ඔය උඩවිදියට X - Y කොටස් දෙකකට ප්ලෑන් දෙකක් තියෙනවා අනුමත කරපු. . එකක පර්චස් 9යි. . අයිතිකාරයෝ දෙන්නෙක්ගේ ඉඩම් දෙක. .
දැන් මට ඕනා එක කොටසකට අනිත් කොටසින් පර්චස් 3ක් ගන්න. . එතකොට එක කොටසක් පර්චස් 6යි අනිත් කොටස පර්චස් 12යි. . පර්චස් 3ට වෙනම ප්ලෑනක් අදිනවා විකුනන නිසා. . Y කොටසේ පර්චස් 3 විකුනන්නේ X කොටසේ කෙනාට. .
දැන් මෙතන අව්ල මේකයි. . Y කොටසට අලුත් ප්ලෑනක් අනුමත කරගන්න ඕනා පර්චස් 6කට. . දැනට Y කොටසේ පර්චස් 9න් 6ක් අයින් කලොත් ඉතිරි 3 නිසා Y කොටසේ දැනට තියෙන අනුමත ප්ලෑනත් එක්ක පර්චස් 6ට ප්ලෑනක් ඇදලා අනුමත වෙන්න දාන්න බෑ. . මොකද පර්චස් 6ට අඩුවෙන් කොටස් කඩන්න බෑ. .
1. මට මේ වැඩේ කරගන්නවනම් අලුත් මාස්ටර් ප්ලෑන් එකක් ඇදලා X-Y කොටස් දෙකට අලුත් ප්ලෑන් දෙකක් අදින්න ඕනද?
2. ප්ලේන් 3ම එකවර අනුමැතියට ඉදිරිපත් කල හැකිද? නැත්නම් මාස්ටර් ප්ලෑන අනුමත කර ඉන්පසු X-Y අනුමැතියට ඉදිරිපත් කල යුතුද?
3. ප්ලෑන් 3ම එකපාර අදින් නැතුව Y පර්චස් 6ට විතරක් ප්ලෑනක් ඇදලා පාස් කරගන්න විදියක් තියේද?
ප.ලි
මෙහෙමයි කරන්න ඉන්නේ. .
පර්චස් 3ට ප්ලෑන අදිනවා (A ලෙස නම් කරමු)
පර්චස් 12ට ප්ලෑන (3 + 9) අදිනවා (B ලෙස නම් කරමු)
පර්චස් 6ට ප්ලෑන අදිනවා (C ලෙස නම් කරමු)
පර්චස් 18ට මාස්ටර් ප්ලෑන (බී+සී) අදිනවා (D ලෙස නම් කරමු) *මේක අදින්න ඕනද කියන එක ප්රශ්නයක්. .
පලමු විදිය. .
A ප්ලෑනට ඔප්පුව ලියනවා මුලින්. .
B ප්ලෑන පාස් වෙන්න දානවා පරන අනුමත පර්චස් 9 X ප්ලෑනයි, පර්චස් 3 A ප්ලෑනයි, ප්ලෑන් දෙකේ ඔප්පුයි අමුනලා
C ප්ලෑන පාස් වෙන්න දානවා B ප්ලෑනයි පරන අනුමත Y ප්ලෑනයි අමුනලා
D ප්ලෑන අනුමත කරන්න ඕනද කියන එක ප්රශ්නයක්. .
දෙවන විදිය. .
A ප්ලෑනට ඔප්පුව ලියනවා මුලින්. .
D අනුමත කරන්න ඕනනම් ඒක මුලින්ම අනුමත කරලා B සහ C ඉටපස්සේ අනුමත වෙන්න දාන්න ඕනා. .
ක්රම දෙකෙන් මොන ක්රමේ කල යුතුද?
Last edited:
