පසුතැවිල්ලට මොහොතක්....

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පසුතැවිල්ලට මොහොතක්....

    suffering.jpg

    හැමෝටම ජිවිතයේ ආපස්සට හැරිලා බැලුවම කනගාටු වෙන දේවල් කරලා තියෙනවා. අනේ එදා මම ඒ දේ නොකරා නම් කියල හිතෙන දේවල් හැමෝටම තියෙනවා.එදා හරි තීරණය මට ගන්න බැරි වුනානේ කියල හිතෙන දේවලුත් ඇති . එක හැමෝටම පාඩමක් වෙයි . කියවන අනික් අයත් අනුන්ගෙ අත්දැකීමක් වුනත් පාඩමක් ඉගෙන ගන්න එය උදව්වක් වේවි.
    මේ වගේ තමන් වැඩියෙන්ම පසු තැවෙන කාරණය ලියල යමු. කෙලින්ම ලියන්න අමාරු දෙයක් නම් fake එකකින් හරි ඇවිත් ලියල යන්න. කාටවත් කියාගන්න බැරිවුණ දෙයක් එහෙම හරි කියන එක හිතට ලොකු අස්වැසිල්ලක් වෙයි.
    tears2.jpg

    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම වැඩියෙන්ම පසු තැවෙන කාරණය කියන්නම් කෝ එහෙනම්.මගේ දෙමවුපියෝ ලොකු සල්ලි කාරයෝ නෙමයි. හම්බ කරපු හැම සතේම අපිට ඉගෙන ගන්නමයි දුන්නේ.අපිත් අම්මලාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලුවේ නෑ. ඒ ගොල්ලන්ට දෙන්න අමාරු නිසා.AL කරන කාලේ දෙතුන් දාහක් ඉන්න පන්තිවලට විතරයි මම ගියේ. හැබැයි chemistry අමාරු වෙනකොට inorganic වලට group class එකකට යන්න අම්ම සල්ලි දුන්නා. කොහොමහරි පලවෙනි පාරම මම පේරාදෙණිය ට select වෙනවා. ඔන්න කැම්පස් එකේ second year එකේදී මගේ බැචෙක් මචං යමු මරු වැඩක් තියෙනව කියල කිව්වා. පොර එක්කගෙන ගියේ වෙන facultyක out වෙච්ච පොරක් හම්බෙන්න.මිනිහ ගැහුවා තෙලක් මම කැරකිලා විසි වෙන්න. මොකක්ද මනුස්සයා කියන්නේ මේ ඉක්මනින් දියණු වෙන ක්‍රමයක්. network marketing (පිරමිඩයක්)මටත් වැඩේ අල්ලා ගියා එක පාරටම තන්හාවට.හැබැයි බැඳෙන්න 64000ක් ඕනේ. මම ගෙදර ගිහින් අම්මත් එක්ක රණ්ඩු වෙලා සල්ලි ඉල්ලගෙන අවා. අම්මට දෙන්න සල්ලි තිබ්බේ නෑ. කොහෙන්ද පොලියට ඉල්ලගෙන තව මාලයකුත් තියල තමයි මට සල්ලි දුන්නේ. මම අම්මට කිව්වේ මම share market එකේ business කරන්න යන්නේ කියල. අර මගුලට බැඳිලා ටික කාලෙකින් තේරුණා මේක මිනිස්සු බිලි බාගන්න උගන්වන ක්‍රමයක් මිසක් බඩු විකිණීමක් නෙමෙයි කියල. හැබැයි මම කාවවත් බන්දව ගත්තේ නෑ. එහෙම කරා නම් මම තවත් පසුතැවිලි වෙන්න වෙනවා. කොහොම හරි අම්මට බොරු කියල වැඩ කරලා ගත්ත සල්ලි වතුරේ ගියා. මේ 2006 විතර වෙච්චි සිද්දියක්. තාමත් මේ වගේ හොර මගඩි ඕනේ තරම් තියෙනවා එව්වට අහු වෙලා පසු තැවෙන්න එපා.:(
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මම මචන් ඉස්සර love කරපු කෙල්ලව ගෙදරින් කැමති නැති නිසා සම්බන්දෙ නැවැත්තුවා. දැන් එකට හුඟක් දුක් වෙනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    awashya welawe mallith ekka kittuwen indala porage duka beda ganna bari wechcha eka. eka ehema nowuna nam samahara wita lankawama katha karana kenek wenna ida thibuna pora.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I don't regret anything...so many things helped me gain experience in life...I feel angry for some of my mistakes from the past.But i'm happy now to see how mature and intelligent i have become...i failed a/ls,i failed my degree first year,i lost my first love,i was destroyed my mind was blank.i have been treated bad from some of my freinds for whom i helped a lot during their worst times...now at 24 i'm a graduate with a good job,applying for mba...top of all that i thank for my hard times..
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6

    woow.so many hard times and you have faced all of them very successfulley.Good Luck mate......:)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    awashya welawe mallith ekka kittuwen indala porage duka beda ganna bari wechcha eka. eka ehema nowuna nam samahara wita lankawama katha karana kenek wenna ida thibuna pora.

    අයි මචන් මල්ලිට මොකද වුනේ .
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපෝ ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ මගේ ජීවිතයම පසුතැවිල්ලක් කියලා. වැරදි හරිගස්සාගන්න නම් ආයෙත් මැරිලා ඉපදෙන්නම ඕන.
    මම උසස් පෙල මුලින්ම ගොඩදාගත්තේ නෑ. වෙන වෙන පිස්සු මගුල් කරලා අනාත උනා. අම්මලාගේ සල්ලි නාස්ති කලා. යන්තන් ජොබක් කරගෙන ඉන්නවා.
    දෙමාපියෝ මං වෙනුවෙන් කොච්චර සල්ලි වියදම් කරලා ඇතිද ? කොච්චර මහන්සි වෙලා ඇතිද ? කොච්චර දුක් විඳලා ඇතිද ? ඒවා ගැන තමයි මට දුකක් හිතෙන්නේ.
    හැබැයි මම අම්මලාගේ සල්ලි වලින් බීලා නෑ, බට ගහලා නෑ, කුඩු ගහලා නෑ, නොගැලපෙන සම්බන්ධයන් ඇතිකරගෙන නෑ.ඒක විතරයි මට සතුටකට තියෙන්නේ
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඒ ලෙවල් මැත්ස් කලා ෆේල් දෙවනි පාර ට්‍රයි ක්ලේ නැ.... කොහම හරි BCS PGD කලා තාමත් IT ජොබ් එකක් නැ... අනේ අපොයි මගේ ජිවිතේ...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට කෙල්ලෙක් ආදරේ කළා. එයා එක කියන්න පුළුවන් හැම විදිහකින්ම මට කිවුවා. අන්තිමට කෙලින්ම කිවුවා. මම හිතුවේ විහිළු කරනවා කියලා. මොකද අවුරුදු 4ක් විතර අපි හොද යාලුවෝ විදිහට හිටියේ. එත් එක මට තේරුනේ නැහැ ඒ දවස් වල. දෙවනියට මගෙන් අහපු කෙල්ලට මමත් ආදරේ කළා. එත් එයා හේතුවක් නැතුවම මාව දාලා ගියා. එදා තාම මට තේරුනේ අර කෙල්ලත් මේවගේම දුක්වෙන්න ඇති තමන් බලාපොරොත්තු උනා ආදරේ ලැබුනනෙ නැහැ කියලා.

    මට දුක ඉස්සෙල්ලම කෙල්ලට මම හා නොකියපු එක නෙමෙයි. මම නොදැනුවත්ම අවුරුදු ගානක් කෙල්ලෙක්ගෙ හැගීම් එකක සෙල්ලම් කරපු එක. අඩුම තරමේ මම කැමති නැහැ කියලා කිවුවනම් ඒ කෙල්ල එච්චර කල් මන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නැහැ.

    තාමත් හිතින් දුක් විදිනවා මේ ගැන මතක් වෙන ගානේ.
     
    • Like
    Reactions: Crazyeranga
    Jun 17, 2013
    182
    57
    0
    මම tour එකක් ගියා Malaysia. මම කවදාවත් බඩු subject එක කරලා නෑ. හැබැයි යාලුවෝ කියපු නිසා මම එහෙදි සල්ලි දීල කෙල්ලෙක් එක්ක හිටියා. එක ඒ වෙලාවේ අතල් එකට කරාට මගේ හිතට හිතට වද දෙනවා ඒ කරපු දේ. එහෙම නොකර ඉන්න තිබ්බනම් කියල දැන් හිතෙනවා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපෝ ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ මගේ ජීවිතයම පසුතැවිල්ලක් කියලා. වැරදි හරිගස්සාගන්න නම් ආයෙත් මැරිලා ඉපදෙන්නම ඕන.
    මම උසස් පෙල මුලින්ම ගොඩදාගත්තේ නෑ. වෙන වෙන පිස්සු මගුල් කරලා අනාත උනා. අම්මලාගේ සල්ලි නාස්ති කලා. යන්තන් ජොබක් කරගෙන ඉන්නවා.
    දෙමාපියෝ මං වෙනුවෙන් කොච්චර සල්ලි වියදම් කරලා ඇතිද ? කොච්චර මහන්සි වෙලා ඇතිද ? කොච්චර දුක් විඳලා ඇතිද ? ඒවා ගැන තමයි මට දුකක් හිතෙන්නේ.
    හැබැයි මම අම්මලාගේ සල්ලි වලින් බීලා නෑ, බට ගහලා නෑ, කුඩු ගහලා නෑ, නොගැලපෙන සම්බන්ධයන් ඇතිකරගෙන නෑ.ඒක විතරයි මට සතුටකට තියෙන්නේ

    thanks මචන් share කරගත්තට. මම නම් campus ගියාට පස්සේ ටිකක් එහෙන් මෙහෙන් බිව්වා. එතකොට හිතට වදයක් නොතිබ්බ නිසා. හැමදේටම හිතනේ මචන් මුල.