පවුල්_සැලසුම්_ක්‍රම

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පවුල්_සැලසුම්_ක්‍රම

    කාර්යබහුල ජීවිතයකට පවුල් සැලසුම් ක්‍රම



    ඇය ගැන ඔහුගේ සිත ආදරයෙන් බැඳුණු පසු ඇයගෙන් පිටවෙන සෑම වචනයක්ම (අණක් වුවත්) ඔහුට මිහිරි මීපැණි බඳුය. ඒ තෙපුල් ඔහුගේ දවස මෙහෙය වන්නේ ඉර හඳ වගෙයි. එහෙත් විවාහයෙන් පසු දෙදෙනාම එක් වී ගතයුතු තීරණවලදී පවා අණ දෙන නිලධාරියා වන්නේ ඔහුයි. පවුලට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් පමණක් කියා සිතන සැමියන් කොපමණ නම් සිටිනවාද?

    එහෙත් එයින් අඳුරු වන්නේ දෙදෙනාගේ යුග ජීවිතයයි. වඩාත් අසරණ වන්නේ බිරියයි.නීති විරෝධී ගබ්සාවන් වැඩි ගණනක් සිදුකර ගන්නේ විවාහක කාන්තාවන්ය. සැලසුම් නො කළ ගැබ් ගැනීමක විත්තිකාරිය බිරිය බවට පත් කරන්නේ සැමියායි.




    faaa-4.jpg


    * මෙසේ වන්නේ ඇයි?
    ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද?
    කවර කාලයක එක්වීමක් එයට බලපාවිද?
    එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද?

    කියා විවාහක ජෝඩු වැඩි ගණනකට අවබෝධයක් නැත.
    දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්‍රම රාශියක් අද ඇත. පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්‍රමය භාවිත නො කිරීම තවත් වරදකි. සමහරු භාවිත කරන්නේ තමන්ට ගැළපෙන ක්‍රම නො වෙයි.


    faaa-7.jpg


    * සැලසුම් නො කළ ගැබ් ගැනීමක් නිසා යුග දිවිය පඹ ගාලක පැටලෙයි.

    දරුවා බිහි කිරීමට තීරණය කිරීම මෙහිදී යුවළකට ගතහැකි හොඳම තීරණයයි. එහෙත් වැඩි දෙනෙක් නීති විරෝධී ගබ්සාවන් කිරීමට පෙළඹෙති.
    මෙවැනි දරුවකු ඉපදුණත්, ඒ දරුවාට අනෙක් දරුවන්ට තරම් ආදරයක් මාපියන්ගෙන් නො ලැබෙන්නටත් ඉඩ ඇත.

    සූදානමක් නොමැති ගැබ් ගැනීම මවගේ කායික, මානසික සෞඛ්‍යයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නො වෙයි. පියාගේ යහපත් මානසිකත්වයට වුණත් ඉන් වන්නේ අවැඩක්මයි.
    * පවුලක් නිවැරැදි ලෙස සැලසුම්කර ගැනීමේ ප්‍රතිලාභ මොනවාද?
    අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට හැකි වීම.
    දරුවන් අතර පරතරයක් තබා ගත හැකිවීම. මෙයින් මවගේත්, දරුවාගේත් සෞඛ්‍යයට සැලසෙන්නේ විශාල වාසියකි. දරුවාගේත්, මවගේත් පෝෂණය, සෞඛ්‍ය ඉහළ නැංවෙයි.
    අඩු වයසින් ගැබ් ගැනීමත්, වැඩි වයසින් ගැබ් ගැනීමත් වළක්වාගත හැකියි. එයත් මව, දරුවා යන දෙදෙනාටම ලැබෙන විශාල සෞඛ්‍යමය වාසියකි.|
    ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීම අවම කරගත හැකි වීම.
    අලුත උපන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව අවම කරගත හැකි වීම.


    faaa-13.jpg


    * අවශ්‍යතාව මත ගැළපෙන පවුල් සැලසුම් ක්‍රමයක් තෝරා ගනිමු

    පළමු දරු උපත ප්‍රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ කොන්ඩම්ය.
    දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝර්මෝන ක්‍රම, කොන්ඩම් ක්‍රම සුදුසුයි.

    දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට ලූපය, හෝර්මෝන ක්‍රම, සැත්කම් ගැළපෙයි.
    ස්වභාවික සහ සාම්ප්‍රදායික ක්‍රම කිසිසේත් විශ්වාසවන්ත නැත.


    * පවුල් සැලසුම් සේවාවන් ලබා ගත හැකි ස්ථාන මොනවාද?

    1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායන (එම් ඕ එච්)

    2. පවුල් සෞඛ්‍ය කාර්යාංශය (ෆැමිලි හෙල්ත් බියුරෝ),
    231, ද සේරම් පෙදෙස කොළඹ 10.
    දු. අං: 2681309, 2681311, 2696677

    3. රජයේ රෝහල්වල පවත්වන පවුල් සංවිධාන සායන

    * ප්‍රජනක සෞඛ්‍ය සායන / පවුල් සෞඛ්‍ය සායන
    * පවුලේ වෛද්‍යවරයා
    * පෞද්ගලික රෝහල්
    * ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය
    දු: අං: 2554728, 2584153, 2584157


    faaa-10.jpg


    * තාවකාලික පවුල් සංවිධාන ක්‍රම මොනවාද?

    කොන්ඩමය - සාර්ථක තාවකාලික පවුල් සංවිධාන ක්‍රමයකි. මෙයින් සරු බවට ද බලපෑමක් සිදු නොවෙයි. නිසි අන්දමට භාවිතයෙන් 97% කට වැඩි සාර්ථක්වයක් බලාපොරොත්තු වීමට පුළුවන.

    faaa-6.jpg


    මේ ක්‍රමයෙන් කායික සබඳතා මඟින් සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවක් සැලසෙයි.

    අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිත කළ හැකියි.
    ඇති විය හැකි එකම අතුරු ආබාධය මෙය නිපදවා ඇති රබර්, ලේටෙක්ස් හෝ එහි ලිහිසි ද්‍රව්‍යවලට කලාතුරකින් කෙනකු අසාත්මික විය හැකි වීමයි. එවිට වෙනත් කොන්ඩම් වර්ගයක් තෝරා ගැනීමට පුළුවන. දැන් සතුට වැඩි කරන කොන්ඩම් ද තිබේ.
    මේවා ගබඩා කළ යුත්තේ හිරු එළියට නිරාවරණය නො වන පරිදි සිසිල් වියළි තැනකයි.
    මිල දී ගැනීමට පෙර කල් ඉකුත්වන දිනය පරීක්ෂාකර බලන්න. භාවිතෙන් පසු දරුවන්ට, සතුන්ට, අනෙක් අයට අසු නොවන ලෙස වළලා දමන්න. එසේත් නැත්නම් පුළුස්සන්න.
    කාන්තාවන්ට ද දැන් මේ උපත් පාලන ක්‍රමය භාවිත කළ හැකියි. පළමුවරට භාවිත කිරීමේදී පවුල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් උපදෙස් ලබා ගන්න.
    *හෝර්මෝන ක්‍රම -
    ගර්භණී භාවය වැළැක්වීමට යොදාගත හැකි හොඳම ක්‍රමයක්.

    faaa-11.jpg


    මේ අතරින් වඩාත් ජනප්‍රිය පවුල් සැලසුම් පෙතියි.

    * උපත් පාලන පෙති ගැනීමෙන් සැලසෙන වාසි මොනවාද?
    භාවිතයට පහසුයි. නැවත ඉක්මනින් සරු භාවයට පත්විය හැකියි.
    උපත් පාලනයට අමතරව සැලසෙන තවත් වාසියක් තිබේ. ඒ පියයුරු ඇතුළු ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීමේ ඉඩකඩ අවම වීමයි. ආරක්ෂාවක් සැලසීමයි.
    හෝර්මෝන පෙති ඔසප් වීම ඇරැඹුණු පළමු දිනයේදීම ගැනීම වඩාත් සුදුසුයි. එසේත් නැත්නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත ගත යුතුයි.
    ගැබ් ගෙන නැති බව තහවුරු කරගෙන පෙති ගැනීම ඇරැඹීමටත් පුළුවන.
    පෙති ගත් පළමු දිනයේ සිට දින 7 ක් යනතුරු සම්බන්ධයකදී කොන්ඩමයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

    faaa-12.jpg


    විවාහ වූ සැනින්ම දරුවකු පිළිසිඳ ගන්නවාට අකැමැති නම් විවාහයට මාසයකට හෝ මාස දෙකකට පෙර සිට පෙති ගන්න. දරු ප්‍රසූතියට පසු මවුකිරි දෙන මවක් නම් දරුවාට මාස හයක් පිරුණු පසු යළි පෙති ගැනීම ඇරැඹිය හැකියි.
    (එන්නත් ගන්නා කාන්තාවන්ට ද එන්නත් ගැනීම මෙසේම සිදු කිරීමට පුළුවන්).


    faaa-8.jpg


    උපත් පාලන හෝර්මෝන එන්නත්


    භාවිතකළ කාන්තාවක හෝ ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළ කාන්තාවක නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළතදී පෙති ගැනීම අරඹන්න.
    මෙහි සාර්ථක භාවය 99.99% ක්.
    * උපත් පාලන පෙති අවිවාහක තරුණියන්ට ද වෛද්‍යවරයා නිර්දේශ කරන අවස්ථා තිබේ.
    ඒ ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය වනවා නම්, ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, ඒ කාලයේදී අධික උදර වේදනාවක් ඇති වෙනවා නම්, ඔසප් වීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් උපත් පාලන පෙති ලබා දෙයි.
    ඔසප් ආසන්නයේදී ඇතිවන සාමාන්‍ය ශාරීරික අපහසුතා, කුරුලෑ හටගැනීම මේ පෙති ගැනීමේදී අඩු වේ.
    * දරුවකු අවශ්‍ය නම් . . .
    උපත් පාලන පෙති ගැනීම නවත්වා මාස තුනකට පමණ පසු යළි සුපුරුදු පරිදි සරු කාලය උදා වෙයි. එනම් මාස තුනකට පමණ පසු යළි ගැබ්ගත හැකියි.

    faaa-16.jpg


    * අතුරු ආබාධ තිබෙනවාද?


    සිරුරට හානි නො වන තාවකාලික ගැටලු ඇතැම් කාන්තාවන්ට ඇති විය හැකියිි. ඒවා පෙති ගැනීම අරඹා මාසයකට, දෙකකට පසුව නැති වී යයි.
    ඔක්කාරය, වමනය, හිසරදය, කරකැවිල්ල, පියයුරුවල වේදනාව, ඔසප්වීම් අතරතුර මඳ වශයෙන් සිදුවන රුධිර වහනය එම අතුරු ආබාධයි.
    * පවුල් සැලසුම් එන්නතෙන් ලැබෙනවාසි මොනවාද?
    මෙය ඉතා සාර්ථක ක්‍රමයකි. ආර්තවහරණය සිදුවනතුරු වුණත් ආරක්ෂිතව භාවිතකළ හැකියි. භාවිත කළ යුතු වන්නේ මාස 3 කට වරක් පමණයි. මිලෙන් අඩු පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයකි.
    පවුල් සැලසුම් එන්නතෙහි අඩංගුව ඇත්තේ ප්‍රොජෙස්ටරොන් හෝර්මෝනයයි. එන්නත් කරනු ලබන මාංස පේශියේ සිට ක්‍රමයෙන් ටිකින් ටික රුධිරයට හෝර්මෝනය නිකුත් කරනු ලැබේ.
    මෙයින් ද උපත් පාලන පෙතිවලින් කෙරෙන දේම සිදු වෙයි.
    * එන්නත් ගැනීම ආරම්භ කළ යුත්තේ කවදා ද?
    faaa-14.jpg


    ඔසප් වීම ඇරැඹී පළමු දින 7 ඇතුළත ඇරැඹීම වඩාත් සුදුසුයි.

    සේත් නැත්නම් උපත් පාලන පෙති ගැනීම අරඹන පරිදිම, එන්නත් ගැනීම ද ආරම්භ කළ හැකියි.
    * වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක්භාවිතකර එන්නත් භාවිතයට යොමු වනවා නම් . . .
    උපත් පාලන පෙති ගත්තා නම් ඕනෑම අවස්ථාවක එන්නත් ලබා ගැනීමට පුළුවන්. පෙති පැකැට්ටුව ගෙන අවසන් වූ පසු ලබා ගැනීම වඩාත් සුදුසුයි.
    සම යට තැන්පත් කරන හෝර්මෝන කරල් භාවිත කළේ නම්, ඒත් ඕනෑම අවස්ථාවක එන්නත් ගතහැකියි.

    faaa-9.jpg


    ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළේ නම් ඔසප් වීම ඇරැඹී පළමු දින 5 තුළ ලබා ගත යුතුයි.


    * එන්නත ලබා ගත යුත්තේ . . .

    මාස තුනකට (දින 90 කට) වරක්. එන්නත ලබා ගත් පසු එම තැන සම්භාහනය කිරීමෙන් වළකින්න. මෙහි සාර්ථක භාවය 99.97% කි.

    * නියමිත දිනට එන්නත ලබා ගැනීමටනො හැකි වූවා නම් . .

    නියමිත දිනය පසු වී සති 4 ක් ගතවන තුරු එන්නත ලබා ගැනීමට පුළුවන. එහෙත් උපත් පාලන ක්‍රියාවලිය අසාර්ථක වීම වැළැක්වීම සඳහා සෑම දින 90 කට වරක්ම එන්නත ලබා දෙන්න.
    සති හතරකට වඩා පමා වුණොත් ඉදිරි දින හත තුළ කොන්ඩමයක් භාවිත කරන්න. එසේ නැත්නම් අනාරක්ෂිත, හදිසි සබඳතාවකදී ගත යුතු පෙති ගන්න.
    * නැවත සරු භාවය ලබා ගත හැකි කාලය . . .

    faaa-18.jpg


    එන්නත නතර කර නැවත ගැබ් ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සාමාන්‍යයෙන් එන්නත නතරකර මාස 7 – 12 ක් වැනි කාලයකදී යළි ගැබ් ගත හැකියි.

    * අතුරු ආබාධ මොනවාද?
    ඔසප් චක්‍රය අක්‍රමවත්වීම (ඔසප් නතර වීම, බින්දු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය හෝ
    කලාතුරකින් රුධිර වහනය වැඩි වීම වැනි), ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල, මඳ වශයෙන් ඇතිවන පියයුරු වේදනාව හෝ විශාල වීම.
    * එන්නත වඩා සුදුසු වන්නේ කාට ද?
    * කිරි දෙන මවුරුන්.
    * දරුවන් අවශ්‍ය ගණන සිටින හෝ දරුවන් ගණන සීමා කිරීමට අවශ්‍ය මවුවරුන්ට.
    * දරුවන් අතර නිසි පරතරයක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන මවුවරුන්ට.
    * ඊස්ට්‍රජන් හෝර්මෝන භාවිතය නුසුදුසු කාන්තාවන්ට.
    * එන්නත් භාවිතයෙන් බලපෑමක් සිදු විය හැකි රෝගී තත්ත්වයන් නොමැති වයස අවුරුදු 50 ට අඩු ඕනෑම කාන්තාවන්ට.

    faaa-15.jpg

    * සම යට තැන්පත් කරන හෝර්මෝන කරල්
    මේ දිගුකාලීන ක්‍රියාකාරිත්වයක් සහිත ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයකි. විවිධ වෙළෙඳ නාමවලින් කරල් වර්ග ඇති අතර ඒවායේ ක්‍රියාකාරී කාලය වර්ගය අනුව වෙනස්වේ.
    ඔසප් වීම ඇරැඹී ඇත්නම් පළමු සතියේදී හෝ කිරි දීම අරඹා සති හයකට පසුව හෝ මාස තුනට පසු ගබ්සාවක් වී ඇත්නම් පළමු සතියේ ද, ඊට වැඩි

    මාස ගණනකදී ගබ්සා වී ඇත්නම් සති හතරකට පසුව ද හෝර්මෝන කරල් තැන්පත් කළ හැකියි. උපත් පාලන පෙති භාවිත කළා නම් ඕනෑම අවස්ථාවක ද, පවුල් සැලසුම් එන්නත් භාවිත කළේ නම් අවසාන එන්නත් කිරීමේ දින සිට දින 90 ක් ඇතුළත ද, ලූපයක් භාවිත කළේ නම්, ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළත ද හෝර්මෝන කරල් තැන්පත් කිරීමට පුළුවන.
    හෝර්මෝන කරල් 99.9% ක් සාර්ථකය. ඔසප් වී පළමු දින පහ ඇතුළත තැන්පත් කිරීමෙන් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
    මේ කරල් පුහුණුවලත් පුද්ගලයකුට කියා විසබීජහරණය කළ පරිසරයකදී තැන්පත් කළ යුතුයි. තැන්පතුව ඉවත් කළ වහාම යළි සුපුරුදු පරිදි සරු බව ලැබේ.
    වයසින් වැඩි කාන්තාවකට පවා මේ ක්‍රමය සුදුසුයි. හෘද කපාට ආශ්‍රිත රෝගී තත්ත්ව ඇති අයටත් තැන්පතු ක්‍රමය ගැළපෙයි. කරල් තැන්පත් කිරීම නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, හිසරදය, කරකැවිල්ල, ආහාර රුචිය වැඩි වීම, සිරුරේ බර වැඩි වීම වැනි අතුරු ආබාධ ද ඇතිවීමට පු‍්‍රළුවන.
    ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපය
    ලූපය ඔසප් වී පළමු දින 12 ඇතුළත තැන්පත් කළ හැකිය. දරු ප්‍රසූතියට පසු හෝ ගබ්සාවකින් පසු ලූපයක් භාවිත කරනවා නම් ප්‍රසූතියෙන් සති හතරකට පසු තැන්පත් කරන්න. වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කළ කෙනකුට පවා පසුව මේ ක්‍රමය භාවිත කළ හැකියි. පුරා දස වසරක් ගැබ් නොගෙන සිටීමට මේ ක්‍රමය කදිමයි.

    faaa-17.jpg


    ලූපය ඉවත් කළ වහාම යළිත් සරු කාලය උදා වෙයි. සිරුරේ හෝර්මෝනවලට බල නොපාන නිසා කිරි දෙන මවුවරුන්ට ලූපය අපූරුවට ගැළපෙයි.

    ගර්භාෂය තුළ ලූපය තැන්පත් කළ මුල් පැය 24 – 28 දී උදරය මිරිකනවාක් වැනි වේදනාවක් ඇති වීම ස්වභාවිකය.
    මුල් සති 3 – 4 දී යෝනි මඟින් සුළු වශයෙන් රුධිරය පිට වීමට ඉඩ තිබේ. සමහරුන්ට ඔසප් වීමේදී අසාමාන්‍ය ලෙස රුධිරය පිට වීමට ද පුළුවන.
    මිරේනා ගර්භාෂයේ තැන්පත් කරන ලූපය වැනි තවත් උපකරණයකි. මෙයත් පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරියකු විසින් තැන්පත් කළ යුත්තකි. මේ තැන්පතුව නිසා පස් වසරක් ගැබ් නොගෙන සිටිය හැකියි. ආර්තවයේදී අධික රුධිර වහනයක් සිදුවන, නීරක්තියට ගොදුරුවීමේ අවදානමක් ඇති අයට මේ ක්‍රමය කදිමට ගැළපෙයි.

    faaa-2.jpg


    ස්ථිර උපත් පාලන ක්‍රමය දරු පවුල සම්පූර්ණ නම්, තවදුරටත් දරුවන් අනවශ්‍ය නම් ස්ථිර උපත් පාලන ක්‍රමයකට යොමු විය හැකිය. දරුවා බිහිකර පළමු පැය 48 දී කාන්තාවට ස්ථිර උපත් පාලනය සඳහා සැත්කම කිරීමට පුළුවන.
    දරු උපතින් සතියකට, සති අටකට පසුව ද සැත්කම් කළ හැකිය.
    සාමාන්‍ය කාන්තාවකට ඔසප් වී පළමු දින හතක් තුළ ද සැත්කම කිරීමට පුළුවන. එන්නත් හැර වෙනත් ඕනෑම ක්‍රමයක් භාවිත කළ කතකට ඕනෑම අවස්ථාවක වඳ සැත්කමට යොමු විය හැකියි.
    එන්නත ගත්තේ නම් අවසන් එන්නතේ සිට දින 90 කදී සැත්කම කිරීමට පුළුවන.
    පිරිමියකු වඳ සැත්කමකර මාස 3 ක් යනතුරු උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. වඳ
    faaa-19.jpg

    සැත්කම සාර්ථකදැයි බැලීමට මාස 3 කට පසු ශුක්‍ර තරලය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි.
    අනපේක්ෂිත ගැබ් ගැනීම්වලින් රැකගන්නට
    නොසිතූ® මොහොතක ඇතිවන සබඳතාවකදී ගැබ් ගැනීමක් සිදු නොවීමට නම් පොස්ටිනෝ පෙති ගත යුතුයි. මේ දිගට ගත යුතු උපත් පාලන ක්‍රමයක් නොවෙයි. අනපේක්ෂිත අවස්ථාවලදී පමණක් ගත යුතු පෙතිවර්ගයකි .

    faaa-20.jpg


    පළමු පෙති මාත්‍රාව ගෙන පැය 12 කට පසු දෙවැනි පෙති මාත්‍රාව ගත යුතුයි. අවශ්‍ය නම් ඖෂධ මාත්‍රා දෙකම එකවර ලබා ගැනීමට පුළුවන.

    * ස්වභාවික උපත් පාලන ක්‍රම අවදානමය. ක්‍රමානුකූ®ල ආර්තව චක්‍රයකදී වුවත් දරුවන් අනවශ්‍ය නම් උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. බර, වයස, ආතතිය, ඖෂධ ආදී විවිධ හේතුන් නිසා අපේ හොර්මෝන වෙනස්වන නිසා ස්වභාවික ක්‍රම ගැන විශ්වාසය තැබීම අනුවණකමකි. කිරි දීමෙන් දරුවකු පිළිසිඳ ගැනීමක් සිදු නොවෙයි කියා සිතුවොත් එයත් වැරැදිය.


    උපදෙස් - පවුල් සංවිධාන සංගමයෙන්
    ලිව්වේ චම්පිකා දීපානි රණසිංහ

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ubala dannawada govt hospital ekaka LRT ehemath nathman paloopiya naalaya visandi kireema wani permenent pawl salasum krama karavata NGO sanvidana walin vog dostara mahathata eka opperation ekkata 2000rs pamana deemanawk labena bawa.
    mam nikan kiwwe ublata dnaganna.
     
    Last edited:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    b u m p


    +10

    good post bro rep denna barilu ayeth

    පට්ට මචන්... වටිනා ත්රෙඅඩ් එකක්... :)

    ubala dannawada govt hospital ekaka LRT ehemath nathman paloopiya naalaya visandi kireema wani permenent pawl salasum krama karavata NGO sanvidana walin vog dostara mahathata eka opperation ekkata 2000rs pamana deemanawk labena bawa.
    mam nikan kiwwe ublata dnaganna.



    20.gif

    :love::love::love::love:
     
    Last edited:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දිරිමත් කරන හැමෝටම ස්තුතියි ....!!
    ……මගේ බ්ලොග් එකට ගිහින් බලන්න....
    …
    …" ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.


    http://upullive.blogspot.com/

    images