පහන්තුඩාව article

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    සාමාන්‍යයෙන් නීරෝගී සමාජයක පහන්තුඩාව වගේ දියඇල්ලක් ළඟ දෙන්නෙක් ලිංගික (porn) වීඩියෝවක් රූපගත කරලා ඒක තමන් විසින් ම වෙබ් අඩවියකට මුදාහැරියා නම් මොන වගේ දෙයක් සිදුවෙයිද?

    සමාජයේ යම් පිරිසක් ඒ දර්ශන අන්තර්ජාලයෙන් බලයි. සමහරු ඒක රස විඳියි - තවත් සමහරු අකැමැති වෙයි. ඊට පස්සේ රස විඳපු, නොවිඳපු, බලපු, නොබලපු අයත් සියලු දෙනා ම සාමාන්‍ය විදියට තමන් ගේ එදිනෙදා කටයුතු කරගෙන යයි. වැඩිම වුණොත් පහන්තුඩාව අවට ඉන්න පිරිස තමන්ට හොරෙන් තමන් ගේ ප්‍රදේශයට ඇවිත් මෙහෙම වීඩියෝවක් රූපගත කිරීම ගැන පුදුම වෙයි. හිනාවෙයි. ටික දවසක් යනකොට බලපු, නොබලපු හැමෝටම මේ සිදුවීම අමතක වෙලා යයි. ඔවුන් තම තමන් ගේ ජීවිතවල වඩා වැදගත් දේවල් එක්ක ඉස්සරහට යයි.

    ඒත් ලිංගික වශයෙන් රෝගී සමාජයක එහෙම සිද්ධියක් වුණොත් මොනවා වෙයිද?

    මුලින් ම වීඩියෝව බලපු පිරිස විශාල මැජික් එකක් දැකලා වගේ හූ තියමින් සමාජ මාධ්‍යවල ගිනි අවුලයි. සාමාන්‍යයෙන් එහෙම ලිංගික දර්ශන බලන අයත් නොබලන අයත් සේරම වැඩ අමතක කරලා පහන්තුඩාවේ මොකද වුණේ කියලා හොයන්න පටන් ගනියි. අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල වැඩියෙන් ම හොයපු නමක් බවට 'පහන්තුඩාව' පත්වෙයි.

    ඒ වීඩියෝවේ මූණ වහගෙන ඉන්න ගැහැනිය හොයන්න හැමෝට ම නොසන්සිඳෙන කුතුහලයක් ඇතිවෙයි. ඒ වීඩියෝවට කිසි ම සම්බන්ධයක් නැති, පහන්තුඩාවට විනෝද චාරිකාවක් ගිහින් පින්තූර ගත්ත සාමාන්‍ය ගැහැනියකගේ මූණත් ඒ සිද්ධියට ඈඳෙයි. ඇයට රටට ලෝකෙට මුහුණ දෙන්න බැරි වෙයි. ඒ අතර පන්සල්වල ඉන්න හාමුදුරුවරු මේ වීඩියෝව බලලා ඒ ගැන හොයන්න කියලා රහස් පොලීසියට පැමිණිලි කරයි.

    පොලීසිය රටේ සියලු ම ප්‍රශ්න, අපරාධ, වංචා, මිනීමැරුම් පැත්තක තියලා මේ වීඩියෝව දැම්මේ කවුද කියලා හොයන්න පහන්තුඩාවට යයි. එක රැයින් ඒ දාපු අය අල්ලලා රටේ ලොකු ම මිනීමරුවා අල්ලලා වගේ විශාල සංදර්ශනයක් යයි. ඒ දෙන්නා ඇල්ලුවයි කියලා ජනමාධ්‍ය 'බ්‍රේකිං නිව්ස්' ගහයි. ඒ අතරේ පැමිණිල්ල දාපු හාමුදුරුවෝ පැමිණිල්ල දාන්න කලින් ලිංගික වීඩියෝව බැලුවද කියලා පරීක්ෂණයක් ඉල්ලලා තවත් හාමුදුරුනමක් පැමිණිලි කරයි. මේ වගේ එක වීඩියෝවක් නිසා මහා අවුල් ජාලයක් රටක ඇතිවෙයි.

    ඒ අනුව අපේ රට ඉන්නේ ඇත්තට ම කොතැනද කියලා ඔබට හරියට ම පැහැදිලි වී තිබිය යුතුයි.

    මෙහෙම දේවල් ගොඩක් එක පාර සිදුවෙන්න නම් මොන තරම් ලිංගික පීඩනයක් ඒ සමාජයේ ඉන්න මිනිසුන් අතර තියෙන්න ඕනද කියලා හිතෙන කොට මට අනාගතය ගැන බයක් දැනෙනවා. ටිකක් ගැඹුරට කල්පනා කළොත් මෙතැන ට්‍රැජඩියක් වගේ ම කොමඩියකුත් එකපාර තියෙන බව පෙනෙනවා. අපට හිනාවෙන්න ද, අඬන්න ද කියලා එක පාර හිතාගන්න බැහැ වගේ තේරෙන්නේ ඒ නිසයි.

    මෙතැන ඇත්තට ම තේරුම් ගන්න ඕනෙ දේ තමයි ලිංගිකත්වය අතින් සමාජය රෝගී තත්ත්වයක (pathological state) පවතින එක.

    සමාජය පුද්ගලයෙකුට උපමා කළොත් මේක හරියට සාමාන්‍ය ජීවිතයක් ගෙවන මනුස්සයෙකු හිත ඇතුළෙන් දරුණු විකෘති ලිංගික මානසිකත්වයකින් ජීවත් වෙනවා වගේ ම තමයි. කිසියම් සුළු සිදුවීමකින් වුණත් ඔහු ගේ ඒ විකෘති මානසිකත්වය ඇවිස්සෙනවා. ඒ විකෘති මානසිකත්වය ඔහු ගේ ජීවිතයේ හැම දේකට ම, හැම සම්බන්ධතාවකට ම සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල කරනවා.

    මේ රෝගී බව ගිනි අඟුරු ගොඩක් වගේ මතුපිටට නොපෙනෙන්න සමාජය පතුළේ තැන්පත් වෙලා තියෙනවා. සැරින් සැරේට ඒකෙන් නගින් දුම් සහ පිළිස්සෙන ගඳ අපට දැනෙනවා. පහන්තුඩාව වගේ ඉතා ම සුළු සිද්ධියකින් වුණත් ඒ අඟුරු ගොඩ කැකෑරෙනවා.

    ලංකාවේ දේශපාලනය, අධ්‍යාපනය, හාමුදුරුවරු ඇතුළු ජූජ්‍ය පක්ෂය, ජනමාධ්‍ය වගේ හුඟක් සාධක මේ රෝගී බවට වගකියන්න ඕන. ඒත් දැන් මේ රෝගී බව තියෙන්නේ මෙහෙම තනි තනි කණ්ඩායම්වලට සුව කරන්න පුළුවන් තැනක නෙවෙයි. ඒ හැම තනි කණ්ඩායමක් ම දැන් අඩු වැඩි වශයෙන් මේ රෝගී බවේ ම ගොදුරු බවට පත්වෙලා, වින්දිතයන් බවට පත්වෙලා අවසානයි.

    මට මේ රෝගී බවට පිළියම් දෙකක් මේ මොහොතේ පෙනෙනවා.

    එකක් තමයි දැවැන්ත අධ්‍යාත්මික (spiritual) මැදිහත්වීමකින් තනි තනි මිනිසුන් මිලියන ගණනක ගේ ඇතුළාන්තය මුළුමනින් ම පරිවර්තනය කරන එක. මේ රෝගී බවට වගකිව යුතු, ඒ වගේ ම මේ රෝගී බවේ ම ගොදුරක් වෙච්ච ආගමික සංස්ථාවලට ඒක කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. එහෙම දෙයක් වෙනවා නම් එය ආගමික සංස්ථාවලට පිටින් ඇතිවන චින්තන විප්ලවයක් හරහා සිදු විය යුතුයි. ඒක දැනට අපට හරිම දුරයි.

    දෙවැනි එක තමයි සමාජය තුළ කැකෑරෙන ලිංගික පීඩනය සමාජයට ඔරොත්තු දෙන විදියට පිට කරන්න පුළුවන් මාර්ග හදන එක. ඒක හරියට ම අතුරේ යනවා වගේ වැඩක්. මේ රෝගී බවේ ගැඹුර තේරුම් අරගෙන කරන්න ඕනෙ වැඩක්. ඒත් ලංකාව වගේ රටක මෙහෙම ලිංගික පීඩනය පිට කරන්න පුළුවන් මාර්ග නීත්‍යානුකූලව ම හදන එක ඉතා ම අභියෝගාත්මකයි.

    පළවෙනි මාර්ගය හුඟක් අමාරුයි. කල් ගතවනවා වැඩියි. හැබැයි අවදානම අඩුයි.

    දෙවැනි මාර්ගය සාපේක්ෂව කෙටියි. කල් ගතවනවා අඩුයි. හැබැයි අවදානම වැඩියි. ගෙවන්න වෙන පිරිවැයත් වැඩියි.

    ඒක හරියට ම "ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී" වගේ තත්ත්වයක්. ඒත් කුමන ක්‍රමයකට හරි මේ රෝගය සුවපත් විය යුතුයි. ඒකට හේතුව, අප හිතනවාට හුඟක් ගැහැනුන් සහ පුංචි දරුවන් මහමග දී, පංතිවල දී, ආගමික ස්ථානවල දී විතරක් නෙවෙයි ඔවුන්ගේ ම ගෙවල් ඇතුළේ දී පවා මේ 'රෝගයේ' ගොදුරු බවට පත්වෙන නිසා.

    කොටින් ම මේ ලිංගික වශයෙන් රෝගී බව සමාජයේ තියෙන තාක් කල් කිසිම ගැහැනියක ගේ, කිසිම දරුවකු ගේ සුරක්ෂිතබව ගැන සහතිකයක් දෙන්න බැහැ. මේකේ බරපතළකම කෙනෙකුට තේරෙන්නේ තමන් වඩාත් ම ආදරය කරන ගැහැනුන් ගේ සහ දරුවන් ගේ මුහුණු මෙතැනට ආදේශ කරගත්තොත් විතරයි.

    දේශපාලන පීඩනයට වඩා, ආර්ථික පීඩනයට වඩා ගැඹුරු හානියක් සමාජයකට ලිංගික පීඩනය නිසා සිදුවෙන්න පුළුවන්. ආර්ථික පීඩනය, දේශපාලන පීඩනය එළියට ප්‍රකාශ වෙනකොට ඒක ලෙහෙසියෙන් හඳුනාගන්න පුළුවන්. ඒත් ලිංගික පීඩනය ප්‍රකාශ වෙන විදිය තේරුම් ගන්න එක ම හුඟක් සංකීර්ණයි.

    source-FB
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඇත්ත. කැ%රි පොලිස් කාරයොන්ට තමා කපල් පේන්න බැරි.පාක් එකක ඉන්න බෑ කොහෙන් හරි ඇවිල්ල හැමිනෙන්න හදනව. රෘම් යන්න බෑ කඩන් පයිනව.