පළමු ගැහැනිය

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගැහැනු උදවිය තුළ තමන්ගේ සැමියා ගැන සැකයක් තිබීම සාමාන්‍ය දෙයක්ලු. නමුත් සමහර වෙලාවට ඔය හින්දා අමුතු විදියේ ප්‍රශ්න ඇති වෙනවා. ලොව පහළ වුණ පළමු මිනිසා වෙච්ච ආදම් උන්නැහේ ඔන්න සති දෙක තුනක ඉඳන් ගෙදර එනකොට හොඳටම රෑ වුණා. ආදම්ගේ බිරින්දෑ වෙච්ච ඒවා මේ ගැන පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ.:oo:

    දවසක් ආදම් රෑ වෙලා ගෙදර එනකම් ඒවා කේන්තියෙන් බලන් හිටියා. ආදම් ආපු ගමන් ඒවා ඔහුගේ ඇඟට කඩන් පැන්නා.:angry: " මොකද අදත් පරක්කු? තමුසේ වෙන ගෑනුත් එක්ක ඉඳලා නේද එන්නේ? මට ඇත්ත කියනවා":rolleyes:

    හොඳටම මහන්සි වෙලා හිටපු ආදම් පුදුම වෙලා මෙහෙම අහුවා "ඔයා හරිම අසාධාරණයි ඒවා, ඔයා තමයි ලෝකෙ ඉන්න එකම ගැහැනිය! මම වෙන ගෑනු කොහෙන් හොයන්නද?" :yes:
    මේ උත්තරයෙන් ඒවාට කට උත්තර නැති වුණා. නමුත් රණ්ඩුව දිගටම ඇදීගෙන ගියා. අන්තිමට හොඳටම එපා වෙච්ච ආදම් තනියම නිදාගත්තා.:confused:

    නින්දෙන්ම ආදම්ට දැනුණා කවුරුහරි තමන්ගේ පපුවේ තැන් තැන් වලට අනිනවා වගේ. ඇස් ඇරලා බැලින්නම් ඒ ඒවා. "මොකක්ද ඔහේ ඔය කරන්නෙ?" ආදම් නිදිමතේම ඇහුවා":rolleyes:

    "මම ඔයාගෙ ඉළ ඇට ගණන් කරනවා";);)
    |

    |

    |

    |

    |


    ඉඟිය - බයිබලයේ සඳහන් වන අන්දමට දෙවියන් වහන්සේ ලොව මැවූ මුල්ම මිනිසා ආදම් වන අතර පසුව ඔහුගේ ඉළ ඇටයක් ගෙන මුල්ම ගැහැනිය වන ඒවා මවන ලදී.
    :lol::lol::lol:

    පළමු ගැහැනිය