'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී

The_Stig

Member
Nov 24, 2014
187
20
0
'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video

'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පදවිය සතු විධායක බලතල දින සියයක් ඇතුළත අහෝසි කරන බව පවසන පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන,යුද හමුදා පාලනය භාර සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වශයෙන් එම පදවියට පැවරෙන බලතල දිගටම ඊට අයත් වනු ඇතැයි ද කියා සිටියි.
එහෙත් නව පදවිය විධායක බලතල රහිත ධූරයක් වන බවයි ඔහු පවසන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව, ජීවන බරෙන් මිරිකෙන පොදු ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ද දින සියයේ වැඩසටහනට ඇතුළත් වන බවයි බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු යළිත් වරක් අවධාරණය කළේ.
සර්ව පාක්ෂික පාලනයක්
සිය ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සුළු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ගය ගැන විමසීමක් කළ විට ඔහු කියා සිටියේ ජනපතිවරණයෙන් අනතුරුව බිහි කෙරෙන සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුව විසින් සුලු ජාතික ගැටලුවලට පිළියම් ලබා දීම තීරණය කරන බවයි.
‘මාස තුනේ සැලැස්මට ඇතුළත් වෙන්නේ අප විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනයේ කරුණු පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අදාළ ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික අමාරු කම් සහිත ජනතාවට ශුභ සාධන සහන සැලසීම ඊට ඇතුළත්. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්. ඉන් අනතුරුවයි, සෙසු ප්‍රශ්න වලට යොමු වෙන්නේ. පවතින පාර්ලිමේන්තුව ඒ සඳහා සහයෝගය නොදුන්නොත් දින සීයකට පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහ මැතිවරණයක් කැඳවනවා. ඒ සමඟ හැදෙන අලුත් ආණ්ඩුව තුළයි, ඔබ මතු කරන කාරනා සාකච්ඡා කෙරෙන්නේ’ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.
විදේශගතව රැකියාවන්හි නිරත වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට රටේ මැතිවරණවල දී ඡන්ද දීමේ අයිතිය සහතික කළ යුතු බවත් පොදු අපේක්ෂකයා ඉහත කී සාකච්ඡාවේ දී සඳහන් කළේය.
සිය දේශපාලන ගමන් මගේ දැනුවත්ව කිසිදු වරදක් කර නොමැති බව සිය හෘදය සාක්ෂිය වන බවත් ඔහු කියා සිටියි.
‘එක් පවුලක් විසින් පාලනය සහ භාණ්ඩාගාරය අතට ගෙන
'
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙි ගොබිබයන්ට තියෙන් මහින්ද ජනාධිපතිවරයා එකක් ඉරිසියාව සහ තරහක් උන්ගේ රජයක් පේන තෙක් මානෙක් නැනේ. කරන්න තියෙන් උප්පරවැටිටි ඔක්කෝම දැමිමා හරි යන්නේ නැ. මෙි යක්කු ප්‍ර‍ාකරන්ට උනත් ඡන්දේ දෙන ජාතියක් මහින්දව පරදන්න. කමක් නැ ආතල් ගත්තාදෙන් සුරැදු පරිදි ඡන්ද කාලෙට මෝඩ අතල් ගන්නවා දිනලා වගේ කෑ ගහනවා මඩ ගහනවා අන්තිමට හුලං බැහැලැ විරෝ පටිටමි ගහගෙන ඉන්නවා ආයෙත් ඡන්දයක් එනතුරැ