බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලත් මහ රහත් තෙරණිය විදසුන් වැඩුවේ පහන් දැල්ල අරමුණක් කරගෙනයි. පහන් දැල්ල කෙනෙක්ට අරිහත්වයට පත්වෙන්නට හැකි ගැඹුරු විදසුනක් ලබාදෙන්නේ නම් ඒ ගැඹුරු අරුත් දැන අප පහන් පූජා කරනවාද? ප්‍රඥා ආලෝකය දැල්වේවා යැයි කියූ පමණින් ප්‍රඥාව ලැබේද? පහන් දැල්ල අරමුණු කොට නිවන් දකින්නේ කෙසේදැයි විමසා බලමින් විවේඡන තර්ක මත වාද මඳකට පසෙකලා පහන් පූජාව සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ දෑ දැනගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරමු.
පහන් පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම පහන් පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් පහන් පූජා කරන්නටත් හැකියි...
ඒ වගේමයි අප පහනකට වඩාත් කැමැති එය දැල්වී තිබෙන විටයි. එය නිකම්ම නිකම් පහනක් වූ විට එහි අලංකාරයක්වත් විශේෂත්වයක්වත් දැඩි සේ හිතට ගන්නේ නෑ. එහෙත් ආලෝකවත්ව මායා පහන් දැල්ල සකස්වී තිබෙන විට ඒ පහනට පුදුමාකාර විශේෂත්වයක් වටිනාකමක් දෙන්නට අප පුරුදු වී සිටිනවා. මෙන්න මේ තත්වයත් උපමා සසඳා බැලිය හැකියි. මේ ශරීර කූඩුවට නෙවේ අප විශේෂත්වයක් දෙන්නේ. ඒ තුල “මම“ කියන හැඟීමක් ක්‍රියාත්මක වන විට ඒ මොහොතක් පාසා සකස් වෙන මමත්වයෙන් යුතු මායා ක්‍රියාවලියටමයි අප විශේෂත්වයක් දෙන්නේ. එයටමයි රැවටෙන්නේ... එයමයි පතන්නේ.
පහන් පූජා කරන ගාථා
පහන් පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම පහන් පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් පහන් පූජා කරන්නටත් හැකියි...
ඝනසාරප්ප දිත්තේන - දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
ඝන වූ දෙයහි සාරයෙන් ලත් තෙලින් සහ කපුරු වලින් සම්පාදනය කරගන්නා ලද මේ පහන් දැල්ලෙන්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!සද්ධාය සම්පදිත්තේන - දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
සැදැහැයෙන් සම්පාදනය කරගන්නා ලද අඳුර දුරලන මේ පහනින්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!ප්‍රඥාව වැඩෙන පහන් පූජාව
විටෙක පහන් දහසක්ද විටෙක පහන් ලක්ෂයක්ද දල්වමින් ප්‍රඥා ලෝකය පිණිස ප්‍රාර්ථනාවන් කරන ඔබ පහන් පූජාව තුලින් ප්‍රඥාව උපදවාගන්නා විදසුන් ක්‍රමවේදය අර්ථවත්ව දැන සිටියේ නම් ප්‍රාර්ථනාවෙන් ඔබ්බට ගියාවූ පිළිවෙත තුලින්ම නිසි ඵල නෙලාගන්නාවූ ප්‍රඥාවන්ත පිරිසක් ලෙසින් කටයුතු කරගත හැකිය. භික්ෂූණින් අතරින් ප්‍රඥාවෙන් අග්‍රස්ථානය හෙබවූ ඛේමා අරිහත් තෙරණිය අරිහත්වයට පත්වූයේද පහන් දැල්ල උපමා කොට විදසුන් වැඩීමෙනි. ඉතින් එවන් වූ ගැඹුරු විදසුනක් නුවණින් වැඩීමෙන් අපටද මේ සියලු සසර දුක් කෙලවර කරගැනීමට නොහැකියාවක් නොමැත. කල යුත්තේ තෙරුවණේ ඇසුර නිසි සේ ලැබ අර්ථ ධර්ම අවබෝධ කරගැනීමමයි.මැටියෙන් හෝ වේවා පිත්තලයෙන් හෝ වේවා පහනක් යැයි නම් කරන ආකෘතියකින් සකස් කරන්නට යෙදුන පහන නැමැති කූඩුව තුල තෙල් දමා පහන් තිරයක් දමා ඒ තිරයට ගින්දර දුන් විට වාතයද හවුල් වී අපූරු දැල්ලක් නිර්මාණය කර දෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය නුවණින් දැකගැනීම ඉතාමත් යහපත්.
පහන් තිරය මත තැවරුණු තෙල් බිඳු රත් වන විට ඒ තෙල් බිඳිති එකින් එක ගිනි ගන්නවා. ඒ එකින් එක ගිනි ගෙන නිවී යන තෙල් බිඳිති ඇහැට දැකගන්නටත් අපහසුයි. ඒ එක් එක් තෙල් බිඳිති ගිනි ගන්නා විට ඒවා එකතුවෙන් සකස් වන මායා දර්ශනයට අප පහන් දැල්ල යැයි පවසනවා. බැලූ බැල්මට ඝන ස්වභාවයකින් යුක්ත බවත් දැනෙනවා. එහෙත් අල්ලන්නට තරම් ඝන දෙයක් එහි පවතින්නේ නෑ. එය හුදෙක් මායාවක්ම පමණයි. ඒත් ඒ මායාවට අප රැවටෙනවා. නිත්‍ය වශයෙන්ම, ස්ථිර වශයෙන්ම ඇත්තටම පවතින ඇත්තම ඇත්ත තත්වයක් ලෙසින් භාර ගන්නවා. ඇත්තක් ලෙසින්ම විශ්වාස කරනවා.මෙන්න මේ මායා මුලාවමයි අප තුල මොහොතක් පාසා ක්‍රියාත්මක වන්නේ...
ඒ පහන සේමයි මේ ශරීරය නම් කූඩුව. අවිද්‍යාව හෙවත් ඇත්ත තත්වය හඳුනා නොගන්නා තාක් මේ කය නම් වූ කූඩුව ඇසුරු කරගෙන විවිධාකාර මායා මුලාවන් සකස් වෙනවා. ඒවා විශ්වාස කරනවා. ඒ මතම රැඳෙනවා බැඳෙනවා. පැවැත්ම සකස් වෙනවා. තෙල් බිඳිති එකින් එක රත්වී ගිනි ගත්තා සේ ඇසට රූපයක් යන එකතුව සිද්ධ වන මොහොතක් පාසා චක්ඛු විඤ්ඤාණය නම්වූ මායා පහන් දැල්ල නිර්මාණය වෙනවා. පහන් දැල්ල ඇත්තටම පවතින ඇත්ත තත්වයක් සේ ඝන දෙයක් සේ සංඥාව විපරීතයෙන් භාරගත්තා සේම මේ නිර්මාණය වන මායා විඤ්ඤණයන්ද භාරගන්නේ විපරීත සංඥාවකින්මයි.පහන් දැල්ල නම් වූ මායාව පවතින්නේ ඇසට හසුනොවන මට්ටමින් සිදුවූ ඉතා කුඩා තෙල් බිඳිති එකින් එක ගිනි ගන්නා ස්වභාවය නැතිවූ විටදීයි. එලෙසින්ම රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නාවූ පංච ස්කන්ධයේ යථා තතු නිසි සේ අවබෝධ කරගන්නා විට මෙන්න මේ මායාවට හසුවීම නතර වෙනවා. මොහොතක් පාසා රත්වී ගිනිගන්නට තෙල් බිඳිති නොවුනහොත් පහන් දැල්ල නම්වූ මායාව බිඳී යනවා සේ “මම“ නම්වූ මායා මුලාවද යථාවබෝධය තුලින්ම බිඳී යනවා.කණට ශබ්දයක්, දිවට රසයක්, නාසයට ගන්ධයක්, කයට ස්පර්ශයක්, මනට ධර්මයක් යන සෑම එකතුවකදීම සකස් වන්නාවූ ඕනෑම ආකාරයක විඤ්ඤාණයන් මායාකාරයකුට උපමා කොට බුදු හිමියන් විසින් පෙන්වා දුන්නේ ඒ නිසාමයි. තෙල් බිඳිති එකතුවෙන් මායා පහන් දැල්ල සකස්වූවා සේ මේ සියලු විඤ්ඤාණ ස්වභාවයන් එකතුවෙන් සකස් වෙන්නේ මායා “මම“ කියන තත්වයමයි. පහන නම් වූ කූඩුව ඇසුරු කරගෙන පහන් දැල්ල නම් වූ මායාව සකස් වූවා සේ මේ මස් ලේ කය නම් ශරීර කූඩුව ඇසුරු කරගෙන “මම“ කියන්නාවූ හැඟීමක් ස්වභාවයක් සෑම මොහොතකම දැනෙන්නේ මෙන්න මේ ආකාරයටමයි.
ඒ වගේමයි අප පහනකට වඩාත් කැමැති එය දැල්වී තිබෙන විටයි. එය නිකම්ම නිකම් පහනක් වූ විට එහි අලංකාරයක්වත් විශේෂත්වයක්වත් දැඩි සේ හිතට ගන්නේ නෑ. එහෙත් ආලෝකවත්ව මායා පහන් දැල්ල සකස්වී තිබෙන විට ඒ පහනට පුදුමාකාර විශේෂත්වයක් වටිනාකමක් දෙන්නට අප පුරුදු වී සිටිනවා. මෙන්න මේ තත්වයත් උපමා සසඳා බැලිය හැකියි. මේ ශරීර කූඩුවට නෙවේ අප විශේෂත්වයක් දෙන්නේ. ඒ තුල “මම“ කියන හැඟීමක් ක්‍රියාත්මක වන විට ඒ මොහොතක් පාසා සකස් වෙන මමත්වයෙන් යුතු මායා ක්‍රියාවලියටමයි අප විශේෂත්වයක් දෙන්නේ. එයටමයි රැවටෙන්නේ... එයමයි පතන්නේ.