පළාත් සභා ජන්ද නොතියාම ඉමු!!!
තිත්ත වුනත් ඇත්ත යතාර්ථය ...
පළාත් සභා ජන්ද නොතියාම ඉමු!!!
දැනට සාර්ථකව විශාල මහජන මුදලක් ඉතිරි කරගනිමින් දින 250ක් ඉක්මවා නැගෙනහිර, සබරගමුව, හා උතුරුමැද පළාත්හි පළාත් සභාවක් නොමැතිව පාලනය සිදු වෙමින් පවතිනවා.
ඊට මුලික හේතුව ඒවා පළාත් සභා වුවාට දිස්ත්‍රික්ක පරිපාලන ව්‍යුහය එනම් කච්චේරි ක්‍රමවේදය මත පදනම්ව ගොඩනගා ඇති වීමය.
මේ මාස 9ක පමණ කාලය තුළ මහ ඇමැතිවරු 3ක්, පළාත් ඇමතිවරු 12ක්, සභාපතිවරු 3ක්, උප සභාපතිවරු 3ක්, සභානායකවරු 3ක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරු 3ක්, සමග පළාත් VVIP 27ක් සඳහා යාන-වාහන, තෙල්-පෙට්‍රල්, කාර්යාල-කාර්යමණ්ඩල, තැපැල්-දුරකථන, එකි-මෙකි-නොකි සියළු විය පැහැදම් ඉතිරිය.
රුපියල් බිලියන 6කට ආසන්නව ඉතිරි කර ගෙන ඇත. හැබැයි සභාවෙන් කෙරෙන්න ඕන වැඩකටයුතු අඩුවක්-පාඩුවක් නැතිව කෙරෙනවා.
මේ සභා 3හිම මුළු සභික එකතුව මන්ත්‍රීවරු 100ක් පමණ වෙනවා. ඔවුන්ගේ පහසුකම් වලින් රුපියල් බිලියන 3ක් පමණ ඉතිරි කරගෙන තියෙනවා.
මසකට දෙවරක් පමණක් රැස්වන සභාවාරයන් හා පළාත් VVIP වරුන්ගෙ කාර්යංශ නඩත්තුව සඳහා රුපියල් මිලියන 500ක් දැනට මේ සභා මාස 9ක් විසුරුවා හැරීම තුළින් ඉතිරිව ඇත.
ඒ අනුව රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් මාස 9කට ආසන්න කාලයක් තුල එම සභාවන් නොමැතිව ඉතිරි කර ඇත.
තව මාස දෙක තුනකින් උතුර, වයඹ, හා මධ්‍යම පළාත් සභාද විසිරී යනු ඇත. 2019 වසර ලැබීමත් සමගම බස්නාහිර, දකුණ, හා ඌව පළාත් සභාද විසිරී යනු ඇත.
සභා නොතිබුණද දිසාපති හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම අළුතෙන් බිහිවූ පළාත් පාලන ආයතන හරහා සෑම බිම් අඟලකටම මහජන නියෝජිතයින් සිටින නිසා අඩුක් පාඩුවක් නැතිව වැඩ කෙරෙනු ඇත.
ඒ අතර ඉහත ගණන් හිලව් වගෙ තුන් ගුණයක් මහජන මුදල් ඉතිරි වනු ඇත. වසරකට රුපියල් බිලියන 30ක් වත් ඉතිරි වනු ඇත.
ඒකියන්නේ ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකටම -මහනගර සභා, නගර සභා, හා ප්‍රාදේශීය සභා- සඳහා අතිරේක රුපියල් මිලියන 100ක් වාර්ෂිකව තම තමන්ගේ ප්‍රදේශ සංවර්ධනය සඳහා ලබා දිය හැකි බවයි.
බීරි අලිත් නැති
සුදු අලිත් නැති
නාස්තියත් නැති
ණයත් නැති
හෙටක් ඇති රටක් අපි හදමු!!!
copied from Yadamini Gunawardena