ප්‍රජනන සෞඛ්‍යය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ප්‍රජනන සෞඛ්‍යය

    ප්‍රජනන සෞඛ්‍යය




    පහුගිය කාලයේ අපේ රට වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වුනේ සෙක්ස් හෙවිල්ලට බව ගූගල් සමාගම අපිට කෝචොක් දැම්මේය. "හොඳා එහෙනං "porn" හොයාපු එවුං වැඩියම ඉන්න රටවල් එලියට දාහං" කියා ගූගල් එකෙන් ගේම ඉල්ලන්න එකෙක්වත් හිටියේ නැත. දැං ආයෙමත් සමලිංගිකත්වයට අනුමැතිය දෙන්නට යන බව කියා බුකියේ ජෝගියක් පටංගෙන ඇත්තේය. මං මේවා ගැන එතරං තැකීමක් නොකලේ 'සූටිං මාටිං බැලීම', 'පේස්බුක් එකේ උඩ පහල යාම', 'අන්තර්ජාලයේ ඇඩ් බැලීම', වැනි අටෝරාසියක් වැදගත් වැඩ මට තියෙනා බැවිනි. නමුත් මේ තරං උඩ දමන සෙක්ස් ගැන නොලියා බැරිය. එබැවින් වයස අවුරුදු දහතුනට අඩු එවුං මේවා කියවා නොබැලුවාට කම් නැත.


    මං පොඩිකාලේ පටං කියෙව්වේ තරමට නොගැලපෙන ඒවාය. මං ලංකාදීප පත්තරේ කියවන්නට පටංගත්තේ අවුරුදු හත අටේ කාලයේදීය. එබැවින් අපේ වයසේ එවුන්ට වඩා සමාජයට හොස්ස පොවන්නට මට හැකිවිය. එබැවින් රටේ ලෝකේ සිද්ධවෙන දේවල් කිසිවකට මගෙන් බේරී හැංගෙන්නට බැරිවිය.


    ඒ කාලයේ 'ගැට්ටක් අයිනේ සිටින ආරච්චි' වැනි නමක් ඇති නලුවා තරුණියක්ව දූෂණය කර හිරේ ගිය වග පත්තරේ තිබුණි. මට තේරුං ගිය ආකාරයට දූෂණය යනු දූවිලි ගාලා ඇඳුං පැලඳුං සවුත්තු කිරීම වැනි දෙයකි. ඒ අනුව කොලපත් පැදීම, පෝරකවරයක නැග හෙලපල්ලමට ලිස්සීම, ගුටි ඇනගැනීම, ඔට්ටු තැබීම, කන්තෝරු පැනීම වැනි සෙල්ලං නිසා අපිත් ඉසේ කෙස් ගානට දූෂණය වී ඇත. නමුත් ඒක හිරේ දාන්නට තරං වැරැද්දක් වන්නේ කොහොමදැයි මට හිතාගන්නට නොහැකිය. මේ ගැන මාමාගෙන් ඇසූ නමුත් මාමා එය ඇහුන්නෑ වගේ හිටියේය. උත්තර දෙන්න බැරි ප්‍රශ්න වලට ඇහුන්නෑ වගේ සිටීම මාමාගේ සිරිතයි. ඒ ගමන අහන්නට ඉතුරු උනේ තාත්තා විතරය. මහගෙදරදී දලු ගෝනියට දලු දාන්නට උදව්වෙන ගමං මං තාත්තාගෙන්


    "තාත්තේ දූෂණය කියන්නේ මොකද්ද?"


    යැයි ඇසුවේ පුංචම්මා ඇතුළු හත් අට දෙනෙක්ගේ ජනතාවක් මැදය. උත්තරේ ලැබුනේ ලෝකයට යොමා සිටි මගේ හොස්සකට සමතලා වෙන්නටය.


    "යස... යසම යස කුණුහරුප අහන්න යනවට. තවේකක් දෙන්න තිවුනේ සෝම්පාලයියෙ දතක් හැලෙන්නම"


    පුංචම්මාත් ඒකට පෝර පස් දැම්මේය. පත්තර කියවිල්ලෙන් මාව 'යංකිසි දවසක' අන්තිම නරක මිනිහෙක් වන බව ආච්චම්මා අනාවැකියක්ද කිව්වේය.


    ඒ විදිහට මගේ උත්තර නැති ප්‍රශ්න ගොඩට තවත් එක ප්‍රශ්නයක් ඉතුරු විය. තාත්තාගෙන් ලැබුණු උත්තරය අනුව හිතාගන්නට පුළුවන් උනේ ඒක 'උඹ' 'තෝ' 'බල්ලා' අාදියටත් වඩා ඉතාමත් තදබල කුනුහරපයක් බවයි. එයින් පස්සේ ඉස්කෝලේදී දරුණු වලියක් ඇදුනු අවස්ථාවක දෙකකදී මම මේ 'දූෂණය' නැමති ප්‍රබල කුණුහරපය කියා කීප දෙනෙක්ටම බැන වැදුනා මතකය. මේ ගැන පැමිණිල්ල චන්ද්‍රා මිස්ගේ කනට ගිය අවස්ථාවේදී මුළු හෝල් එකේම සිටි ගුරුවරු හතර දෙනාම එකතුවී මගේ මේ නවතම කුණුහරපයට හිනාවුන හැටිද මතකය.


    අතට අහුවන සේරම කියවීම එකම පරමාර්ථය කරගත් මට ඒ කාලයේදි කියවන්නට ලැබුණු තවත් පත්තර කීපයකි. ඒවා ගෙනාවේ පුංචම්මාය.

    සුවඳ
    මගේ හදවතේ සුවඳ ඔබට දැනේවා

    කියා නම තැබූ පත්තරය එයින් එකකි. මේවා පොඩි ළමයින් කියවන පත්තර නොවන බැවින්ද, මං එව්වා කියවනු ඇතැයි හිතන්නට බැරි නිසාද, මේ පත්තර මහගෙදර අතන මෙතන දමා තිබුණි. ඒවායේ තිබුනේ සතිපතා පලවන කතන්දරය. මමත් කතන්දර කියවන්නට හරිම ආසාය. මට ගේනා ළමා පත්තරවල තිබුනේ කතන්දර එක දෙකකි. අනෙක්වා ඉරි අඳින්න, යාකරන්න, හිස්තැං පුරවන්න, ආදී මට මිනිත්තු පහකින් ඉවර කළහැකි මොන්ටිසෝරි වැඩය. ඒ වුනාට මේ පුංචම්මා ගෙනෙනා පත්තරවල ඇත්තේ කතන්දර විතරමය. ඉතිං මට ළමා පත්තර වලට වඩා පුංචම්මාගේ පත්තර හිතට අල්ලලා යාම අරුමයක්යැ. ඒ මදිවාට 'සඳරේණු' නම් පත්තරේ තිබුණු 'කොමිටෙල් විජිතය' කියන කතාවත් සුවඳ පත්තරේ තිබුණු 'දමින්ද සමරක්කොඩි' කියා පොලිස්කාරයෙක් ලියන 'බැරැක්කයේ ජීවිතය'ද මොකද්ද කියන එකෙත් තියෙන ඉළ ඇදෙන කතා කියවන්නැතුව ඉන්නට පුළුවනෑ.


    පුංචම්මාගේ පත්තරවල තිබුණු කතාවල හිටිය අයට තිබුණු ලොකුම ගැටළුව ඒ ගොල්ලන්ට කසාද බඳින්න හැටියක් නැතිකමය. ගෙවල්වලිං විරුද්ධවීමය. ඒ හිංදා ඒ ගොල්ලෝ අතන මෙතන හම්බුවෙවී අඬමින් සහ මූනු ඉඹිමින් කාලය ගතකලෝය. ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් මූනු ඉඹිනවා හැබැහිං දැක නොතිබූ මට ඒ වගේ ඉඹිලිවල පොටෝ බලන්නට පුළුවං උනේ ඒ පත්තරවලිනි. ඊට අමතරව පෝර කොම්පැනියකින් අැවිත් හන්දියේ ඉස්කෝලෙ ඉස්සරහ එල්ලපු රෙද්දක පෙන්වූ චිත්‍රපටියේද මූනු ඉඹිල්ලක් තිබුන නමුත් මිනිස්සු හූ කියන්නට පටංගත් නිසා අම්මා මාවත් ඇදගෙන ගෙදර ඒමෙන් ඒක බලන්නට බැරිවිය.


    පුංචම්මා ගෙනෙනා පත්තර ජාතිය මාරු වුනේ වසර ගණනක පෙම් සටනකින් පසු 'වහ බොනවා' යැයි තර්ජනය කර ආතාගෙන් බලහත්කාරෙන් ලබාගත් කැමැත්තෙන් පසුව පුංචම්මාත් බාප්පාත් කසාද බැඳීමෙනි. ඒ විවාහයත් සමගම පුංචම්මාත් බාප්පාත් මහගෙදර කාමරයක පදිංචි වූ අතර 'ප්‍රියාදරී' නම් පත්තරයක් පුංචම්මාගේ ජාතික පුවත්පත බවට පත්විය. මේ පත්තරේ කලාප කීපයක් ඒ දෙන්නාගේ කාමරේ සීසීකඩ තිබූ අතර කොට්ටයක් අනික් පැත්ත ගැසීමෙන්, බෙඩ් සීට්ටෙකක් යට බැලීමෙන් හෝ මෙට්ටය ඔසවා බැලිමෙන් එයින් පත්තරයක් හොයාගැනීමට හැකියාව තිබුණි.


    අලුත බැඳපු කාන්තාවන්ගේ කතන්දර ඒ පත්තරවල තිබුණි. ඒ කතන්දර පටංගැනුනේ


    "එයා S ලෙසත් මම M ලෙසත් හඳුන්වන්නම්. මම S අයියාව අඳුරගත්තේ අපේ කඩේදියි. එයා අපේ ගෙවල් ළඟ පාලමක් හදන තැනක වැඩ කලේ. එයා එයාගෙ යාලුවා P අයියාත් එක්ක මගේ යාලුවා W අක්කාගෙ පස්සෙන් යන ගමන්...."


    ආදී වසයෙනි. කතාව මැදට යනවිට ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හයෙන් වැඩි ගානක් කතාවට පැටලිලා හමාරය. මේ කතාවල හැටියට මේ ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙකේ 'සම්බන්ධයට' ගෙදරින් 'ගොඩාක්' අකමැති වී ඒ දෙන්නා පැනයන්නේය. ගිහිං නවතින්නේ තවත් ඉංග්‍රීසි කැපිටල් අකුරකගේ ගෙදරය. ඒ ගෙදර මේ ඉංග්‍රීසි අකුරු දෙක නවතින්නේය. එදා රෑ මේ ඉංග්‍රීසි අකුරු දෙක ඒගොල්ලංගේම ලෝකයක තනිවී "ගොඩාක් සතුටු" වන්නේය. මෙන්න මෙතැනදී මේ ගොඩාක් සතුටු වීම මොකක්දැයි මට තේරුං ගැනීමට අමාරුය. සමහර විට හොඳට කන්න බොන්නට ලැබීම නිසා වන්නට පුළුවන. නැතිනං දැං ගෙදර අය සහ අනෙක් ඉංග්‍රීසි කැපිටල් අකුරු වලට මේ ජෝඩුවගේ සම්බන්ධයට තවදුරටත් 'අකමැති' වන්නට බැරි නිසා වන්නට පුළුවන. මේ ප්‍රශ්ණය ඔඩුදුවන්නට පෙර පත්තරේ ඒ පිටුව පහුවදා මගෙත් එක්ක ඉස්කෝලෙ යන්නේ ඒ නිසාය. ඒ පිටුව කියවූ හුඟක් දෙනෙක්ගේ මතය වන්නේ බදාගෙන ඉන්නට, ඉඹින්නට ලැබෙන හිංදා සංතෝසයක් ඇතිවන්නට ඇති බවය. නමුත් එක්කෙනෙක් කිව්වේ දෙන්නා එක්ක 'හෙලිමෙං' ඉඳීම මේ සන්තෝසයට හේතුවන්නට ඇති බවය.


    නමුත් මේ පත්තරය දිගින් දිගටම කියවීමෙන් මේ කියනා වැඩේ මොකද්දැයි අහුලා ගන්නට පුළුවන් විය. මේ පත්තරේ 'ඔබගේ සැමියා/බිරිඳ තෘප්තිමත් කරන ආකාරය' කියා වෙනමම පාඩං රැසක් තිබුනා නොවැ. ඒවායේ තිබූ කරුණු කාරනා තේරුං ගන්නට මට උවමනා උනේ 'යෝ' යන්නෙන් පටං ගන්නා වචනයකත් 'ලි' යන්නෙන් පටං ගන්නා වචනයකත් තේරුම දැනගැනීමට පමණයි. එතැන් පටං මේ කියනා සන්තෝෂදායක කටයුත්ත මොකක්දැයි කාටත් කියාදෙන්නට මටත් හැකි විය. මේ ගැන මගේ දේශනා ඇසීමට පන්තියේ කොල්ලන් ඉතාමත් ලැදිකමක් දැක්වූ අතර අතරින් පතර සමහර ශ්‍රාවකයන් කියා සිටියේ මේ වැනි දර්ශන තමුන් අල්ලපු ගෙදර ජනෙල් රෙදි අතරින් අංශුමාත්‍ර වශයෙන් දැක ඇති බවයි.



    මේ කාලයේදී සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය විෂයට අදාල වැඩමුළුවකට අපේ මාමාද සහභාගී විය. ඒ කාලයේ ඉඳහිට එවැනි වැඩමුළු ගුරුවරුන් වෙනුවෙන් පවත්වන ලදී. වෙනදා ඒ වැඩමුළුවලදී කියාදෙන දේවල් ගෙදර ඇවිත් අනික් අයටද කියන මාමා මේ වැඩමුළුවෙන් පසු ගෙදර ඇවිත් ඒ ගැන මොකවත් කිව්වේ නැත. වෙනදා මෙන් නොව මේ වතාවේ මාමාට බෑග් එකක්ද, සුදු ටී ෂර්ට් එකක්ද, තොප්පියක්ද, පොතක්, පෑන් ආදී තෑගි ගොඩක්ද ලැබී තිබුණි. ඒ හැම එකකම අතු දෙකක් වටකුරු කර තැනූ ලාංඡනයක් වටේට කහපාටින් ලොකු අකුරින්

    යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන

    කියා ලියා තිබුණි. මේ වනවිට අපේ මාමා සිටියේ කසාද බැඳලා නමුත් කැන්දන් එන්නට තව මාස කීපයක් තිබෙන සමයකය. ඉතින් හැම සිකුරාදාම හවසට "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා ලියූ බෑග් එකේ රෙදි කඩමාලු කීපයක් දමාගෙන බයිසිකලේට පැට්ටල් බෝතලයකුත් පොවාගෙන අපේ මාමා සිය අනාගත බිරිඳගේ ගෙදර යන්නේ සති අන්තය ගත කිරීමටය. මහ වැසි ඇති සීතල දවස්වලට අපේ ආතා ගෙදර ඉස්තෝප්පුවට වී ඉන්නේ "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා හංවඩු ගසා ඇති ටී ෂර්ට් එක ඇඳගෙනය. ඒ මදිවාට අපේ ආච්චිඅම්මා දලු කඩන්න යනවිට අව්ව සැර වැඩි නිසා "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" නමැති තොප්පිය දාගෙන ඉන්නේ


    "මේ අපේ පුතාට වැඩසටානකට ගිහිං හම්බුවෙච්චෙකක්"


    කියා අනෙක් අයටද කියන ගමන්ය.


    මේවාට හිනාවෙවී සිටි මට ඊළඟ අවුරුද්දේ නවය වසරේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය අච්චු පොතට 'ප්‍රජනනය' නමින් පාඩමක්ම ලැබුනා නොවැ. නවය වසර පන්ති හතරටම සෞඛ්‍ය සහ අනිත්තෙක ඉගැන්වූ ගුරුතුමියට මේ විලිලැජ්ජා සහගත පාඩම උගන්නන්නට හිත හදාගන්නට බැරිවූ බැවින් එය භාරවූයේ 'ශිෂ්‍ය උපදේශනය' කියා බෝඩ් ලෑල්ලක් ගැසූ කාමරය අස්සේ හිටි ගුරුතුමාටය. එතුමා එක දවසක පන්ති හතරම එකට එක්කාසු කර ඒ පාඩම කදිමට ඉගැන්වූයේ නොදන්නා එවුන් රැසකට සම්පූර්ණ දැනුමක් ලබා දෙමිනි. ඒ වැඩසටහනින් කීප දොහක් යනතෙක් සමහර කෙල්ලන්ට කොල්ලන්ගේ මූන බලන්නට බැරි ලෙඩක් මතුවිය. අපි එදා පොතේ ඇඳගත් පින්තූර මූ අැත්තටම එල්ලාගෙන ඉන්නවා නොවැයි ඔවුන්ට සිතෙන්නට ඇත. නමුත් ආපසු හැරී බලනවිට අකාලයේ කාලකන්නි වන්නට ගිය ජීවිත කීයක් නම් එදා ඒ පාඩමෙන් උගත් දේවල් නිසා රැකෙන්නට ඇතිදැයි සිතේ. ඒ පාඩම පෙළ පොතට ඇතුළත් කළ කෙනාට මගේ ගෞරවය හිමිවිය යුතුය.


    මේ කාලයේදී නොසන්ඩාල වැඩවලට ප්‍රසිද්ධියක් ලබා සිටි අපේ පන්තියේ අයෙක් රුපියල් තිහක් වටිනා පත්තරයක් ගෙනාවේය. ඒ පත්තරය තමුංගේ ලොකු අම්මාගේ පුතාගේ යාළුවෙක්ට වෙනිං යාළුවෙක්ගෙං ලැබී පිළිවෙලින් තමුං අතට ආ බවත් පත්තරේ ඇත්තටම අයිතිකරු හරියටම කවුරුන්දැයි නොදන්නා බවත් අපේ මිත්‍රයා කීවේය. ඒ පත්තරයේ තිබූ කතන්දර සහ නිරිවස්තර පින්තූර අපේ සිත තදින් බැඳගත් අතර පාඨකයෝ බහුල වීම නිසා පත්තරයේ පිටු වෙන වෙනම බෙදාහැර එකවර වැඩි ගණනකට කියවීමට ලබාදීමට සිදුවිය. General English අච්චු පොතද මේ පත්තරයේ දිග පළලටම මුද්‍රණය කර තිබීම පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අනේක වාරයක් පින් දෙමින් ඉංග්‍රීසි හල්කඳුරු තිත්ත වූ අය පවා මැදට තිහේ පත්තරෙන් පිටු ඩබලක් දමාගෙන ඉතා උනන්දුවෙන් General English පෙළ පොත කියවූහ. මේ ආරංචිය අනෙක් පන්තිවලටද පැතිර යාම නිසා කාලච්ඡේදයක් අවසානයේ ගුරුවරයා පන්තියෙන් පිටවන විටම


    "අනේ පිටුවක් දියල්ලා බං. ඊළඟ පීරියඩ්ඩෙකේ ගෙනත් දෙනව."


    කියමින් පින්සෙන්ඩුවන කොල්ලන්ගෙන් අපේ පන්තියේ කොට බිත්තිය පිරී යයි. දවස අවසන් වනවිට පත්තරේ ගෙදර ගෙනියන එකා තේරීමට තුණ්ඩු දැමීමට හෝ 'හෝ දහය විස්ස' කියන්නට පවා සිදුවිය. කොල්ලන් මේ තරම් රහ කරමින් බලන්නේ මොකක්දැයි දැනගැනීමේ ආසාවක් කෙල්ලන් තුලද තිබූ නමුත්


    "මේවයෙ තියෙන්නේ බොලගෙ ග** අ** තියෙන එකම තමයි"


    කියා සැක දුරු කිරීමට පාලිතයා ක්‍රියා කලෙන් නැවතත් ඒ ගැන විමසීමට එඩිතර සිසුවියක් අපේ පන්තියේ ඉතිරි නොවීය.


    අන්තිමට දහය එකොළහ වසරවල සහ උසස්පෙළ හාර පන්සියයක් වූ සිසු කැලගේ අතින් අත යමින් සිත් සතන් නිවා සැනහූ පත්තරය ඊළඟ සතියේ රට එක්සේසත් කළ රජතුමෙකුගේ නමින් නම් කළ වෙනත් පාසලකට ගියේ එවැනිම සේවාවකටය.


    මීලඟට අපට නිල් චිත්තර පටියක් හෙවත් 'බ්ලූ' එකක් බලන්නට අවස්ථාව ලැබුනේ හදිසියේ රටයන කෙනෙක්ගෙන් අපේ පාසල් සගයෙකුගේ ගෙදරකට ඩෙක්කෙක් ලැබීමෙනි. ඊළඟ සතියේම පත්තරේ ගෙනා නොසන්ඩාලයා බ්ලූ පීස් එකක් ගෙනාවේය. ඩෙක්කෙක ඇති ගෙදර වැඩිහිටියන්ගෙන් නිදහස් වන දවසක් උදාවෙන තෙක් අඟල් දහයේ තල පරිගණකයක් තරම් විසාල පීස්සෙක රැක ගැනීමේ කොන්ත්‍රාත්තුවට කර ගැසුවේ මමය. මේක අස්සේ තියෙන්නේ මොකද්දැයි බලාගන්න ඩෙක්කෙක් ගමේ වෙන කාටවත් නැති නිසා බයවෙන්නට දෙයක් නැත. මං ඩෙක් පීස්සෙක ගෙදර ගෙනගොස් අල්මාරියේ දමා


    "මේක මං පාරෙ තිවිල අහුලගත්තෙ. මට පස්සෙ වෙලාවක ගලෝලා බලන්න. පරිස්සං වෙන්න අල්මාරියෙ දාතිව්වා"


    කියා අම්මාට කීවෙමි. ඕනෑ දහිරවාට්ටුවක් ගෙදර ගෙනැත් ගලවා බැලීමේ මැකෑනික් කමක් මගේ ඉහේ තිබූ ඒ කාලයේ මේකත් සිය පුත්‍රයාගේ එවැනි දහිරවාට්ටුවක්ම බවට විස්වාස කිරීමට අම්මා පසුබට නොවූවාය.


    නියමිත දවස උදාවිය. ඩෙක්කෙක අැති නිවසේ දෙමව්පියන් දුරක පිහිටි තමුන්ගේ ඉඩමේ දළු කඩන්නට යන දවස උදාවිය. එදා දවසේ අපේ පන්තිවල සිසුන් රැසකටම බඩේ අමාරු, දතේ අමාරු ආදී නොයෙක් ලෙඩ ඇතිවිය. සිය රෝගී දරුවන් ගෙදර දමා දෙමව්පියෝ දවසේ වැඩවලට ගියහ. අපිද ලෙඩේ පසෙක දමා පුබ්බයිසිකල්වල නැගී අදාල නිවසට ගියෙමු. ඩෙක් පීස්සෙක භාරකරු බැවින් මා යන තෙක් වැඩේ පටන්ගන්නේ නැත.


    මම යනවිටත් ගේ ඉදිරිපස තිබූ සෙරෙප්පු කුට්ටං ගණන පෝය දවසක රජමහා විහාරයක් ඉදිරිපිටවත් දකින්නට බැරිය. හන්ටර් සමාගමේවත් එදා ඒ ගෙදර පිලිකන්නේ තිබූ තරං බයිසිකල් ගොඩක් තියෙන්නට විදිහක් නැත. ගෙයි සාලයේ බිම පවා සෙනගය. සමහරු මේස උඩය. කීප පොලකින් කාන්දු වී ඇති රහස නිසා අපේ අහල ගංවල පවා කොල්ලන් එදා ලෙඩවී ඇත. මේ තරම් කොළු රැලක් සිටින තැනක හුස්ම ගන්නා සද්දයවත් නො ඇසෙන තරං නිෂ්ශබ්දතාවයක් 'විනාඩියක නිෂ්ශබ්දතාවයක්' පවත්වන විටකවත් දකින්නට බැරිය. ජනෙල්වල සියළු තිරරෙදි දමා ඇතුළ නොපෙනෙන ලෙස වසා ඇත. ටීවියෙකේ ශබ්දය බින්දුවටම අඩුකර ඇත. එක ජනේලයකට එකා බැගින් වටපිට බැලීමට ඔත්තුකරුවන් යොදා ඇත. කවුරුන් හෝ ආවොත් වහාම ඩෙක් පීස්සෙක එළියට ගැනීමට සූදානමින් රිමෝට්ටෙක අතේ තබාගත් එකෙක් ඉදිරියෙන්ම සිටී. ඒ වහාම ඩෙක් පීස්සෙක ඩැහැගෙන හංගා ගැනීමට සූදානමින් ලොකු ටීෂර්ට් එකක් ඇඳි එකෙක් බිම ඉඳගෙන සිටී. තවත් එකෙක් අත වෙනත් දෙමළ චිත්‍රපටියක ඩෙක් පීස් එකක් ඇත්තේ නිල් චිත්‍රපටිය වෙනුවට ඩෙක්කෙක ඇතුළට පැනීමටය.


    එදා ඒ ඩෙක්පීස්සෙක බැලූ සෙනග කන්දරාව දුටුවානං එහි රඟපෑ නළු නිලියන්ටද ලැජ්ජා හිතෙනවා ඇත. දර්ශනය දෙවරක් බලා අවසානයේ අහල පහල අයට නොදැනෙන්නට සද්ද නැතිව, ගෙදර වත්තේ විවිධ දිශාවලින් දෙන්නා බැගින් ප්‍රේක්ෂකයන් පිටවී ගිය ආකාරයට සද්ද නැතුව ගමනක් යන්නට දිගුදුර මෙහෙයුම්වල යෙදෙන සීල් භටයන්ටවත් බැරිය.


    පසු කාලීනව සීඩී ධාවන යන්ත්‍ර සහ කැමරා පෝන් කලඑළි බැසිමත්, ළමයින්ට කොම්පියුටර් ලැබීමත් නිසා මෙවැනි සාමූහික ත්‍රාසජනක කටයුතු පුද්ගලික මට්ටමට පත්විය. බොහෝ නිවෙස්වල අධිවේගී අන්තර්ජාල පහසුකම් වලින් කෙරෙන්නේද එවැනි ජවනිකා අතළඟට ගෙන ඒම බවද නොරහසකි.


    නමුත් මේ සියල්ලෙන්ම කෙරෙන්නේ දැනුමක් ලබාදීම නොව තවතවත් හැඟීම් උසිගැන්වීම පමණි. නවය වසරේ පෙළ පොතේ ප්‍රජනනය පාඩමෙන් කළ සේවාවෙන් කොටසක් හෝ කළ හැකි උපදේශන සේවාවක් තවමත් සමාජගතවී නැත. එදා එම පාඩම පාසල්වල ඉගැන්වීමට පටන්ගැනීමෙන් පසු අපේ ගම් ප්‍රදේශයේ අවුරුදු දාහතරේ පහලොවේ ගැහැණු ළමයින් ගැබ් ගැනීම් සහ හොරෙන් පැනයාම් ගණන විශාල ලෙස අඩුවී ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් ROOMS කියා බෝඩ් ගැසූ තැන්වල ආදායමේ අඩුවක් නැත. එයින් කියවෙන්නේ දැන් තරුණ තරුණියෝ 'පාවිච්චි වෙන්නට' හෙවත් අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වාගන්නට දන්නා බවය. විවාහ වනතෙක් ගැටළු ඇති නොවී ජීවත් වන්නට ඒ දැනුම ප්‍රමාණවත්ය.


    නමුත් විවාහයෙන් පසු ජීවිතය ගැන හරිහමං උපදෙස් ලැබෙන්නේ අල්ප වශයෙනි. මංගල සබාවලදී තලත්තෑනි අයගෙන් නව යුවලට උපදෙස් ලැබෙන්නේද රට වෙනුවෙන් හැකි ඉක්මනින් ළමයි හදන්න කියාය. නමුත් තමුන්ටත් දරුවාටත් කරදරයක් නොවන ලෙස දරුවෙක් හදාගන්නා ආකාරය කියාදෙන කෙනෙක් නැත. උපත්පාලන ක්‍රම ඇතත් ඒවායේ අතුරු ආබාධ ගැන කියාදෙන කෙනෙක් නැත. මගුල් පින්තූරයේ කෙට්ටුවට ඉන්නා මනමාලිය වසර දෙක තුනකින් 'අලි බාගයක්' වන්නේ උපත් පාලන පෙති නිසා බව කියා දෙන්නට කෙනෙක් නැත.


    එබැවින් විවාහ ජීවිතයේ ගැටළුවලට උපදෙස් දෙන්නේද ඉරිදා පත්තරේ අග පිටුවේ සිටිනා ජාවාරම්කාරයෝය. ඒවා වෙත ඇදෙන ජීවිතවල අවසානය කෙලවර වන්නේ කොතැනින්නදැයි කිසිවෙක් දන්නේ නැත. නොයෙක් දික්කසාද නඩුවලින් අඩකට වඩා හේතුවී ඇති සැඟවුනු හේතුවද දෙන්නා දෙපොලේ සිටීම සහ ලිංගිකමය වශයෙන් ඇති ගැටළු බව දැක ඇත්තෙමි.


    ඉතින් මේ සමාජයීය ගැටළු වෙනුවෙන් මෙම ලිපිය කියවන ඔබට කළහැකි යමක් තිබේ. ඔබ අතරින් මේ විෂය සම්බන්ධව පුළුල් දැනුමක් ඇති බොහෝ දෙනෙක් සිටිනු ඇත. ඔබ දන්නා දේ ලියා ප්‍රසිද්ධ කරන්න. ඔබ සහභාගී වන මංගල උත්සව වලදී විවාපත් යුවලට සිය ඉදිරි ජීවිතයට අවශ්‍ය වියහැකි දැනුම ලබාදෙන්න. එහෙමත් නැතිනම් මෙහි පහත කොමෙන්ට් වශයෙන් හෝ පලකරන්න. එය සමාජයට කරන උදව්වකි. මක්නිසාද යත් ලිංගික ගැටළු මානසික සහ සමාජයීය යන අංශ දෙකෙන්ම බලපාන බැවින් ලිංගික ගැටළු ඇති පුද්ගලයා අසමත් පුද්ගලයෙක් වන්නේ ඔහු අවට සිටින සමාජයත් අසමත් කරමින්ම වන බැවිනි.

    source http://yanhella.blogspot.com/2017/01/blog-post_21.html
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පට්ට මචෝ පට්ට ලෙසටම ලියලා තියෙනවා කවුරු වුනත්
    අපෙත් අත්දැකීම ඕවා තමා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "එදා ඒ ඩෙක්පීස්සෙක බැලූ සෙනග කන්දරාව දුටුවානං එහි රඟපෑ නළු නිලියන්ටද ලැජ්ජා හිතෙනවා ඇත. දර්ශනය දෙවරක් බලා අවසානයේ අහල පහල අයට නොදැනෙන්නට සද්ද නැතිව, ගෙදර වත්තේ විවිධ දිශාවලින් දෙන්නා බැගින් ප්‍රේක්ෂකයන් පිටවී ගිය ආකාරයට සද්ද නැතුව ගමනක් යන්නට දිගුදුර මෙහෙයුම්වල යෙදෙන සීල් භටයන්ටවත් බැරිය."

    :lol::lol::lol::lol::lol:

    Good post machan !
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    oya waradda wela thiyenne ape un ona pron category eka title eken search karanne naha akko site eke name eka kelinna search karanne naha ekko bookmark thiya ganne naha , labbawal time karanwa pron kiya kiyaaaa !
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    eka athakin koloma kollo walak balala athe parak gahala innawa katawath karadaryak naha kellek allanawa nam eka niyameta subject eka danwa , game nam padurakata dala ukala anthimata nadu neh !
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    aththama seen eka ....mamath palamu " blue " mehewumata yanakota yaluwek ekka bike eke break nathi wela thappeka happila hospital eken beheth dagena dekata abarunu byke ekath pare paththaka dala nondi gagaha kalisamath irila kattak gahagena kohoma hari blue eka baluwa eda kollo 15 k witara hitiya ...hama ekagema palamu athdakima ...wililajjayi ban balala iwara unama ...