====== දෙනෙත් හැර විමසා බලමු=====
සහෘදයණි.... රු 6000 කින් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්න සරළ ජනාධිපති වරයා වෙනුවෙන් වාර්ෂිකව වෙන්කර ප්රතිපාදන වලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවකින් කෝටි 25ක් ඉල්ලා සිටීම ගැන අප වාද නොකරමු. මක් නිසාද ලෝකෙට පේන්න සරළ බව පෙන්වන්න හැදුවාට රටේ පළමු පුරවැසියාගේත් විධායකයේත් කාර්ය භාරය ඉටුකිරීමට සරළ බව පමණක් ප්රමාණවත් නැති බව අපි දන්න නිසාය.
ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන්ට මහින්දගේ ජනාධිපති ධූරයේ වියදම මෙන් සිරිසේන ජනාධිපතිගේ ධූර වියදම විනාඩියට වැයවෙන මුදල විශ්ලේෂණයට අප යෝජනා නොකරමු.
එම ධූරය සතිතව අදාල කාර්යභාරයන් ඊට අනුබද්ධ කර ඇති විෂය පථයන් දන්නා නිසා ඒවා කුහක කමින් විශ්ලේෂණය කිරීම ව්ඩක් නැති බව අප දනිමු.
එහෙත් අපට ඇති ගැටළුව ජනාධිපති ධූර වියදම නොවේ...
මහින්දගේ කාලය පළ රහිත බව කියමින් ඔබ පත්කර ගත් සරළ නිහතමානී ජනාධිපති වරයාගේ මේ මාස 10තුළ..
මහින්ද රබර් වලට කිලෝවකට ගෙවූ රු. 320 මුදල 160 අඩුවන විට එය සරළ බවට ඔබ අනුගත කරන්නේ කෙසේද යන්නය.
මහින්දගේ කාලේ තේ කිලෝවකට ගෙවූ රු 80ක මුදල රු 48 ට අඩුවීම සරළ බවට ඔබ අනුගත කරන්නේ කෙසේද යන්නය.
මහින්ද වී කිලෝවකට ගෙවූ රු 40 අද වී කිලෝවකට රු 26 ලැබෙන විට එය සරළ බවට අනුගත කරන්නේ කෙසේද යන්නය.
මහින්දගේ කාලයේ රජය මිළදී ගත් වී මෙ.ටොන් 225000 මේ මාස 10 තුළ 120000-130000 අතරට අඩුකිරීම සරළ බවට ඔබ අනුගත කරන්නේ කෙසේද යන්නය.
මහින්ද රජයේ ස්ථාවර මිළ ලෙස රු 60- 70 අතර පවත්වාගෙන ගිය තුන්වේල බත් කන රටේ සහල් මිළ රු 85 ඉක්මවා මේ අවස්ථාවේ පත්ව තිබෙන විට එය සරළ බවට ඔබ අනුගත කරන්නේ කෙසේද යන්නය.
අමුමිරිස් කරළක මිළ රු 5.00 විකිනුන මහින්දගේ සමයේ පාරිභෝගිකා වෙනුවෙන් පොළවේ පස් කෑ නුඹ හාල් මැස්සන් 250 ක් රු. 250 වන විට එය සරළ බවට අනුගත කරන්නේ කෙසේද යන්නය.
මහින්දගේ කාලේ ජනාධිපති වියදම ඉහළ ගිය විට කෑ ගැසූ පරිද්දෙන් සිරිසේනගේ කාලේ ටිකෙන් ටික සරළ වියදම් ඉහළ යාම ගැන කෑ ගසන්නට අප ඔබට යෝජනා නොකරමි. එය කරන්නත් බැරිය. එහෙත් මේ රටේ මාස 10ක් තිස්සේ අමාරුවෙන් හරි හම්බ කරගෙන තේ අක්කර 2ක් රබර් අක්කරය වී බුසල් දෙකක කුඹුරක් වගා කරගෙන ජීවත් වූ මිනිසුන් වෙනුවෙන් හඩක් නොනැගෙන්නේ ඇයිදැයි ප්රශ්ණයකි.
අඩුම තරමේ මහින්දගේ කාලෙට වඩා එක රුපියලක් වැඩියෙන් ඒ ජනතාවට ලැබුනිනම් අපට සතුටු විය හැක.
එසේ නැත්නම් මහින්ද එලවා රු 6000කින් දිවුරුම් දුන් සරළ නිහතමානී මිනිසෙකු පත්කර ගැනීමෙන් පමණක් තවුතිසාව දැන් මැවී ඇතැයි නුඹ සිතනවාද නොදනිමි.
අපි කියන්නේ මේ මාස 10 තුළ එසේ වෙන්න හිතලාවත් නැති බව පමණය. ඒ නිසා දැන් ඔබේ දෙනෙත් අරින්නට කාලය උදාවී ඇත. බැරිමනම් කමක් නෑ.