ප්ලාස්‌ටික්‌ භාවිතය නවතමු

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්ලාස්‌ටික්‌ භාවිතය නවතමු

    ජගත් පරිසර දිනය අදයි...ප්ලාස්‌ටික්‌ භාවිතය නවතමු

    * ප්ලාස්‌ටික්‌ මුහදට දමන රටවල් අතර ශ්‍රී ලංකාව පස්‌වන තැන

    plastic.jpg
    ලෝක පරිසර දිනය ජුනි 05 වැනි දින (අද) ට යේදී ඇති අතර මෙවර පරිසර දින තේමාව වන්නේ "ප්ලාස්‌ටික්‌ භාවිතය අවම කරමු" යන්නයි. ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාර රටවන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවද අද ලෝක පරිසර දිනය සමරන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ කොතනද යන්න තේරුම් ගැනීම සඳහාය.

    plastic2.jpg
    මුහුදට ප්ලාස්‌ටික්‌ ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්‌ස අතුරින් මෙවර පස්‌වන ස්‌ථානයට ලංකාව පත්ව තිබේ. ඉන්ටර්නැෂනල් බිස්‌නස්‌ ටයිමිස්‌ සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි එමියි නොර්ඩමි (Amy Nordum) පෙන්වා දෙන ආකාරයට ලොව පුරා රටවල් 192 පිළිබඳ අවදානය යොමු කරන විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්‌ටික්‌ ඝණ අපද්‍රව්‍ය මුදහරින ප්‍රධාන රටවල් 20 නම් කර තිබේ. එහි පස්‌වන ස්‌ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.

    අනුපිළිවෙළට අනුව පළමු තැන චීනයටද, ඉන්දුනීසියාව, පිළිපීනය, වියට්‌නාමය, ශ්‍රීS ලංකාවට ඉදිරියෙන් සමුද්‍ර දූෂණයට වගකිව යුතු රටවල් බවට පත්ව සිටී.


    ඉන්ටර්නැෂනල් බිස්‌නස්‌ ටයිම්ස්‌ පෙන්වා දෙන්නේ ලංකාව තුළ වෙසෙන සෑම පුද්ගලයෙක්‌ම දිනකට (නිෂ්පාදිත කුණු ජනගහනය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1 පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය පමණක්‌ ග්‍රෑම් 300 පමණ වන බවයි.

    ඒ අනුව දිනකට රට තුළ ගොඩගැසෙන ප්ලාස්‌ටික්‌ හා නොදිරණ කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 516,3689 වන අතර දිනකට පරිසරයට එක්‌වන සමස්‌ථ කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 742,97687 පමණ වේ.


    රවීන්ද්‍ර කාරියවසම්