මේ දේවල් ලංකාවේ තියනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙවැනි උපකරණයක් ගැන මගේ අත්දැකීම් කියන්නම්.
මේ පහතින් තියන(හරියටම ඒ යන්ත්රයම) මම දැනට අවුරුද්දකට පමණ පෙර ඊ බේ එකෙන් මිලට ගත්තා. ප්‍රවාහනයටත් සමග මිල ඩොලර් (AUD) දාහකට අඩු බව තමා මතක.
View attachment 151029
View attachment 151033
චීන බඩු ගැන සත පහක විශ්වාසයක් නැති උනත්, මේ (SHOGUN 7HP 208CC Cultivator Tiller 4 Stroke Petrol Rotary Hoe) යන්ත්‍රය තවම නම් කිසිම ලෙඩක් දුන්නේ නැහැ. (පාවිච්චි වෙන්නෙත් මාසෙකට දෙකකට පැය බාගයක් විතර තමයි) මැටි පොළවක් තියන මගේ ගෙවත්තේ උදළු පාරක් ගහපුවාම උදැල්ල බම්ප් වෙන තරමට පොලව තදයි. මේක ගන්න හේතුව උනෙත් ඒකයි. ඒ උනාට, මේ යන්ත්‍රයෙන් තද පොලව හාන්න බැහැ. නගුල් තල පොලව හාරාගෙන යන්නේ නැහැ. යාන්තමට උඩින් පහුරු ගෑවිලා යනවා පමණයි.
ටික ටික අත්දැකීම් ලැබෙනකොට, හාන්න අවශ්‍ය කොටසට දින කීපයක් තිස්සේ sprinkler එකකින් වතුර දාලා පොලව පෙඟුනාම හාන එක නම් ඉතාම සාර්ථකයි කියලා හොයා ගත්තා.
ඒ වගේම, මොනවා හරි පොලවට කලවම් කරන්නත් මම මේක සාර්ථකව භාවිත කරලා තියනවා. කොම්පෝස්ට්,/ clay breaker / gypsum වැනි දේවල් පසට කලවම් කර පසේ මැටි ගතිය අඩු කිරීම මම කරනවා. ඒක කරන්නේ මුලින් නිකම්ම පස හාලා, ඊට පස්සේ ඊට උඩින් මට කලවම් කරන්න අවශ්‍ය දේවල් (කොම්පෝස්ට් clay breaker / gypsum) දාලා නගුල ඉහලට adjust කරලා (වැඩිය ගැඹුරට නොයන්න) හාන එකයි. ඒකෙන් හොඳින් කලවම් වීම සිදු වෙනවා.
ලොකු ඉඩමකට නම් මේවගේ යන්ත්‍රයක් පාවිච්චි කරන්න අමාරු වෙයි. මගේ මුළු ඉඩමම අක්කර තුන්කාලකටත් අඩුයි. වරකට හාන්නෙත් වර්ග මීටර් සීයක් දෙසීයක් විතරයි . හාන කොට උරෙස් දෙක ගැලවිලා යන තරමේ ගැස්මක් එනවා. මමත් වරකට පැය බාගයකට වඩා මේක පාවිච්චි කරන්නේ නැහැ.