-සුද්දාට පාවා දුන් අතීතයේ සේයාවක්වත් යලි නොයේවා...-
බුහුමන් යසස් දරු සිරිලක් මෑණියනි
නමදින් මහත් ගුණකඳ සිහි කර බැතිනි
රජකම් කලත් කළකම් පල දෙන බැවිනි
මෙතරම් දුකක් සිදුවිය මගේ පෙර පවිනි
දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
නිදහස් කිරුළ අද සතුරනට අයිතිය
උදහස් කම නිසා විය දනගේ විමතිය
නිදහස් බව නසාගති සිහල ජාතිය
අපායට බියෙන් මත්පැන් නොබිව් මට
උපායෙන් පොවා යලි මා ගෙන සතුට
පපාදර සිටිය සුරතල් කුමරුසෙට
කපා දැමු බැවින් විය සතුරන්ට රට
විකුම්සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගේ සිඳෙන තුරු
නෙතින් කඳුළු නොහෙලෙමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.......
මම ගොඩක් කැමති ගායකයෙක් තමයි සමන් ලෙනින් මහත්මයා.අපේ ජනකවිය අනාගතයට ගෙනියන්න සෑහෙන මහන්සියක් ගන්නවා මෙතුමා.
බුහුමන් යසස් දරු සිරිලක් මෑණියනි
නමදින් මහත් ගුණකඳ සිහි කර බැතිනි
රජකම් කලත් කළකම් පල දෙන බැවිනි
මෙතරම් දුකක් සිදුවිය මගේ පෙර පවිනි
දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
නිදහස් කිරුළ අද සතුරනට අයිතිය
උදහස් කම නිසා විය දනගේ විමතිය
නිදහස් බව නසාගති සිහල ජාතිය
අපායට බියෙන් මත්පැන් නොබිව් මට
උපායෙන් පොවා යලි මා ගෙන සතුට
පපාදර සිටිය සුරතල් කුමරුසෙට
කපා දැමු බැවින් විය සතුරන්ට රට
විකුම්සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගේ සිඳෙන තුරු
නෙතින් කඳුළු නොහෙලෙමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.......
මම ගොඩක් කැමති ගායකයෙක් තමයි සමන් ලෙනින් මහත්මයා.අපේ ජනකවිය අනාගතයට ගෙනියන්න සෑහෙන මහන්සියක් ගන්නවා මෙතුමා.

අපේ උන් හිතන් ඉන්නෙ සුද්ද අපිට බයේ රට අපිට දීල ගියා කියල.නෑ උන්ට අපේ රට ඔය වවපු දෙයක් පොළවෙ තියෙන දෙයක් ගන්නව අැරෙන්න වෙන කිසිම වැඩකට නෑ.පිහිටීම අනුව උනත් ඵහෙමයි.සුද්ද හොංකොං තියාගත්තෙ උන්ගෙ හොර වැඩ ඔක්කොටම ලේසි පිහිටීමක තිබ්බ නිසා.හොංකොං තමා උන්ගෙ කුඩු තිප්පල,ඒ වගේම කොමර්ෂල් සිටි ඵක.සුද්ද 1997 චීනෙට හොංකොං දුන්නෙ නොදී බැරි කමට.මොකද චීනෙ ඒ තරම් බලවත් රටක් නිසාත් හොංකොං වලට කරන්ට්,වතුර චීනයෙන් දෙන නිසාත් චීනෙට හොංකොං නොදී ඉන්න උන්ට බැරි උනා..අපේ මෝඩ හැත්ත හිතනව අනේ ලංකාව අද සුද්ද තියන් හිටියනම් අපේ රටත් හොංකොං වගේ දියුණු වෙලා නේද කියල..



