පශ්චාත් නූතන ලාංකීය පවුල
වර්ථමාන ලංකාවේ පවුල (Family) මුහුණ දී සිටින අර්බුදය අප මතුපිටින් බලනාවාට වඩා සංකීර්ණය. මේ යුගයේ බහුතරයක් අය කියන ප්‍රධාන කතාවක් වන්නේ අප්පෝ අපි නම් පොලිටික්ස් වලට කැමතිම නෑ,දේශපාලනය කියන වචනයටවත් මම කැමති නැහැ. මම කැමති මගේ පාඩුවේ මගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්න විතරයි. තවත් කතාවක් වන්නේ ඔයාලා කියන එක ඇත්ත, ඒත් අපිට බෑනේ කලු ගලේ ඔලුව ගහ ගන්න. ඒ නිසා කරන්න බැරි වැඩ වලට මොකට මහන්සි වෙනවද? අනික අපි මහ කාලයක් ජීවත් වෙනවා කියලැයැ. ඉන්න ටික කාලේ කාලා ඇඳලා කරදරයක් නැතිව සතුටින් ඉන්න තිබුනහම මදිද? පශ්චාත්-නූතන ලාංකීය පවුල කියන්නේ මේකට තමයි. මේ අයට අනුව යථාර්ථය යනු තමන් නියෝජනය කරන දෙයක නොව තමන්ට ආගන්තුක (alienate ) දෙයක්. මේ ගොඩක් පවුල් වල අය හිතන්නේ දේශපාලනය කියන්නේ අගහරු ලෝකයට අයිති දෙයක් හැටියටයි. අපි දැන් බලමු මේ පවුල් වල පොදු ලක්ෂණයන් කිහිපයක්
01- මේ පවුල් වල බොහෝ දුරට ස්වාමියා සහ බිරිද යන දෙදෙනාම රැකියාවට යන අතර ස්වාමියා ටයි පළදින බහුජාතික සමාගමක් වෙනුවෙන් තම ශ්‍රමය අඩු මුදලට විකුණන කම්කරුවෙක්. ඒත් පැරණි සමාජයේ මෙන් මෙකී කම්කරුවා සහ ස්වාම්යා අතර බෙදුම් ඉර දෘෂ්ටි මායාවක් මගින් වසා දමා තිබෙනව. මේ දෘෂ්ටිමායාවට ජීවමාන උදාහරණ තමයි Keells Super, Cargills Foodcity, KFC සහ McDonald's වගේ ආයතන.
පවුලේ ස්වාමියා සහ බිරිද යන දෙදෙනාම රැකියාවට ගිය පසු බොහෝ විට දරුවන් මහලු මාපියන් සමග හෝ සේවකයින් සමග නිවසේ තනි වෙනව. ඒ නිසා මෙකී දරුවන් ගෙන් බහුතරයක් පුංචි කාලේ පටන් ළමා අධි පෝෂණයට ලක් වූ ග්‍රස්ථික නියුරෝසිකයන් බවට පත් වෙනව. ස්වාමියා ගේ ලෝකය බොහෝ විට අන්තර්ජාලයට සහ ජංගම දුරකථනයට සීමා වන අතර බිරිද ගේ ලෝකය ද ඇය කැමති හුදකලා ලෝකයකට ගොනු වෙනව. මේ අය සති අන්තයේ බොහෝ විට විනෝද චාරිකා යැයි කියා යන්නේ ගාලු මුවදොර පිටියට,ගල්කිස්සේ වෙරළ තීරයට නැතිනම් අලුතින් හැදු අධිවේගී මාර්ග බලන්නටය.
මාස දෙක තුනකට වරක් මේ අය උතුරු නැගෙනහිර ප්‍රදේශයන් වල සංචාරයට යනව. එහිදී ප්‍රභාකරන් මිය ගිය ස්ථානය, ප්‍රභාකරන් ගේ මාලිගා, නාන තටාක, වෙඩි පිටිය වගේ දේවල් තමයි බලන්නේ. ඒ වගේ තැන්වල දී මේ අය කතා කරන්නේ දැන් මොනවා නැතන් නිදහසේ ගමනක් බිමනක් යන්නට පුලුවන් වීම ගැනයි. රට සංවර්ධනය වී ඇති අයුරු දැක මවිතයට පත් වන මේ අය හෙට දිනයේ ලංකාව සිංගප්පූරුවක් වනු ඇති බවට උදම් අනනවා.
මේ අය සිය ජීවිතයෙන් ඉවත් කළ දේවල් වන්නේ සිනමා කෘතියක් රස විදීම, පොතක් කියවීම, පවුලේ සාමාජිකයන් එකට එක් වී සාකච්ඡා කිරීම වගේ දේවල්ය. මෙවැනි ගමන් ගිය පසු මකර කටවල් වලට පියා හිස දමා මෝඩයෙකු වගේ හැසිරෙන විට අම්මා ගුරුගේ නේචර් පාක් එකේ ස්ව කැමැත්තෙන් දඩු කදේ ගසා ගන්නවා. අනතුරව මේ පින්තූර අන්තර්ජාලයේ පළ කර මිතුරන් අතර ෂෙයා කරනව. පසු දින කර්යාලයට ගිය පසු තමන් ගේ අත්දැකීම් එකිනෙකා අතර බෙදා හදා ගන්නව.
02- මේ විදිහට අනෙකා ගේ බැල්ම ඉදිරියේ තමන් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන බව පෙන්වන මේ අය හුදකලාව මෙකී ජීවිතයේ පවතින ඒකාකාරී බව හමුවේ මහත් කණස්සල්ලට පත් වෙනව. ඒත් ඒ බව ලෝකයට පෙන්වන්නට මේ අය අකමැති වන්නේ, මේ අයගේ ජීවිතය කියන එකේ අර්ථ තීරණය වන්නේ අනෙකා ගේ බැල්ම (Gaze) මත නිසයි. මේ අයගේ ලිංගික සම්බන්ධතාවයන් යන්න පවුල් ජීවිතයේ යුතුකමක් බවට ඌණනය වෙනව. පසු කාලිනව බිරිද හිස්ටරික අකාරයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම ප්‍රතික්ශේප කරනව. ස්වාමියා වැඩි වැඩියෙන් මතට ලොල් වෙනව.
ටික දවසක් යන විට මෙකී පවුලේ ස්වාමියාට තම කාර්යාලයට එන සුන්දර තරුණියක් ගැන ආකර්ශණයක් ඇති වෙනව. ඇය මෙකී දරුවන් දෙදෙනෙකු ගේ පියාව වයස අවුරුදු 18 තරුණයෙකු බවට පත් කරනව. දැන් මේ නිසා ඔහුට ජීවත් වන්නට නව බලාපොරොත්තුවක් ලැබෙනව. ඔහු ඒත් යුතුකම් දන්න ස්වාමියෙක් විදිහට තම පවුලේ සාමාජිකයන්ට කිසිවකින් අඩුවක් කරන්නේ නැහැ. ඔහු බිරිද සහ දරුවන් නින්දට ගිය පසු තම හිරිමල් පෙම්වතිය සමග රෝමියෝ කෙනෙකු බවට පත් වෙනව. ටික දවසක් යන විට බිරිදට මේ ගැන ඉව වැටෙනව. දෙදෙනා අතර මහා අඩදබරයකින් පසු ස්වාමියා බිරිදට මෙහෙම යෝජනවක් කරනව.
ඔයාලට මම අඩුවක් කරන්නේ නැහැනේ ඉතිං මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අවසානයේ උසාවි පිටුවල මේ පවුලේ යටිපෙල කතා සියල්ල ලියවෙනව. බිරිද මාසික නඩත්තු මුදලකින් දරුවන් නඩත්තු කරන ගමන් ගංගාරාම පන්සලේ පොඩි හාමුදුරුවන් ගේ බණ අසා හිත ශාන්තියට පත් කර ගන්නව. ස්වමියා නව ජීවයක් ලැබු තරුණයෙකු බවට පත් වෙනව. ඔහු කොට කලිසම් හැද මිතුරන් සමග විනෝද සවාරි යනව. හවසට බාර් වල ක්‍රිකට් මැච් ගැන කතා කරනව. නැතිනම් Apple iPhone, iPad, Hybrid කාර් ගැන කතා කරනව. ඒ අතර තමන් ගේ වෙන්ව සිටින බිරිද දරුවන්ට අසනීප බව පැවසූ වහාම නවලෝක රෝහලට ඊ චැනලින් දමා ඒ අයව වෛද්‍යවරුන් ලගට එක්ක යනව.
ඒ නිසා මේ ලිබරල් නිදහස තුළ ඒ අය දේශපාලනය ගැන කතා කරන අය දෙස බලා මවිතයට පත් වෙනව. ඇත්තටම මේ අයට පිස්සුද, මොනවද මේ පිස්සු වැඩ, අපිට මොකටද දේශපාලනය. ඒත් මේ වන විටත් ඔහු තමන් සතු සියල්ල නැති කරගෙන සිටින බවත් තමන්ට අනාගතයක් නැති බවත් දන්නේ නැහැ.

Source: 3Mana.com වෙබ් අඩවිය

... කවුද ?