පහන් කන්ද මම සහ 8/6

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පහන් කන්ද මම සහ 8/6

    කොතන ගියත් ඇහෙන්නෙ වක වක තමයි.ෆෝන් එකේ රින්ග් ටෝන් එකත් ඒක.කාට හරි call කලත් ringing tone එකත් ඒක.fifa official song එක wawing flag වුනාට වැඩියෙන්ම ජනප්‍රිය ශකිරගෙ වක වක.
    ඊළඟ සතියෙ පාටි එකක් තියෙන හින්දා ඒකට අළුත් සිංදුවක් හොය හොය ඉන්න කොට තමයි රතු රටකජු හම්බ වුනේ.
    චක් දේ ලංකා කියලා කොඩිය වනනවා.
    චක්නෝරිස් අරන් ඇවිත් ටොකුත් අනිනවා.
    තේරුමකුත් නෑ ගැලපීමක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.ඒත් පද ටික පාඩම් කර ගන්නත් ඕනා.තව සතියක් තියෙනවනේ කියල තමයි පහන් කන්ද බලන්න ගත්තේ.
    ගිය සතියේ එක කොටසක් බැළුවා.මුල් එක නම් මම අතහැරියා දෙවැනි එකේ ඉදන් තමයි බලන්න පටන් ගත්තේ.
    සුනිල් එදිරිසිංහයන් එක්ක කුමාරදාස සපුතන්ත්‍රී ඒ දෙන්නගෙ කතා බහ හරිම රසවත්.මුලින්ම ගයපු සිංදු නම් වැඩිය හුරුපුරුදු ඒව නෙවෙයි.ඒත් හරිම ලස්සනයි.ඒ සිංදු වලට ගැලපෙනම සංගීතය.
    සංගීත කණ්ඩායම හරිම අපූරුයි.මුලින්ම මගෙ හිත ගත්තේ වයලීන් එක.ඒ girl වයලීන් ගහන් අවස්ථා මීට කලින් ම කිහිප සැරයක් දැකලා තියෙනවා.ස්ටාර්ස් තෝරන තරඟ වලදී.ඒත් ඒ හැම එකකටම වඩා අද හරිම අපූරු බවක් තියෙනවා.
    මමත් මුලින්ම වාදනය කරන්න පුරුදු වුනේ වයලීනය.එතකොට මම 8 වසරෙ.ඒ දවස් වල වයලීන් එක එල්ලගෙන බස් එකේ යන්න මට හරි ලැජ්ජයි.මහා ලොකු දුරකට නොවුනත් සාමාන්‍ය තරමකට ම වයලීන් ගැහුවට එතනින් පස්සෙ මේ වෙනකම් මට වයලීන් එක ගැන හිතුනෙම නෑ.දැන්නම් වයලීන් එක මගෙන් ගොඩාක් දුර ගිහින් දැන්මට ඒකෙ ස්වර පිහිටුම වත් මතක නෑ.
    ඒ ගිටාර වලත් පොඩි වෙනසක් තියෙනවා.සාමාන්‍ය බොක්ස් ගිටාර් වුනත් එකක් සැරින් සැරේ වෙනස් වෙනවා.ඒක ගැන වැඩිය කියන්න මම දන්නෙ නෑ.බොක්ස් එක හැරුනම මම දන්නෙ ගිටාර් වර්ග තුනයි.ලීඩ්, රිදම්, බේස්,ඔය තුන නම් පුන්චිම කාලේ ITN එකේ මධු රසාංග බලන කාලේ ඉදලම අඳුන ගන්න පුළුවන්.ඒත් ඒවයෙන් එන සද්ද මොනවද කියල දැන ගත්තේ සංගීතය ඉගෙන ගන්න ගත්තට පස්සේ.
    එතකොට මම 10වසරෙ ඒ කාලෙ ගොඩක් කොල්ලන්ට වගේ අපිටත් බෑන්ඩ් උණ ගැහුවා.අපිත් බෑන්ඩ් එකක් සෙට් කරගෙන මට හම්බ වුනේ ගිටාර් එකක්.පන්ති ගිය මුල් දවසෙ තුනෙන් එකක් තෝර ගන්න කිව්වම මම තෝර ගත්තේ බේස් එක.එතනින් ඇරඹුණ මගේ බේස් ගමන බොහෝ දුර ගියා.O/L කරන්න කලින් ස්ටේජ් ගහන්නත් මට පුළුවන් වුනා.මුල් දවස් වල ගොඩක් වුන් කිව්වේ මූට ගිටාර් එක එල්ලන් ඉන්නවත් පුළුවන් වෙයිද කියලා.
    ඊට පස්සේ බේස් වලින් කරන හැමදාම මාත් කරා.ස්ලැපින්,සෝලෝ,ඔය හැමදේම.
    4strings ඉදන් 6strings වෙනකම් හැම එකක්ම ගැහුවා.
    සුනිල් එදිරිසිංහ කියන්නේ අපේ කාලයට කලින් ගායකයෙක් හින්දා මේ සින්දු අපිට නුහුරු වීම අරුමයක් නෙවෙයි.ඒ කාලේ සින්දු අපි ඇහුවේ එක්කෝ සන්ෆ්ලවර් එක්ක අළුතින් කියපුවා,එක්කො නවරිද්ම කියපුවා,නැත්නම් ස්ටාර්ස් තෝරන තරඟ වලදි කියපුවා.ඒත් මේ මුලින්ම ගිය සිංදු ටික නම් ඒ එකකින් වත් අහලා නෑ.ඔය අතරින් අපිට හුරු සිංදුවක් ඊළඟට ගියා.මලක් වෙලා ඔබ පිපෙන්න....
    ඒක අපි අතරට ආවේ සුනින් එදිරිසිංහ නව රිද්ම ඇල්බම් එක ආවට පස්සේ.එතනින් පස්සේ සුනිල් එදිරිසිංහත් අපේ අතරට ආවා.ස්කෝලෙ බංකුවට ගගහා,සීටීබී බස් වල පිටිපස්සට ගගහා කියන සිංදු වලට ඒ සිංදුත් එකතුවුනා.
    චන්ද්‍ර මඬල,අද දීගෙක ගිය නුඹ,ශිල්ප සොඳින්, අනේ මෙහෙම ආශාවක්...ඔය වගේ සිංදු ගොඩක් අපේ සිංදු වුනා.බලන් ගියාම මේව ඔක්කොම 8/6 සිංදු.
    ඒ කාලේ ලංකාවේ ඇහුණු සිංදු වලින් 90%ක්ම සික්ස් එයිට්.සුනිල් එදිරිසිංහලත් ඒ කාලෙට වෙනස් වෙලා ඒ ආරට ගී ගැයුවා.ඔවුන් සාමාන්‍ය රසිකයා අතරට ආවේ ඒවයින්.
    ඒ කාලේ මියුසිකල් ශෝ එකක්වත් අපි අතහරින්නේ නෑ ලඟ පාතක තිබුනොතින් බලන්න යනවා.TV එකේ FM වලත් ඒ දවස් වල හැමදාම සංගීත.සුනිල් එදිරිසිංහ ඒ කාලේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක්. ඒත් මට හොදට මතකයි සුනිල් එදිරිසිංහ ස්ටේජ් නැග්ගම ඩ්‍රම්ස් වාදකයට පොඩ්ඩක් බැනලම තමයි යන්නේ.ඒ කාලේ ඩ්‍රම්ස් වාදකයෝ බලන්නෙ පුළුවන් තරම් හයියෙන් සිංදුව ගහන්න.

    මට දැන් හිතෙනවා ඒ කාලේ තමන්ගෙ ජීවන වෘත්තිය හින්දා වේදිකාවට ආවට සුනිල් එදිරිසිංහ ල ස්ටේජ් නඟින්න ඇත්තෙ හිතේ කැමැත්තෙන් නෙවෙයි කියලා..




    පොඩ්ඩක් ඉන්න ඉතුරු ටිකත් බලලම comment දෙන්න....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ කතා බහේදී කියවුන අපූරුම දේ තමයි හුදෙකලා සුවය සහ අල්ප වූ කටයුතු ඇති ජීවිතය පිළිබඳ කතාව. ඇත්තටම ඒ වගේ ජීවිතයක් කොච්චර සුන්දර ඇද්ද.

    පහන් කන්දෙ ඊළඟ කොටසට ආවෙ වික්ටර් රත්නායක.මම 'ස' ප්‍රසංගය ගැන කියවෙන කුණුහරප කතාව අහන කොට වික්ටර් රත්නායක ගැන දන්නෙවත් නෑ.තොටුපොල අයිනේ අත වනපු කෙනා ගැන කතාව අහන කොට ඒ සිංදුව අහලවත් නෑ.ඒ කතාවල හොඳ නරක කෙසේ වෙතත් ඒවයින් පෙනී යන්නේ ඔවුන් එතරම්ම හදවත් තුලට ඇතුළු වෙලා කියන එකනේ.

    වික්ටර් රත්නායක සන්ෆ්ලවර් සමඟ වත් නවරිද්ම නමින්වත් ඇල්බම් ආපු නැති හින්දා අපේ අතරට ඒ සිංදු වැඩිය ආවෙම නෑ.මම ඔය සිංදු ඇහුවේ ලඟකදිම ඒ පරණ සිංදු ඒ විදිහටම නිකුත් වුනු සංගීත පටි වලින් ඒත් ඒව ජනප්‍රිය වුනේ නෑ.

    වික්ටර් රත්නායක කියන්නේ කාලයට අනුව තමන්ගෙ රටාව වෙනස් නොකල ගායකයෙක්. ඔහු ඒ කාලේ වැඩියම ප්‍රංසංග වේදිකාවට ආවෙත් නෑ.ආව නම් ආවෙ ලංකාවෙ තිබුනු දැවැන්තම ගනයේ ඒවට විතරයි.
    අමරදේව මාසටර් ඇරුණම ඒ විදිහෙ ගායකයෙක් මගේ මතකෙට එන්නෙ විකටර් රත්නායක විතරමයි.

    සුනිල් එදිරිසිංහල ඒ කාලෙ අළුතින් කිව්වෙත් රැල්ලට යන 8/6 සිංදු.හිඳීවි කොතැනක හෝ,පාරු පාලමෙන් වගේ අලූතින් ජනප්‍රිය වුනු ඒව.
    ඒත් වික්ටර් නම් ඒ රැල්ලට අසු වුනේම නෑ.ඒ කාලේ විකටර් රත්නායක සන්ෆ්ලවර් සමඟ සිංදු කිව්ව නම් ආදායම් වාර්තා බිඳින්න තිබුනා.
    දැන් බලන කොට නම් හිතෙනවා 70 දශකය මේ රටේ කලාවේ ස්වර්ණමය යුගය තමයි කියලා.ඒත් අහල තියෙන විදිහට ඒකාලේ සතියට දවස් දෙකක් බත් කන්න තහනම්ළු,හාල් පොළුද මොනවදත් තිබුනළු.ගෑණු ළමයින්ට දණ හිසින් පහලට අඳින්න තහනම් ළු ඒක නම් කමක් නෑ කියන්න පුළුවන්.ඒ වගේ කාලෙක මිනිස්සු කලා රසය උපරිමයෙන්ම වින්ද කියන එකත් පුදුමයක් තමයි.

    අපේ කාලේ නම් ඉතින් තිබූනෙ 8/6 යුගයක්නේ.ඒකාලේ ආපු සිංදු වලින් 90% ම ඒ විදිහයි.ඉස්සර අපි පොඩි පොඩියට ගහපු ශෝ වලත් 90% ක්ම ගැහුවෙ 8/6 සිංදු.පොඩ්ඩක් වෙනසක් කරමු කිව්වට අපේ උන්ට ඒක ගාණක් තිබුනේ නෑ.
    මියුසිකල් ශෝ බලන්න පටන් ගත්ත දවසෙ ඉදන්ම වැඩියෙන්ම නටල ඇත්තෙත් 8/6 වලට.ඔහොම නටලම එපාම වුනු කාලෙ මම ලංකාවෙ ලොකු බෑන්ඩ් වල අයියලත් කියල තියෙනවා මේක පොඩ්ඩක් වෙනස් කරමු කියලා.ඒත් ඒ අයියලත් එහෙම වෙනස් කරන්නෙ නැති වුනාම තමයි මම සංගීත බලන එක නැවැත්තුවේ.
    අපි වෙනසක් හොය හොය ඉන්න කාලෙ තමයි BNS ල ඉරාජ්ල කසුන්ල එලියට ආවෙ. අපි ඒව ඉක්මණට වැළද ගත්තෙ ඒ හින්දා.
    ඉතින් ඔය කාලෙදි සිංදු අහන්න පටන් ගත්තු අපේ නංගිල මල්ලිලට 8/6 යුගයක් තිබුනෙ නෑනේ.ඒ වගේ සිංදු ආවට ඒව ඔවුන් අතරට ගියේ නෑ.
    RNB,HIPOP අහ අහ හිටපු ඒ අයත් ඔන්න දැන් 8/6 අහනවා.ඒ රම්බරි ආවයින් පස්සෙ.ඊළඟට පපරෙ,අග්ගල බෝලෙ,කාඩරජා,රාණි මුඛර්ජි,බයිල රීමික්ස් ලංකාවෙ හිට් වෙන්න අරන්.
    කවදාවත් 8/6 සිංදු නොගිය යූත් රේඩියෝ වලත් දැන් හෝ ගාල මේව යනවා.

    මොනව වුනත් පොඩ්ඩක් කට්ටිය එකතු වෙලා මොහොකට හරි තට්ටුවක් දාගෙන කියන්න පුළුවන් 8/6 එකක්ම තමයි.නැත්නම් අපිත් අමාරුවෙන් රතු රටකජු පාඩම් කරන්නෙ නෑනේ.
    කොච්චර ආස වුනත් මතකේ හසරැල් හරි සඳ මිතුරී හරි කියන්න ගියොත් මට වෙන්නෙ අපේ උන්ගෙන් කුණුහරප අහන්න....


    දැන් ඉවරයි ;)
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මොකක්ද මේ පහන් කන්ද? වට් එවර්, 8/6 කියද්දි පරණ මතකයන් අවදි උනා.. හ්ම්ම්.........♪♪♫
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ♥-Aurora-♥;7970559 said:
    මොකක්ද මේ පහන් කන්ද? වට් එවර්,8/6 කියද්දි පරණ මතකයන් අවදි උනා.. හ්ම්ම්.........♪♪♫

    පහන් කන්ද කියන්නෙ නම් මේ දවස් වල සිරස ටීවී එකේ යන වැඩසටහක්..:D
    ලංකාවෙ අපිට 8/6 කිව්වම මතක් කරන්න කොච්චර දේවල් තියෙනවද නේද.♪♫....
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියමයි මචන්.කලින් එක වගේම නියමෙට ලියලා තියෙනවා. මටනම් මොනා උනත් ඔය රම්බරි කියන එකාව/ අජිත්ලගේ සහ ඒ වගේ උන්ව පෙන්නන්න බෑ. ඔය රම්බරි කියන එකාගේ සිංදු වල කිසිම තේරුමක් තියෙනවද බං

    මමනම් ආසම ඔය පරණ ගායකයෝ සෙට් එකට තමයි. සුනිල්/ වික්ටර්/කපුගේ/ සෝමතිලක/ සනත්..ඕන වෙලාවක අහන්න පුලුවන් සිංදු
    "ස" කුනුහරප අහද්දි මාත් වික්ටර්ගේ සිංදු එච්චර අහලා තිබ්බේ නෑ.
    දැන් කාලේ ගත්තම කසුන්/ ඉන්ද්‍රචාප/ වගේ උන් එල
    තවත් ආත්මාත් මගේ ආසම ගායකයෙක්..
    තෑන්ක්ස්

    මොනා උනත් පහන් කන්ද/ සුරම්‍ය රාත්‍රී නියම වැඩසටහන්

    You must spread some Reputation around before giving it to cspmaxx again.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්.කලින් එක වගේම නියමෙට ලියලා තියෙනවා. මටනම් මොනා උනත් ඔය රම්බරි කියන එකාව/ අජිත්ලගේ සහ ඒ වගේ උන්ව පෙන්නන්න බෑ. ඔය රම්බරි කියන එකාගේ සිංදු වල කිසිම තේරුමක් තියෙනවද බං

    මමනම් ආසම ඔය පරණ ගායකයෝ සෙට් එකට තමයි. සුනිල්/ වික්ටර්/කපුගේ/ සෝමතිලක/ සනත්..ඕන වෙලාවක අහන්න පුලුවන් සිංදු
    "ස" කුනුහරප අහද්දි මාත් වික්ටර්ගේ සිංදු එච්චර අහලා තිබ්බේ නෑ.
    දැන් කාලේ ගත්තම කසුන්/ ඉන්ද්‍රචාප/ වගේ උන් එල
    තවත් ආත්මාත් මගේ ආසම ගායකයෙක්..
    තෑන්ක්ස්

    මොනා උනත් පහන් කන්ද/ සුරම්‍ය රාත්‍රී නියම වැඩසටහන්

    You must spread some Reputation around before giving it to cspmaxx again.

    එල...:yes::yes::yes::yes:
    thanksss machan...