පළමු සැමියා

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පළමු සැමියා

    දිනක් ගල්කිස්සේ සොහොන් පිට්ටනිය අසලින් ගමන් කරමින් සිටි ජගත්ට සොහොන් පිටිය පැත්තෙන් මහ විලාප හඬක් ඇසී එතැනට ගියේ ය.
    ඔහුට දක්නට ලැබුනේ සොහොන් කොතක් ඉදිරියේ හඬා වැලපෙන මැදිවියේ කෙනෙකි.
    “ අනේ ඇයි මාව අතරමං කරලා පරලෝකේ ගියේ. මං කොයි තරම් බලාපොරොත්තුවෙන් හිටියා ද. ඔයා මාව දාලා ගියා” කියමින් සොහොන් කොතේ ඔළුව හප්පමින් විලාප නගන කෙනෙකු දැකිය හැකිවිය.
    “මේ දුකෙන් තැවෙන තැනැත්තා අස්වැසීමට කල්පනා කළ ජගත් “ අනේ සහෝදරයා මරණය කියන එක කාටත් පොදු දෙයක්. මේ මැරුණු තැනැත්තා ඔයාට බොහොම සමීප කෙනෙකු වෙන්න ඇති. ඒත් අපි ජීවිතවල හැටි කියන එක කල්පනා කරන්න ඕනේ” ජගත් කීවේ ඔහු අස්වැසීමේ චේතනාවෙන්.
    “වැලපීම නැවැත් වූ තැනැත්තා “ මං මෙයාව දැකලත් නෑ හමුවෙලත් නෑ. ඒත් එයා මගේ බිරිඳගේ පළමු සැමියා” යි කීවේ ය.
     
    • Like
    Reactions: nnjeevana