පළාත් පාලන මැතිවරණයෙන් අප ලද අති විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව මම සතුටු වෙමි. මෙම ජයග්‍රහණය සඳහා නන් අයුරින් දායක වූ සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරමි. අප ලද මෙම ප්‍රතිඵලය සඳහා විශේෂයෙන් කැප වූ කිහිප දෙනෙකු මතක් කිරීම මාගේ යුතුකමකි.
පළමුව මෙම ප්‍රතිඵලය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ කීර්ති ශ්‍රී චතුරංග මැතිතුමා හදපිරි ගෞරවයෙන් සිහිපත් කරමි. නොදන්නා ආර්ථික ගොන් කථා කියමින් ද, පරණ පඬි පෝස්ට් නොමකමින් ද, අනාදිමත් කාලයක සිටි මෙරට ඉවුම්පිවුම් කළ ගෘහණියන්ට කිරි මිරිකන හැටි අලුතෙන් කියා දෙමින් ද එතුමා අපට විශාල ඡන්ද ප්‍රමාණයක් දිනා දීමට සමත් විය. ඒ වෙනුවෙන් එතුමාගේ නැති වූ කීර්ති නාමය කඩිනමින් සොයා දීමට මම විශේෂ කාර්ය සාධක බලකායක් පත් කරමි.
එතුමාට නොදෙවෙනි කාර්යභාරයක් ඉටු කළ උද්දච්චි ට්රැක්මාලි මැතිණියට ද මාගේ විශේෂ ස්තුතිය පිරිනමමි. බලාගෙන ඉන්නා ප්‍රේක්ෂකයන්ට දත් තිස්දෙක බඩට යවන්න තරම් කේන්ති ගස්සවන උඩඟු අහංකාර ලීලාවෙන් ජනමාධ්‍යයේ සිදු කළ චණ්ඩි ටෝක්ස් වෙනුවෙන් ඇයට සාලේ කැබිනට් ප්‍රකාශක තනතුර පිරිනැමීමට මම යෝජනා කරමි.
විනාඩි පහෙන් රිළවුන් ගණන් කර, අල්ලා ගෙන ගොස් වැවක් මැද දූපතකට දමා වන සත්ත්ව ප්රශ්නය සදහටම විසඳූ බුරම්පි සහ මරුවනන දෙපළට මාගේ හද පතුලෙන් බුර බුරා නැගෙන ගෞරවය පුද කරමි. එවැනි ගොන් වැඩ නිසා ජනතාව පැන පැන අපට ඡන්දය දුන් බව මම දනිමි. ඒ වෙනුවෙන් බුරම්පිට රිළා දූපතෙන් ම ඉඩමක් සහ නිවසක් ලබා දීමටත්, දූපත වැටේ පැද පැද ඉන්නට මරුවනනට ලක්ෂ 12 හේ ලැම්බෝගිනි ගලාඩෝ වර්ගයේ මෝටර් රථයක් ලබා දීමටත් මහාභාණ්ඩාගාරයට අණ කරමි.
පසුගිය මාස හතට ජනතාවට ලොවෙත් නැති සහන ලබා දීමට මා හට නිවැරදි ආර්ථික උපදෙස් ලබා දුන් වත්තේ හුලංගමුව මැතිතුමාට ස්තුති නොකෙරුවොත් එය වරදකි. IMF මර උගුලෙන් ගැලවී, රටේ සම්පත් ඉන්දියාවට පාවා නොදී, රුපියල් 50 ට පෙට්‍රල් ලීටරය ලබා දී, විදුලි බිල 1/3 ට අඩු කර, ආහාර, ඖෂධ සහ අධ්‍යාපන භාණ්ඩ සඳහා බදු අහෝසි කර හැම ගෙදරකටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන ආර්ථික නිදහසක් ලබා දී පොහොසත් රටක් හැදීම වෙනුවෙන් රටේ ජනතාව අපට හොඳටම කළගුණ සලකා තිබේ.
අප ලද විශිෂ්ට ජයග්‍රහණයට විශාල වශයෙන් උර දුන් කට ඇරියොත් හෑවගේ මහතා ද මාගේ මතකයට නැගේ. නොදන්නා බම්බු ආර්ථික දත්ත වේදිකාවේ කියන්නට යාමෙන් එතුමා රටේ ජනතාවට ලබා දුන් දැනුම සහ විනෝදය අති විශාල ය. එමෙන් ම අපගේ ජයග්‍රහණයට අමිල සේවයක් කළ කට ඇරියොත් කොටනහච්චි මැතිණියට ද මාගේ විශේෂ ස්තුතිය පිරිනමමි. එම දෙපළගේ පච කීමේ හැකියාව වෙනුවෙන් උගන්ඩාවේ සිට ගෙන්වා ගත් කන්ටේනර් දෙකක් පිරිනමමි.
අප විසින් පසුගිය මාස හතට සිදු කළ සියලුම ගොන් වැඩ, පජාත වැඩ, කුජීත වැඩ, චාටර් වැඩ සහ කුප්ප වැඩ ගලේ ගසා වැරෙන් සෝදා පිරිසිදු කර දුන් ත්‍රිකෝණ සුරංග සහ ඔමායා දෙපළට ස්තුති නොකළහොත් එය මාගේ වගකීම පැහැර හැරීමක් වනු ඇත. ජනතාවට අපව එපා ම කරවමින් ඕවර්ඇක්ටින් දමා සිදු කළ එම විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන් ශ්‍රී ඩෝබි විභූෂණ සම්මානය සඳහා ඔවුන් නිර්දේශ කරමි. මාගේ ලස්සනම ලස්සන පින්තූර ගෙන ජනතාවට ආතල් දීම වෙනුවෙන් ත්‍රිකෝණයෙන් පඩි ලබන මාගේ මාධ්‍ය ප්රධානියාටත් බෙහෙවින්ම ස්තුතියි.
අවසාන වශයෙන් මාගේ කීමට දළදා වහන්සේ ප්‍රදර්ශනය කර එහි පැමිණි උපාසක උපාසිකාවන්ගේ ඡන්ද ටික අප වෙත දිනා දුන් මහානායක හිමිපාණන්ට මාගේ දණ්ඩ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරමි. මහනුවරට කළ ඓතිහාසික පරිසර දූෂණය සහ බුදුන් වහන්සේගේ දන්ත ධාතුවට කළ අන්තර්ජාතික නිග්‍රහය වෙනුවෙන් වැදුණු වස් ටිකේ හැටියට මෙයින් ගියා ඇති ය.
ස්තුතියි! නන්ඩ්‍රි! තැන්ක්ස්!
මෙයට,
ඔබේ විශ්වාසී,
කීරවැල්ලේ කුමාරයා
පලි: නම් වශයෙන් සඳහන් කිරීමට බැරි වුවත්, බොරු උපාධි ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, දොස්තර, උගත් බුද්ධිමත් 159 යටම මා බෙහෙවින් ස්තුතිවන්ත වන බව ඔබ දන්නා බව මම දනිමි.