පශ්චාත්-නූතනවාදය යනු කුමක් ද?
පශ්චාත්-නූතනවාදය යනු කුමක් ද?
Posted: 7:32 am, December 3, 2013
ප
ශ්චාත්-නූතනවාදය (post-modernism) යන පදයෙන් අදහස් වන්නේ කුමක් ද?
පශ්චාත්-නූතනවාදය නිර්වචනය කළ දාර්ශණිකයන් කිහිපදෙනෙකු මෙසේය
ප්‍රේඩිරික් ජෙම්සන්,ජීන්-ප්‍රාංශුවා ලියෝතා,ජීන් බෝද්‍රිලා.
අප පළමුව මාක්වාදියෙකු වූ ජෙම්සන් ගේ අදහස සළකා බලමු.
ජෙම්සන්ට අනුව පශ්චාත්-නූතනවාදය යනු ඓතිහාසික සංසිද්ධියකි.ඉතිහාසයේ යම් මොහොතක සිදු වූ සංස්කෘතික ව්‍යුහයේ විපරියාසයකි. එමගින් අදහස් වන්නේ යමක අවසන් වීමකි. ඒ අනුව පශ්චාත්-නූතනවාදය යනු දෘෂ්ටිවාදයේ,කලාවේ,සමාජ පන්තීන්වල,සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයයි. එමගින් ලෙනින්වාදයේ අර්බුදයද ලකුණු කරයි.
නූතනවාදය යනු සම්ප්‍රදායවාදයට එරෙහිව එකතැන පල්වීම වෙනුවට අනන්තය දක්වා දිගු වූ අනාගත වර්ධනයක් නම් පශ්චාත්-නූතනත්වය යනු අතීතවේදනාවකි. අතීතයට ඇලුම් කිරීමකි. එමගින් අදහස් වන්නේ අහිමි වූ දෙයට මිනිසා ගේ ඇති අවසාන භක්තියයි. එබැවින් පශ්චාත්-නූතනවාදය යනු ධනවාදය හෝ සමාජවාදයට විරුද්ධ අදහසක් නොව ධනවාදයේ අවසාන සංස්කෘතික ආකෘතියයි. අප එය යෙදිය යුත්තේ අපහාසාත්මක ආකාරයකට නොව ධනාත්මක ආකාරයකටය. අවසාන විග්‍රහයකදී එකතැන පල් වෙමින් පශ්චාත්-නූතනවාදී අදහස් වලට අපව යොමු කරවන්නේ ධනවාදයට වඩා පුළුල් සමාජයක් කරාය. මන්ද යත් එය නූතනත්වයෙන් සපුරා කැඩී වෙන් වී නැති නිසාය.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය