සාගතයට හොඳම ආහාරය පළඟැටියන
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියය
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියය
ලෝක සාගිනි ප්රශ්නය සහ ගෝලිය උණුසුම විසඳිම සදහා පළඟැටියන් සහ පිලවුන් වැනි කෘමින් තම ආපනශාලාවල ආහාර වට්ටෝරෑ සකස් කිරිමේදි ආහාර වශයෙන් ඇතුළත් කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ඉල්ලිමක් කර ඇත. මෙම කෘමීන් යෙදු ආහාර වැඩි වැඩියෙන් සැපයිමට පියවර ගන්නා ලෙස එම සංවිධානය විසින් දන්වා ඇත්තේ පතල කිර්තියක් දරන හෝටල් අරක්කැමියන්ට සහ අහාර වට්ටෝරෑ පිළියෙල කරන අයටය.මෙම සංවිධානය විසින් එම ආපනශාලා හා හෝටල් හිමියන්ට මෙම දැන්වීම කර ඇත්තේ මෙම සංවිධානය විසින් රෝමයේ පිහිටා ඇති එම සංවිධාන මුලස්ථානය විසින් මැයි 31 වැනිදා නිකුත් කරන ලද පිටු 200 කින් යුක්තවු එම සංවිධානයේ වාර්තාවක් අනුවය.
කෘමීන් සෑම තැනකම පාහේ දකින්නට ලැබෙන අතර ඔවුන්ගේ බෝකිරිමේ ශක්තියද වැඩිය. එසේම ඉතා ඉක්මන්ය එසේම ඔවුන් පා තබන්නේද ඉතා දුර්වල පරිසරයකටයැයි සඳහන් කරන එම වාර්ථාවේ මෙසේද සඳහන් වේ.
ඔවුන්ගෙන් ලැබෙන්නේ ඉතා උසස් තත්ත්වයක පවතින මාංශජනක Protein සහ පෝෂ්‍යදායි ආහාර කොටස්ය. මස් සහ මාලු වැනි ආහාර සමග සසඳා බැලිමේදි කෘමීන් මන්දපෝෂණයෙන් පෙළෙන ලමුන්ට අතිරේක ආහාරයක් වශයෙන් යොදාගත හැකිය.
කෘමීන් ඉතා කාර්යශිලිය එය ආහාරයක් ලෙස සකස් කරගත් විට හරක් මස්වලට වාඩා සිවු ගුණයක අගයක් ඇත
ඉවත ලන කොටස් අඩු බැවින් මෙය ඉතා ලාභදායකද වේ කෘමීන් මාංශජනක ධාතු අධික ආහාරයක් මෙන්ම තඹ, යකඩ, සුදු පාට ලෝහ Magehsium ගෙන්දගම් phosphorus අලෝහමය මුල ද්‍රව්‍ය SElenium සහ තුන්තනාගම් Zinec ආදියද බහුල ආහාරයකි.

කෘමීන් ආහාරයට ගැනිම ඈත ඉතිහාසයේ සිට පැවත එන ක්‍රියාවලියකි.එමෙ� ��්ම දැනටද මුලු ලෝව පුරාම බිලියන දෙකක ජනතාව තම පැවැත්ම සඳහා ගන්නා ආහාරයකි.
තවදුරටත් එම වාර්ථා සඳහන් කරන්නේ පළඟැටියාගේ වර්ගයට අයත් දහසක් පමන කෘමීන් රැගෙන තෙල් ස්වල්පයක්, සුදු ලූණු, රට දෙහි හා ලුණු සමග කර වෙන්නට බැද (Toast) සකස් කිරිමෙන් පසුව ඔක්සාකා නගරයේ වීදිවල එකතැන පල්වෙමීන් තිබෙන ජලයේ පාවී යන කුඩා බීජ (Eggs) සමග කලවම් කොට මොන්ටිසුමා නගර වැසියන් උදේ ආහාරය වශයෙන් අනුබව කරන බවය.
එසේම මෙම අහාරය පුරැදු අයට මිස නුපුරුදු අයට වටිනාකම නොවැටහෙන යන තේරැම ගෙන දෙන (Mexican Caviar) මැක්සිකන් කැවියර් යන නමින් හදුන්වන බවය පාරිභෝගිකයන් තුල ඇති මෙම ආහාර පිළිබද අප්‍රසාදය නිසා මෙය බටහිර රටවල අයගේ ආහාරයක් බවට පත්කිරිමට බාධා වි ඇති බව එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයද පිලිගෙන ඇත එය එසේ වුවද ඉතා සුලු දේ ගැන බිය හෝ පිළිකුල දක්වන බටහිර ජනතාවගෙන් සමහරැ නොදැනුවත්කමීන් දැනටමත් මෙම ආහාර අනුභව කර තිබෙන්න පුලුවන් විශාල පරිමාණයේ කෘෂිකාර්මික කටයුතුවලදි කෘමීන්ගෙන් ඉතාම සුලු ප්‍රමාණයක දුෂණයක් හෙවත් කලවම්විම නොවැළැක්වීය හැකි දෙයක් බවට සලකනු ලැබේ එක්සත් රාජ්‍යයේ ආහාර සහ ඔසද පාලකයන් සලකන්නෙ තිරිගු පිටි සමග සාමාන්‍යයෙන් 75 ක් පමන කෘමී කොටස් ග්රූම් 50 ක් පමණ තක්කාලි ඉස්ම ග්රුම් 100 කට එක ඉහල පණුවකුට නොවැඩි ප්‍රමානයක් යෙදිමෙන් මනුෂ්‍යයාට හිතකර ආහරයක් පිලියෙල කර ගත හැකි බවයිමේක ටයිප් කරලා අතත් රිදෙනවා
සලකලා යන්න
සලකලා යන්න

