පවුල්_කෑම

siripala

Member
Oct 10, 2006
2,869
442
0

ඉටි රූප සමඟ පවුල් කෑම

140317225419_copy-of-2010-travel---yello.jpg


නිරන්තරයෙන්ම මතු වුන 'පවුලක්, පන්සලක් වෙන්නේ කවදද?' ප්‍රශ්නයෙන් හෙම්බත් වූ ඇමෙරිකානු කලාකාරිය සුසෑන් හයින්ට්ස්, ඉටිවලින් නිර්මාණය කළ සැමියකු සහ දියණියක යොදා ගෙන සිය ජීවිතය කැමරා ඇසකින් නිර්මාණය කළේ සමාජයේ ගතානුගතිකවාදී ආකල්පවලට අභියෝග කිරීමේ අදහසින්. (සියලු ඡායාරූපවල අනුග්‍රහය- සුසෑන් හයින්ට්ස් )

140317225409_copy-of-2000-at-home---dish.jpg


ඔයා හරිම ලස්සන කෙල්ලක්. මොකද කසාදයක් කර ගන්නේ නැත්තේ?' යන්න නිරන්තරයෙන් සමාජයෙන් ඇය වෙත මතු වුනු ප්‍රශ්නයක්

140317234153_copy-of-2013-at-home---brea.jpg


සේයා රූ පෙළකින් මෙවැනි කෘත්‍රිම පවුලක් නිර්මාණය කිරීමේ අදහස මුලින්ම ඇති වූයේ සිය මව සමඟ කතාබහක යෙදී සිටියදී බව ඇය පවසයි.

140317225412_copy-of-2000-at-home---mond.jpg


සිය 'ඉටි රූප පවුල' සමඟ ගෙවන ප්‍රීතිමත් අවස්ථා දැක්වෙන ඡායාරූප ව්‍යාපෘතිය, සමාජය පුද්ගලයන් වෙත එල්ල කරන බලපෑම දැඩිව ප්‍රශ්න කරන්නක්.

140317225417_copy-of-2009-christmas09---.jpg


මුලින්ම සිය 'පවුලේ සාමාජිකයන්' සමඟ නිවසේදී ඡායාරූප ගත් ඇය, ඉන් අනතුරුව විවිධ චාරිකාවලදීත් සේයා රූ සටහන් කර ගත්තාය.

140317225415_copy-of-2008-christmas08---.jpg


"කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ දරුවෝ. කසාදයක් කර ගන්න ඕනේ නම් කාව හරි හොයා ගන්න," යන්නයි, අම්මාගේ අවවාදය වූයේ.

140317225407_copy-of-2000-at-home---clip.jpg


"මිනිස්සුන්ගේ සම්ප්‍රදායික ජීවිත අපේක්ෂාවන්ට අභියෝග කිරීමයි මගේ අරමුණ වුනේ."

140317234231_copy-of-2013-paris---9-notr.jpg


"අපේ වර්තමානයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය අතීත සම්ප්‍රදායයෙන් මනින්නේ ඇයි," යනුවෙන්ද ඇය ප්‍රශ්න කරන්නීය.

140317234210_copy-of-2013-paris---5-jard.jpg


විශේෂයෙන්ම නිවසෙන් පිටත සේයාරුවකට පෙනී සිටියදී බොහෝ දෙනාට එය කුතුහලයක් වූ බවද ඇය පවසන්නීය.

140317234208_copy-of-2013-paris---4-cafe.jpg


කානතාවක 'පූර්ණ' දිවි පෙවෙතක් ගත කිරීම පිළිබඳව තවමත් සමාජය දරන්නේ ගතානුගතිකවාදී ආකල්පයක් බව කලාකාරියගේ අදහසයි.

140317234206_copy-of-2013-paris---2-arc-.jpg


සාර්ථක ජීවිතයක් පිළිබඳව විවෘත මනසකින් විමසා බලන්නැයි ඇය සමාජයෙන් ඉල්ලීමක් කරයි.

140317234202_copy-of-2013-holiday---vale.jpg


"අනෙකාගේ තරාතිරම, වත්කම නොබලා එකිනෙකාට සමීප වෙන්න."

140317225403_2011-christmas11---skaters-.jpg


රූපවාහිනී නාලිකාවක කළා අධ්‍යක්ෂවරියක ලෙසින් ලත් අත්දැකීම සිය ව්‍යාපෘතියට මහෝපකාරී වූ බවද සුසෑන් හයින්ට්ස් පවසයි.

140317234159_copy-of-2013-christmas13---.jpg


කලාවට 'විහිළුව අත්‍යවශ්‍යයි
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ වගේ හිතන්නවත් බැරි නිර්මාණ බිහි වෙන තරමටයි.
    කලා කරුවෙකුට වුනත් හොද ජිවිතයක් උදා වෙන්නේ. ඇත්තටම සුන්දරයි.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මටනම් මේ පින්තූර ටික දැක්කම හිතුනේ තමුන්ට අහිමි දෙයක්, මේ ජිවිතේ කවදාවත් ලබාගන්න බැරි දෙයක් ඉටිරූප යොදාගෙන කෘතිමව නිර්මාණය කරල හරි යාලුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, නෑදෑයන්ගෙන් එන පීඩනය අඩුකරගන්න දරපු උත්සාහයක් කියලයි.සමහර විට කසාදයක් කරගන්න බැරි තරමට එයාගේ මොකක් හරි අඩුපාඩුවක් තියනව වෙන්නත් බැරිකමක් නැහැ. මේක ගතානුගතික විදිහට හිතන සමාජයට කරපු අභියෝගයක් කියලනම් කියන්න බැහැ. තමුන්ට පවුලක් නැතිව තනියම ජීවත්වෙන්න පුළුවන් කියල සමාජෙට පෙන්නන්න පුළුවන් හොඳම ක්‍රමය මේක නෙමෙයි.

    නමුත් එයාගෙ අරමුණ ගැන හිතන්නෙ නැතිව කලාකරියෙක් විදිහට සලකලා විතරක් චායාරුප ටික දිහා බලනවානම් ඇත්තටම ඒක නිර්මාණාත්මක දෙයක් තමයි.
     

    aruna47

    Well-known member
  • මේ ලෝකේ කවුරු හරි මන්ද මානසික වැඩක් කරනවනම් සිරිපාලට ඒක ලොකු දෙයක්.. කලින් සමලින්ගික විවාහ දැන් ඉටිරූප විවාහ.. මූ නම් ලෙඩෙක්...

    :lol::lol:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පහත් මානසිකත්වය
    අඩෝ පොන්සිරි.. උබ අර චීන කොල්ලොත් එන්න ඉන්න පොටෝ කෑලි ටික මම සේව් කරගත්ත.. උබ මතක් වෙච්ච වෙලාවට බල බල ඉන්න.. :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අලෝ සිරී ඔයා දැක්ක කල්....කොහෙද මේ සතියේ හිටියේ?ලිඳෙන් ගොඩ එන්න චීන යාළුවෝ gadget එකක් හදලා දුන්නද?අල්ලමුද ඔට්ටුවක් ??:rofl::rofl::P:P