පහන් කන්ද මම සහ 8/6
කොතන ගියත් ඇහෙන්නෙ වක වක තමයි.ෆෝන් එකේ රින්ග් ටෝන් එකත් ඒක.කාට හරි call කලත් ringing tone එකත් ඒක.fifa official song එක wawing flag වුනාට වැඩියෙන්ම ජනප්‍රිය ශකිරගෙ වක වක.
ඊළඟ සතියෙ පාටි එකක් තියෙන හින්දා ඒකට අළුත් සිංදුවක් හොය හොය ඉන්න කොට තමයි රතු රටකජු හම්බ වුනේ.
චක් දේ ලංකා කියලා කොඩිය වනනවා.
චක්නෝරිස් අරන් ඇවිත් ටොකුත් අනිනවා.
තේරුමකුත් නෑ ගැලපීමක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.ඒත් පද ටික පාඩම් කර ගන්නත් ඕනා.තව සතියක් තියෙනවනේ කියල තමයි පහන් කන්ද බලන්න ගත්තේ.
ගිය සතියේ එක කොටසක් බැළුවා.මුල් එක නම් මම අතහැරියා දෙවැනි එකේ ඉදන් තමයි බලන්න පටන් ගත්තේ.
සුනිල් එදිරිසිංහයන් එක්ක කුමාරදාස සපුතන්ත්‍රී ඒ දෙන්නගෙ කතා බහ හරිම රසවත්.මුලින්ම ගයපු සිංදු නම් වැඩිය හුරුපුරුදු ඒව නෙවෙයි.ඒත් හරිම ලස්සනයි.ඒ සිංදු වලට ගැලපෙනම සංගීතය.
සංගීත කණ්ඩායම හරිම අපූරුයි.මුලින්ම මගෙ හිත ගත්තේ වයලීන් එක.ඒ girl වයලීන් ගහන් අවස්ථා මීට කලින් ම කිහිප සැරයක් දැකලා තියෙනවා.ස්ටාර්ස් තෝරන තරඟ වලදී.ඒත් ඒ හැම එකකටම වඩා අද හරිම අපූරු බවක් තියෙනවා.
මමත් මුලින්ම වාදනය කරන්න පුරුදු වුනේ වයලීනය.එතකොට මම 8 වසරෙ.ඒ දවස් වල වයලීන් එක එල්ලගෙන බස් එකේ යන්න මට හරි ලැජ්ජයි.මහා ලොකු දුරකට නොවුනත් සාමාන්‍ය තරමකට ම වයලීන් ගැහුවට එතනින් පස්සෙ මේ වෙනකම් මට වයලීන් එක ගැන හිතුනෙම නෑ.දැන්නම් වයලීන් එක මගෙන් ගොඩාක් දුර ගිහින් දැන්මට ඒකෙ ස්වර පිහිටුම වත් මතක නෑ.
ඒ ගිටාර වලත් පොඩි වෙනසක් තියෙනවා.සාමාන්‍ය බොක්ස් ගිටාර් වුනත් එකක් සැරින් සැරේ වෙනස් වෙනවා.ඒක ගැන වැඩිය කියන්න මම දන්නෙ නෑ.බොක්ස් එක හැරුනම මම දන්නෙ ගිටාර් වර්ග තුනයි.ලීඩ්, රිදම්, බේස්,ඔය තුන නම් පුන්චිම කාලේ ITN එකේ මධු රසාංග බලන කාලේ ඉදලම අඳුන ගන්න පුළුවන්.ඒත් ඒවයෙන් එන සද්ද මොනවද කියල දැන ගත්තේ සංගීතය ඉගෙන ගන්න ගත්තට පස්සේ.
එතකොට මම 10වසරෙ ඒ කාලෙ ගොඩක් කොල්ලන්ට වගේ අපිටත් බෑන්ඩ් උණ ගැහුවා.අපිත් බෑන්ඩ් එකක් සෙට් කරගෙන මට හම්බ වුනේ ගිටාර් එකක්.පන්ති ගිය මුල් දවසෙ තුනෙන් එකක් තෝර ගන්න කිව්වම මම තෝර ගත්තේ බේස් එක.එතනින් ඇරඹුණ මගේ බේස් ගමන බොහෝ දුර ගියා.O/L කරන්න කලින් ස්ටේජ් ගහන්නත් මට පුළුවන් වුනා.මුල් දවස් වල ගොඩක් වුන් කිව්වේ මූට ගිටාර් එක එල්ලන් ඉන්නවත් පුළුවන් වෙයිද කියලා.
ඊට පස්සේ බේස් වලින් කරන හැමදාම මාත් කරා.ස්ලැපින්,සෝලෝ,ඔය හැමදේම.
4strings ඉදන් 6strings වෙනකම් හැම එකක්ම ගැහුවා.
සුනිල් එදිරිසිංහ කියන්නේ අපේ කාලයට කලින් ගායකයෙක් හින්දා මේ සින්දු අපිට නුහුරු වීම අරුමයක් නෙවෙයි.ඒ කාලේ සින්දු අපි ඇහුවේ එක්කෝ සන්ෆ්ලවර් එක්ක අළුතින් කියපුවා,එක්කො නවරිද්ම කියපුවා,නැත්නම් ස්ටාර්ස් තෝරන තරඟ වලදි කියපුවා.ඒත් මේ මුලින්ම ගිය සිංදු ටික නම් ඒ එකකින් වත් අහලා නෑ.ඔය අතරින් අපිට හුරු සිංදුවක් ඊළඟට ගියා.මලක් වෙලා ඔබ පිපෙන්න....
ඒක අපි අතරට ආවේ සුනින් එදිරිසිංහ නව රිද්ම ඇල්බම් එක ආවට පස්සේ.එතනින් පස්සේ සුනිල් එදිරිසිංහත් අපේ අතරට ආවා.ස්කෝලෙ බංකුවට ගගහා,සීටීබී බස් වල පිටිපස්සට ගගහා කියන සිංදු වලට ඒ සිංදුත් එකතුවුනා.
චන්ද්‍ර මඬල,අද දීගෙක ගිය නුඹ,ශිල්ප සොඳින්, අනේ මෙහෙම ආශාවක්...ඔය වගේ සිංදු ගොඩක් අපේ සිංදු වුනා.බලන් ගියාම මේව ඔක්කොම 8/6 සිංදු.
ඒ කාලේ ලංකාවේ ඇහුණු සිංදු වලින් 90%ක්ම සික්ස් එයිට්.සුනිල් එදිරිසිංහලත් ඒ කාලෙට වෙනස් වෙලා ඒ ආරට ගී ගැයුවා.ඔවුන් සාමාන්‍ය රසිකයා අතරට ආවේ ඒවයින්.
ඒ කාලේ මියුසිකල් ශෝ එකක්වත් අපි අතහරින්නේ නෑ ලඟ පාතක තිබුනොතින් බලන්න යනවා.TV එකේ FM වලත් ඒ දවස් වල හැමදාම සංගීත.සුනිල් එදිරිසිංහ ඒ කාලේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක්. ඒත් මට හොදට මතකයි සුනිල් එදිරිසිංහ ස්ටේජ් නැග්ගම ඩ්‍රම්ස් වාදකයට පොඩ්ඩක් බැනලම තමයි යන්නේ.ඒ කාලේ ඩ්‍රම්ස් වාදකයෝ බලන්නෙ පුළුවන් තරම් හයියෙන් සිංදුව ගහන්න.
මට දැන් හිතෙනවා ඒ කාලේ තමන්ගෙ ජීවන වෘත්තිය හින්දා වේදිකාවට ආවට සුනිල් එදිරිසිංහ ල ස්ටේජ් නඟින්න ඇත්තෙ හිතේ කැමැත්තෙන් නෙවෙයි කියලා..
පොඩ්ඩක් ඉන්න ඉතුරු ටිකත් බලලම comment දෙන්න....