මිනිස්සුන්ට මාර ප්රශ්ණ තියෙන්නේ.
සඳුදා නිවාඩුවක් දාල මමයි වයිෆුයි සතියක නිවාඩුවෙන් පස්සේ පුතාව ඉස්කෝලේ දාන්න ගියා. මගදි පුතාගේ යාලුවෙක්ගේ අම්ම කෙනෙක් මගේ වයිෆ්ගෙන් අහනවා ඇයි දෙන්නම ආවේ? ළමය දාල මොනවද කරන්නෙ? අද දෙන්නටම වැඩ නැද්ද? කියල. අපිත් ඉතින් වැඩ නෑ, උදේට කන්න ගිහිල්ල පස්සේ ශොපින් කරන්න යනව කිව්වම ඒ ගෑනි කියනවා මගේ හස්බනඩ් කවදාවත් මාත් එක්ක ශොපින් යන්නේ නෑ, කන්න එලියට යන්නෙත් නෑ. එකම පාරක් ළමයා හම්බෙන්න ඉස්පිරිතාලේ ඉද්දී දවස වෙනස්කරපු නිසා ළඟින් හිටියා, එච්චරම තමයි කියල.
ඒ පවුලට හැමදේම තියෙනවා ඒත් හිතේ සතුට නෑ.
ගෑනු මිනිස්සු එකට ගමන් බිමන් ගියත් හූල්ලනවා, මොන ජීවිතද, මොකට ජීවත් වෙනවද මන්දා.