1 කොහොම යද්දි ආතල් ද?
2.මොනවද තියන restrictions?
3 බියර් එකක් එහෙම බොන්න පුලූවන් ද?
4 සිගරට් බොන්න වෙනම තැනක් තියද?
1.අපෝ කිසි ආතල් එකක් නෑ බන්. බයික් එකක යනකොට වගේ දෙපැත්තෙන් හුළං වදින්නේ නෑ. ඉස්සරහ බැලුවම පෙන්නේ සීට් විතරයි. අදුරන එකෙක් දැක්කම හෝන් එකක් ගහල ගන්න ආතල් එකවත් නෑ බන්.
2. ප්ලේන් එක ලෑන්ඩ් කරන්න කලින් බහින්න බෑ. ලේලන්ඩ් බස් වල වගේ යන ගමන් බහින්න / නගින්න බෑ. නග්ගන කොට (ප්ලේන් එක) මීයා වගේ ඉන්න ඕන, එහේ මෙහේ යන්න බෑ.
3. බියර් එකක් බොන්න ප්ලේන් එකේ යන්න ඕනේ නෑ බන්. හන්දියේ සුපර් මාකට් එකෙන් බීපන්.
4. සිගරට් බොන්න බෑ බන්. බුලත් විටක් ඔතාගෙන ආවොත් කන්න පුළුවන්.
උබ ඔය ලියල තියන තියන ටික කොරන්න දාස් ගණන් දීලා ප්ලේන් වල යන්න ඕනේ නෑ බන්, පල්සර් එකෙන් මුද අයිනට ගිහින් හුලන් තියන වෙලාවට පොල් ගහක කරටියට නැගල ඔය ටික කරලා පැය 2 , 3කින් ගහෙන් බැහැල ගෙදර පලයන්. ප්ලේන් එකේදී මුද පේන්නෙත් පොල් කරටියේදී පේන විදියට තමයි.