ප්‍රජාතන්ත්‍රවාදය සරලව හඳුනාගනිමු | Democracy for Dummies

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ප්‍රජාතන්ත්‍රවාදය සරලව හඳුනාගනිමු | Democracy for Dummies


    hands.png

    ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද?
    ප්‍රජාවගේ පාලන තන්ත්‍රය නැතිනම් ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සරලව දැක්විය හැක. මෙහිදී සෑම වැඩිහිටි පුරවැසියෙකුට තමන්ගේ ජීවන තත්වයට බලපෑම් කල හැකි තීන්දු තීරණ ගැනීමේදී (මෙය රටේ දේශපාලන තන්ත්‍රය මෙන්ම ඕනෑම සංවිධානාත්මක සංවිධානයක් සඳහා විය හැක) සමාන හඬක් ලැබෙන අතර නීති සම්පාදනයේදී, යෝජනා ඉදිරිපත් කිරීමේදී හා වර්ධනය කිරීමේදී ඍජු හෝ වක්‍ර සහභාගී වීමක් ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය කොටස් දෙකකට බෙදිය හැක.
    1. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය
      පුරාණ ග්‍රීසියේ ඇතන්ස්, ස්පාටා නගර වල ප්‍රජාතන්ත්‍රවාදය පළමුවෙන්ම භාවිත වී ඇති අතර එම වැසියන් තම පාලනයට අදාල තීරණ වලදී ඍජුවම සම්බන්ද වී ඇත. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යි.
    2. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය (නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය)
      ජනගහනය වර්ධනය වීමත් සමගම සියල්ලන්ගේම අදහස් පාලන තන්ත්‍රය කර යාම අපහසු බැවින් තමන්ගේ අදහස් නියෝජිනය කරන නියෝජිතයෙකු (මැතිවරණයක් පවත් වන්නේ මේ කියනා නියෝජිතයෙකු තෝරා ගැනීමටයි) හරහා කියා පෑම වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය යි.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි
    1. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
    2. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක/සමාජයක මේ ලක්ෂණ දක්නට ලැබේ.
    • නිදහස් සාධාරණ හා විවෘත, අපේක්ෂකයන් සහභාගීවන ඡන්ද.
    • තරඟකාරී දේශපාලන පක්ෂ.
    • ස්වාධීන අධිකරණ පද්ධතිය.
    • සිවිල් හා දේශපාලන නිදහස හා අයිතීන් (භාෂණයේ හා මාධ්‍ය නිදහස ආදී) හි සුරක්ෂිතභාවය.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දර්ශනයකි, න්‍යායකි, මතවාදයකි, ආණ්ඩුකරණ රාමුවකි, සමාජ දේශපාලන භාවිතාවකි, දේශපාලන සංස්කෘතියකි, හර පද්ධතියකි, පුද්ගල මෙන්ම සමාජ දර්ශනයකි, සමාජ දේශපාලන විමුක්තියේ ඉදිරි දර්ශනයකි, හොඳ විකල්ප සඳහා වූ සමාජ අපේක්‍ෂාවන් නිර්මාණය කරන මූලාශ‍්‍රයකි.

    සැ.යු.: වර්තමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස නිශ්චිතවම යමක් දැක විය නොහැකි අතර විවිධ හේතු මත එහි භාවිතයන් වෙනස් විය හැක.

    දත්ත අන්තර්ජාලය ඇසුරෙනි.