියනුත්, වැඩිමහල් සහෝදරියත් යන තිදෙනාම මහේස්ත්‍රාත් , ඉහල උසාවි, ඇපීල් සියල්ලන්ගෙන්ම පරාද වී පිටුවහල් නියෝග ලබා තියෙන මේ සිද්ධියේදී කුඩාම දරුවාට පමණක් විසා ලැබීමේ හැකියාවක් නැහැ. නමුත් ඒ දරුවාගේ ඇපීල් එකත් නීත්‍යානුකුලව උසාවියෙන් විභාග කිරීම සිදු කල යුතුයි. එහිදී ඒ ළමයාට වීසා ලබා දිය යුතුයි කියලා උසාවියට ඒත්තු ගන්නන්න අලුතින් කිසිම සාක්කියක් නැහැ. තිබුන සියලුම ඇත්ත, බොරු සාක්කි ඔක්කොම දීලාත් මේගොල්ලන්ට සරණාගත කම ඔප්පු කරන්න බැරි උනා. මේ පවුලේ පිරිමියා තුන් වතාවක් ලංකාවට ඇවිත් ගිහින් තිබීම විසාලම අවාසියයි.

    හෝම් ඇෆෙයාස් මිනිස්ටර්ගේ උපදෙස් මත මානුෂිය හේතුන් මත මේගොල්ලන්ට විසා ලැබීමේ හැකියාවක් තවම තියනවා. ඒත් මෙච්චර කල් ඇදලා ඇදලා මිලියන් ගණන් රජයේ මුදල් වියදම් කරවලා අන්තිමට මේගොල්ලන්ට විසා දුන්නොත් ඇමතිට ලොකු අපකීර්තියක් ලැබෙනවා. මේ ගොල්ලෝ ගැන සානුකම්පිකව සලකනවානම් ලක්ෂ ගණන් මුදල් වියදම් කරන්න කලින්ම ඒක නොකළේ මොකද කියන ප්‍රශ්නයට ඇමතිට උත්තරයක් නැහැ .

    කොහොම උනත් මේ අහිංසක ළමයි දෙන්නා නිසා මේ පවුලට විසා ලැබෙනවානම් මම කැමතියි.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සරණාගත බව පෙන්නන්න ලංකාවෙ නම විනාශ කරනවා. ලංකාවෙ ඉන්න දෙමල පකයි ඒවා promote කරනවා... :angry:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සරණාගත බව පෙන්නන්න ලංකාවෙ නම විනාශ කරනවා. ලංකාවෙ ඉන්න දෙමල පකයි ඒවා promote කරනවා... :angry:
     

    udayaduminda

    Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    ලංකාවේ දෙමළු සිංහල සංස්කෘතිය සහ බාශාව ප්‍රධාන සංස්කෘතිය/ බාශාව බව පිලිගන්නේ නෑ.

    ඔවුන්ට අවශ්‍ය සිංහල දෙමළ සමාන තත්වයක්.
    ඕකෙන් වෙන එකම දේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ ඉංග්‍රීසි බාශාවට ප්‍රධාන තැනක් ලැබීමම පමණයි. ඒ අනුව දෙමළා යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට කඩේ යන්නෙක්. ඒ නිසාම ලංකාවේ දෙමළු ඔක්කොම වුනත් ඔස්ට්‍රේලියාව වගේ ඇංග්ලිකන් රටවල්වලට යනවනම් මම කැමතියි. උන් මේ රටට අවශ්‍ය නෑ.